සොයා යන මග ආදරේ
කළාමැදිරියකු සේ....
ප්රභා සරයක අතරමං වී
දමා හැරගිය මගේ...
ප්රාණය අදත් ඇවිදින් සොයමි ඒ මග
නොදැන නුඹ දුර බලා උන් වග
පුරුදු සුවදක් සමග මුසු වී......
නතර වුනි හද එක විරාමෙක
එකින් එක පටලැවෙන සිතුවිලි
සීරුවට පෙළ ගැසුනු අළුයම
අදත් හැ රුනා නැ වත යන්නට
මතක ගොන්නක් හිත දරා ගෙන
විඩා බර නෙත් සෙමෙන් දැල්වෙයි මතක කලඹා...
පුරුදු හැඟුමක
අන්ධකාරය මැදින් මතු වෙන
නේක සෙවණැලි කරන තායම්
සොයමි මට මග හැරුනු තැන අද
අදුරුවී ගිය ජීවිතේ....
සොයා යන මග
ආදරේ කළාමැදිරියකු සේ....
Vocal - Suneera Sumanga
Lyrics - Hiranthi Edirisooriya
Melody & Music - Asanka Dhananjaya Liyanaarachchi
bump
------ Post added on Nov 16, 2024 at 4:58 PM
