උඹ වැදගත් විදියට තේරුම අහපු නිසා මම උත්තරේ දෙන්නම් .
…
…එක මම මේ ෆිල්ම් එකටයි සින්දුවටයි දෙකටම අපහාස කරේ නැහැ .සමහර විට මගේ රෙප් කපන්න ඇත්තෙත් එක්කෝ මේ ගීතයට ආදරය කරන එවුන් හෝ චිත්‍රපටය වැලඳගත්ත එවුන් .ඔව් උන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි කියලා ටික වේලාවකට හිතන්න පුළුවන් .ඒත් උන් අන්තගාමි .මේ පොස්ට් එක ට්‍රොල් එකක් වගේ පේන්න ඇති .වගේ නෙමේ ඒක එහෙම තමා .නමුත් ලංකාවේ ට්‍රොල් පේජ්ස් වල හැදෙන තේරුමක් නැති එහෙත් ප්‍රහසනයක් තියෙන විනෝදකාමි යන බවක් තියෙන ට්‍රොල් තමා වැඩිම 99% ම එහෙමයි .ඉතිං එව්වා දැකලා දැකලා මිනිස්සුන්ගේ මනස හැම එකම ට්‍රොල් එකක් වෙලා .යෝ මිංග් ගේ ට්‍රොල් ෆේස් එක ඇඩ් කරපු එක තමා සමහරක් විට අවුල වෙන්න ඇතිතේ .මොකද ඒක දැක්ක ගමන් මුළි පොස්ට් එකම ට්‍රොල් ගතියක් වෙනවා .ඒත් මේක එහෙම එකක් නෙමෙ .
…මෙකේ මම පහර ගහන තැනක් තියෙනවා .ඒ පි කේ ටවත් ආමිර් ඛාන්ට වත් ඔය සිංදුවටවත් නෙමේ .අපේ එවුන්ගේ ගොබ්බ ආකල්පයකට .ඒ තමා නිකන් හිතපන් පි කේ එන්න කලින් මේ ගීතය මිනිස්සු ඇහැව්වානේ ?? ඒත් එකෙක් ඒකේ තේරුම හරියට අරගෙන තිබ්බද ? නැහැ .ඒත් පි කේ ආවයින් පස්සේ ඔන්න දේව ඇදහිලි ගැන තියෙන විවේචනය අගයකරන්න ගත්ත .ඒකට පොස්ට් හිටන් හැදුනා .සමහරක් විට ටි එම් ජයරත්න ට වඩා ආමිර් ඛාන් සුදු හින්දා වෙන්න ඇති .ඒකේ වැරැද්ද ආමිර් ඛාන් ගෙවත් පි කේ ගෙවත් නෙමේ .මොකද් ආමිර් ඛාන් කියන්නේ මගෙත් කැමතිම බොලිවුඩ් නළුවා .වැරැද්ද අපේ එවුන්ගේ ආකල්ප වල .අනික සෝම හාමුදුරුවෝ හිටන් ඔය දේව ඇදහිලි බෞද්ධයා කරන එක ගැන දැඩිව විවේචනය කලා සහ දැනුවත් කලා ඒත් ඔය එකෙක්වත් ඒක හරියට ගත්තේ නැහැ නේ ?? අන්න ඒක තමා අවුල .ඒකට ගහන්න තමා මම මේක හැදුවේ .ඉතිං එක එකා ඒ ඒ වෙලාවේ ඉන්න මානසික මට්ටම් අනුව මේක තේරුම් අරන් තියෙන්නේ එක එක විදියට .ඒක ඉතිං මගේ අවුලක් නෙමෙ නේ ??