PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුව

    PPE හිඟයට විරෝධය පා ජර්මානු වෛද්‍යවරු නිරුවත් වෙති:lol:
    1711.jpg

    ජර්මානු වෛද්‍යවරුන් පසුගිය දිනෙක PPE හිඟයට විරෝධය දක්වමින් නිරුවතින් පෙනී සිටීම පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ. එම වෛද්‍ය සමූහය පවසන්නේ නිරුවත තුළින් ආරක්ෂාව නොමැතිව ඔවුන් කෙතරම් අවදානමට ලක්ව ඇත්ද යන්න සංකේතවත් කරන බවයි. මේ අවස්ථාව වන විට ජර්මානු වෛද්‍යවරුන් සතුව අවශ්‍ය තරම් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති බවත් මේ සම්බන්ධයෙන් දැඩි හිඟයක් පවතින බවත් නිරුවත තුළින් නිරූපණය කිරීමට ඔවුන් උත්සාහ දරා තිබේ.

    මෙම වෛද්‍යවරුන් දිගින් දිගටම පවසා ඇත්තේ නව රෝගීන්ට තමන් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට ද මෙම වෛරසය වැළඳීමේ වැඩි අවදානමක් පවතින බවයි. තමන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල මෙන්ම වෛද්‍ය උපකරණ නිසි ආකාරව නොලැබෙන්නේ නම් තම වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේ වෛද්‍ය මණ්ඩලයේ ජීවිත අනතුරේ දමන මෙම ප්‍රශ්නය කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසද ඉල්ලමිනි.

    එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම දිගින් දිගටම PPE අවශ්‍යතාවය පැහැදිලි කර තිබෙන අතර තවත් වෛද්‍යවරයක් තුවාල මැසීමට තමන්ට පුහුණු කර තිබුණද දැන් සිදුව ඇත්තේ මුහුණු ආවරණ මැසීමට බව පවසන්නේ ඉතා කණගාටුදායක අයුරිනි. එමෙන්ම මෙම වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් පවසා ඇත්තේ ජර්මනියට මෙම නව කොරෝනා වෛරස වසංගතය ජනවාරි මස අග භාගයේදී පැමිණි බවත් එම කාල වකවානුව තුළදීම තම වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම PPE අවශ්‍යතාවය පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කළ බවයි.

    කෙසේවුවද ආරක්ෂිත ඇඳුම් නිපදවන ජර්මානු සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා ඇති නමුත් ඉල්ලුම සපුරාලීමට ඔවුන් අපොහොසත් වී ඇත. වෛද්‍ය පිළිවෙත්, සායන සහ සත්කාරක නිවාස, මුහුණු ආවරණ, ඇස් කණ්ණාඩි, අත්වැසුම් ආදිය සඳහා නිරන්තරයෙන් ඉල්ලීම් කර තිබුණද කිසිදු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙක් ඔවුන්ගේ එම අවශ්‍යතා මෙතෙක් නිසි පරිදි සපුරා නොමැති බව මෙම වෛද්‍යවරුන් පවසති.

    රෝහල්වලින් විෂබීජ නාශක සහ මුහුණු ආවරණ විශාල වශයෙන් සොරකම් කර ඇති බවද මෙම වෛද්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලිසිය පවා ඔවුන් දැනුවත් කළ බව පවසමිනි. එමෙන්ම ජර්මානු සෞඛ්‍ය රක්‍ෂණකරුවන්ගේ සංගමයක් විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වෛද්‍යවරුන්ට අවශ්‍ය මුහුණු ආවරණ, තනි භාවිත ඇප්‍රෝන සහ ඉවත දැමිය හැකි අත්වැසුම් ආදී අත්‍යවශ්‍ය උපකරණ බොහොමයක් ඔවුන් සතුව නොමැති බවයි. එබැවින් PPE සඳහා ඇති ඉල්ලුම කලාපයෙන් කලාපයට වෙනස් වුවද මෙම සේවාවන් අත්‍යවශ්‍යයෙන්ම වෛද්‍යවරුන්ට ලැබිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

    එමෙන්ම ජර්මානු වෛද්‍ය තාක්‍ෂණ සංගමයේ ප්‍රධාන විධායකවරයාද දේශීය නිෂ්පාදනයේ ව්‍යුහාත්මක වැඩි කිරීම සම්බන්ධයෙන් සහාය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියි. මෙම අවශ්‍යතාවයන් දේශපාලනීකරණය නොවී සාධාරණ මිලට අලෙවි වන්නේ නම් මෙසේ තම වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙම උපකරණ හිඟයට මුහුණ දීමට සිදු නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මෙම ක්‍රියාවට රජය ප්‍රතිචාර දක්වා ඇත්තේ PPE ප්‍රසම්පාදනය කේන්ද්‍රගත කිරීමට සැලසුම් කර ඇති බව දන්වමිනි. එමෙන්ම ජර්මානු වෛද්‍ය කාර්ය මණ්ඩලය අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉතා ඉක්මනින් මෙම වෛරසයට එරෙහිව ක්‍රියා කිරීම සාර්ථක ලෙස ආරම්භ කලත් ඔවුන් සතුව ආරක්ෂිත ඇඳුම්, විෂබීජ නාශක සහ තනි භාවිත මුහුණු ආවරණ ප්‍රමාණවත් අයුරින් නොතිබුණු බව බොහෝදෙනා පිළිගෙන තිබේ. කෙසේ වෙතත් මෙම වෛද්‍යවරුන් මෙසේ නිරුවතින් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙන්නේ තම තමන්ට හැකි අයුරින් මීට සහය දක්වන ලෙස ද ඉල්ලා සිටිමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට බොහෝ දෙනාගේ අවධානය මෙම වෛද්‍ය මණ්ඩලය වෙත යොමුවී ඇති අතර රජයද මොවුන්ගේ මෙම අවශ්‍යතාවය සම්බන්ධයෙන් කටයුතු සොයා බලන බවට තොරතුරු හෙළිව තිබේ.​

    - රිෂ්මි ඉෂාරා -
    ගොසිප් ලංකා
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ රටේ බයියො වගෙ වහල්ලු නැතුව ඇති. ඉන්නව නම් ඕකුන්ව විපක්ෂෙට සම්බන්ධ කරල කතා හදල විකාරයක් වෙයි:lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඒ රටේ බයියො වගෙ වහල්ලු නැතුව ඇති. ඉන්නව නම් ඕකුන්ව විපක්ෂෙට සම්බන්ධ කරල කතා හදල විකාරයක් වෙයි:lol::lol:

    අන්න පරණ පාර්ලිමේන්තු ව රැස් කරලා කොරෝනා දවස් තුනෙන් මර්දන ය කරනවා කියලා රාජිත කියනවා .
    මොකෝ කියන්නේ ඒ ගැන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ස` අහයි උන් කියන දේවල්:lol:

    පාර්ලිමේන්තු පොලීසියේ අයට කොරෝනා සෙට් උනොත් පරණ පාර්ලිමේන්තු සෙට් එකටම අනිචාවත සංඛාර තමා:lol::lol:
     
    • Like
    Reactions: saja

    rusiyanuwa

    Active member
  • ස` අහයි උන් කියන දේවල්:lol:

    පාර්ලිමේන්තුව රැස් කරන්න ස'ගේ සහය ඕන වුනාට රැස් කලාට පස්සෙ පවත්වාගෙනයන්න ස'ඕනම නෑ. ස'⁣ට ඇරියත් මොකුත් කරගන්න වෙන් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුව රැස් කරන්න ස'ගේ සහය ඕන වුනාට රැස් කලාට පස්සෙ පවත්වාගෙනයන්න ස'ඕනම නෑ. ස'⁣ට ඇරියත් මොකුත් කරගන්න වෙන් නෑ

    ඕක ඇරිය කියලා වෙන සෙතක් නැහැ . අර පැන්ෂන් එක හදා ගන්න බැරි වෙච්ච 130 කොහෙද මන්ත්‍රී වරු ඉන්නවා උන්ට පැන්ෂන් එක හදා ගන්න තමා ඔ ය පාර්ලිමේන්තුව රැස් කරන්න හදන්නේ . නැතුව මේ මිනිසුන්ට ආදරේ ට නෙවෙයි .:lol::lol::lol::lol: