plz becareful these days guys... :(

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,820
    35,696
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රක්ෂක අංශ අණ නොතකා ධාවනය කෙරුණු මෝටර් රථ දෙකකට නාවික හමුදාව අද අලුයම වත්තලදී වෙඩි තබා එක් අයෙකු මියයාමේ සිද්ධිය විශාල අවධානයකට ලක්විය.
    මියගිය පුද්ගලයා දෙදරු පියෙකුවූ අතර ඔහු කිසිදු සැකකටයුතු කටයුත්තකට
    අදාළ අයෙකු වූයේ නැත. අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වන වෙඩි කමින් ඔහු හමුදා අණනොතකා ධාවනය කර තිබෙන්නේ බීමත්ව බවට නාවික හමුදා ප්‍රකාශකවරයා දන්වා තිබේ. දෙවැනි වෙඩි තැබීමේදී බීමත් නීතීඥයෙකුගේ වාහනයට හානි වූ නමුත් නීතිඥයාට තුවාල සිදුවූයේ නැත.

    වෙඩි තැබීම් දෙකම සිදුව තිබුනේ වත්තල, හුණුපිටිය ගුවන් පාලම ආසන්නයේ නාවික හමුදාව ඊයේ රාත්‍රී මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදු කරමින් සිටියදීය.
    රාත්‍රී 12.00ට පමණ කිරිබත්ගොඩ සිට වත්තල දෙසට ධාවනය වූ නැනෝ වර්ගයේ මෝටර් රථය මාර්ග බාධකයේ නාවික



    නිලධාරින්ගේ අණ නොතකා ධාවනය කළ බවත් රියැදුරු අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට පසුව සැක ඇතිවූයේ ඔහු නාවික නිලධාරීන්ගේ සිරුරේ වාහනය හප්පාගෙන ඉදිරියට ඇදී යාම නිසාය.

    “රාජකාරියේ යෙදී සිටි නාවික පුද්ගලයෙකුත් හප්පගෙන මෙම රථය පලායාමට උත්සහ කර තිබෙනවා.ඒ අවස්ථාවේදී එය පාලනය සදහා එහි රාජකාරියේ සිටි අනෙකුත් නාවික පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    මේ අවස්ථාවේදී තුවාල වුණු එම රථයේ රියැදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා මෙම රියදුරු අධික ලෙස බීමත්ව රිය පැදවූ අයෙක් බව”

    නාවික හමුදා ප්‍රකාශක, ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය. අණ නොතකා පලා යාමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රියැදුරු මියගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.
    මෙලෙස මිය ගොස් ඇත්තේ, වත්තල පරණ පාර පදිංචිව සිටි 34 හැවිරිදි චාමර අසංක රණසිංහ නමැති දෙදරු පියෙකි.ඔහුගේ වැඩිමහල් ගැහැණු දරුවාට වයස අවුරුදු 3ක් වන අතර බාල පිරිමි දරුවා තෙමස් වියැති බිළිඳෙකි.

    මේ අතර එම ස්ථානයේම ඊට පැයකට පමණ පසුව අලුයම 1.00ට පමණ අදාළ මාර්ග බාධකයේදී ආරක්ෂක අංශ අණ නොකතා ධාවනය කෙරුණු තවත් මෝටර් රථයකට ද නාවික හමුදා නිලධාරින් වෙඩි තැබූ අතර
    වෙඩි තැබීමෙන් එම රථයට හානි සිදුව ඇති නමුත් රියදුරු අනතුරක් සිදුව නොමැත.
    නීතිඥවරයෙකු වන ඔහු ද බීමතින් සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    මහ එකාගෙ බීමත් කම නිසා දරුවො දෙන්න අනාත උනා.. පව් උන් :sorry:
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    දැන් ආන්ඩුවෙන් පවුල නඩත්තු කරපන්.