තැන්ක්ස් කොල්ලෝ ෂෙයාර් කරාට....
මං දැනට ලංකාවේ දැකලා තියෙන ටීවී චැනල් එකකින් කරපු නියමම මියුසික් ප්‍රෝග්‍රෑම් එක තමා ඩෙල් ස්ටුඩියෝ කියන්නේ.. මියුසික් ගැන ලොකු දැනුමක් නෑ මට මේකේ ටෙක්නිකල් පැත්ත කියන්න.. ඒ උනත් හැමදාම ඇහෙන ටකරන් තලන සද්දේ වෙනුවට කනට අහන ඉන්න පුළුවන් විදිහේ මියුසික් නැවුම් සහ වෙනස් ආකාරයකට ඉදිරිපත් කිරීමෙන් මියුසික් අහන විදින හැමදෙනාටම අළුත් මිහිරි අත්දැකීමක් එකතු කර ගන්න පුළුවන්.. මහේෂ් ඇතුළු කෘ එකට සහ දෙරණ චැනල් එකට ගොඩක් ස්තුත්යි මේ වගේ වැඩසටහනක් පටන් අරන් කරගෙන යන එකට...
දැනට ගිය ප්‍රෝග්‍රෑම් සෙට් එකේ මට ගොඩක්ම හිතට අල්ලලා ගියේ නිරෝෂා ඇවිත් කරපු ප්‍රෝග්‍රෑම් එක.
එකෙත් මේ තියෙන සින්දුව වෙනස්කම් එක්ක අළුත් ශබ්ද සහ හඬවල් එකතු කරලා ලෙසටම කරා. පුළුවන් උන් අහලා බලපන් ඒක එහෙම නෙමේද කියලා.. හොඳ සව්න්ඩ් සිස්ටම් එකක් තියෙනවා නම් මාරු මේවා අහන්න..
Rukanthage program ekata eetath wadaa hondata karaa machan....





