Pivithuru adaraya

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ලංකාවේ වැලන්ටයින් කුමාරයා
    පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් හතර අතේ කඩමණ්ඩි රතු පාටින් වැහිල යන්න සති තුනක් ඉතිරිව තියෙද්දි, ලස්සන පිංතූරයක් ඇස ගැටුණා. මුහුණු පොතේ පුද්ගලික කතා ප්‍රසිද්ධ මාධ්‍යයට ගේන එක ඔබින්නෙ නෑ කියල හිතුණත්, මොකද්දෝ අහේතුවකට මේ ගැන ලියන්නම කියල හිත බල කළා.

    ‘‘ආදරෙයි ගොන් මැට්ටියේ’’:love::love::love::love::love::love: මේ පින්තූරය මුහුණු පොතට එකතු කළ රසිඳු පින්තූරයට පහළින් ඒ වැකියත් ලියල තිබුණා. ඇත්තටම ඒ වචන නැතුවත් පිංතූරයේ හැම තිතකම- අඟලකම ආදරේ පාට තැවරිලා.:love::love:

    රසිඳුගේ පෙම්වතිය ලකීෂාගේ හිසේ කෙස් නැත්තේ ඇයි දැයි ඇඟිල්ලෙන් ඇනල අහල දැනගන්න අපි කාටවත් වුවමනා වෙන එකක් නැහැ.

    ඒනිසා ජීවිතය ගැන මේ දෙන්නගෙ බලාපොරොත්තු අපි අපේ කරගෙන ලකීෂාට ඉක්මනින් සුව වෙන්න ආශිර්වාද කරමු.

    කතාව එතෙකින් ඉවර නැහැ. ජීවිතෙ කියන්නෙ හුඟාක් දුර ගමනක් කියල හිතාගෙන ඉන්න හුඟදෙනෙකුට මේ පින්තූරය කෑ ගහල කතාවක් කියනවා. ජීවත් වෙන්න තව ඉතුරු වෙලා තියෙන්නෙ හරිම පොඩි වෙලාවයි. ඒ පුංචි මිනිත්තු කීපය ඇතුළෙ ආදරෙන් මේ ලෝකෙ අපි පුරවන්නෙ නැත්තෙ ඇයි? රෝස මල් කඩ දහතුන් වෙනිදට අරියි. ඒත් උදාවෙන ඊළඟ තත්පරේ ජීවිතේ ඉක්මන් උනොත්
    !!