Pissu Mata Hodatama Pissu..

arun1987

Member
Aug 27, 2008
1,142
113
0
Elakiri kaviya me davasvala exam bheethikavata galapenama ekak...

මට පිස්සු....
ටිකක් එහෙමෙ නොවේ
හොඳටෝම.......
එහෙම තමයි කවුරුත්
කිව්වෙ.....
එක හින්ඳා මාත් ඔහෙ පිළිගත්තා.....
ඉතින් මට පිස්සු...
හැබැයි...
එකෙත් පොඩි ආතල් එකක්
නැත්තෙමත් නෑ....
මොකද පාට කන්නාඩියක් නැතුව
ලෝකය දිහා බලන්න…….
අසම්මතයේ සැරිසරන්න….
ඒකෙන් මට Radio ලයිසන් එකක් ලැබුන....
වෙනදාට මම කියපු ඒවට
ඔරොප්පු වෙච්ච එවුන්
දැන් කිසිම අවුලක් නෑ...
මොකද මට පිස්සු නිසා....
බලාපල්ලකො එකෙත් හැටි....
ඉතින් මට පිස්සු
ඔන්න මම ආයෙමත් කිව්වා.......

වැඩේ කියන්නෙ මේක
හා හාපුරා කියලා….
Diagnose කෙරුවේ අපේ
තංගච්චි......
ඒකි කොයි වෙලෙත් කියන්නේ
My lovely Brother
උඹට නම් පිස්සු......
අම්ම නම් කිවේ
මට 1/2ට පිස්සු කියලා.....
තත්තා නම් කිව්වෙ
ගනන් ගන්න එපා ඕවා
ඔහොම තමයි කිවා...
අම්මා එතකොට කිව්වා...
අප්පගෙම පුතානෙ කියලා.....
එකෙන් වැඩේ Confirm වුනා....
ඉතින් මට පිස්සු.....

Campus එකේදි රැග් වෙනකොට
සින්නෙක් ඇහැවුවා
අඩෝ කුණු ෆ්‍රෙශා....තොට පිස්සුද...
මම ඔව් කිව්වා.......
ඉතිරි හරිය දන්නවානෙ...
බඩුම තමයි.............
ලෙචාල නම් කිවෙ පිස්සු
කෙලින්නෙ නැතුව
ඉගෙන ගන්න කියලයි.....
Union එකෙ එවුන් කිවෙ
ගනන් ගන්න එපා ඕකුන්ට
පිස්සු කියලයි.....
ගමේ එවුන් නම් කිව්වෙ
මුං ඔක්කොටම පිස්සු කියලයි...
මම අහපු හැම කෙල්ල ම
ඇහැවුවේ පිස්සුද
නැත්නම් හැටිද කියලයි......
බැරිම තැන
මම කන්නඩියක් ලඟට ගිහින්
මගෙන්ම අහල බැලුවා.......
සීන් එක ඇත්ත ද කියල
ඌත් මගෙන් අහපි.......
යකො තොට පිස්සුද කියල...
එකෙන් වැඩේ Re-confirm වුනා....
ඉතින් මට පිස්සු.....

Written By ::: Unknown :baffled:

Give rep++ if you like my Post:yes::yes::yes::yes:

Sorry If repost.. :confused::confused:



 
  • Like
Reactions: Anteros