Public cautioned of heat weather

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හෙට තදබල උණුසුම් තත්ත්වයක්


    උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට (03) දිනයේදී බලපෑ හැකි තදබල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

    උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් කුඩා ළමයින් සහ වයස්ගත පුද්ගලයන් උණුසුමට නිරාවරණය වීමෙන් වැළකිය යුතු බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

    මේ නිසා එවැනි පුද්ගලයන් අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත්වී සෙවණ ඇති ස්ථානවල රැඳී සිටිය යුතු බවත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    පොළාන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටම දක්වා උණුසුම වැඩිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    වැඩ බිම් තුල සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙසට ජලය පානය කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ.

    නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙසට දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

    වාහන තුල කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසට ද දැනුම් දෙනවා.

    එළිමහනේ සිටියදී අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු අතර සෙවන ඇති ස්ථානවල රැඳිය යුතුයි.

    එමෙන්ම ප්‍රමාණවත් ලෙසට ජලය පානය කරන ලෙසට ද දැනුම් දෙනවා.
     
    • Like
    Reactions: Hasantha125