ජන. 23 - සහන සේවා කටයුතුවල නිරත වූ තම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට වන්නි ප්*රදේශයෙන් පිටවීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉඩ නොදෙන බවට එක්සත් ජාතින්ගේ සංවිධානය චෝදනා නගයි.
එම සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෙම ක්*රියාවට තම සංවිධානයේ දැඩි විරෝධය පළ කරන බවය.
වන්නි ප්*රදේශයේ අවතැන්වූවන්ට ආහාර ඇතුළු අත්*යවශ්*ය ද්*රව්*ය රැගෙන ගිය එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් පිරිසකට රජයේ පාලන ප්*රදේශ වෙත පැමිණීම එල්.ටී.ටී.ඊ. සංවිධානය වළක්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, මේ හේතුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ජාත්*යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවය.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ දෙවන භාගය වන විට උතුරේ ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති සංඛ්*යාව දෙලක්ෂ තිස් දහසක් පමණ වේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා එම සංවිධානය විසින් ගැටුම් හේතුවෙන් අවතැන්වූවන් සඳහා ටොන් 7000ක පමණ ආහාර ඇතුලු අත්*යවශ්*ය ද්*රව්*ය රැගෙන ගොස් තිබේ.