විදුලියටත් පෙර ගෙවුම් ක‍්‍රමයක්!
විදුලිය සඳහා පෙර ගෙවුම් ක‍්‍රමයක් හඳුන්වාදීම මෙම වසර ඇතුළත සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අරපිරිමැස්මෙන් සිය පරිභෝජන කටයුතු පවත්වාගෙන යාමට විදුලි පාරිභෝගිකයන්ට එමගින් අවස්ථාවක් හිමිවන බවයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ.
මේ සඳහා වන මූලික වැඩ කටයුතු මේ දිනවල ලංකා විදුලි පුද්ගලික සමාගම සමග එක්ව සිදු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
කෙසේ වෙතත් වැඩපිළිවෙළ හැකි ඉක්මනින් හඳුන්වාදීම අපේක්ෂාවයි.
source



