Pope Francis meets Sri Lankans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Pope Francis meets faithfuls from Sri Lanka

    ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කිතුනුවන් සහ ශුද්ධෝත්තම පිය හමුව....


    ඉතාලියේ ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමිකයෝ ශ්‍රී ලංකාවේ තේවත්ත ආසන දෙව්මැදුරේ හැත්තැ පස් වැනි සංවත්සරය සැමරිම සඳහා වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ විශේෂ දේව මෙහෙයකට එක් වුහ.ඔවුහු ෆ්‍රැන්සිස් පාප්තුමා ද බැහැ දුටහ.

    ශ්‍රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ ද ෆ්‍රැන්සිස් පාප්තුමාට ශ්‍රි ලංකාවේ සංචාරයකට ආරාධනා කළහ. එම ඉල්ලිම ආදරයෙන් පිළිගන්නා බවත්, එසේ ආරාධනාකිරිම ගැන ස්තූතිවන බවත් පාප්තුමෝ පැවසුහ.පාප් තුමා තම දේශනයේ දී පැවසුවේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් ප්‍රසිද්ධ බවයි. නමුත් පසුගිය කාලයේ එරට විශාල අලාභ හානිවලට ගොදුරුවූ නිසා කඳුළු බවට පත්වු බවයි . ඊයේ සතුරන් සේ සිටි අය සමග අනාගතය ගොඩනැගිම වර්ථමානයේ අමාරු බවත් එය සුව කැර ගැනීමට නම් සාමයම ඇති කළ යුතු බවත් එතුමෝ පැවසුහ.

    ශ්‍රී ලාංකිකයන් හට සාමය හා සංහිඳියාව ඇති වන සේ දෙවියන්ගෙන් අයැදිමින් එතුමෝ යාච්ඥා කළහ. සියළුම ශ්‍රි ලාංකිකයන්හට සුභ අනාගතයක් වේවායි එතුමෝ ආශීර්වාද කළහ.
    වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු , වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරු,හැරල්ඩ් ඇන්තනි කුරුණෑගල රදගුරු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න , දයාශ්‍රිත තිසේරා ,නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න , බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ජිනීවා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ රෝමයේ ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ යන මහත්වරු ද පාප් තුමා බැහැ දැකීමට ගොස් සිටියහ.

    ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පාප් තුමා පැය අටක්ම වෙන් කැර දී තිබුණි. ඉතාලියේ ශ්‍රම සංක්‍රමිකයන්ගේ ජාතික සම්බන්ධිකාරක නෙවිල් ජෝ පෙරේරා පියතුමා මේ හමුව සංවිධානය කළේය.


    - Sri Lankan Catholics

    1900126_671974356199918_428188733_n.jpg


    1780653_671974379533249_2075395248_n.jpg


    1619442_671974239533263_1721987706_n.jpg


    999960_671974309533256_1129406729_n.jpg


    1920018_671974256199928_1893934150_n.jpg


    1800308_671974249533262_654194140_n.jpg


    1511644_671974369533250_233612190_n.jpg


    :love::love::love:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අදහස් දැක්වු සැමටත් ධන සහ රින රෙප් දුන්න හැමෝටමත් බොහොම ස්තුතියි.

    :):):):)
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ela machan
    ශ්‍රී ලංකා තානාපති බැනට් කුරේ
    shik muta minissu elo elo gahalath thiyanawa.
     
    • Like
    Reactions: hemalsilva