Port Access Eleveated Highway ලබන වසරේ ජනතා අයිතියට

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113
    *Elevated

    කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය.

    PTLaJaK.jpg

    Mqkx5QL.jpg

    Vki9AQf.jpg

    ohybGKy.jpg

    iIbcxXK.jpg


    - https://www.lankadeepa.lk/news/වරාය-පාර-ලබන-වසරේ-ජනතා-අයිතියට/101-636124

    South Asia Subregional Economic Cooperation (SASEC) Port Access Elevated Highway Project.

    The Project will finance:
    (i) construction of a 4-lane elevated toll road with its length of approximately 5.4 km in Colombo with a ramp to the port;
    (ii) expansion of the existing groundlevel port access road to 6 lanes;
    (iii) construction of related facilities such as port traffic flow control facility; and
    (iv) relocation cost of affected buildings of Sri Lanka Ports Authority.
    Employer : Road Development Authority
    Finance Provider : Asian Development Bank (US$ 300.00 million)
    Intended commencement date : 1st October 2018
    Contractor for Detail Design: Katahira & Engineers International, Japan JV with Nippon
    Construction Period: 24 Months
    Project period : 3 Years
    Length : 5.4 km
    The proposed project will construct about 5.4 kilometers (km) of an elevated toll highway with related facilities between New Kelani Bridge (NKB) and Galle Face in central Colombo. It will provide a direct link to Colombo -Katunayake Expressway (CKE) via NKB from the city center and the port, and then constitute a part of the expressway network of Sri Lanka. The project will help alleviate traffic congestion in the densely populated areas, and also improve connectivity between potential economic hinterland along the expressway network and both the commercial center and international gateway in Colombo. The project will also support trade logistics facilitation to provide better logistics services for freight forwarders.


    7wRdvzN.jpg

    Bh0s8rd.jpg

    OfQZG71.jpg

    j75mLTi.jpg

    DRun0Ju.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113
    මම වරායට යන්නෙ නෑනෙ
    මට ඔකෙන් වැඩක් නැ




    මුගෙ හිනාව
    සාගලයගෙ පොල්ල මතක් වෙලා
    ------ Post added on Jul 10, 2023 at 8:34 AM
    කැළණි පාලම ගාව ඉඳන් කෙලින්ම කොටුවට එන්න පුළුවන් .
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කැළණි පාලම ගාව ඉඳන් කෙලින්ම කොටුවට එන්න පුළුවන් .

    :no:

    එහෙ යන්නෙත් නෑනෙ බන් මම

    දියගම හන්දියෙ ඉදන් තලවතුගොඩට යන්න එකක් හදපු දාට රනිල්ට චන්දෙ දෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113
    :no:

    එහෙ යන්නෙත් නෑනෙ බන් මම

    දියගම හන්දියෙ ඉදන් තලවතුගොඩට යන්න එකක් හදපු දාට රනිල්ට චන්දෙ දෙනවා
    Improvement of Walgama - Diyagama Road (0.00 -7.06 km) - ඔය පාර දෙපැත්තේ ඉන්න කුණු ලොබයෝ පාර පළල් කරන්න ඉඩම් දෙන්න පරක්කුයිනේ. මේ project එකට ICC එකට contract award කරපු කාලෙමයි Improvement of Kottawa - Thalagala Road, Improvement of Kotte - Bope Road පටන් ගත්තේ. එක දැන් ඉවරත් එක්ක :lol:

    - http://www.rda.gov.lk/supported/project_progress_pmu/mfap/mfap.html
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේක නන් හොඳ වැඩ ක්.
    නුවර ඒකත් ඉක්මනට හදනවා නන් හොඳයි
    ranila gaamak gahuwot tamai china tour eke. 2015-2019 kari chinu funds dunne naa kadawatha -meerigama part ekata nattan ekat iwarai melhkta. port elevated highway ekat pora tamai patan gatte

    කැළණි පාලම ගාව ඉඳන් කෙලින්ම කොටුවට එන්න පුළුවන් .
    kelani paalamat ranilge wadak tamai jeppo meek nati wunata.ekama awula pora promote karanne naa pora karapu dewal
    ------ Post added on Jul 10, 2023 at 10:00 AM
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    කැළණි පාලම ගාව ඉඳන් කෙලින්ම කොටුවට එන්න පුළුවන් .
    ara orugoda watte container tika yane neweida meka hadala tiyene? boru traffic ekak tiyene
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක නම් හොඳ වැඩක්.
    China උන්ට දීපු ඒක තමයි අවුල. හෙන ගානක් හොරා කන්න ඇති හැබැයි.
    මංතීරු 6ක් සම්පුර්නයෙන්ම ගැහුවා නම් නියමයි.

    නුවර එක කවදා ඉවර වෙයි ද දන්නේ නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113


    අධිවේගී මාර්ග ජාලයම එක්කරන කුලුනු මත ඉදිවෙන වරාය පිවිසුම් මඟ​




    15 ජූලි, 2023


    6-6.jpg


    වරාය භූමිය හරහා කුලුනු මත ඉදිකරන අධිවේගී මාර්ගය ගුවනට දිස්වන අයුරු

    - ඉඟුරුකඩේ හන්දිය, වරාය බිම හා කොළඹ වරාය නගරය යන ස්ථාන තුනකට අධිවේගී ප්‍රවේශ දොරටු ඉදි කෙරේ
    - ඇස්තමේන්තුගත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 360.2යි
    - වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දිග කි.මී. 5.3යි ගතවන කාලය විනාඩි 4ටත් අඩුයි
    - කොල්ලුපිටියේ දක්වා භූගත මාර්ගයකුත් හැදෙයි
    - කුලුනු මත ඉදිකරන මංතීරු 04 කින් යුතු මාර්ගයේ උපරිම ගමන් වේගය පැයට කිලෝමීටර් 80 යි.
    - ව්‍යාපෘති‍යේ ඉදිකිරීම් වලින් 70%ක් දැනට නිමයි

    මෙරට මහා මාර්ග පද්ධතියට නවමානයක් එක් කරමින් එදා ඇරඹී අධිවේගී මාර්ග තැනීමේ ක්‍රියාන්විතයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අධිවේගී මාර්ග පද්ධතියේ තවත් හැරවුම් ලක්ෂයක් වූ කුලුණු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බරයේදී ජනතා අයිතියට පත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ නගරය ගොඩබිමෙන්, මුහුදෙන් හා ගුවනින් ජාත්‍යන්තරය සමඟ යා කරන ඉඟුරුකඩේ හන්දියේ සිට කොළඹ වරාය, කොළඔ වරාය නගර ව්‍යාපෘතිය වෙත යා කෙරෙමින් ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයයි. මෙහි සුවිශේෂිත්වය වන්නේ කොළඹ වරාය භූමියට ආරක්ෂිත වැටක්, පවුරක් සේ තැනෙන මේ අධිවේගය කුලුනු මතින් ඉදිවීමය. මෙම අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 5.3කි. කොළඹ කටුනායක නව අධිවේගී ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ඔස්සේ ඉඟුරුකඩේ තෙක් ජපානයේ මූල්‍යාධාර මත ඉදිකොට තිබෙන අධිවේගී මාර්ගය සමඟ කොළඹ වරාය බිම ඔස්සේ ගාලු මුවදොර වරාය නගර
    ව්‍යාපෘතිය හා සහ සම්බන්ධ කිරීම නව පිවිසුම් මඟ තැනීම හරහා සිදුවේ.

    6-7_47.jpg


    කාර්ය බහුල කොළඹ වරායේ දෛනික ක්‍රියාන්විතයට අබමල් රේණුවක තරමේ හෝ බාධාවක් නොවන පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන අතර ඊට දෙස් විදෙස් ඉංජිනේරුවරුන්ගේ නව තාක්ෂණය මුසු වෙමින් නිර්මිත මහා මාර්ග පද්ධතියේ අද්වීතිය නිර්මාණයක් වෙයි. කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම ඉලක්ක කොට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ඉකුත්දා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, මේ අවස්ථාවට මෙහි ඉදිකිරීම් භාර චීනයේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ආයතනයේ උප සභාපති වොන්ග් ෂැන්ඩොන්ග් ඇතුළු ප්‍රධාන ඉහළ පෙළේ චීන නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.
    සැප්තැම්බරයේදී ජනතා අයිතියට පත්කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තුගත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 360.2 කි. මීට ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 ක්ද ඉතිරි ඩොලර් මිලියන 60.2 ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇත. ආරම්භයේදී මෙම ව්‍යාපෘතියට එල්ල වූ බාධා ගොන්නකි. කොවිඩ් වසංගතය, රට මුහුණදුන් ආර්ථික අර්බුදය ඒ අතර ප්‍රධානය. ඒ නිසාම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අහස උසට ඉහළ ගියේය. ඇස්තමේන්තුගත වියදමද වැඩිවිය. කෙසේ නමුත් මේ සියලු අභියෝග මැද වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර නොකර ඉදිරියටම ගෙන ඒමට බලධාරීහූ ක්‍රියාකොට ඇත.
    කොළඹින් බොහෝ දුර බැහැර ඈත පිටිසර පාසලක් වූ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකු වූ ඉංජිනේරු කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මෙම කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාය.
    “ මේ වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ වසර 2019 සැප්තැම්බර් 27දා. මෙය අවුරුදු තුනකින් වැඩ නිම කිරීම අරමුණු කොට ඇරඹි එකක්. මේ ව්‍යාපෘතිය ආරම්භ වුණත් වසර එකහාමාරක් ගතවන තුරුත් එහි කටයුතුවලින් සියයට 7ක් තරම් අඩු ප්‍රමාණයකුයි නිම වුණේ. ඊට විවිධ හේතු බලපෑවා. මට මේ ව්‍යාපෘතිය භාර දෙන විට තිබූ තත්ත්වය එයයි. එදා සිට මේ ව්‍යාපෘතිය භාරගෙන ගතවූ වසර 02ක කාලය තුළ මේ වන විට සියයට 70ක ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුණා. ව්‍යාපෘතියේ කටයුතු සියයට 70 ක් අවසන්. මෙහිදී අප මුලින්ම කළේ, එදිනෙදා මතුවන ගැටලුවලට, එදිනෙදා විසඳුම් ලබාදෙමින් ව්‍යාපෘතිය පණ ගැන්වීමයි. අපි විසඳුම් ලබාදීම ප්‍රමාද කළේ නැහැ.
    මේ ව්‍යාපෘතිය අපි සිදුකරන්නේ සෑම තත්ත්පරයක්ම, විනාඩියක්ම දවසක්ම කිසිමවිටෙක කිසිම මොහොතක වැඩ නතර කිරීමට හැකි බිමක නොවෙයි. මෙය ඉදිකරන්නේ ජාත්‍යන්තර වරාය බිමක. කොළඹ වරායේ කිසිදු භාණ්ඩ හා සේවා බිඳ වැටීමකට ඉඩක් නොතබන ලෙස අප ඉදිකිරීම් කළ යුතුයි. මේ භූමියේ කුලුනු මත ඉදිවෙන අධිවේගී මාර්ගයට භූමිය සකස් කිරීමේදී අවශ්‍ය මූලික ඉදිකිරීම් සිදු කිරීමේදී වරාය භූමියේ භූගතව ගමන්කොට තිබෙන දුරකතන, විදුලිය, ගෑස් හා වෙනත් කිසිදු දෙයකට පුංචි හෝ හානියක් සිදු නොවිය යුතු ලෙසටයි එය කළ යුත්තේ. වරායේ එක් දුරකතන හෝ ඩේටා කේබල් එකකට පුංචි හෝ හානියක් සිදුවුවහොත් ඉන් මුළු වරායේම මෙහෙයුම් කටයුතු නතරවීමට හෝ ප්‍රමාදවීමට හෝ ඉඩ තිබෙනවා. අපි එවැනි කිසිදු බිඳවැටීමක්, ප්‍රමාදයක් සිදු නොවන තැනටයි ක්‍රියා කළේ.
    මෙහි ඉදිකිරිම් සඳහා නව ලොව තාක්ෂණය ඉතාම ඉහළින් යොදා ගත්තා. මුළුමනින්ම කුලුනු මත ඉදිකරන මංතීරු 04 කින් යුතු මාර්ගයේ උපරිම ගමන් වේගය පැයට කිලෝමීටර් 80යි. මාර්ගය ඉදිකිරීමට මූලිකව භූමියේ මැනීම්, සැලසුම් සකස් කිරීම් සියල්ල මහා මාර්ග අමාත්‍යාංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය එක්ව සිදුකළා. මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය මූලික දේ සිදුකළා. ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම බවට පත්වූයේ චීන රජයේම කොටස්කරුවකු වන ආයතනයක්. ඒ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ආයතනයයි. මේ ආයතනය මේ කොන්ත්‍රාත්තුව භාර ගත්තේ ඉංජිනේරු ඇස්තමේන්තුගත කළ මුදලටත් වඩා 17.4 % ක් අඩුවෙන්. මුලදී චීනයේ ඉංජිනේරුවරු, සේවකයෝ වැඩි පිරිසක් මෙහි සේවය කළා. පසුව අපේ ශ්‍රමිකයන් පුරුදු පුහුණු කර චීන ශ්‍රම බළකායේ දායකත්වය අඩු කර ගත්තා. අපේ අය ඉතා ඉක්මනින් තම තමන්ගේ කාර්ය ඉගෙන ගත්තා. එය චීන ආයතනයේ පවා ඇගැයීමට ලක්වුණා.
    මේ මාර්ගය ඉදිකළ පසුව, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ ජාත්‍යන්තර වරාය, ගාලුමුව‍ෙදාර ජාත්‍යන්තර වරාය නගර ව්‍යාපෘතිය, අධිවේගී මාර්ග ජාලයෙන් එකට එකතු වෙනවා. එතුළින් අපේ රටට කොළඹ වරාය ව්‍යාපෘතියට විශාල ආලෝකයක් එකතු වෙනවා. මුළු කොළඹ නගරයේම තිබෙන රථ වාහන තදබදය අඩු වෙනවා.“
    මේ හරහා ආයෝජකයින්ට ඉක්මණින් මෙරටට පැමිණීම හැකියාව ලැබෙන අතර සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවක් ද අපේක්ෂිතය. මෙම අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු කොළඹ ගාලුමුවදොර පිටියේ සිට කිලෝමීටර් 3.2ක් කොල්ලුපිටිය දෙසට ගමන් කිරීමට මං තීරු 04ක තවත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. එම දුරින් කිලෝමීටර් 2.3ක මාර්ගය තැනෙන්නේ භූගතවයි. එය ඉදිවන්නේ ගාලුමුවදොර සිට උමං මාර්ගයක් ලෙසය. ඊට අමතරව චෛත්‍ය පාර, ගාලුමුවදොර වටරවුම පුළුල් කර සංවර්ධනය කිරීම මෙන්ම කොළඹ නගරය මුළු ලෝකයේ ඉහළම මහමාර්ග පහසුකම් සහිත රථ වාහන තදබදයකින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීම මේ හරහා අපේක්ෂිතය.
    “ කොන්ක්‍රිට් කුලුනු ඉදිකිරීමට බිම සකස් කර ෆයිල් 501ක් ඉදිකර තිබෙනවා. මේ ඉදිකිරීම්වලින් සියයට 60ක්ම සිදු කරන්නට වුණේ සේවා ජාලයන් සඳහා නළ එළා තිබූ බිමකයි. එය ඉතා අසීරු කටයුත්තක් වුණා.
    සියයට 40ක් තමයි නිදහස් බිමක කරන්නට පුළුවන්කම ලැබුණේ. මෙය වරාය භූමියේ ඉදිකළ නිසා ව්‍යාපෘතියට ඉඩම් අත්පත් කර ගැනීම, වන්දි මුදල් ගෙවීම් වැනි කටයුතු සිදු කිරීමට පහසු වුණා. මෙය පෞද්ගලික ඉඩම් හා වෙනත් සේවා සපයන භූමි මත ඉදි කරන්නට ගියා නම් විශාල කාලයක් හා මුදලක් වැය කරන්නට වෙනවා. එය වැළැක්වීම විශාල සහනයක්. ඒ නිසාම වරාය අධිකාරියට තෑග්ගක් ලෙස අංග සම්පූර්ණ ගොඩනැගිලි පරිශ්‍රයක් ඉදිකිරීමට පියවර ගන්නවා .......“ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි සඳහන් කළේය. අද දවසේ නොව මතු පරපුරටත් දායාද හිමිවන මෙම ව්‍යාපෘතිය විවෘතවූ විට රටේ ආර්ථික නවෝදයක් ඇතිවණු නොඅනුමානයි.

    ------ Post added on Jul 16, 2023 at 7:42 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,568
    113

    ලංකා රජයෙන් උපරීම සහයෝගයක් ලැබුණා​

    - චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් ආයතනයේ උප සභාපති ඉංජිනේරු වොන්ග් ෂැන්ඩොන්ග්

    7-1_10.jpg

    “ මේ ව්‍යාපෘතිය චීනයයි ශ්‍රී ලංකාවයි අතර දිගුකලක් තිස්සේ පවතින මිත්‍රත්වය, සහයෝගිතාවය වඩ වඩාත් තහවුරු කරන්නක්. මේ ව්‍යාපෘතිය කොවිඩ් කියා හෝ ආර්ථික අර්බුදය කියා හෝ නතර කළේ නැහැ. අප අපේ කාර්යභාරය කරගෙන ආවා. බාධා, ගැටලු මතු වුණා. ඒවාගේම වියදම් ඇස්තමේන්තු වෙනස් වෙන්න වුණා. අතිරේක මුදල් අවශ්‍යතා මතු වී තිබෙනවා. ඒත් ඉදිකිරීම සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරන නව තාක්ෂණික ක්‍රම භාවිතා කළා. ආණ්ඩු කිහිපයක් වෙනස් වී මාර්ග සංවර්ධනය සඳහා නව අමාත්‍යවරුන් පත් කළත්, ඔවුන් සියලු දෙනා සමඟ ඉතා සුහද සබඳතාවක් ගොඩ නඟා ගත්තා. මෙම සම්බන්ධීකරණය අපගේ ව්‍යාපෘතියේ විශාල වෙනසක් ඇති වූ අතර නිසා පසුගිය මාස කිහිපය තුළ අපගේ ව්‍යාපෘතියෙන් 70% ක් පමණ සම්පූර්ණ කිරීමට හැකි වුණා. මේ ව්‍යාපෘතියට සමගාමීව කොළඹ වරාය භූමියේ නව පහසුකම් සහිත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර දෙනවා. ඒ සමඟ ඔවුන්ට එකම වහලක් යට තම සේවා ලබාදීමට හැකිවෙනවා. මේ හරහා සංවර්ධිත රටක ගුවන්තොටුපළ වරාය හා ආයෝජන කලාප හා සමාන ලෙස එකිනෙකට සම්බන්ධ වූ යටිතල පහසුකම් ජාලයක් ඇතිවෙනවා. මෙය ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවේ ගමන වේගවත් කිරීමට මඟපාදන ව්‍යාපෘතියක්.

    බාධා මැඬගෙන ඉදිරියට ආ ගමනක්​

    - ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

    7_13.jpg

    “ කුලුනු මතින් ඉදිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ වටිනාකම මිල කළ නොහැකියි. කොළඹ නගරයේ අගය ඉතා විශාල ලෙස ඉහළට ඔසවා තැබීම මේ අධිවේගී පිවිසුම් මාර්ගය ඉදි කළායින් පසුව සිදුවෙනවා. මේ අධිවේගී ප්‍රවේශ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතුව තිබෙනුයේ අසීරු, අභියෝග රාශියක් මැදයි. මේ මාර්ගය ගමන් කරන්නේ කොළඹ වරාය භූමිය හරහායි. මේ අභියෝගය කොන්ත්‍රාත් සමාගම භාරගෙන තිබෙන්නේ වරායේ කිසිදු කටයුත්තකට කිසි ලෙසකින්වත් බාධාවක් ඇති නොවන ලෙසට, නව තාක්ෂණය යොදා ගනිමින් මේ මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමටයි.
    මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ 2019 සැප්තැම්බර් 27 දා. ඒ තුන් අවුරුද්දකින් වැඩ නිම කිරීමටයි. ලෝකයම වෙළාගත් කොවිඩ් වසංගතය තිබුණා යැයි කියා ව්‍යාපෘතිය නතර කළේ නැහැ. බොහෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. වියදම ඉහළ යෑමට එය එක් හේතුවක් වුණා. ඊට පසුව අපේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය ව්‍යාපෘතියට මරු පහරක් වුණා. උද්ධමනය ඉහළ ගියා. මේ නිසා ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම ප්‍රශ්නයක් වුණා. ඒවායේ මිල ගණන් ඉහළ ගියා. ඒ බාධා සියල්ල මනාව කළමනාකරණය කර ගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට ආවා.
    මේ වනවිට ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම වැඩි වී තිබෙනවා. ඒක සාධාරණ කරුණු මත සිදු වූවාක්. අපට දැන් මේ ව්‍යාපෘතිය ඇස්තමේන්තු කළ මිල ගණන්වලට අතිරේක මුදලක් වැය කර ක්‍රියාත්මක කිරීමට සිදු වී තිබෙනවා. එයට අවශ්‍ය මුදල් කිසිම රටකින්, මූල්‍ය ආයතනයකින් ණයක් ලෙස ලබා ගැනීමට හැකියාවක් මීට වසරකට පෙර තිබුණේ නැහැ. මේ වන විට අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ, පළමු වාරිකය ලබා ගෙන ඉන්නේ. අද මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය අතිරේක අරමුදල් සපයා ගැනීමේ දැවැන්ත අභියෝගය හමුවෙයි අප ඉන්නේ. මේ සඳහා වැයවන අතිරේක අරමුදල් සපයා ගැනීමට ඇමැති මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අපි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා. “
    6-8_42.jpg


    ජයසිරි මුණසිංහ
    විශේෂාංග
    ඡායාරූප - සුලෝචන ගමගේ

    - https://www.silumina.lk/2023/07/15/විශේෂාංග/අධිවේගී-මාර්ග-ජාලයම-එක්කරන-කුලුනු-මත-ඉදිවෙන-වරාය-පිවිසුම්-මඟ/43767