HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    nibiru_loation_copy-e1439587607152-650x450.jpg


    Planet X / Nibiru ගැන බොහෝදෙනා දන්නවා ඇතිනේ.මේවන Planet X විට සම්බන්ධව විවිධ කටකතා පැතිරෙනවා.ඉන් බොහොමයකින් කියවෙන්නේ එම ග්‍රහලෝකය පෘථිවියට විශාල වශයෙන් බලපෑම් කරන බවයි.සමහර මතවලට අනුව මෙම ග්‍රහලෝකය පෘථිවිය දෙස ගමන් කරමින් තිබෙන බව කියවේ.Nibiru හි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය තුල විනාශකාරී දෑ සිදුවන බව සමහරුගේ මතයි.යළිත් අයිස් යුගයක් ඇතිවීම,දේශගුණය අහිතකර ලෙස වෙනස්වීම,ගංවතුර තර්ජන ඉහළ යෑම ඉන් ඇතිකරන බලපෑම් ලෙස සඳහන් කෙරේ.


    Nibiru ග්‍රහලෝකය නාසා ආයතනයට හමුවී තිබෙන්නේ 1982 වසරේ යැයි කියවේ.නමුත් සුමේරියන්වරුන් එම ග්‍රහලෝකය සම්බන්ධව දැන සිටියේ මීට වසර පන්දහසකට පෙර සිට බවයි දැනට සොයාගෙන තිබෙන්නේ.නමුත් නාසා ආයතනය දශක ගණනාවක සිට Nibiru සම්බන්ධව තොරතුරු සඟවාගෙන සිටි බවට චෝදනා එල්ල වේ.

    පෘථිවියට වඩා විශාල සේම එහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමාණයද පෘථිවිය අභිබවා යන බව කියවේ.Nibiru හි මෙම ක්ෂේත්‍රයේ ප්‍රබල බලපෑම පෘථිවියට දැනෙන්නේ 2012 වසර අවසානයේ සිට බවයි සමහරුගේ මතය.Nibiru හි බලපෑම හමුවේ පෘථිවියේ ඇලය සහ ධ්‍රැවවල වෙනස්වීම් සිදුවේ.ගෝලීය උෂ්ණත්වය පහල යෑම(අලුත් අයිස් යුගයක්) සහ ගෝලීය ජලගැලීම් මගින් ගොඩබිම් ජීවිත සියල්ල විනාශ වි යන බවත් ලෝක ජනගහනයෙන් 2/3 ක් හෝ සම්පුර්ණයෙන්ම ඉවත්ව යන බවත් අනාවැකි මගින් කියවේ.


    වසර 3600කට වරක් නිබෲ ග්‍රහලෝකය සෞරග්‍රහ මණ්ඩලයට පිවිසෙන බවට මතයක් වේ.

    ගණනය කිරීම්වලට අනුව අඳුරු ප්ලැනට් එක්ස්,නීබෲ(මර්ඩක්) 2012 වසරේදී දක්ෂිණ අර්ධගෝලයට(ඇන්ටාක්ටිකාවට) පියවි ඇසින් දැකීමට තරම් ළංවන බවත් 2012 වසරේ දෙසැම්බර් මස 21 දා එය පෘථීවියට ඉතා සමීපයෙන් දෙවන අඳුරු රක්ත සූර්‍යයෙක් මෙන් ගමන් කරන බව කියවේ.එසේම එම දිනයේදීම මායා දින දර්ශනයද අවසන් වේ.


    kolbri6.jpg


    ප්ලැනට් එක්ස් සම්බන්ධව දැන සිටියේ අතීත සුමේරියන්වරු සහ නාසා ආයතනය පමණි.තාරකා විද්‍යාවේ කිසිදු පාඩමකදී ඔබ මේ සම්බන්ධව අසා නැතුවා ඇති.

    කාලයක් මෙම නාඳුනන ග්‍රහලොව ගැන කතා කිරීම පවා නාසා ආයතනය තුල තහනම් වූ බවට සමහර සිද්ධීන් සාක්ෂි දරයි.

    1972 වසරේදී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ජෝසප් බ්‍රැඩි විසින් හේලීගේ වල්ගා තරුවේ කක්ෂයේ ඇතිවූ ගුරුත්වාකර්ෂණ කැළඹුම අධ්‍යනය කිරීමේදී හඳුනා නොගත් ග්‍රහලොවක් සොයාගන්නා ලදි.තාරකා විද්‍යාඥයාගේ ගණනය කිරීම් ඔස්සේ පෙන්වා දුන්නේ එම හඳුනා නොගත් ග්‍රහලෝකය පෘථිවියට වඩා 5ක් ගුණයක් වත් විශාල වන බවයි.මෙම තොරතුරු වහාම වසා දමන ලද අතර එය පර්යේෂණයේදී යොදාගත් උපකරණවල වරදක් බව සඳහන් කරන ලදි.

    දීර්ඝ කාලයක් තිස්සේ නාසා ආයතනයේ සේවය කරන සේවකයන් නීබෲහි පැවැත්ම සඟවා සිටියෝය.එම ග්‍රහලොව සම්බන්ධ තොරතුරු අතිශය රහසිගත වූ අතර ප්‍රසිද්ධ නොකරන ලදි.


    නීබෲ සම්බන්ධ නාසා ආයතනයේ පර්යේෂණවල ප්‍රතිඵල ඔවුන් වාර්තා චිත්‍රපටයකින් හෝ වෙනත් වැඩසටහනක් ඔස්සේ හෝ ප්‍රසිද්ධ කර නොමැත.

    නමුත් දැන් ඔවුන්ගේ නිශ්ශබ්දතාවයේ කිසිදු ප්‍රයෝජනයක් නොමැත.මන්ද ඒ දැවැන්ත රක්ත ග්‍රහයාගේ නැඟීම ගැන තොරතුරු දැන් ලෝකයම දැනගෙන අවසානය.

    නීබෲ ග්‍රහලෝකයේ කක්ෂය පෘථිවියට බෙහෙවින් සමීප බව කියවේ.

    නීබෲ හි ගුරුත්වයේ ප්‍රබලත්වය ඉතා වැඩිබවත් එය පෘථිවියේ ඇලය පවා වෙනස් කිරීමට සමත්බවයි සඳහන් වෙන්නේ.එසේ සිදුවුවහොත් චුම්භක ධ්‍රැව වෙනස් වීම නිසා පෙර නොදුටුවිරූ ලෙස පෘථිවිය තුල ජලගැලීම්,භූමිකම්පා ,ගිණිකඳු විදාරණය වීම්,සුනාමි තත්ත්වයන් සහ ටොනේඩෝ තත්ත්වයන් ඇතිවේවි.


    zechariaSitchin.jpg
    Zecharia Sitchin

    Zecharia Sitchin(1920-2010) නැමැත්තා 1978 වසරේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරන ලදි.සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තිබේ යැයි නිලවශයෙන් පිළිගැනුනත් එය ග්‍රහලෝක 10කින් සමන්විත බව ඔහු ප්‍රකාශ කලේය.ඔහුට අනුව දැනට දන්නා ග්‍රහලෝක නවයට අමතරව හඳුනානොගත් ග්‍රහලෝකයක්- නීබෲ තිබේ.එය සතුව ඇදහිය නොහැකි දිගැටි කක්ෂයක් තිබෙන බවත් වසර 3,600ක් වරක් එය පෘථිවිය අසලින් ගමන් කරන බවත් ඔහු කියා තිබේ.නමුත් තාරකා විද්‍යාඥයින් Sitchin ගේ සිද්ධාන්තය නිරීක්ෂණය කලේ අවිශ්වාසයකිනි.ඔවුන්ට එම මතය විශ්වාස කිරීමට නොහැකිවූයේ බාහිර අජටාකාශය ඉතා බලවත් දුරේක්ෂයකින් පවා දැකීමට නොහැකි නිසාය.


    නමුත් 1980 දශකයේ මුල් සමයේ(1982) දිර්ඝ ගණිතමය ගණනය කිරීම් සහ පරිගණකවල උපකාරයෙන් මෙම දැවැන්ත ග්‍රහලොව ,නීබෲ හි පැවැත්ම ඔප්පු කරන ලදි.

    පොලොවේ සිට ආලෝක වර්ෂයක් දුරින් වස්තුවක් (අතිවිශාල ග්‍රහලොවක් ) තිබෙන බව 2005 වසරේදී ඇමෙරිකානු තාරකා භෞතික විද්‍යාඥයින් නිවේදනය කරන ලදි.


    නමුත් වඩාත් වැදගත් වූයේ මේ දැවැන්ත ග්‍රහලෝකය විශාල වේගයකින් පෘථිවිය දෙසට ළඟාවෙමින් තිබෙන බවයි.

    මෙම ග්‍රහලෝකය ඉතා අඳුරු වූ අතර ප්‍රකාශ දුරේක්ෂ සහ අනෙකුත් උපකරණවලට එය 2005 වසරේදී දැකගත නොහැකිවිය.

    විද්‍යාඥයින්ට මෙම ග්‍රහලෝකයේ දෘෂ්‍ය පටිගත කිරීමක් ලබාගත හැකිවූයේ මීට වසර 2කට පෙරය.ඒ අධෝරක්ත දුරේක්ෂයක් කක්ෂ ගත කිරීමෙන් පසුවයි.

    එම දුරේක්ෂයෙන් ඇමෙරිකානු තාරකා විද්‍යාඥයින්ට ලැබුණු ඡායාරූප දැකීමෙන් ඔවුන් තිගැස්මට ලක්විය.බාහිර අජටාකාශයේ අවසන් සීමාවේ විශාල ග්‍රහලෝකයක් තිබෙනවා එම ඡායාරූපවල පැහැදිලිව දක්නට ලැබිණි.

    මෙම දැවැන්ත ග්‍රහයා සම්බන්ධ අධ්‍යනයන්ගෙන් පසුව විද්‍යාඥයින්ගේ අවසන් නිගමනය වූයේ එයට පෘථිවියට වඩා පස්ගුණයක් විශාල බවයි.

    තවද වසර 5කට පසු එනම් 2012-2014 අතර කාලයේදී නීබෲ ග්‍රහලොව පෘථිවියට කිලෝමීටර් සියගණනක් දුරින් ගමන් කරන බවට ඔවුන් අනාවැකි පළකරන ලදි.

    පෘථිවියට සමීප වීම නිසා වායුගෝලයේ වෙනස්කම් ඇතිවීමෙන් දේශගුණික විපත් ඇතිවීමට ඉඩ තිබෙන බවද ප්‍රකාශ කෙරිණි.


    ඒවගේම විද්‍යාඥයින් සොයාගත් තවත් දෙයක් වන්නේ වරක් මෙම නීබෲ ග්‍රහලෝකය විසින් තවත් ග්‍රහලෝකයක් විනාශ කල බවයි.


    SolarSystem.gif


    වසර ගණනාවකට පෙර මෙම සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු සහ බ්‍රහස්පති අතර Phaeton නමින් ග්‍රහලෝකයක් තිබුණි.ඒ ග්‍රහලෝකය තිබුණු ස්ථානයේ දැන් තිබෙන්නේ ග්‍රහක වළල්ලකි.

    මෙම ග්‍රහක වළල්ලේ අඩංගුවන්නේ විනාශ වි ගිය Phaeton ග්‍රහලොවේ කොටස්ය.

    තාරකා විද්‍යාඥයින්ට අනුව නීබෲ ග්‍රහයා Phaeton ග්‍රහයා සමග ගැටී තිබේ.එම ඝට්ටනයෙන් පසු Phaeton ග්‍රහයා සුනුවිසුණු වී යයි.


    -D0-9D-D0-B8-D0-B1-D0-B8-D1-80-D1-83--D0-A4-D0-B0-D1-8D-D1-82-D0-BE-D0-BD.jpg


    ඇමෙරිකානු විද්‍යාඥයින්ට අනුව එරට රජය විසින් මේ තොරතුරු ලෝකයාගෙන් වසන් කරන්නේ මිනිසුන් තුල භීතියක් ඇතිනොවීමටයි.


    සියලුම බුද්ධි තොරතුරුවලට අනුව නීබෲ ග්‍රහයා නිසා පෘථිවියට සැලකියයුතු තරමේ හානියක් සිදුවන බවත් පෘථිවිවාසීන් රැසකගේ ජීවිත විනාශ වීමට ඉඩ තිබෙන බවත් සනාථ වී තිබේ.


    ඔවුන්ට තෝරාගත් පිරිසක්(ධනවත් යුදෙව්වන්ගෙන් උසස් ගෝත්‍ර ) රැකගැනීමට අවශ්‍යව තිබේ(යුදෙව්වන් 144 000ක්).සියලුම මනුෂ්‍යයන් බේරාගැනීම ඔවුන්ට කලනොහැකිය.අඩුම තරමේ ඊට උත්සාහ කිරීම පවා අපහසුය.







    අභිරහස් භූගත නගර



    dumbMap.jpg


    නීබෲ ග්‍රහයාගේ පැමිණීමත් සමග කියවෙන තවත් දෙයක් වන්නේ භූගතව ඉදිකල සහ ඉදිකරන නගරයි.මෙම භූගත නගර අතිශය රහසිගත ව්‍යාපෘති ලෙස සලකනු ලැබේ.පෘථිවිය මතුපිට සිදුවන මහා විනාශයකින් තෝරාගත් පිරිසකට පමණක් රැකවරණය දීම මේ භූගත නගර නිර්මාණය කිරීමේ අරමුණ බව පැවසේ.බොහෝදෙනා දන්නා Area 51හි මෙවැනි භූගත නිර්මාණයන් තිබෙන බවට තොරතුරු තිබේ.එක්සත් ජනපදයේ තිබෙනවා යැයි කියන මේ භූගත නගර සම්බන්ධව ග්‍රන්ථ පවා සම්පාදනය වී තිබේ.භූගත නගර සම්බන්ධව කතා කිරීමේදී සඳහන් වන තවත් කරුණක් නම් වාර්ෂිකව අයවැයෙන් ඩොලර් බිලියන ගණනින් ඒවා නඩත්තු කිරීමට වෙන් කරන බවයි.

    එක්සත් ජනපදයේ පමණක් නොව රුසියාව ,චීනය යන රටවල පවා භූගත නගර නිර්මාණය කරන බවට තොරතුරු තිබේ.



    එක්සත් ජනපදයේ භූගත නගර ගැන තවත් විස්තර දැනගන්න DUMBS යනුවෙන් සෙවුමක් කරන්න.




    Source:planetxnews.com


    -HarshaLulzSec-
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    දැන් අපි ඉන්නේ 2015 වේ, එත්කෙට ඔය කියන 2012 එන්න තව කොච්චර කල් තියෙනවද???