prasna ha pilithuru

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ප්‍රස්න හා පිලිතුරු


    බුදු දහම සම්බන්දව ප්‍රස්න දාල තියෙනව දෑක්කා.ඉධ ථියෙන වෙලාවන් වලදි එ ගෑන කියන්න හිතුනා.

    1.ලොකයෙහි/සසරෙහි බිහිවීම ගෑන?




    Quote:
    Originally Posted by තොත්ත බබා
    ඔය භවය හෝ විඥානය හෝ සංසාර ගමන ඇතිවුනේ කොහොමද ?
    ඔය නැතිකරන්න හදන සංසාරගමන ආරම්භවුන ආකාරය බුදුදහමේ විස්තර කරන්නේ කෙසේද ?


    :oo::oo:

    මෙන්න මම අහල තියෙන විදිය.

    1.ලොකය විනාස වීමෙන් පසුව ආබස්සර කියන
    බබ ලොවෙ ඉපදෙනව.ප්‍රිතිය ආහාරය
    කරගනිමින් ජිවත් වෙනව.
    2.දීර්ඝ කාලෙකින් පස්සෙ හිස් වූ බබ ලොවක් පහල වෙනව.කුසල් හො`
    ආයුෂ ගෙවීමෙන් පස්සෙ
    ආබස්සර බබ ලොවෙන් චුත වෙලා සත්වයෙක් හිස් බබ ලො`කෙත එනව.
    3.තවත් කාලෙකත පස්සෙ තනිවම ඉදීම එපාවෙලා හිතනව තව අය හිථියනම් හොදයි කියල.කුසල්\ආයුෂ ගෙවුනු කෙනෙක් ඔය අතරෙ පහල වෙනව.එතෙන්දි හිථපු කෙනා හිතනව මම නිසයි මෙයා ආවෙ කියල.ආපු කෙනා හිතනව මම ආවෙ මෙයා නිසා කියල.[පලමුව උපන් කෙනාත දීර්ග ආයුෂ/උතුම් රූපය/බොහො` සෙනග හිමි වෙනවා.]
    4.තවත් කාලෙකින් පස්සෙ රස පොලොව බිහි වෙනව.එ` සුවද නිසා කාල බලනව.සියුම් වූ සරීරය වෙනස් වෙනව.
    ඔය විදියථයි බුදු හමුදුරුවො මනුස්සයගෙ බිහිවීම,සසර ගමනෙ ආරම්භය දක්වල තියෙන්නෙ.

     
    Last edited:
    • Like
    Reactions: thilinasb

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    peter20pan20bump.gif
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දැන් ඕය වදුරන්ගෙන් ඕයාලා පැවත් එනවා කියනවා නේ නමුත් බයිබලයෙ ඉතා පැහැදිලිව සදහන් වෙනවා දෙවියන්වහන්සෙ මනුශ්සයාට තම ලොකය බාර දුන්න බව අදටත් මනුශ්සයා තම්යි උතුම් වන්නෙ නැතුව වදුරෙක්වත් එලියන් පැටියෙක්වත් නෙමෙයි මෙලොකයෙ හැම දෙයක්ම එක්කො මනුස්සයගෙ නිර්මාණ්යක් එහෙමත් නැතිනම් දෙවියන්ගෙ නිර්මාණයක්.... මිට අසු නොවන කිසිම දෙයක් මෙ ලොකයෙ නොමැත.

    [mewa uputa gaththe mada gahanna nemi.eka issarawelama kiyanna one.eth prasnayaknam danna.uththara dennam mage danume tharamin.]

    me deviyan wahanse kohenda pahala une?
    katada uththara denna puluwan?????????:confused::confused:

    hodai mama awasthawak dennam danna kenekuta kiyanna.

     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    බුදු දහම අනුවත් අපි වඳුරන්ගෙන් පැවත එන්නව කියන වැරදි මතය සමාජ ගත වෙලා තියෙනව, ඒ චාල්ස් ඩාවින්ගෙ මතය මිසක් බුද්ධ දර්ශනය නෙවෙයි, ඒ මතය හරිගස්සන්න ඕනෙ වහාම.බුදු දහමෙත් කියන්නෙ එක්තරා ආකාරයක පරිනාමයක් ගැන තමයි.හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ දියුණු මනසක ඉඳන් පහල මනසකට(රාග, ද්වේශ, මෝහ ක්‍රමයෙන් වැඩිවෙන පැත්තට) පරිනාමය වීමක් කියලයි මට හිතෙන්නෙ.

    @ සරදියෙල් - උඹ පෝස්ට් කරපු කතාව තමයි මාත් අහල තියෙන්නෙ, මනුශ්‍යයාගෙ බිහි වීම ගැන
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බුදු දහම අනුවත් අපි වඳුරන්ගෙන් පැවත එන්නව කියන වැරදි මතය සමාජ ගත වෙලා තියෙනව, ඒ චාල්ස් ඩාවින්ගෙ මතය මිසක් බුද්ධ දර්ශනය නෙවෙයි, ඒ මතය හරිගස්සන්න ඕනෙ වහාම.බුදු දහමෙත් කියන්නෙ එක්තරා ආකාරයක පරිනාමයක් ගැන තමයි.හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ දියුණු මනසක ඉඳන් පහල මනසකට(රාග, ද්වේශ, මෝහ ක්‍රමයෙන් වැඩිවෙන පැත්තට)පරිනාමය වීමක් කියලයි මට හිතෙන්නෙ.

    @ සරදියෙල් - උඹ පෝස්ට් කරපු කතාව තමයි මාත් අහල තියෙන්නෙ, මනුශ්ෂයාගෙ බිහි වීම ගැන

    oya waduru kathawa ape hamuduruwaruma deshana karala thiyenawalu.mama ahala na.e nisa kiyanna danne na machan.
    mama kola patin damma bro oya kiyapu de.
    e kathawa hariyatama hari macn.aasawa nisa thamai rasa polowa kala baluwe.ithuru tika hithaganna amaru nane ban.
     
    • Like
    Reactions: James-Bond

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සන්සාරයෙ ආරම්බයක් හොයන්න බැහැ කියලා නේද කියන්නෙ ,ආපස්සර බබලොවකට යන්නත් මීට පෙර ලෝකයක් තිබිලා තියෙනවා නෙ.සන්සාරෙ අවසාන කරන හැටි තමයි නේද බුදුන් දෙසුවෙ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    2.ආත්මය හා ලෝකය සදාකාලිකද?
    මේකට දෙන්න පුලුවන් කෙටිම පිලිතුර "නෑ" කියන එක.ඒත් ඒක මෙන්න මේ හේතුව නිසයි මෙහෙම කියන්නෙ කියල පෙන්වා දෙන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ආත්මය හා ලෝකය සදාකාලික බව විස්වාස කරන්න හේතුවන කාරනා 4ක් ගැන බුදුන්වහන්සේ දේශනා කරල තියෙනව.පහත දැක්වෙන්නෙ ඒ කාරනා 4.

    1. සිත එකඟ කරගත් වීර්යය වැඩූ සත්වයෙක්, එක ජාතියක්ද/ජාති සීයක්ද එම ස්ථානයේ ඉපදුනෙමි.එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.එතැනින් චුතව මෙහි ඉපදුනෙමියි පෙර ජීවත් වූ ආකාරය සිහි කරයි.

    2. දෙවැන්නා කල්පයක්ද කල්ප දහයක්ද අසවල් තැන ඉපිද එයින් චුතව තවත් තැනක ඉපදුනෙමි.දැන් මෙහි ඉපදුනෙමියි සිහි කරයි.

    3. තෙවැන්නා කල්ප හතලිහක් පෙර ආකාරයටම සිහි කරයි.

    4. සිවුවැන්නා තර්ක ඥානයෙන් විමසයි.

    මේ සියලු දෙනාම "ආත්මයද ලෝකයද සදාකාලිකය.කිසිවක් උපදවන්නේ නැත.පර්වතයක් මෙන් පිහිටියේය.ඒ ආත්මය ආශ්‍රය කල සත්වයෝ භවයෙන් භවයට යති.ජීවත් වෙති."යි පවසති.

    ආත්ම සංකල්පයේ බිහිවීම ගැන පස්සෙ සාකච්ජා කරමු.

    කැමති අයට මේ ගැන බ්‍රහ්මජාල සූත්‍රය කියවල බලාගන්න පුලුවන්.

    http://metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha1/01-brahmajala-s.html
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සන්සාරයෙ ආරම්බයක් හොයන්න බැහැ කියලා නේද කියන්නෙ ,ආපස්සර බබලොවකට යන්නත් මීට පෙර ලෝකයක් තිබිලා තියෙනවා නෙ.සන්සාරෙ අවසාන කරන හැටි තමයි නේද බුදුන් දෙසුවෙ

    සහෝදරයා ලෝකයේ බිහිවීම ගැන තමයි ඔය කියල තියෙන්නෙ.

    නමුත් ඔයාට ප්‍රශ්නෙ වෙන්නෙ මම කියල තියෙන්නෙ "ලෝකය විනාස වීමෙන් පසුව" කියලනෙ නේද? ඒක මගෙ අතපසුවීමක්.ඒ ගැන කනගාටුයි.

    ඔයාට ගොඩාක් ස්තුතියි,මොකද ඒ ලියපු දේ ආයෙත් බලන්න මම පෙළඹුනේ ඔයා මගෙන් ප්‍රශ්න කල නිසයි.

    එතෙන්ට එන්න ඕනෙ "ලෝකය බිහිවන කාලයේදී ආබස්සර බඹ ලොව සිටින සත්වයන් ප්‍රීතිය ආහාරය කර ගනිමින් ජීවත් වෙනව." කියලයි.ආයෙම වතාවක් මම ඔයාට ස්තුති කරනව.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "ආත්මය" කියන සංකල්පයේ බිහිවීම ගැන මොකද හිතන්නෙ?
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    සහෝ... ඔය ලෝක විනාසය යයි කියපු දේ බුදුන් වදාල ධර්මයට අනුව නම සඳහන් වෙන්නේ "මහා කල්ප විනාශය" කියලනේ. එතකොට මහා කල්ප විනාශයක් වෙද්දී සියලුම සත්ත්වයන් සහ භුමි වාතයෙන්, ජලයෙන් සහ ගින්නෙන් විනාශයට පත් වෙනවා. නමුත් මෙහිදී වාතයෙන් සහ ජලයෙන් විනාශයට පත්වන්නේ "රූපාවචර බ්‍රහ්ම ලෝකයක් වන සුභකිණ්හ" යන බ්‍රහ්ම ලෝකයේ සිට පහලට තිබෙන සියලුම ලෝකයි. එයට "ආභස්සර" බ්‍රහ්ම ලෝකයද විනාසයට පත වෙනවා. මොකද ඒක ද්විතීක ධ්‍යාන භූමියක් වන නිසා. නමුත් ගින්නෙන් විතරක් විනාස වීමේදී "ආභස්සර" බ්‍රහ්ම ලෝකය විනාශ නොවී ඊට යටින් තිබෙන සියලුම ලෝක විනාශ වෙනවා. මෙන්න මෙම අවස්ථාවේදී ඔබ මුලින් කියපු කාර්ය වෙනවා. මොකක්ද.., මෙම අවස්ථාවේ විනාශය වෙන ලෝකේ ධ්‍යාන ලාබී සත්ත්වයින් "ආභස්සර" බ්‍රහ්ම ලෝකයෙහි උපත ලබනවා.

    ප්‍රශ්නය.., ධ්‍යාන ලාබින් පමණක් ආභස්සර බඹ ලොව උපත ලැබුවා නම් ඉතුරු සත්ත්ව කොට්ටාශ කොහේ උපත ලබයිද කියන එකයි. බුදුන්ගේ ආඥා ප්‍රදේශයට අනුව අප හා සමාන සක්වල කොටි ලක්ෂයක් ඇත. එවිට මෙම කල්ප විෂයේදී ඉතුරු වෙන සත්ත්වයින් වෙනත් සක්වල වල් වල ඒ ඒ කුසල කාර්ම අනුව ඒ ඒ ලෝක වල උප්පත්තිය ලබනවා... බුද්ධ දේශනයට අනුව මේ විදියට තමයි කල්ප ව්විනාශයක් වෙන්නේ... සම්භවය ඇති වෙන විදිය ඔබ කියූ ආකාරය යම තාක් දුරට හරි..

    සක්වල විභංගය කියෙවුවොත් සෑම කරුණක්ම සවිස්තරාත්මකව අවබෝධ කරගන්න පුළුවන්..

    තෙරුවන් සරණයි !!! :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Indrakeela; [COLOR=Black said:
    [/COLOR]ගොඩාක් ස්තුතියි සහෝ.....
    මම සක්වල විභංගය කියවල නෑ.ලෝකයේ ආරම්භය ගැන උනත් මම දැම්මෙ එහෙම ප්‍රශ්නයක් අහල තිබුන නිසා.කවුරු හරි අවසානය ගැන අහල තිබුනොත් මට ඔයා කියල තියෙන පිලිතුරෙන්ම උත්තර දෙන්න පුලුවන්.ඒ නිසා ආයෙමත් ස්තුති කරනව මම.
    ලෝකයේ ආරම්භය/විනාශය ගැන ලිවුවට අපි ඒව ගැන හිත හිතා ඉන්න ඕනෙ නෑ.
    බෞද්ධයෙක් වෙලා ඉපදෙන්නත් අපි යම් හෝ කුසලයක් කරල ඇති.ඒ නිසා මේ ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අපට පුලුවන්නම් ඒක තමයි අපි මේ උතුම් දහමට කරන ලොකුම ගෞරවය.
    අනෙක් ආගම්වල අය කියන කථා අහන් ඉන්න බෑ තමයි.ඒ නිසා තමයි මේ විදියට උත්තර දෙන්නෙ.ඒ බොරුව බොරුවක් විදියට පෙන්නල දෙන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙන නිසානෙ.ඒත්......නොදන්නාකම නිසා හෝ දැඩි භක්තිය නිසා හෝ භය නිසා[තමන්ගෙ ආගමට] ඒ අය කියන දේවල් වලට අපි තරහ ගන්නවානම් අවැඩක් වෙන්නෙ අපිටම කියලයි පෙන්නල දීල තියෙන්නෙ.
    බුදු සරණයි.
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0


    ලෝකයේ ආරම්භය/විනාශය ගැන ලිවුවට අපි ඒව ගැන හිත හිතා ඉන්න ඕනෙ නෑ.
    බෞද්ධයෙක් වෙලා ඉපදෙන්නත් අපි යම් හෝ කුසලයක් කරල ඇති.ඒ නිසා මේ ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අපට පුලුවන්නම් ඒක තමයි අපි මේ උතුම් දහමට කරන ලොකුම ගෞරවය.
    අනෙක් ආගම්වල අය කියන කථා අහන් ඉන්න බෑ තමයි.ඒ නිසා තමයි මේ විදියට උත්තර දෙන්නෙ.ඒ බොරුව බොරුවක් විදියට පෙන්නල දෙන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙන නිසානෙ.ඒත්......නොදන්නාකම නිසා හෝ දැඩි භක්තිය නිසා හෝ භය නිසා[තමන්ගෙ ආගමට] ඒ අය කියන දේවල් වලට අපි තරහ ගන්නවානම් අවැඩක් වෙන්නෙ අපිටම කියලයි පෙන්නල දීල තියෙන්නෙ.
    බුදු සරණයි.

    ඔබගේ චින්තනයට මම ගොඩාක් ගරු කරනවා... ලෝකයේ ආරම්භය/විනාශය ගැන මෙනෙහි කිරීමෙන් විමුකිතියට ළඟ වීමට උපකාරයක් වන්නේ නැහැ... ඔබ කියූ ආකාරයෙන් අප පෙර කල කුසල කර්මයක විපාකයක් විදියට මේ සක්වලේම මනුස්සයෙක් වෙලා උපත ලබා උප්පත්තියෙන්ම බෞද්ධයෙකුත් වුන නම්.., ඇයි අපේ බෞද්ධයින් මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන නොගන්නේ... අන්‍යාගම් පරිශීලනය කර එහි අන්තර්ගතහි සම්මා දිට්ඨියක් නැති බව අප හරියකව තේරුම් ගත්තා නම්.., ඒ අය මොන දේ කිව්වත් අපි උපේක්ෂාවෙන් ඒ දිහා බලා නිහඬව ඉන්න එක තමයි නුවනට හුරු.

    තෙරුවන් සරණයි.!! :)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉන්ද්‍රකීල සහෝ......

    1. අපිට මේ තරම් උතුම් ආගමක් තිබුනත් මේ ගැන හිතන්නවත් දැන් වෙලාවක් නෑ අපේ මිනිස්සුන්ට.
    කන්න බොන්න සල්ලි නැති කෙනා ඒ ගැන හිතනවා.සල්ලි තියෙන කෙනා කන්නෙ මොනවද? කියල හිතනවා.ඔය වගේ දහසකුත් ප්‍රශ්න කියයි.[ඒ උනාට දේශපාලනේ බදාගෙන නැහෙන්නනම් වෙලාව තියෙනවා.........]

    2. ඊලඟට අපේ හාමුදුරුවරුන්ටත් වෙලාවක් නෑ ඔය ගැන කිය කිය ඉන්න.
    මොන තරම්නම් වැඩ තියෙනවද? හාමුදුරුවරුන්ටත්.[ඒ ගැන වැඩිය කථා නොකර ඉමු.]

    3. කිවුවට වැඩකුත් නෑනෙ.
    ඒ වෙලාවට දොහොත් මුදුන් දීල වැඳගෙන හිටියට හිත තියෙන්නෙ වෙන කොහෙවත්.[අඩුම ගානෙ අල්ලපු ගෙදර බල්ල ගැන හරි හිතනව ඇති]

    4. පින් කළාම ගොඩ කියල හිතාගෙනනෙ ඉන්නෙ.
    පින් කියන දේ නිසා අපිව තව දුරටත් සංසාර චක්‍රයට බැඳිල තියෙනව කියල දන්නෙ නැති නිසා.[ඕනෙම ජඩ වැඩක් කරල ලෝකෙටම පේන්න දන් දුන්නම හරි කියල හිතන උන්නැහේලත් ඉන්නවනේ.]

    5. හැට පනිනතුරු සිටීම.
    මේ කියන්නෙ මොකද්ද? කියල දන්නවනේ.ධර්මය ගැන දැනගන්නනම්,කියවන්නනම්,පිලිපදින්නනම්,අවබෝධ වෙන්නනම් රස්සා පරස්සා දූ දරු සමාජ සේවා කටයුතු ඉවර කරල හුස්මක් ගන්න ඕනනේ.

    තව ඕන තරම් දේවල් ඔබත් දන්නවනේ.හිතට දුකයි මේ ගැන.ඒත්... අඩුම ගානෙ අපිවත් හැදෙමුකෝ.
     

    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    ඇත්තෙන්ම ඔව් සහෝ.., ගොඩාක් පෘතග්ජන බෞද්ධයින්ගේ යථාර්තික හැසිරීම් මෙතරම් තිත්තද කියලා ඔබේ ඔය කාරණා ටික කියවන සෑම කෙනෙක්ටම මොනවට පැහැදිලි වෙනවා... නමුත් තිත්ත වුනත් මේක තමයි ඇත්ත. :(

    කෙසේ නමුදු මම මටත්, ඔබ ඔබටත් හැකි අයුරින් අපේ සමහර බෞද්ධයින්ගේ උප්පැන්නට පමණක් සීමා වෙච්ච බෞද්ධ කමට සැබෑ අරුතක් දෙන්න මරෙනතෙක් වෑයම් කරමු... අපේ සමහර හැමදුරුවරුන්ට තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා නිසා මග හැරී ගිය ඒ වගකීම් හැකි පමණින් ඉටු කර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වෑයම් කරමු.., අපගේ මේ ප්‍රයත්නය අපගේ නිවන පිණිසම හේතු වේවා!!!

    තෙරුවන් සරණයි.!! :)