Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Medical College in Malabe ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්යනතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්යානව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්‍ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්රශ්නය ඉතිරි වේ.

අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය.

වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්රසශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ.

[QUOTE="Wal Bada, post: 4963133, member: 654"] පුද්ගලික වෙද විදුහල් ඇරඹීමට සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ ඇති දැයි අප මුලින්ම විමසා බලමු. වෙද විදුහලක් ඇරඹිය යුත්තේ සායනික පුහුණුව සැපයීස සඳහා සුදුසු පහසුකම් ඇති රෝහලක් ආසන්නවය. පුද්ගලික වෙද විදුහල් වල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් නොමිලයේ ලබා දෙතැයි සිතීම උගහටය. එසේ පුහුණුව ලබා දෙන්නේ නම් එක් සිසුවකු සඳහා රුපියල් දස ලක්ෂ 3-4 දක්වා මුදලක් රජයට ගෙවන්නට පුද්ගලික වෙද විදුහල් අයිතිකරුවන්ට සිදුවනු ඇත. එවිට දැනටමත් රුපියල් දස ලක්ෂ 6 ක් වූ ගාස්තුව දසලක්ෂ 9 දක්වා වැඩි වීම සිදු වනු ඇත. එසේ නොකරන්නේ නම් ඇති අනෙක් විකල්පය නම් පුද්ගලික රෝහලක මේ පුහුණුව සිදු කිරීමයි. පුද්ගලික රෝහල් වල ඇති පහසුකම් රජයේ රෝහල් වලට වඩා බොහෝ වැඩි බව නොරහසකි. නවීන ප්‍රතිකාර ක්‍රම ද පුද්ගලික රෝහල් වල සිදු කළ හැක. නමුත් වෛද්‍ය ශිෂ්‍යයන්ට වැදගත් වනුයේ මේවා නොව මූලික දැනුම ය. ඔවුන් සී.ටී. රූපයක් බලා එහි ඇති අසාමාන්යනතා හඳුනනවාට වඩා එක්ස් කිරණ පිටපතක ඇති අසාමාන්‍යතාවක් හඳුනා ගැනීම අනිවාර්යයයෙන් දැන ගත යුත්තකි. පුද්ගලික රෝහල් වලට පැමිණෙන රෝගීන් සංඛ්යානව, රජයේ රෝහල් වලට වඩා බෙහෙවන් අඩුය. තව ද, විෂ වීම්, පහර දීම් ආදී අධිකරණ වෛද්‍ය කටයුතු කෙරෙන්නේද රජයේ රෝහල් ආශ්‍රිතව පමණි. මේ අනුව පුද්ගලික රෝහලක සිදු කෙරෙන්නා වූ සායනික පුහුණුවෙහි තත්ත්වය පිළිබඳව සැකයන් ඇති කර ගැනීමට සිදුවේ. එබැවින් රෝගී ජීවිත සම කෙළින්ම ගනුදෙනු කරන වෛද්‍යවරයකු, අවශ්‍ය ප්‍රමිතියට අනුව පුද්ගලික වෙද විදුහල් වලට බිහි කළ හැකි ද යන ප්රශ්නය ඉතිරි වේ. අප රට දුප්පත් රටකි. වසරකට රුපියල් දසලක්ෂයක් වියදම් කළ හැකි පවුල් ඇත්තේ 5 - 10% ක් පමණි. එබැවින් යෝජිත පුද්ගලික විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබීමේ වරම රටේ බහුතරයකට නොලැබී යනු ඇත. අනෙක් අතට මෙවැනි මුදල් ගෙවා කරන අධ්‍යාපනයට ශිෂ්‍ය ණය ව්‍යාපෘති සමහර රට වල ඇතත්, අප රටෙහි එවැන්නක් පසුගිය වසර 20 තුළම ක්‍රියාත්මක නොවීය. එබැවින් පුද්ගලික වෙද විදුහල් සාර්ථක වීමට නම් ශිෂ්‍ය ණය ව්‍යාපෘති ආදිය ඇති කිරීමෙන් දුප්පත් සිසුන්ටත් මේ සඳහා වූ අවස්ථාව ලබා දිය හැකිය. වෛද්‍ය වෘත්තිය වැනි අවදානම් තීරණ ගත යුතු වෘත්තියකට පිවිසෙන කුමන හෝ අයකු යම් ප්රසශස්ත බුද්ධි මට්ටමකින් යුක්ත විය යුතුය. පුද්ගලික වෙද විදුහල් ලාභය සඳහාම ක්‍රියාත්මක වන බැවින් ඇතුළු කර ගන්නා සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශාල ප්‍රශ්නයක් සේ නොසැලකෙනු ඇත. එබැවින් නුසුදුස්සන් පුද්ගලික වෙද විදුහල් වලට ඇතුළු වීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. අවම සුදුසුකම් මට්ටමක් තිබිය යුතු යැයි යමෙක් නිර්දේශ කළත්. අප රටෙහි දූෂිත දේශපාලන පසුබිම තුළ එවැනි සීමාවන් ඉක්මවා සිසුන් ඇතුළු කිරීම සිදු කෙරෙනු ඇත. මා සිහින දකිතැයි යමෙක් මට චෝදනා කළ හැකිය. නමුත් 1986 දී උතුරු කොළඹ පුද්ගලික වෙද විදුහල තුළ සිදු වූයේ මේ හා සමාන දෙයකි. උසස් පෙළ දී විෂයයන් හතරම අසමත් වූ සිසුන් පවා එයට ඇතුළත් කරගෙන තිබිණ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom