මේ ක්‍රමය හොයා ගත්තෙ Francesco Cirillo. එයා ළඟ තිබුණ තක්කාලි ගෙඩියක හැඩය ගත්තු kitchen timer එකක්. Fransecso ට හරියටම අවධානය දීල යමක් කරන්න ඕනි වුණාම එයා කළේ මේ timer එක විනාඩි 25කට set කරල එයාගෙ වැඩේට සම්පූර්ණ අවධානය යොදවල පුළුවන් තරම් වේගයෙන් ඒක කරගෙන යන එක. මේ විදිහට විනාඩි 25ක් වැඩ කරල එයා විනාඩි පහක පුංචි විවේකයක් ගත්ත. විනාඩි 25 ක කාල පරාසයක් එයා හැඳින්වූයේ Pomodoro එකක් විදිහට. එයා මේ Pomodoro 4 ක් අවසන් කළාම පැය භාගයක විවේකයක් ගත්තා. (Pomodoro කියන්නේ ඉතාලි බසින් තක්කාලි ගෙඩියට. අර තක්කාලි ගෙඩියක හැඩය තිබුණු kitchen timer එක නිසා වෙන්නැති එයා මේක Pomodoro Technique කියල හඳුන්වන්න ඇත්තෙ)
මේකෙන් වෙන්නේ ඔයාට ඒ වැඩේ කරන්න දවසම තියෙනවා කියන හැඟීම වෙනුවට මිනිත්තු 25 ක කාලය ඇතුලත මේ වැඩේ/වැඩ ටික ඉක්මනට ඉවර කරන්න ඕනි කියල හදිස්සි හැඟීමක් එක්ක වැඩ කරන්න ඔයාව පෙළඹෙන එක. අඩු කාලයකින් වැඩි වැඩ කොටසක් ඉවර කරන්න මේ technique එක උදව් කරගන්න පුලුවන්. වැඩ පුංචි පුංචි කොටස් වලට බෙදාගැනීමත්, කාලය කළමනාකරණය කරගැනීමත් තුළ උපරිම ඵලදායීතාවයක් රැස් කරගන්න මේකෙදි පුළුවන්.
Pomodoro Technique මේ තරම් ඵලදායිව වැඩ කරන්නේ ඇයි?
1. ඒක අපිට හදිසිතාව පිළිබඳ හැඟීමක් ඇති කරනවා. ඔයාට කාර්යයක් කරන්න කොපමණ සුළු කාලයක් තිබේදැයි දැනගැනීම, නිර්මාණශීලී වීමටත් ඊට කෙටිමාර්ග සොයා ගැනීමටත් ඔයාව පොළඹවනවා.
2. බාධා කිරීම් වලට ඔරොත්තු දෙන්න උපකාරී වෙනවා. ඔයා යම් කාර්යයක් අවසන් කරන්න දවස පුරාම බලා ඉන්නව නම්, ඔයා අනවශ්‍ය විවේකයන් ගන්න තියන ඉඩකඩ වැඩියි. හැබැයි කාලය හා ශක්තිය කුඩා කොටස් වලට බෙදීමෙන් අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය කරනවා.
3. වැඩ කන්දක් එකපාර කරන්න ගිහින් දවසම එපා වෙන අයට මේ ක්‍රමය හුඟක් ප්‍රයෝජනවත්. මොකද මේකෙන් එකවර බහුකාර්යයන් කිරීමේ පුරුද්ද බිඳ දමනවා.
4. කාර්යයන් කාලයකළමනාකරණය තුළින් ඔයාගේ දවස වඩාත් හොඳින් සැලසුම් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
5. කාර්යයන් කුඩා කුඩා කොටස්වලට කැඩීමෙන් ඒවාට ඇති බය හා ආතතිය අවම කරනවා. ඒවගෙම කාර්‍යයන් කීපයක් අවසන් කරනවිට නොදැනුවත්වම ඒක ඊලග කාර්‍යයන් වලට motivation එකක් සපයනවා.
6. නිතර මිනිත්තු කීපයක කෙටි විවේක ගැනීමෙන් ඔයාට වඩා හොඳ තීරණ ගන්නත් සහ තීරණ ගැනීමේ අනවශ්‍ය තෙහෙට්ටුව වළක්වා ගන්නත් පුළුවන්.
7. Pomodoro Technique කෙටි විවේකයන් තෑගි විදියට භාවිතා කරනවා, එයින් ඵලදායි ලෙස වැඩ කරන්න ඔයාව පෙලඹවිය හැකි ප්‍රමාණය ගැන ඔයා පුදුමයට පත් වේවි.
8. නිශ්චිත කාලයක් තුළ විශාල කාර්යයන් ප්‍රමාණයක් අවසන් කිරීමට මේ තුළ හැකියාව ලැබෙනවා. ඒ මඟින් ඵලදායීතාවය ඉහල යනවා. දවස ගෙවෙන ආකාරය ගැන ඔයාටම ධනාත්මක අදහසක් ඇති වෙනවා. මානසික යහපැවැත්ම සහිතව ඉලක්ක වෙත ගමන් කිරීමට ඒක ඔයාට උපකාරී වෙනවා.
ඉතිං කල් නොදා වැඩ කරගන්න, උත්සාහ කරල බලන්න Pomodoro Technique !