Poor Mahinda

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Lankaenews has mentioned part of it noobs.
    https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2107207712677716/?type=3&theater

    113 පෙන්වීම මගේ වැඩක් නොවේ; සිරිසේනගේ වැඩක්..! බැසිල් දන්වයි; රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සහාය වී ඇමරිකාව තහනම් වනු ඇතැයි ඇමරිකානු පුරවැසි බැසිල්, ගෝඨා බිය වෙති

    (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.29, ප.ව.5.10) ලංකාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සහාය දක්වා තමන්ට ඇමරිකාවට ඇතුළු වීමට නොහැකි වී තහනමකට ලක් වනු ඇතැයි ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාම බිය වී තිබේ.

    ගෝඨාභයගේ සහ බැසිල්ගේ දේපොල විශාල ප්‍රමාණයක් පවතින්නේ ඇමරිකාවේ ය.

    මේ හේතුව නිසා පොහොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ මෛත්‍රී පාර්ශවයට දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ 113 සෙවීම තමන් සතු කාරියක් නොව එය ජනාධිපතිවරයා සතු කාරියක් බවයි.

    බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශකයෙකු ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ බැසිල් රාජපක්ෂ සිරිසේන ජනාධිපතිගේ ක්‍රියාවට සහාය දක්වා සිටියේ එසේ නොකෙළේ නම් බැසිල් තම නඩු වලින් බේරීම සඳහා එජාපෙ ආණ්ඩුව සමග ඩීල් එකක් දමාගෙන සිටිනවා යන චෝදනාවට ලක් වන නිසා බවයි. කෙසේ වෙතත් මහින්ද අගමැති ලෙස පත් කිරීමෙන් පසු සිද්ධි දාමය දෙස බැලීමේ දී සිරිසේන ජනාධිපති සිදුකර ඇත්තේ තමාගේ බලය තහවුරු කර ගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක් මිස පොහොට්ටුවේ බලය තහවුරු කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ යයි හෙතෙම කීවේ ය. ඔහු ඊට උදාහරණ ලෙස පවසා සිටියේ රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද පත් කිරීම්ය.

    ජාතික රූපවාහිනියට සරත් කෝන්ගහගේද, අයිටීඑන් සහ ගුවන් විදුලියට සෝමරත්න දිසානායක ද ලේක්හවුසියට වසන්තප්‍රිය රාමනායක ද සභාපතිවරු ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ පත් කරන ලදී.

    ඉහත පත්වීම් කිසිවක් පොහොට්ටුවේ අය හෝ රාජපක්ෂලා සමග සිටි අය නොව සිරිසේන සමග සිටි අය ය. එවැනි පත් කිරීම් පිලිබඳ සිරිසේන රාජපක්ෂලා සමග සාකච්ඡාවක් ‌‌හෝ සිදුකර නැත.

    යම් හෙයකින් සිරිසේන ජනාධීපතිට 113 පෙන්විය හැකි වුවත් ඒ හදන කැබිනට්ටුවේ බැසිල් රාජපක්ෂගේ පොහොට්ටුවේ කිසිවෙකු ඇමැතිධූර බාර නොගැනීමට ද තීරණය කර තිබේ. 113 පෙන්වීමට නොහැකි වුවහොත් බැසිල් රාජපක්ෂටද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා එල්ල වී ඇමරිකානු භූමියට ඇතුළු වීමට නොහැකි වනු බැවින් ඔහුද අත පුච්චා ගැනීමට සූදානම් නැත.

    ගෝඨාභය රාජපක්ෂ ද කිසිදු තනතුරක් බාර ගෙන නැත්තේ පාර්ලිමේන්තුවේ 113 පෙන්වා ගැනීමට නොහැකි වුවහොත් තමන් ද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට ලක් වනු ඇතිය යන බියය. එසේ වුවහොත් තමාට ඇමරිකානු භූමියට ඇතුළු වීමට නොහැකි වනු ඇතැයි ඔහු පවසයි. එසේ නැතිනම් සිරිසේන විසින් ගෝඨාභයට ආරක්ෂක ලේකම් ධූරය පමණක් නොව අග්‍රාමාත්‍ය ලේකම් ධූරයද ලබා දීමට සූදානම් වී තිබේ. ගෝඨා ඒවා ප්‍රතික්ෂේප කර ඇත.

    ලංකාවේ ව්‍යවස්ථාවට පිටින් ක්‍රියා කළහොත් ඊට සම්බන්ධ වන අයට ‘ට්‍රැවල් බෑන්’ දමන බව ඇමරිකාව, යුරෝපා සංගමය, ඔ්ස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය යන රටවල් ඊයේ අනතුරු ඇඟවීමක් කරන ලදී
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Not even property.Their children and siblings who studied and work in USA ,Canada,England,Australia will send them back to Sri Lanka.
    All the Ministers Sons and daughters will Ban forever from these countries if this government continues like this.:D
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    Not even property.Their children and siblings who studied and work in USA ,Canada,England,Australia will send them back to Sri Lanka.
    All the Ministers Songs and daughters will Ban forever from these countries if this government continues like this.:D

    You seriously need to work on your English.