Power of Human Brain

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
ලෝකයට මිනිස්සු බිහිවුන දවසෙ ඉදන්ම ලෝකෙ විනාස කරන්නෙත්, ලෝකෙ පවතින්න වැඩ කරන්නෙත් මිනිස්සුම තමා..
ඒත් ලෝකෙ සාර්තක මිනිස්සු වගේම අසාර්තක මිනිස්සු ගොඩක් ඉන්නවා..
ලෝකෙ ඉන්න දුප්පත්ම මනුස්සයා සහ ලෝකෙ ඉන්න ධනවත්ම පුද්ගලයාගේ බාහිර ඇදුම් වලට වැසිලා
තියෙන්නෙ එකම මිනිස් ශරීරයන් දෙකක්.. ධනවත්ම පුද්ගලයට මූනෙ මැද තියන නහය ලෝකෙ ඉන්න දුප්පත්ම
පුද්ගලයාගෙ මුහුනෙ මැදත් ඒ විදියටම පිහිටලා තියනවා.. ඒත් ධනවත් පුද්ගලයා දිනෙන් දින දියුනු වෙනවා..
දුප්පත් මිනිස්සු දිනෙන් දින පහතට වැටෙනවා, නැත්නම් ඉන්න තත්වයෙන්ම දුක් විදලා මිය යනවා..


එහෙත් එකම රතු ලේ දුවන එකම ශරීරාංග සමග මේ ලෝකෙට බිහි
වුන පෙර කියපු ඒ පුද්ගලයින් දෙදෙනා එකිනෙකාට හාත්පසින් වෙනස්ම ජීවිත
ලැබුනෙ කොහොමද?


මේ ලෝකෙ අපිට විස්තර කරන්න පුලුවන්, බැරි දේවල් ගොඩක් තියනව, බුදු හාමුදුරුවොත් ඒක සනාත කරල තියනව උන් වහන්සේ
ලෝකය ගැන දේශණා කරල තියෙන්නෙ අල්ප මාත්‍රයක් බව..
අපි නොදන්නව උනාට අපි වටේ තියන, හැම වස්තුවක්ම, පන තිබෙන සහ පන නැති මේ සියල්ල
එකම චුම්බක ක්ෂේත්‍රයකට (magnetic field) අයත් වෙනවා, ඒ වගේම මේ ලෝකෙ තියන හැම වස්තුවකටම
සංඛ්‍යාතයන් තියනවා, හොදම උදාහරනය තමා දරුනු විදියට අකුණු ගහමින් වහින දවස් වලට
අකුණු සමග පිටවෙන ඒ මහා සද්දෙට සමහර ගෙවල් වල ජනෙල් හෙල්ලෙනවා..
ඒ වගේම සමහර මිනිස්සුන්ට පුලුවන් වීදුරු පුපුරන්න සින්දු කියන්න. එතනදි වෙන්නේ ඒ ඒ අදාල වස්තූන් වල
සංඛ්‍යාතයන් ඉක්මවා ගියහම ඒ දේවල් චලනය වෙන එක..


මේ ලෝකෙ තියන මේ හැම දේකටම අඩු හා වැඩි වශයෙන් මේක පොදුයි..
කලින් සදහන් කරපු ඒ මිනිස්සු දෙන්නගේ මෙලොව ජීවිතය තීරනය වෙලා තියෙන්නෙ මේ දේවල් අනුවයි..
ධනවත් පුද්ගලයෙක් කියන්නෙ අනිවාර්‍යෙන්ම තමන්ට අවශ්‍ය දේවල් කරා කැපවීමෙන් උත්සහයෙන් ලගා වෙන්න
නිතරම උත්සහ කරපු කෙනෙක් වීම 99%කම සම්භාවිතාවක් තියනව, දෙමව්පියන්ගෙ වස්තුව හෝ ධනය නොමැතිව.


එහෙත් දුප්පත් මිනිහගෙ කල්පනාව ඉක්මනින් ධනවත්වීම හා සැපවත් ජීවිතයක්.
සහ මනස වෙහෙසීම අඩු කම, ඍණාත්මක ආකල්ප

මෙහෙම හිතන්න...

මිනිස්සු හැමෝම පොඩි කාලෙදි තමන්ට ඕනෙ දේ කරනවා.. නටන්න හිතුනොත් නටනවා. අඩන්න හිතුනොත් අඩනවා, හිනාවෙන්න , ඇගේම චූ කරගන්න, මේ දේවල් ගැන ලැජ්ජාවක් භයක් පොඩි කාලෙදි කිසි කෙනෙක්ට තේරුමක් නෑ..
පොඩි එකෙක්ට හිතුනොත් බිම ඉන්න කැරපොත්තෙක්, අල්ලගෙන කන්න, ඌ එක කරනවා.. මොකද පොඩි කාලෙදි මිනිස්සුන්ගෙ මහ මොලය වැඩිල නැහැ.. ඒත් මිනිස්සු ක්‍රමයෙන් ලොකු වෙනකොට මිනිස්සුන්ගෙ මහ මොළය වැඩෙනවා.. කුඩා මොලයේ හැකියා යටපත් වෙනවා..
මොකද කුඩා මොළය ලැජ්ජා බය, හොද නරක අදුරන්නේ නැහැ...

කලින් කිව්ව මිනිස්සු දෙන්න ගැන කතා කරොත් ධනවත් වෙච්ච පුද්ගලයා එහෙම ධනවත් වෙන්න මහ මොළය අභිබවා ඔහුගෙ අරමුනු විශ්වාස කරල තියනවා.. මොකද අපි කොච්චර කුඩා මොලයෙන් හිතන්න හැදුවත් මහ මොළය අපිට හරස් වෙනවා, එහෙම වෙන්නෙ කොහොමද, එහෙම වෙන්න බෑ වගේ සිතුවිලි එන්නෙ ඒ නිසා..
ඉතින් දුප්පත් මිනිස්සු හැමෝම මහ මොළයෙ වහලුන් වගේ ඉන්න ගමන් ධනවත් මිනිස්සුන්ට ඔවුන්ගෙ ජීවිතේ කැප කරනවා.. ධනවත් මිනිස්සු ලෝකෙ පාළනේ කරනවා :) මේක හරියට ට්‍රයල් සොෆ්ට්වෙයා එකක් වගෙයි.. ට්‍රයල් පීරියඩ් එක ඇතුලත අපිට නොමිලේ සොෆ්ට්වෙයා එකේ සීමිත ප්‍රයෝජන කොටසක් ගන්න පුලුවන්, ඒත් සල්ලි දීලා ෆුල් සොෆ්ට්වෙයා එක ගත්තොත් අපිට හැම පහසුකමක්ම වදයක් නැතුව හැමදාටම අත්විදින්න පුලුවන්.. :)

මිනිස්සුත් මේ වගේ.. මිනිස්සු හැමෝටම අසීමිත බලයක් තියන ජීවිතයක් ශරීරයක් හිමි වෙලා තියනව, ඒත් ඒකෙ පහසුකම් හිඩ්න් වෙලා තියෙන්නෙ,
නියම විදියට කැපවෙන වෙහෙසෙන මිනිස්සුන්ට තමා මේ පොසිබිලිටීස් අන්ලොක් කරගන්න පුලුවන් වෙන්නේ :D



මේවා කොහෙන්වත් උස්සපුවා නෙවෙයි, නෙට් එකෙන්, සහ මේ ටොපික් එක හා බැදුනු මූලාශ්‍ර වලින් මම ඉගෙනගත්තු දේවල් තමා කෙටුවේ.. බම්ප් එකක් දාගෙන යන එක තව එකෙක්ට උදව්වක් වෙයි ;)
මේ.. ටොපික් එකට ආස උන්ගෙ වැඩිදුර අධ්‍යනයට :D






25-timeless-quotes-from-buddha-11-728.jpg
 

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machan apita molen hithanna ba.api hithanne hithen. Molen karanne panchas kandaya interconnect karana deyak. Ekai mole marunath samahara minissu jeewath wenne
     
    • Like
    Reactions: thalia

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    බොහෝවිට දුප්පත් පොහොසත් බව තීරණය වන්නේ එම පුද්ගලයාගේ ආකල්ප මතයි.......TFS.....:yes: