Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Pudumai ath aththai Part 2.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩි 11ක් පමණ උසට වැවෙන ‘ස්වයංජාත’ වී

වියළි කාලගුණික තත්ත්වයටද ඔරොත්තු දෙන, අඩි 11ක් පමණ උසට වැවෙන අසාමාන්‍ය ගති ලක්ෂණ සහිත ඉපැරණි වී වර්ගයක් පිළිබඳව පර්යේෂණයක් ආරම්භකර ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා පැවැසීය.

තවම නිශ්චිතව හඳුනාගෙන නැති එම වී වර්ගයේ සාම්පලයක් මීට මාස හතරකට පමණ පෙර බෙලිහුල්ඔය පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කර ඇති අතර මේ වනවිට එය අඩි 11ක් පමණ උසට වැවී තිබේ. දැන් එහි වී කරල් 12ක් පීදි ඇති අතර එය වැඩිදුර පර්යේෂණට ලක්කිරීමෙන් වී වර්ගය කුමක්ද? එහි වර්ධන රටාව, පෝෂණීය ගුණ, පෞරාණිකභාවය සහ ජාන සංයුතිය ආදී කාරණා සොයා බැලීමට කටයුතු කරගෙන යන බවද ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා සඳහන් කළේය.

ඔහු පවසන අන්දමට ‘මා වී’ වර්ග හැරෙන්නට මින් පෙර මෙබඳු වී වර්ගයක් වාර්තාවූ බවක් අසන්නට නැත. හඳුනා නොගත් වී වර්ගය යාපා මහතාට හමුවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ ප්‍රදේශයේ ගෙවිලියකගෙනි. ඒ නියං තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී වර්ග ඇතුළු ධාන්‍ය බෝග පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත කරගෙන ගිය අධ්‍යයන කටයුත්තකදීය.

ගෙවිලිය පවසා ඇති ආකාරයට, ඇයට වී සාම්පලය ලැබි ඇත්තේ වෙනත් කෙනෙකුගෙනි. ඒ තැනැත්තා ඇයට කියා ඇත්තේ වී සාම්පලය පුරාවිද්‍යා කැණීමකදී හමුවූ බවයි. මේ නිසා තමන්ට වී සාම්පලයේ පැරණි මූලාශ්‍රය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගත නොහැකිවූ බව ද යාපා මහතා පැවැසීය.

තන්තිරිමලේ ගෙවිලිය, යාපා මහතාට දුන් සාම්පලයට වී ඇට 24ක් අඩංගුව තිබිණි. එය පර්යේෂණයකට ප්‍රමාණවත් නොවූ හෙයින් බෝකර ගැනීම පිණිස මීට මාස හතරකට පමණ ඉහත බෙලිහුල්ඔය, කොළඹගෙආර සහ කෑගල්ල යන ප්‍රදේශවල රෝපණය කෙරිණි.

“මේ ශාකයට එතරම් ජලය ඕන නෑ. අඩි 10-11ක් විතර උස යනවා. හරියට ඉදල් ඉරිඟු ගහක් වගෙයි. ශාකයේ කඳ මහතයි. පත්‍ර පළලයි. පඳුරු දමනවා. අපි සාම්පලය වගා කළේ කිසිදු රසායනික පොහොර භාවිතාවක් නැතිවයි. මුල් සාම්පලයේ විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ වී ඇට, අත්ලේ තියා පිරිමැද්දාම ඉතා පහසුවෙන් පොතු ඉවත් වෙනවා. වැවුණු ගොයම් ගස දැක්කාම මේක පැරණි වී වර්ගයක් බවත් පේනවා. පැරණි වී ගැන අත්දැකීම් ඇති බොහොම දෙනෙක් මේක බලන්න ආවා. ඒත් කිසිවෙකු මේ කුමන වී වර්ගයක් දැයි හරියටම හඳුනා ගත්තේ නෑ. මේකේ වී අස්වැන්න ආවාම අපි වී වර්ගය කුමක්ද, ජාන සංයුතිය කුමක්ද ආදී වශයෙන් තොරතුරු රාශියක් හෙළිකර ගන්න බලාපොරොත්තු වෙනවා. නියං කාලයේදී වගාකර ගන්නට හැකි වී වර්ගයක් නම් මේක රටට හොඳ වේවි” යැයිද ආචාර්ය යාපා මහතා කීය.

මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා කැණීමකින් මෙබඳු වී සාම්පලයක් හමුවූ බවක් වාර්තාවී නැති බවයි.

2008 වසරේදී තිස්සමහාරාම කැණීමෙන් හමුවූ ක්‍රි.පූ. 03 වැනි සියවසට අයත් යයි සැලකෙන වී මුට්ටියේ තිබුණු වී ඇටද දිරාගොස් තිබුණු බව ඔහු කීය. එම වී ගැන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගේ ප්‍රධානත්වයෙන් දැනට පර්යේෂණයක් කෙරෙමින් පවතින බවද හෙතෙම පැවැසීය.

වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින්, මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියා සිටියේ, වී ඇටයක ඇති පිෂ්ඨය වසරක් හමාරක දී දිරායන බැවින් එහි ප්‍රරෝහණ ශක්තිය නැතිව යාම සාමාන්‍ය ස්වභාවයක් බවයි. එහෙත් ඉපැරණි වී වර්ග සම්බන්ධයෙන් එබඳු ප්රාතිහාර්ය තිබෙන්නට ඇතැයි යන අදහසද තමන් බැහැර නොකරන බවයි. ආචාර්ය යාපා මහතා කරන පර්යේෂණ ලංකාවේ පැරණි වී වර්ග ගැන වැදගත් අධ්‍යයනයක් වේයයි තමන් සිතන බවද ඔහු කීය.

වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි යන ප්රශ්නය, ආචාර්ය යාපා මහතාටද යොමුකළ අතර ඔහු මෙසේ කීය. “මේක හරි පුදුමයි. වර්තමානයේ අපි දකින වී ඇටවල එහෙම ප්‍රරෝහණ ශක්තියක් නෑ. එහෙත් මේක අසාමාන්‍යයයි. ඉපැරණි රජවරුන්ගේ කාලයේ දීර්ඝ නියං කාලෙට ඔරොත්තු දෙන වී වර්ග වගා කළා නම් ඒවා බොහෝ කලක් සුරක්ෂිතව තබා ගන්න ක්‍රම තියෙන්නත් ඇති. මේ සාම්පලය ඒ වගේ එකක්ද දන්නේ නෑ. මේ ප්රශ්නය නිරාකරණය කරගන්න නම්, මට ලැබුණු වී සාම්පලයේ පෞරාණිකභාවය තවදුරටත් තහවුරු කර ගන්න ඕනෑ. ඒ මුල් තොරතුරු ලැබුණේ නෑ. එබැවින් වගා කළ සාම්පලයේ අස්වනු මගින් එය කොතෙක් පැරණි වී වර්ගයක්ද එහි ප්‍රරෝහණ ශක්තිය කෙසේද යන්න ආදී කාරණා ගැන සොයා ගන්න අපි කටයුතු කරනවා.”

වී සාම්පලය ලැබුණු තන්තිරිමලේ ගොවීන් එය ‘ස්වයංජාත’ යනුවෙන් හඳුන්වන බවද යාපා මහතා කීය.

[QUOTE="NPDJs, post: 14171927, member: 22642"] අඩි 11ක් පමණ උසට වැවෙන ‘ස්වයංජාත’ වී [IMG]http://www.dutunudutu.info/wp-content/uploads/2012/12/v1.jpg[/IMG] වියළි කාලගුණික තත්ත්වයටද ඔරොත්තු දෙන, අඩි 11ක් පමණ උසට වැවෙන අසාමාන්‍ය ගති ලක්ෂණ සහිත ඉපැරණි වී වර්ගයක් පිළිබඳව පර්යේෂණයක් ආරම්භකර ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා පැවැසීය. තවම නිශ්චිතව හඳුනාගෙන නැති එම වී වර්ගයේ සාම්පලයක් මීට මාස හතරකට පමණ පෙර බෙලිහුල්ඔය පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කර ඇති අතර මේ වනවිට එය අඩි 11ක් පමණ උසට වැවී තිබේ. දැන් එහි වී කරල් 12ක් පීදි ඇති අතර එය වැඩිදුර පර්යේෂණට ලක්කිරීමෙන් වී වර්ගය කුමක්ද? එහි වර්ධන රටාව, පෝෂණීය ගුණ, පෞරාණිකභාවය සහ ජාන සංයුතිය ආදී කාරණා සොයා බැලීමට කටයුතු කරගෙන යන බවද ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා සඳහන් කළේය. ඔහු පවසන අන්දමට ‘මා වී’ වර්ග හැරෙන්නට මින් පෙර මෙබඳු වී වර්ගයක් වාර්තාවූ බවක් අසන්නට නැත. හඳුනා නොගත් වී වර්ගය යාපා මහතාට හමුවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ ප්‍රදේශයේ ගෙවිලියකගෙනි. ඒ නියං තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී වර්ග ඇතුළු ධාන්‍ය බෝග පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මත කරගෙන ගිය අධ්‍යයන කටයුත්තකදීය. ගෙවිලිය පවසා ඇති ආකාරයට, ඇයට වී සාම්පලය ලැබි ඇත්තේ වෙනත් කෙනෙකුගෙනි. ඒ තැනැත්තා ඇයට කියා ඇත්තේ වී සාම්පලය පුරාවිද්‍යා කැණීමකදී හමුවූ බවයි. මේ නිසා තමන්ට වී සාම්පලයේ පැරණි මූලාශ්‍රය පිළිබඳව නිශ්චිතව තහවුරු කරගත නොහැකිවූ බව ද යාපා මහතා පැවැසීය. තන්තිරිමලේ ගෙවිලිය, යාපා මහතාට දුන් සාම්පලයට වී ඇට 24ක් අඩංගුව තිබිණි. එය පර්යේෂණයකට ප්‍රමාණවත් නොවූ හෙයින් බෝකර ගැනීම පිණිස මීට මාස හතරකට පමණ ඉහත බෙලිහුල්ඔය, කොළඹගෙආර සහ කෑගල්ල යන ප්‍රදේශවල රෝපණය කෙරිණි. “මේ ශාකයට එතරම් ජලය ඕන නෑ. අඩි 10-11ක් විතර උස යනවා. හරියට ඉදල් ඉරිඟු ගහක් වගෙයි. ශාකයේ කඳ මහතයි. පත්‍ර පළලයි. පඳුරු දමනවා. අපි සාම්පලය වගා කළේ කිසිදු රසායනික පොහොර භාවිතාවක් නැතිවයි. මුල් සාම්පලයේ විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ වී ඇට, අත්ලේ තියා පිරිමැද්දාම ඉතා පහසුවෙන් පොතු ඉවත් වෙනවා. වැවුණු ගොයම් ගස දැක්කාම මේක පැරණි වී වර්ගයක් බවත් පේනවා. පැරණි වී ගැන අත්දැකීම් ඇති බොහොම දෙනෙක් මේක බලන්න ආවා. ඒත් කිසිවෙකු මේ කුමන වී වර්ගයක් දැයි හරියටම හඳුනා ගත්තේ නෑ. මේකේ වී අස්වැන්න ආවාම අපි වී වර්ගය කුමක්ද, ජාන සංයුතිය කුමක්ද ආදී වශයෙන් තොරතුරු රාශියක් හෙළිකර ගන්න බලාපොරොත්තු වෙනවා. නියං කාලයේදී වගාකර ගන්නට හැකි වී වර්ගයක් නම් මේක රටට හොඳ වේවි” යැයිද ආචාර්ය යාපා මහතා කීය. මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා කැණීමකින් මෙබඳු වී සාම්පලයක් හමුවූ බවක් වාර්තාවී නැති බවයි. 2008 වසරේදී තිස්සමහාරාම කැණීමෙන් හමුවූ ක්‍රි.පූ. 03 වැනි සියවසට අයත් යයි සැලකෙන වී මුට්ටියේ තිබුණු වී ඇටද දිරාගොස් තිබුණු බව ඔහු කීය. එම වී ගැන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගේ ප්‍රධානත්වයෙන් දැනට පර්යේෂණයක් කෙරෙමින් පවතින බවද හෙතෙම පැවැසීය. වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි කළ විමසුමකට පිළිතුරු දෙමින්, මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියා සිටියේ, වී ඇටයක ඇති පිෂ්ඨය වසරක් හමාරක දී දිරායන බැවින් එහි ප්‍රරෝහණ ශක්තිය නැතිව යාම සාමාන්‍ය ස්වභාවයක් බවයි. එහෙත් ඉපැරණි වී වර්ග සම්බන්ධයෙන් එබඳු ප්රාතිහාර්ය තිබෙන්නට ඇතැයි යන අදහසද තමන් බැහැර නොකරන බවයි. ආචාර්ය යාපා මහතා කරන පර්යේෂණ ලංකාවේ පැරණි වී වර්ග ගැන වැදගත් අධ්‍යයනයක් වේයයි තමන් සිතන බවද ඔහු කීය. වසර සිය ගණනක් පැරණි වී සාම්පලයකට, ප්‍රරෝහණ ශක්තියක් තිබිය හැකි දැයි යන ප්රශ්නය, ආචාර්ය යාපා මහතාටද යොමුකළ අතර ඔහු මෙසේ කීය. “මේක හරි පුදුමයි. වර්තමානයේ අපි දකින වී ඇටවල එහෙම ප්‍රරෝහණ ශක්තියක් නෑ. එහෙත් මේක අසාමාන්‍යයයි. ඉපැරණි රජවරුන්ගේ කාලයේ දීර්ඝ නියං කාලෙට ඔරොත්තු දෙන වී වර්ග වගා කළා නම් ඒවා බොහෝ කලක් සුරක්ෂිතව තබා ගන්න ක්‍රම තියෙන්නත් ඇති. මේ සාම්පලය ඒ වගේ එකක්ද දන්නේ නෑ. මේ ප්රශ්නය නිරාකරණය කරගන්න නම්, මට ලැබුණු වී සාම්පලයේ පෞරාණිකභාවය තවදුරටත් තහවුරු කර ගන්න ඕනෑ. ඒ මුල් තොරතුරු ලැබුණේ නෑ. එබැවින් වගා කළ සාම්පලයේ අස්වනු මගින් එය කොතෙක් පැරණි වී වර්ගයක්ද එහි ප්‍රරෝහණ ශක්තිය කෙසේද යන්න ආදී කාරණා ගැන සොයා ගන්න අපි කටයුතු කරනවා.” වී සාම්පලය ලැබුණු තන්තිරිමලේ ගොවීන් එය ‘ස්වයංජාත’ යනුවෙන් හඳුන්වන බවද යාපා මහතා කීය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom