Post Black Friday - Wooden Radio ( DIY)

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,697
    1,703
    113
    Kandy
    මට නිකන් ඉන්නකොට සිංදු අහන්න , bluetooth connect කරන්න පුලුවන් radio එකක් ගන්න උවමනාවක් තිබුනා. මම online එහෙ මෙහෙ හොයල බැලුවා, මට එහෙම හොයනකොට DIY Circuit කෑලි ටිකක් සෙට් උනා aliexpress එකෙන්. ඉතින් ඒ ටික order කරලා මම ම හදන්න හිතුවා. normal එකක් හදාගන්න කියලා තමා පටන් ගත්තේ.

    මෙන්න මේ ටික තමා ගෙන්නුවේ .

    1. https://a.aliexpress.com/_mLrRJg4
    2. https://a.aliexpress.com/_mOMVBQo
    3. https://a.aliexpress.com/_mtMm9u4

    මේ සති අන්තේ වෙනකොට බඩු ටික ආවා. ටික මුට්ටු කරලා එකක් test කරලා බැලුවා , බඩු වැඩ. කලින් කාර් එකේ ගලොපු speaker දෙකක් තිබ්බා , එකත් අරගෙන පරන ලැප් බැටරි එකක් තිබ්බා ඒකත් අරගෙන වැඩේට බැස්සා. ගේ වටේ රවුමක් ගිහින් ලී ටිකකුත් හොයාගෙන පොඩියට පෙට්ටියක් ගහල හයි කරන්න ප්ලෑන් කරේ. කොහොම හරි වැඩේ හොදට ගියා . බඩු ටික හරියට match උනා.

    Technical Specs;

    මේකේ මම හිතුවේ FM module එකට 5V UPS Circuit එකෙන් power එක දෙන්න .ඒ Circuit එකට 18650 ලිතියම් බැටරි 2ක් දාන්න ඕන. Battery Protection , Charing ඔක්කොම ඒකෙන් regulate කරනවා. Type C එකෙන් තමයි charge කරන්නෙ තියෙන්නේ. ඒත් ඒක මට හරියන්නෙ නෑ. ගෙදර 12v solar එකට සෙට් කරන්න මම Step Down එකකුත් සෙට් කරා. FM Module එකේ inbuit amp එකක් තියන එකක්ම මම ගෙන්නුවේ. ඒ නිසා amp ඕන නෑ.


    Final Product


    WhatsApp Image 2023-11-26 at 5.16.52 PM.jpeg


    හිතුවට වඩා හොදට Sound එක තියනවා . Clarity එකත් හොදයි . bass එකත් ගානට තියනවා , අඩුත් නෑ වැඩිත් නෑ. එක චාජ් එකකින් පැය 10 ක් වගේ අහන්න පුලුවන්. finish එකත් හොදට ආවා.

    Conclusion

    කොහොම හරි මම හදපු box එකේ diamensions (හිතලා නෙවෙයි හැඩුවේ) වලට මාරම sound quality එකක් මෙකේ තියනවා. JBL තරන් සුපිරි නෑ එත් එකෙන් සින්දුවක් අහනකොට මාරම satisfaction එකක් තියනවා.


    DIY කරන අය try එකක් දෙන්න .හොද project එකක්


    ජයවේවා!