Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    කොළඹ වරාය නගරය ( Colombo Port City) 🏖️

    ශ්‍රී ලංකාවේ එදාමෙදා තුර සිදුවන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියයි. වර්තමානයේ ලෝකයේ ධනවත්ම නගරවන 1.බීජිං,2.නිව්යෝක්,3.හොංකොං, 4.මොස්කව්,5.ෂැංහයි වැනි ධනවත් නගර බවට කොළඹ නගරය පත් කිරීමේ ආරම්භක පියවරක් ලෙස මෙය සැලකිය හැකිය. මෙලෙස අති දැවැන්ත ආර්ථික කේන්ද්‍රස්ථාන සෑදූ දියුණු රටවල් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මැලේසියාව, සිංගප්පූරුව හැදින්විය හැක. ඩුබායි නගරයක් වුවත් වර්තමානයේ එහි යන අය පවා පවසන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යට යනවා නොව ඩුබායි යනවා කියාය එය එතරම් වෙනස් ස්වාධීන ධනවත් දියුණු නගරයක් වූයේ මෙවැනි අතිදැවැන්ත ව්‍යාප්තිය නිසාය.

    කොළඹ වරාය නගරය සදහා අවශ්‍ය මුළු ආයෝජන ප්‍රමාණය ඇ.ඩොලර් බිලියන 15 කි. එය සොයා ගැනීමට වසර 5 සිට වසර 20 දක්වා කාලයක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. එය සාදා නිම වූ පසු එයින් ලැබෙන රැකියා ප්‍රමාණය 83 000 කට අධික බවත් එය සෑදීමෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට වර්ග කිලෝමීටර් 2.69 ක් එකතුවනු ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අවසන් වූ පසු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට 11.5% ක අතිරික්ත ආදායමක්ද එක්වීමට නියමිත බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි. කොළඹ වරාය නගරය සෑදීමෙන් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට හෙක්ටයාර 269 ක් එකතු වේ. කොළඹ වරාය නගරය සෑදීම සදහා වැලි පොම්ප කිරීමට චීන සමාගමට ඇ.ඩොලර් බිලියන 1.5 ක් වියදම් වී ඇත. එමනිසා හෙක්ටයාර 269 න් 43% ක අයිතිය 99 වසරකට චීන සමාගමට බදු දී ඇත. ශ්‍රී ලංකාවේ රජයට 23% ක අයිතියක් ඇත.

    කොළඹ වරාය නගරයේ මෙම ව්‍යාපෘතියට හරිත කලාපයක්ද ඇතුලත්වේ. එය හෙක්ටයාර 69 කි. මෙය මහජනතාවට විවෘත පොදු නිදහස් කලාපයක් වේ. තවද මේමගින් කොළඹ නගරයට කිලෝමීටර් දෙකක විශාල වෙරළ තීරයක්ද හිමිවෙනවා.

    කොළඹ වරාය නගරය තුල ගනුදෙනු වන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් නොව කොමිසම් සභාව මගින් නම් කරන ලද මුදල් ඒකකය එහි භාවිතයට ගැනෙනවා. බොහෝවිට ඇමෙරිකානු ඩොලරය භාවිතයට එනු ඇත. කොළඹ වරාය නගරයම පරිපාලනය වන්නේ කොමිසම් සභාවක් මගිනි. එහි ප්‍රධානීන් 5 දෙනෙකු සිටින අතර එයින් තිදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනු ඇත. ශ්‍රී ලාංකිකයන්ට වරාය නගරයට පිවිසීමට මුදලක් ගෙවීමට සිදු නොවනු අතර ගනුදෙනු කිරීමේදී විශේෂිත බදු මුදලක් 💰 ගෙවීමට සිදුවන අතර එම බද්දෙන් විදේශිකයන් නිදහස් වේ. ඒනිසා කොළඹ නගරය තුල තිබෙන වෙදෙළසැල් හා කොළඹ වරාය නගරයේ තිබෙන වෙළෙඳසැල් අතර තරගයක් එමගින් ඇති නොවේ.

    කොළඹ වරාය නගරය වැනි ආර්ථික මධ්‍යස්ථාන ලොවපුරා 🌎 රටවල් 147 ක 5383 ක් තිබේ. ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර ආරම්භ කිරීමට අපහසු වන්නේ රට තුල ඇති දැඩි නීතිරෙගුලාසි නිසාය. ඒ නිසා ලාංකිකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සදහා උත්තේජනයක් නොමැත. එබැවින් ලොව ව්‍යාපාර කිරීමට හොදම රටවල් අතුරින් ලංකාව රැදී ඇත්තේ 99 වෙනි ස්ථානයේය.

    යම් යම් කරුණු මත මෙම කොමිසම් සභාවේ බලතල කප්පාදු කළ යුතු බව බොහෝදෙනාගේ මතයක් පවතින අතර ඒනිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයටද ලක්ව ඇත. මෙහි ඇති අඩුපාඩු සාදාගෙන ඉදිරියට ගෙනයාම තුලින් හොද ආර්ථිකයකට මග පෑදෙන බව නිසැකය.

    - Supun Hirushka 🇱🇰 -