මේක කියවන හුග දෙනක් දැනටමත් whaleboost
මේකෙදි අපිට daily task එකක් දෙනවා මේ ලෝකේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් විදියේ simple එකක්. ඒවා කලාම හැමදාම සල්ලි ලැබෙනවා.
හැබැයි task කරන්න නම් අපි මෙයාලගේ package එකක් ගන්න ඕන. package රුපියල් 4000 ඉදල ලක්ෂ ගණන් වෙනකන් තියනවා. ලොකු package ගත්තොත් දවසකට earn කරන්න පුළුවන් ගාන වැඩියි.
මේක මෙහෙම පලවෙනි එක නෙවේ. කලින් ads බැලුවම ලොකු ගානක් ගෙවන ඒවා , අලුත් Cryptocurrency එකකට invest කරන ඒවා එහෙම හුගක් තිබුන. ඉස්සරහටත් අලුත් ඒවා ඒවි.
මේ වගේ සීන් වලට කියන්නේ ponzi scheme කියල.
1900 මුල ගණන් වල ඉතාලියෙන් ඇමෙරිකාවට ගිහින් මේ වගේ වංචා කළ Charles Ponzi කියන dial එක නිසා තමයි මේවට මේ නම ලැබිලා තියෙන්නේ.
සරලව ponzi scheme වැඩ කරන්නේ මෙහෙම.
මේවා කරවන පුද්ගලයා හරි ආයතනය ලග හරි ලස්සන කතාවක් තියනවා. මේ Whaleboost එකේ නම් International e-commerce platforms වලට අපිට contribute කරලා එකෙන් ගානක් හොයන්න පුළුවන් කතාවක් තියෙන්නේ. මීට අමතරව අළුත් Cryptocurrency එකකට invest කරලා එකෙන් monthly profit එකක් ගන්න පුළුවන් කතාවක් තියන එකක් ponzi scheme එකක් ලංකාවේ සැරටම යනවා.
Ponzi scheme වලිදී මුලින් අපි ගානක් දාන්නම ඕන. ඕන නම් පොඩි ගානක් දාන්නත් පුළුවන්. එහෙම උනොත් monthly/daily profit එක අඩුයි.
සාර්ථක Ponzi schemes දිගින් දිගටම මේ පොරොන්දු උන මුදල ගෙවනවා. වටේ පිටේ අයට සල්ලි ලැබෙනකොට මුලින් ඕව බොරු බන් කිව අයත් මේවට සල්ලි දන්න පෙළබෙනවා.
පොඩි ගණන් දාපු අය දාපු අය ලොකු ලොකු packages ගන්නවා නැත්නම් වැඩි වැඩියෙන් invest කරනවා වැඩි වැඩියෙන් සල්ලි හොයන්න.
මේ ponzi scheme එක කරවන අය ඇත්තටම බෙදල දෙන්නේ මේකේ victims ලගෙම සල්ලි තමයි.
එක දවසක pyramid scam වගේම මේ ponzi scam එකත් කඩා වැටෙනවා. මුලින් සෙට් උන එවුන් ගානක් හොයාගෙන පස්සේ සෙට් උන උන් ගානක් කෙලවාගෙන, මේක කරවපු උන් හෙන ගානක් හොයාගෙන තමයි මේවා කෙලවර වෙන්නේ.
ponzi scheme එකක් අදුන ගන්න නම් මාරම බුද්දියක් තියෙන්න ඕන නැ. ප්‍රස්නේ තියෙන්නේ free money , easy money කීවම මිනිස්සුන්ගේ මොලේ හිතන්න තියන කෑල්ල නතර වෙන එක.
අපිට සරලවම තේරෙන්න ඕන ඇමෙරිකාවේ වගේ market research වලට හරි product reviews වලට හරි ලංකාවේ අපිට ගෙවන්න තරම් ඒ company කාරයෝ වත් sellers ලා වත් මෝඩ නැ කියලා. මොකද මේ markets එකිනෙකට පට්ට වෙනස්.
අපි නම් වැඩේ කරන්නේ අපි මොකටද මුලින් ගෙවන්නේ.
ඒකෙ කිසිම point එකක් නැ. මේ ලෝකේ Job market එක වැඩ කරන්නේ එහෙම නෙවේ.
ලෝකේ ඕනෑම මෝඩයෙක්ට හරි bot
අපි නිකන් හිතමු කව්රුහරි කෙනෙක් දන්නවා කියල සතියකට සැරයක් සල්ලි double කරන්න පුළුවන් guaranteed method එකක්.
රුපියල් 1000 කින් පටන් ගත්තොත් මුල් සතියේ 2000, සති 3න් 4000 , සති 4ට 8000 යි. මෙහෙම ගණන් හදල බලන්න. සති 30 කදී 53,687,091,200 ක් ( කෝටි 5000 කට වඩා ) හොයන්න පුළුවන්.
ඉතින් එහෙම method එකක් දන්න එකෙක් ඉන්නවා නම් ඌට කිසිම හේතුවක් නැ එක එකාගෙන් සල්ලි ඉල්ලාගෙන උන්ට profits අරන් දෙන්න.
අපි හිතමු කාට හරි ලොකු connection එකක් හදාගෙන කියල ලොකු company එකකින් outsource කරන වැඩක් ගත්තා කියලා.
ඒ කෙනාට ලේසියෙන්ම company එකක් setup කරලා කට්ටිය hire කරලා competitive commission එකක් දීල, නැත්නම් කරන කෙනාට fixed ගානක් දීලා ලොකු profit වලට යන්න පුළුවන්.
එහෙම කෙනෙක්ටත් කිසිම හේතුවක් නැ මුලින් අපෙන් ගානක් කඩා ගන්න.
කාට හරි හිතෙනවා නම් ponzi scam එකක් කරලා සල්ලි හොයන්න, එකත් බොරු වැඩක්. හුගක් වෙලාවට ඔය whaleboost
සමහරවිට ඌ පව්. කාගේ හරි ඉත්තෙක් වෙන්නත් පුළුවන්.
ponzi scam වල ලොකුම පොරක් උන Charles Ponzi උනත් ටික කාලයක් සැප ජිවිතයක් ගත කලාට වැඩි කාලයක් හිටියේ හිර ගෙවල් වල. මරුනෙත් හිගන්නෙක් වගේ.
අපේ Ponzi scheme රජවරු උන සක්විති, දඩුවම් මුදලාලි එහෙමත් එහෙමම තමයි.
මේකෙන් අදහස් වෙන්නේ නැ වෙනස් විදියට හිතුවොත් මේ capitalism එක ඇතුලේ internet එකෙන් සල්ලි හොයන්න ලේසි විදි හොයා ගන්න බැ කියල. මම try කරන්නම් next post එකකින් examples එක්ක මට පුළුවන් විදියට ඒක තේරුම් කරන්න.
-Kosala sandaruwan-
