මෙරට සුරාබදු බලපත්‍ර ලබාදීමට නියම කර ඇත්තේ සුරාබදු නීති මාර්ගෝපදේශ හා නීති රෙගුලාසි සඳහන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 1544/17 හා 2008-04-10 දරන සුරාබදු නිවේදන 902 අනුවය. අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2366/39 හා 2008-01-12 දිනැති අංක 02/2024 දරන ගැසට් නිවේදන මගින් එය තව දුරටත් පරිච්චින්න කර ඇත. තවද පාර්ලිමේන්තුව තුළ මෙම ගැසට් පත්‍රය සම්මත කොට බලාත්මක කර ඇත. එහෙත් මෙම පනත 2024 අගෝස්තු 21 දින නැවත පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී ඇත. එසේ සංශෝධනයට ලක් වුවද පසුගිය කාලයේ සුරාබදු බලපත්‍ර ලබදීමේදී ක්‍රියාකර තිබුණේ 2008-04-10 දරන සුරාබදු නිවේදන 902 ප්‍රකාරවය. අදාළ ගැසට් නිවේදනය නිවැරැදි නොවන බවට CA(W) Application 424/2024 නඩුවක්ද විභාග වෙමින් පවතී.
සුරාබදු නිවේදන 902 ප්‍රකාරව සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී කිසිදු ලෙසකින් නීතියට පටහැනිව කිසිදු බලපත්‍රයක් ලබා නොදෙන ශ්‍රේෂ්ඨාධිකරණය SCFR 116/2023 අංකය යටතේ 2024 අප්‍රේල් 2 වැනි දා නියෝගයක් ප්‍රකාශයට පත් කොට ඇත. සුරාබදු පනත හා ඒ යටතේ අදාළ වෙනත් නීති සහ නියෝගවලට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අදාල බව සඳහන් කොට ඇත. එම නියෝගවලට අනුව සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී එක් දිස්ත්‍රික්කයක් තුළ එක් පුද්ගලයකුට හෝ එක් ආයතනයකට ලබා දිය හැක්කේ බලපත්‍ර දෙකක් පමණි.
එලෙස බලපත්‍ර දෙකක් ලබාගත හැක්කේ බලපත්‍රයක් ලබාගැනීමට සුදුසුකම් සපුරා නැති තවත් අයකු නැති විට පමණි. සුරාබදු නිවේදන 902 හි 24 වැනි කොන්දේසිය මගින් ඒ බව මෙසේ පෙන්වා දෙයි. “දැනටමත් බලපත්‍රයක් ලත් ඉල්ලුම්කරුවකුගේ නමින් දිස්ත්‍රික්කයේ ඇතුළත තවත් බලපත්‍රයක් ලබාගැනීමට කරන ඉල්ලීමක් සලකා බලනුයේ එම අවසරය දී ඇති සංඛ්‍යාව ඇතුළත වෙනත් සුදුසු ඉල්ලීම්කරුවකු නැත්නම් පමණි යනුවෙනි එහි 25 වැනි කොන්දේසියේ සඳහන් වෙන්නේ" කෙසේ වුවද දිස්ත්‍රික්කය ඇතුළත ඉල්ලුම්කරුවකුට බලපත්‍ර දෙකකට වඩා නිකුත් කිරිමෙන් එම දිස්ත්‍රික්කය ඇතුළත මත්පැන් ඒකාධිකාරයකට හෝ අනවශ්‍ය මත්පැන් පාලනයට හෝ නිදහස් බාධ රහිත සැපයුම් බෙදාහැරීමක් හෝ පාරිභෝජනයට හෝ අවහිර ඇති වීමේ තත්වයකදී තුඩු දිය හැකි යැයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අදහස් කරන්නේ නම් එක ඉල්ලුම්කරුවකුට දිස්ත්‍රික්කය ඇතුළත බලපත්‍ර දෙකකට වඩා නිකුත් නොකරනු ඇත'' යනුවෙනි.
එහෙත් මෙම නීතියට පටහැනිව සෑම දිස්ත්‍රික්කයකම පාහේ පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට ද සුරාබදු බලපත්‍ර දෙකට වඩා නිකුත් කර ඇති අයුරු දක්නට පුළුවන. එසේම දේශපාලන සබඳතා මත සුරාබදු බලපත්‍ර ලබා දී ඇත. බාලවයස්කාරයන්ගේ නමට බලපත්‍ර නිකුත් කර ඇත. තවද සුරාබදු බලපත්‍රයක් ලබාගැනීමට සැපිරිය යුතු මූලික නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර ලබා දී ඇත. ඒ අනුව බලන කල පසුගිය කාලයේ සුරාබදු බලපත්‍ර ලබාදීමේදී සුරාබදු ආඥා පනතේ වගන්ති උල්ලංඝනය කරමින් නීතියට පටහැනිව ලබා දී ඇත. මේ ආකාරයට ලබා දුන් බලපත් අංක කිහිපයක් අප සතුව ඇත. ඒවා වන්නේ A- 065287, A-083301, A- 058320, A-062181, A-079571, A-091755, A- 080156, A-091755, A- 077587, A-090827, A-062180 ලෙසිනි.
සුරාබදු නිවේදන අංක 795 ට අනුව පොල් අරක්කු නිෂ්පාදනය කිරීම හෝ පොල් අරක්කු තොග වශයෙන් විකිණීම සඳහා වූ බලපත්‍රයට අනුව බලපත්‍රලාභියා විසින් අරක්කු හෝ රා කිසිවක් සිල්ලරට විකිණීමේ දී කිසි අයිතියක් දැරීම සහ එවැනි අයිතියක් සහිත කිසිම පුද්ගලයකු සේවයේ යොදවා ගැනීම තහනම් යනුවෙන් දක්වා ඇත. 794, 795, 796 වගන්ති මගින් ද එම කාරණා තව තවත් තහවුරු කර ඇත. මෙම සියලු වගන්ති මගින් පෙන්වා දෙන්නේ මත්පැන් නිෂ්පාදනය කරන අයට සේවකයකු ලෙසවත් මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ඇති අයෙක් සේවකයකු ලෙස තබාගැනීමට බැරි බවය. එහෙත් ඒ කිසිදු නීතියක් ගැන නොතකා 1544/17 හා 2008-04- 10 දරන සුරාබදු නිවේදන 902 හි වගන්ති ද උල්ලංඝනය කරමින් මත්පැන් විකිණීමේ බලපත්‍ර පසුගිය කාලයේ ලබා දී ඇත.
කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මත්පැන් විකිණීමේ බලපත්‍රයක් පසුගිය කාලයේ ලබා දී ඇත. එම බලපත්‍රලාභියා මත්පැන් නිෂ්පාදිත සමාගමක කළමනාකාර අධ්‍යක්ෂවරයෙකි. අදාළ කළමනාකාර අධ්‍යක්ෂවරයා තමන්ට හිමි මත්පැන් ටිකිණීමේ බලපත්‍රය ලබාගෙන තිබුණේද හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයකු අතිනි. මීට අමතරව තවත් සමාගමකට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඇත. එම බලපත්‍රලාභියා මත්පැන් සමාගමක කොටස් හිමිකරුවෙකි. එසේම සිය බිරිඳගේ නමින් මත්පැන් නිෂ්පාදනය කරන සමාගම ලියාපදිංචි කර ඇත. මේ ආකාරයට එම බලපත්‍ර ලබා දී ඇත්තේ සුරාබදු නිවේදන 902 හි 791, 792, 793, 794 වගන්ති උල්ලංඝනය කරමිනි.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ එකම සමාගමකට වෙනත් නම් යොදා මත්පැන් විකිණීමේ බලපත්‍ර තුනක් ලබා දී ඇත. වත්තල, පෑලියගොඩ සහ ගම්පහට එම බලපත්‍ර ලබා දී ඇත.
ඒ බලපත්‍ර දෙකක් පමණක් එක් අයකුට ලබාගත හැකි බවට ඇති වගන්තිය උල්ලංඝනය කරමිනි. එකී බලපත් ලද අය ගම්පොල ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් නීතිවිරෝධිව බද්දට ගෙන පවත්වාගෙන යන අයෙකි. කලුතර කලුතර පිහිටි පෞද්ගලික ආයතනයකට මත්පැන් විකිණීමේ බලපත්‍රයක් ලබා දී තිබුණේ ඊට මීටර් 94ක දුරින් පාසලක් පිහිටා තිබෙන පසුබිමකය. එය ද ලබා දී ඇත්තේ සුරාබදු ආඥා පනතේ වගන්ති කඩකරමිනි. තවද රත්නපුර නගර ආසන්නයේ ප්‍රසිද්ධ ආයතනයකට මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබා දී ඇත. ඒ මුස්ලිම් පල්ලියක් සහ රජයේ පාසලක්, ජාත්‍යන්තර පාසලක් පිහිටි තැනක් ආසන්නයේය. මෙම බලපත්‍ර ලබාදීමට සැකසූ පිඹුරුපත් අංකය වන්නේ Tracing_no_363/2024 ය.
සුරාබදු ආඥා පනතේ 19 වැනි වගන්තිය මගින් මත්පැන් බලපත්‍රයක් ලබාදීම විශේෂ වරප්‍රසාදයක් ලෙස පෙන්වා දී ඇත. එහි 19:1 වගන්තිය අනුව අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඔහුට යෝග්‍ය යැයි හැඟෙන කොන්දේසි මත හා යම් කාලයකට ඕනෑම පුද්ගලයකුට විශේෂ වරප්‍රසාද ලබා දිය හැකි බව පෙන්වා දී ඇත. 1978-10-03 සිට 1983 දක්වා ක්‍රියාත්මක වූ දයාරත්නට එරෙහිව වයි. එම්.එච්.ඩබ්ලිව්. බණ්ඩාර 924/77 නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව මෙහිදී වැදගත් වෙයි. මෙම නඩු තීන්දුව පාදක කර ගනිමින් සුබාකරන්ට එරෙහිව භාරතී නඩු තීන්දුවද ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇත. ඒ CA/87-2SLR 243 සහSL/ 89 - 1- SLR 46 නඩු මගිනි. මෙම නඩුවේ තීන්දුවට ඇපෑලක් ඉදිරිපත් වී ඇති අතර එම තීන්දුව මගින් සහතික කර ඇත්තේ මත්පැන් බලපත්‍රයක් යනු දේපළ අයිතියක් කියාය.
සුරාබදු ආඥා පනතේ පනතේ 19 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාගේ උපදෙස් මත සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විශේෂ වරප්‍රසාදයක් සේ සලකා මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී රටේ මුදල් ඇමැතිවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටියේය. මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අපේක්ෂකයා විශේෂ වරප්‍රසාදයක් සේ සලකා දේපළ වටිනාකමක් ඇති සුරාබදු බලපත්‍ර තම හිතවතුන්ට ලබාදීම මැතිවරණ සමයේ අල්ලස් ලබාදීමකි. මැතිවරණ නීතියට අනුව ද එය පෙන්වා දී ඇත. පසුගිය ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු මැතිවරණ කටයුත්තකින් පසුව පැමිණ සිටි පිරිසට ලබාදීමට තිබූ ෆ්‍රයිඩ් රයිස් ආහාර වේල ද මැතිවරණ කොමිසම මගින් ද නතර කළේ එම ආහාර වේල පැමිණි සිටි පිරිසට ලබාදෙන අල්ලසක් නිසාය. මැතිවරණ සමයේ මැතිවරණ නීතියට අනුව කෑම වේලක්වත් ලබාදීමට නොහැකි නම් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මුදල් අමාත්‍යවරයා විශේෂ වරප්‍රසාදයක් ලෙස හඳුන්වන දේපළ අයිතියක් යැයි අධිකරණය පවා තහවුරු කර ඇති සුරාබදු බලපත්‍ර ලබාදීම මැතිවරණ නීතියට අනුකූල නැත. මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ලැබී තිබුණි. ඒ අනුව මැතිවරණ සමයේ දේපළ වටිනාකමක් ඇති මත්පැන් විකිණීමේ බලපත්‍ර ලබාදීම අල්ලසක් සේ සලකා වහාම මත්පැන් බලපත්‍ර ලබාදීම නතර කරන ලෙස මැතිවරණ කොමිසම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබුණි.
2023 වසරේ සිටම ජනාධිපති මැතිවරණය ඉලක්ක කර ගනිමින් මත්පැන් බලපත්‍ර ලබාදීමක් සිදුවුණි. මත්පැන් බලපත්‍ර ලබාගැනීමට දේශපාලනයෙන් තොර සුදුසුකම් ලැබූ තිදෙනෙක් ද එම කාලයේ බලපත්‍ර සඳහා අයදුම් කර තිබුණි. එහෙත් තමන්ට සුදුසුකම් තිබුණත් බලපත්‍ර ලබා නොදී දේශපාලන හිතවතුන්ට බලපත්‍ර ලබාදුන් බව පවසමින් එම තිදෙනා මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබේ. එම නඩු අංකය වන්නේ SCFR 131/2023 131/2023 8.
eda-menna.2178394/
------ Post added on Oct 25, 2024 at 12:17 AM