ලොව තඩිම පුසා – ස්පොන්ජ් බොබ්
ලෝකයේ වෙසෙන තරබාරුම බළලා වන 9 හැවිරිදි ‘ස්පොන්ජ් බොබ්’ 4 හැවිරිදි ළමයෙකුගේ බරට සමානය. ඌ දැන් සත්ත්ව නිවහනට දැඩි ආහාර පාලන හා ශාරීරික යෝග්‍යතා අභ්‍යාස මාලාවක් නිරත කරනු ලැබ සිටින්නේ උගේ අසාමාන්‍ය ශාරීරික ප්‍රමාණය මෙන්ම බරද අඩු කිරීමේ අරමුණිනි.
ස්පොන්ජ් බොබ් බර රාත්තල් 30කි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ‘සත්ව නිවහනේ’ ඇප කැප වූ කාර්ය මණ්ඩලය ඌ වෙනුවෙන් ශාරීරික අභ්‍යාස මාලාවක් සම්පාදනය කොට ඒ අනුව ඌ චලන රටාවල යොදවා මාස දෙකක් ඇතුලත දී උගේ බර රාත්තල් 3 කින් අඩු කළේය .
ස්පොන්ජ් බොබ් ලොව දැනට වෙසෙන බරම බළලා විය හැකිය. ලෝකයේ මීට කලින් බරම බළලා වූ නව මැක්සිකෝවේ සැන්ටා ෆේ හි ‘මියෝව්’ නැමති රාත්තල් 39 ක් බරැති බළලා මේ මස මුලදී පෙණහලු අක්‍රිය වීමෙන් මිය ගියේය.
සත්ත්ව නිවහනේ සම අධ්‍යක්ෂිකා කේන්ද්‍රා මාරා පැවසුවේ ස්පොන්ජ් බොබ් ඔවුන්ට ලැබුනේ උගේ හාම්පුතා සත්කාරක නිවාසයකට ඇතුළු කිරීමෙන් පසුව බවයි.
ඌ පටවාගෙන එනු ලබූ කූඩය විවෘත කර බැලූ අවස්ථාවේ දී එතැන සිටි මිනිසුන් දහ පහළොස් දෙනෙකු මිනිත්තු ගණනාවක් තිස්සේ මුව විවර කොටගෙන බලා සිටි බවත් ඊට හේතුව උගේ අසාමාන්‍ය තරබාරු බවත් ඕ කීවාය.
ඌ ඒ සා විශාලති එකකු වුයේ කෙසේදැයි ඔවුන්ට කිව නොහැකි විය. අනුමාන කල හැකිව තිබු එකම හේතුව වුයේ උගේ රෝගාතුරව සිටි හාම්පුතා නිතිපතා ඌට වියලි ආහාර අනුභව කිරීමට ඉඩදී තිබීම විය හැකිය. හාම්පුතා රෝගාතුරව සිටීම නිසා ඌට අවශ්‍ය ඕනෑම වේලාවකදී ඒවා කෑමට හැකිවන අන්දමින් වියළී අහාර නිවසේ තැන තැන දමා තිබෙන්නට ඇතැයිද අනුමාන කල හැකිය.
ඕ මෙසේද කීවාය.
“බලලෙකු මෙතරම් විශාල ලෙස වැඩිම අස්වාභාවිකයි . උගේ රුධිරය පරික්ෂා කොට බැලූ විට ඌට රුධිරගත රෝගයක් නැති බව පෙනී ගියා. එසේ නම් පමණට වඩා කාම ගැනීම නිසා ඌ මෙසේ තරබාරු වන්නට ඇතැයි පේනවා”.
ස්පොන්ජ් බොබ් ගේ අසාමාන්‍ය ශාරීරික ප්‍රමාණය නිසා ඌට සාමාන්‍ය බලු පැටව් දෙන්නෙකුට ලබාදෙන ප්‍රමාණයේ අති විශාල කුඩුවක් ලබා දී ඇත. කුඩුවෙන් එලියට පනිමින් දිනපතා ශාරීරික ව්‍යායාම් වල යෙදෙන තැනට කාර්ය මණ්ඩලය ඌ දිරිගන්වමින් සිටී . ස්පොබ්ජ් බොබ් දුවන පනින තැනට පෙළඹවීම සදහා කාර්ය මණ්ඩලයට ඌට මත්පැන් බිදක් හෝ බළලුන්ගේ ප්‍රිය මනාපය යොමු වූ රස මුසු මිටක් හෝ ලබාදෙයි. ඒවා රස විදීමට ඌ කාමරය හරහා ඔබ මොබ දුවයි. එය ඌට ශාරීරික ව්‍යායාමයකි.
කාමරය පුරා දුව පනින තැනට ඌ පෙළඹ වීම සදහා එවැනි උපක්‍රමයක් යොදා ගැනීමෙන් වාසියක් විනා අවාසියක් නොවන බව කේන්ද්‍ර කීවාය .
ස්පොන්ජ් බොබ් ගේ දෛනික අහාර වේල කෙසඟ කුකුලන්ගේ මස්, මාළු හා කාර්බෝහිධ්‍රෙට්ස් රහිත වට්ටක්කා වැනි එලවළු ආදියෙන් සැදී විශේෂ ප්‍රෝටීන් දියරයක් අඩංගු කොට තිබේ. සත්ව නිවහනේ කාර්ය් මණ්ඩලය ප්‍රාර්ථනය වනුයේ ස්පොන්ජ් බොබ් ගේ බර මසකට රාත්තලක් හෝ දෙකක් බැගින් තවදුරටත් අඩු වී යනු දැකීමයි.
ස්පොන්ජ් නොන් සමග කෙලි සෙල්ලම් කරමින් මෙන්ම සෞඛ්‍යයට හිතකර උගේ කෑම වේල් ලැබ දෙමින් ඌට ආදරය කරන පවුලකට ඌ හදා වඩා ගැනීම ලගදීම පැවරෙනු ඇත . ස්පොන්ජ් බොබ් ගේ සුරතල් කමත් දැක සැබෑ සත්ව ලෝලියෙකු විසින් ඌ තමාගේ නිවසට කැදවාගෙන යනු ඇති තමන් අපේක්ෂා කරන බව කේන්ද්‍රා කීවාය.