Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pudumai Ath Aththai..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙමිදුලේ වෙහෙර ආකෘති හදන කතෝලිකයා

යමක් දුටු පමණින් එය නිර්මාණය කරන්නට හැකි නම් ඔහු සැබැවින්ම දක්ෂයෙකි. ජාති ආගම් කුල මල බේද පසෙකලා යම් අයකු රටෙහි සංස්කෘතිය, කලා ශිල්ප අගය කරන්නේ නම්, එයට වටිනාකමක් දෙන්නට උත්සාහ දරන්නේ නම් අප එය අගය කළ යුතු ය. මාරවිල කුරුස පල්ලිය පාරේ පදිංචි බී.එල්.ඩී. ෆීලික්ස් මහතා ද එවැනි ඇගයීමකට ලක්විය යුතු අයෙකි.

කතෝලික පරිසරයක ජීවත් වන ඔහු උපතින් ම කතෝලිකයෙකි. එහෙත් ඔහු සොයා ගිය ගමනේ දී ඔහුගේ නිවස ඉදිරිපිට තිබූ දාගැබ් නිර්මාණ ආකෘති දුටු පමණින් අපි පුදුම වූයෙමු. කතෝලික පරිසරයක, කතෝලිත නිවෙසක මෙවැනි නිර්මාණ කිරීමට බාධාවක් නැති ද? අපට මතු වූ ප්රශ්නය අපි ඔහුගෙන් ඇසුවෙමු.

“මුල් කාලෙ නම් එක එක්කෙනා මෙයට විරුද්ධ වුණා. මීට අවුරුදු පනහකට ඉස්සර අතීතයේ දී නම් කතෝලික සභාව මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය බොහෝ දුරට වෙනස්. බොහෝ දෙනා ඇවිත් නරඹනවා අගය කරනවා. එය මට සතුටක්. මා ධෛර්යමත් කිරිමක්”.

කුමකට ද මේ ඔහුව අගය කරන්නේ?

වෘත්තියෙන් කුඩා ව්‍යාපාරයක් කරගෙන යන ෆීලික්ස් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූවෙකි.

“අපේ තාත්තා වතු පාලකයෙක් හැටියට කටයුතු කළා. ඔහු බී.එල්.ඩී. බොනිපස්. අම්මා විනිෆ්රිඩා ජයසූරිය. අපේ පවුලේ ඔක්කොම දහ දෙනයි. මම පවුලේ නමවැනියා.

අපේ පවුල කතෝලික වුණත් මම කුඩා කාලයේ සිටම බුද්ධාගමට ඉතා කැමතියි. ඒ වගේ ම බෞද්ධ කලා ශිල්පවලට කැමැතියි. මට අද හිතෙන දෙයක් තමයි කුඩා කාලයේ සිට තිබූ ඒ ඇල්ම තමයි අද දවසේ දි නිර්මාණකරුවකු වෙන්න මට බලපෑවේ කියලා.

මීට කලකට ඉහත ෆීලික්ස් පවුලේ අය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක යෙදුණේ. එහිදී ජේතවනාරාමය, අභයගිරිය සහ වටදාගෙය ආදී සුවිසල් වෙහෙර විහාර දුටු ඔහු සිත ඒ කෙරෙහි බැදුණේය. “මට මේ වගේ චෛත්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් නම්” යැයි ඔහු සිතුවේය.

නිවසට පැමිණි පසු ද ඔහු අනුරාධපුරයේදී දුටු වෙහෙර විහාර පිළිබඳව සිතන්නට වූයේ ය. දිනක් ඔහු යම් කටයුත්තක් සඳහා වෑල්ඩින් වැඩපළකට ගියේ ය.

එහිදී ඔහුට ගේට්ටුවක් උඩට සවිකරන කෑල්ලක් හමුවූයේ ය. එය අතට ගෙන බැලූ ඔහු ගේ සිතේ ඇඳුණේ ය චෛත්‍යයක කොත් කැරැල්ලක් සේ ය. ෆීලික්ස් එයත් රැගෙන ගෙදර පැමිණියේ ය. සිමෙන්ති බදාම සාදාගෙන ඔහු චෛත්‍යයක් නිර්මාණය කෙළේ ය. එය නිම වනතුරු ඔහුට ඉවසුමක් නොවීය. ඉන් පසුව ඔහු තවත් නිර්මාණ කිරීමට පෙළඹුණේ ය. ඉන්පසුව ඔහු අපතේ යන දේවල් එකතු කර ගනිමින් තම කටයුත්ත දිගටම කරගෙන ගියේ ය.

ෆීලික්ස්ගේ ගේ ඉදිරිපස ඇත්තේ හරි අපූරු නිමැවුම් රැසකි. ඒ අතර අභයගිරිය, ජේතවනාරාමය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, රන්කොත් වෙහෙර, පබළු වෙහෙර, කිරි වෙහෙර ආදී දාගැබ්වල ආකෘති ඇත්තේ ය. මෙම බෞද්ධ වෙහෙර ආකෘතිවලට අමතරව ලූර්දු ගුහාව, කල්වාරියේ ආකෘති ද වේ.

“මම ඉස්කෝලෙදි කලා විෂයන් ඉගෙන ගත්තේ චිත්‍ර අඳින්න පුළුවන්කම තිබුණත් මූර්ති කලාව කරලා තිබුණේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳලම මට යම් දෙයක් දුටුවොත් එය නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා. අපේ සංස්කෘතික උරුම පිළිබඳව මා තුළ ලොකු ඇල්මක් තියෙනවා. අනුරාධපුරය පොළොන්නරුව ආදී ප්‍රදේශවලට ගියහම අමුත්තක් දැනෙනවා.

අපේ පැරැණි රජවරු කළ ඒ නිර්මාණ දිහා බැලුවම පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා වගේ ම අපිට අපේ රට ගැන ආඩම්බරයක් දැනෙනවා. කාලයක් යනතුරු මගේ හිතේ අනුරාධපුරයේ දී දුටුව වෙහෙර විහාර සිත්තමක් වගේ තිබුණා. යම් නිර්මාණයක් කරන්න පටන් ගත්තම එය නිමවා ඉවර වනතුරු හිතට ඉවසිල්ලක් නැහැ.

සමහර දිනවලට මම රෑ එක දෙක වනතුරු මෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා.” ඔහු කළ නිර්මාණ අතර සීගිරිය ද ඔහුගේ ම අදහසක් අනුව කළ බෞද්ධ විහාරස්ථානයක නිර්මාණයක්ද වේ.

ෆීලික්ස් කොතැන ගියද පසුවන්නේ විමසිල්ලෙනි. ඔහු මුහුදු වෙරළට ගිය ද ඒ අවට බලන්නේ තමන්ගේ නිර්මාණයකට භාවිතා කළ හැකි සිප්පිකටු බෙලිකටු පාෂාණ වර්ග ආදිය තිබේ දැයි කියා ය. ආ ගිය ගමන් වල දී ඔහු විසින් එකතු කරගන්නා ලද වසර ගණන් පැරණි ගල් වර්ග ආදිය ද මේ දාගැබ් නිර්මාණය සඳහා යොදා ගෙන තිබීම විශේෂිතය.

“අපි කුඩා ඇඹරුම් හලක් පවත්වාගෙන යනවා. මමයි බිරියයි තමයි මේක කරගෙන යන්නේ. මේ නිර්මාණ කිරීමේ පැත්තට ම හිත යොමු වුණ නිසා දැන් මොන දේ කළත් මගෙ හිත තියෙන්නේ අලුත් දෙයක් නිර්මාණය කිරීම පිළිබඳව උනන්දුව. මම නිර්මාණ කටයුතු වල නියැළෙන නිසා බිරිය තමයි ව්‍යාපාරය බලා කියා ගන්නේ. ඇයගෙන් මට මේ සඳහා හොඳ සහයෝගයක් ලැබෙනවා.”

ෆීලික්ස් ගේ බිරිය නිර්මලා ඔහුට නිර්මාණ ආකෘති සෑදීම සඳහා උපරිම සහයෝගයක් ලබා දෙන්නේ ය.

“අපි බැඳලා අවුරුදු විසිපහක් වෙනවා. මහත්තයා කවදත් කලාත්මක දේට කැමතියි. මම බඳින්නත් කලින් මහත්තයට ලැබිලා තිබුණ දිරා ගිය ගසක කොටසක් භාවිතා කරලා තමයි කල්වාරිය නිර්මාණය කරලා තියෙන්නේ. මුලින් ම මහත්තයා මේ දේවල් කරන්න ගත්තේ විනෝදාංශයක් හැටියට.

නමුත් ඔහුගේ මේ නිර්මාණ දැකපු අය ඒවා අගය කරන්න ගත්තම ඔහු දිරිමත් වුණා. ඔහු මේ කරන දේවල් බලලා මමත් සතුටු වෙනවා. මුලින් නම් මොකක්ද මේ තේරුමක් නැති වැඩේ කියලා හිතුණා. ඒත් දැන් මම ඔහුව අගය කරනවා. නිර්මාණ කටයුතු කරගෙන යන්න මම මට පුළුවන් ආකාරයෙන් සහයෝගය ලබාදෙනවා.”

සිමෙන්ති බදාම, මැටි, ගල් වර්ග එකතු කරගන්නා ඔහු දාගැබක ආකෘතියක් නිර්මාණ කරන්නේ ය. බාහිර ලෝකයෙන් ඈත්ව ඔහු ඔහුගේ ලෝකයේ තනිවෙන්නේ ය.

අනුරාධපුරය පොළොන්නරුව පමණක් නොව මඟ තොටදී දකින වෙහෙර විහාර වලට සිතින් ගමන් කරන ඔහු ඒ හරහා හුරුබුහුටි නිර්මාණ ගොඩනඟන්නේ ය. දවස් දෙක තුන එක දාගැබි ආකෘතියක් නිමැවුම සඳහා ගත කරන්නේ ය. අවසන ඔහු එයින් උපරිම සතුටක් විඳින්නේය.

මුල් දවස්වල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මම මේ දේවල් කරනවා කියලා. නමුත් ඇඹරුම්හලට ආව අය දැකලා තමයි කටින් කට ගියේ. අම්මලා තාත්තලා ළමයි අරගෙන ඇවිත් පෙන්නනවා. මේ ප්‍රදේශයේ සියයට අනූ නමයක් ම ඉන්නේ කතෝලිකයෝ.

හුඟක් දරුවෝ අපේ ඉතිහාසයේ තිබෙන සුවිශේෂී දාගැබ් නිර්මාණ දැකලා නැහැ. සමහර අය අනුරාධපුර පොළොන්නරු යන්න පෙර ඇවිත් ෙමේ නිර්මාණ බලලා යනවා.

තවත් සමහරු ඇවිත් මේ හදලා තියෙන ආකෘති මිලට ගන්න ඉල්ලනවා. තවත් අය සල්ලි දෙන්නම් හදලා දෙන්න කියනවා. ඒත් මම ඒකට කැමති නැහැ. මට මේ දේවල් කරලා ප්‍රසිද්ධිය හෝ මුදල් ඉපයීම අවශ්‍ය නැහැ. මට ඕන මම කරන නිර්මාණ මගේ ළඟම තියාගෙන ඉන් සතුටක් ලැබීමටයි.”

ජේසුස් වහන්සේ ගේ මෑණියන් මරිය මාතාව නොයෙක් නගරවල නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටියාය. ප්‍රංශයේ ලුර්දු නගරයේදී මරිය මාතාවන් පෙනී සිටිය විට ඇය හැඳින් වූයේ ලුර්දු මාතාව නමිනි. ෆීලික්ස් මරිය මාතාව සැමරීමට ලුර්දු ගුහාව ද නිර්මාණය කර ඇත්තේ ය.

“ඉදිරියේදී තවත් නිර්මාණ කිරීමට මගේ හිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. මගෙ ආශාවක් තිබෙනවා ඉසුරුමුනියේ පෙම් යුවළ නිර්මාණය කිරීමට. ඒ වගේ ම අපේ රටේ සිද්ධස්ථානවලට ගිහිල්ලා ඒ දේවල් නරඹලා ඒවායේ ආකෘති නිර්මාණය කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තිබෙනවා.”

ඔහු තම නිර්මාණ තුළින් උපරිම තෘප්තියක් ලබන්නේ ය. වෙහෙර විහාර දාගැබ් හැරුණු විට ෆීලික්ස් නුවරඑළියේ ගම්මානයක් ද නිර්මාණය කර ඇත්තේ ය. එය ඇත්තේ ඔහුගේ ගෙමිදුලේ පසෙකට වන්න ය.

“මීට කලකට පෙර අපි නුවරඑළියේ ගියා. ඒ යන ගමනෙදි ඈතින් දුටු සොඳුරු දර්ශනයක් තමයි මම මේ නිර්මාණය කර තිබෙන්නේ.

තැනෙක දිය ඇල්ලක්. තවත් තැනෙක වගා බිම් ය. උස් කඳු මුදුන්, ඒ මත කුඩා නිවාස මේ සියල්ල එකට කැටිකොට ඔහු දුම්රියෙන් බස් රියෙන් නුවරඑළිය ප්‍රදේශයේ යද්දී ඈතින් දිස්වන සොඳුරු ගමක් නිර්මාණය කර ඇත්තේය.

ජීවිතය පවත්වාගෙන යාමට ව්‍යාපාර කටයුත්ත කරන අතරම ඔහු තම ආත්ම තෘප්තිය සඳහා මේ සියුම් නිමැවුම් කරන්නේ ය. ෆීලික්ස්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දක්වන විශ්‍රාමික විදුහල්පතිවරයකු වන බැසිල් ප්‍රනාන්දු මහතා.

“වර්තමානයේ පාසල්වල චිත්‍ර උගන්වන ගුරුවරු අතරටත් මෙවැනි නිර්මාණාත්මක දේ කරන අය විරලයි. මේ දේවල්වල විශේෂත්වය තමයි කතෝලික පරිසරයක ෆීලික්ස් වගේ කෙනෙක් මෙවැනි නිර්මාණ කිරීම. මේ ප්‍රදේශයේ පාසල් දරුවෝ ඇවිත් මේවා නරඹනවා.

ෆීලික්ස්ට කාර්මික ඥානයයි, කලාත්මක ඥානයයි දෙකම තිබෙනවා. ඒ වගේ ම සුනිල් ප්‍රනාන්දු පුල්ලේ මහතාටත් අපි ස්තුති වන්ත විය යුතුයි ෆීලික්ස් මහතාට රටට හඳුන්වා දීමට මුල් වුණාට.”

රැයින් අවදිවන ඔහු තමන් කළ නිර්මාණ දෙස බලා තුටු වන්නේ ය. ඒවාට සාත්තු කරන්නේ ය. දූවිලි සෝදා පිරිසිදු කරන්නේ ය. දවස ගෙවන්නේ ඊළඟට කරන අලුත් නිර්මාණය ගැන සිතමිනි. යන එන තැන්වලදී තමන්ට නිර්මාණ සඳහා භාවිතා කළ හැකි ගල් වර්ග හෝ වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව විමසිලිමත් වන්නේ ය.

ඔහු තමන්ම සාදා ගත් කුඩා යන්ත්‍රයකින් ගඩොල් කඩා තීරුවලට කපන්නේ ය. ඒ චෛත්‍ය බැඳීමට ය. මේ සියල්ල අවසානයේ ආගම් භේදයකින් තොරව ඔහු තමන් කළ නිර්මාණය දෙස බලා නිරාමිස සතුටක් විඳින්නේ ය.

[QUOTE="NPDJs, post: 12009907, member: 22642"] ගෙමිදුලේ වෙහෙර ආකෘති හදන කතෝලිකයා [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix.jpg[/IMG] යමක් දුටු පමණින් එය නිර්මාණය කරන්නට හැකි නම් ඔහු සැබැවින්ම දක්ෂයෙකි. ජාති ආගම් කුල මල බේද පසෙකලා යම් අයකු රටෙහි සංස්කෘතිය, කලා ශිල්ප අගය කරන්නේ නම්, එයට වටිනාකමක් දෙන්නට උත්සාහ දරන්නේ නම් අප එය අගය කළ යුතු ය. මාරවිල කුරුස පල්ලිය පාරේ පදිංචි බී.එල්.ඩී. ෆීලික්ස් මහතා ද එවැනි ඇගයීමකට ලක්විය යුතු අයෙකි. කතෝලික පරිසරයක ජීවත් වන ඔහු උපතින් ම කතෝලිකයෙකි. එහෙත් ඔහු සොයා ගිය ගමනේ දී ඔහුගේ නිවස ඉදිරිපිට තිබූ දාගැබ් නිර්මාණ ආකෘති දුටු පමණින් අපි පුදුම වූයෙමු. කතෝලික පරිසරයක, කතෝලිත නිවෙසක මෙවැනි නිර්මාණ කිරීමට බාධාවක් නැති ද? අපට මතු වූ ප්රශ්නය අපි ඔහුගෙන් ඇසුවෙමු. “මුල් කාලෙ නම් එක එක්කෙනා මෙයට විරුද්ධ වුණා. මීට අවුරුදු පනහකට ඉස්සර අතීතයේ දී නම් කතෝලික සභාව මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. නමුත් දැන් තත්ත්වය බොහෝ දුරට වෙනස්. බොහෝ දෙනා ඇවිත් නරඹනවා අගය කරනවා. එය මට සතුටක්. මා ධෛර්යමත් කිරිමක්”. කුමකට ද මේ ඔහුව අගය කරන්නේ? [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix1.jpg[/IMG] [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix2.jpg[/IMG] [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix4.jpg[/IMG] [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix6.jpg[/IMG] [IMG]http://dutunudutu.com/blog/wp-content/uploads/2011/02/philix7.jpg[/IMG] වෘත්තියෙන් කුඩා ව්‍යාපාරයක් කරගෙන යන ෆීලික්ස් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූවෙකි. “අපේ තාත්තා වතු පාලකයෙක් හැටියට කටයුතු කළා. ඔහු බී.එල්.ඩී. බොනිපස්. අම්මා විනිෆ්රිඩා ජයසූරිය. අපේ පවුලේ ඔක්කොම දහ දෙනයි. මම පවුලේ නමවැනියා. අපේ පවුල කතෝලික වුණත් මම කුඩා කාලයේ සිටම බුද්ධාගමට ඉතා කැමතියි. ඒ වගේ ම බෞද්ධ කලා ශිල්පවලට කැමැතියි. මට අද හිතෙන දෙයක් තමයි කුඩා කාලයේ සිට තිබූ ඒ ඇල්ම තමයි අද දවසේ දි නිර්මාණකරුවකු වෙන්න මට බලපෑවේ කියලා. මීට කලකට ඉහත ෆීලික්ස් පවුලේ අය සමඟ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයක යෙදුණේ. එහිදී ජේතවනාරාමය, අභයගිරිය සහ වටදාගෙය ආදී සුවිසල් වෙහෙර විහාර දුටු ඔහු සිත ඒ කෙරෙහි බැදුණේය. “මට මේ වගේ චෛත්‍යයක් නිර්මාණය කරන්න පුළුවන් නම්” යැයි ඔහු සිතුවේය. නිවසට පැමිණි පසු ද ඔහු අනුරාධපුරයේදී දුටු වෙහෙර විහාර පිළිබඳව සිතන්නට වූයේ ය. දිනක් ඔහු යම් කටයුත්තක් සඳහා වෑල්ඩින් වැඩපළකට ගියේ ය. එහිදී ඔහුට ගේට්ටුවක් උඩට සවිකරන කෑල්ලක් හමුවූයේ ය. එය අතට ගෙන බැලූ ඔහු ගේ සිතේ ඇඳුණේ ය චෛත්‍යයක කොත් කැරැල්ලක් සේ ය. ෆීලික්ස් එයත් රැගෙන ගෙදර පැමිණියේ ය. සිමෙන්ති බදාම සාදාගෙන ඔහු චෛත්‍යයක් නිර්මාණය කෙළේ ය. එය නිම වනතුරු ඔහුට ඉවසුමක් නොවීය. ඉන් පසුව ඔහු තවත් නිර්මාණ කිරීමට පෙළඹුණේ ය. ඉන්පසුව ඔහු අපතේ යන දේවල් එකතු කර ගනිමින් තම කටයුත්ත දිගටම කරගෙන ගියේ ය. ෆීලික්ස්ගේ ගේ ඉදිරිපස ඇත්තේ හරි අපූරු නිමැවුම් රැසකි. ඒ අතර අභයගිරිය, ජේතවනාරාමය, රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, රන්කොත් වෙහෙර, පබළු වෙහෙර, කිරි වෙහෙර ආදී දාගැබ්වල ආකෘති ඇත්තේ ය. මෙම බෞද්ධ වෙහෙර ආකෘතිවලට අමතරව ලූර්දු ගුහාව, කල්වාරියේ ආකෘති ද වේ. “මම ඉස්කෝලෙදි කලා විෂයන් ඉගෙන ගත්තේ චිත්‍ර අඳින්න පුළුවන්කම තිබුණත් මූර්ති කලාව කරලා තිබුණේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳලම මට යම් දෙයක් දුටුවොත් එය නිර්මාණය කිරීමේ හැකියාව තිබුණා. අපේ සංස්කෘතික උරුම පිළිබඳව මා තුළ ලොකු ඇල්මක් තියෙනවා. අනුරාධපුරය පොළොන්නරුව ආදී ප්‍රදේශවලට ගියහම අමුත්තක් දැනෙනවා. අපේ පැරැණි රජවරු කළ ඒ නිර්මාණ දිහා බැලුවම පුදුම හිතෙනවා. පුදුම හිතෙනවා වගේ ම අපිට අපේ රට ගැන ආඩම්බරයක් දැනෙනවා. කාලයක් යනතුරු මගේ හිතේ අනුරාධපුරයේ දී දුටුව වෙහෙර විහාර සිත්තමක් වගේ තිබුණා. යම් නිර්මාණයක් කරන්න පටන් ගත්තම එය නිමවා ඉවර වනතුරු හිතට ඉවසිල්ලක් නැහැ. සමහර දිනවලට මම රෑ එක දෙක වනතුරු මෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා.” ඔහු කළ නිර්මාණ අතර සීගිරිය ද ඔහුගේ ම අදහසක් අනුව කළ බෞද්ධ විහාරස්ථානයක නිර්මාණයක්ද වේ. ෆීලික්ස් කොතැන ගියද පසුවන්නේ විමසිල්ලෙනි. ඔහු මුහුදු වෙරළට ගිය ද ඒ අවට බලන්නේ තමන්ගේ නිර්මාණයකට භාවිතා කළ හැකි සිප්පිකටු බෙලිකටු පාෂාණ වර්ග ආදිය තිබේ දැයි කියා ය. ආ ගිය ගමන් වල දී ඔහු විසින් එකතු කරගන්නා ලද වසර ගණන් පැරණි ගල් වර්ග ආදිය ද මේ දාගැබ් නිර්මාණය සඳහා යොදා ගෙන තිබීම විශේෂිතය. “අපි කුඩා ඇඹරුම් හලක් පවත්වාගෙන යනවා. මමයි බිරියයි තමයි මේක කරගෙන යන්නේ. මේ නිර්මාණ කිරීමේ පැත්තට ම හිත යොමු වුණ නිසා දැන් මොන දේ කළත් මගෙ හිත තියෙන්නේ අලුත් දෙයක් නිර්මාණය කිරීම පිළිබඳව උනන්දුව. මම නිර්මාණ කටයුතු වල නියැළෙන නිසා බිරිය තමයි ව්‍යාපාරය බලා කියා ගන්නේ. ඇයගෙන් මට මේ සඳහා හොඳ සහයෝගයක් ලැබෙනවා.” ෆීලික්ස් ගේ බිරිය නිර්මලා ඔහුට නිර්මාණ ආකෘති සෑදීම සඳහා උපරිම සහයෝගයක් ලබා දෙන්නේ ය. “අපි බැඳලා අවුරුදු විසිපහක් වෙනවා. මහත්තයා කවදත් කලාත්මක දේට කැමතියි. මම බඳින්නත් කලින් මහත්තයට ලැබිලා තිබුණ දිරා ගිය ගසක කොටසක් භාවිතා කරලා තමයි කල්වාරිය නිර්මාණය කරලා තියෙන්නේ. මුලින් ම මහත්තයා මේ දේවල් කරන්න ගත්තේ විනෝදාංශයක් හැටියට. නමුත් ඔහුගේ මේ නිර්මාණ දැකපු අය ඒවා අගය කරන්න ගත්තම ඔහු දිරිමත් වුණා. ඔහු මේ කරන දේවල් බලලා මමත් සතුටු වෙනවා. මුලින් නම් මොකක්ද මේ තේරුමක් නැති වැඩේ කියලා හිතුණා. ඒත් දැන් මම ඔහුව අගය කරනවා. නිර්මාණ කටයුතු කරගෙන යන්න මම මට පුළුවන් ආකාරයෙන් සහයෝගය ලබාදෙනවා.” සිමෙන්ති බදාම, මැටි, ගල් වර්ග එකතු කරගන්නා ඔහු දාගැබක ආකෘතියක් නිර්මාණ කරන්නේ ය. බාහිර ලෝකයෙන් ඈත්ව ඔහු ඔහුගේ ලෝකයේ තනිවෙන්නේ ය. අනුරාධපුරය පොළොන්නරුව පමණක් නොව මඟ තොටදී දකින වෙහෙර විහාර වලට සිතින් ගමන් කරන ඔහු ඒ හරහා හුරුබුහුටි නිර්මාණ ගොඩනඟන්නේ ය. දවස් දෙක තුන එක දාගැබි ආකෘතියක් නිමැවුම සඳහා ගත කරන්නේ ය. අවසන ඔහු එයින් උපරිම සතුටක් විඳින්නේය. මුල් දවස්වල කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මම මේ දේවල් කරනවා කියලා. නමුත් ඇඹරුම්හලට ආව අය දැකලා තමයි කටින් කට ගියේ. අම්මලා තාත්තලා ළමයි අරගෙන ඇවිත් පෙන්නනවා. මේ ප්‍රදේශයේ සියයට අනූ නමයක් ම ඉන්නේ කතෝලිකයෝ. හුඟක් දරුවෝ අපේ ඉතිහාසයේ තිබෙන සුවිශේෂී දාගැබ් නිර්මාණ දැකලා නැහැ. සමහර අය අනුරාධපුර පොළොන්නරු යන්න පෙර ඇවිත් ෙමේ නිර්මාණ බලලා යනවා. තවත් සමහරු ඇවිත් මේ හදලා තියෙන ආකෘති මිලට ගන්න ඉල්ලනවා. තවත් අය සල්ලි දෙන්නම් හදලා දෙන්න කියනවා. ඒත් මම ඒකට කැමති නැහැ. මට මේ දේවල් කරලා ප්‍රසිද්ධිය හෝ මුදල් ඉපයීම අවශ්‍ය නැහැ. මට ඕන මම කරන නිර්මාණ මගේ ළඟම තියාගෙන ඉන් සතුටක් ලැබීමටයි.” ජේසුස් වහන්සේ ගේ මෑණියන් මරිය මාතාව නොයෙක් නගරවල නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටියාය. ප්‍රංශයේ ලුර්දු නගරයේදී මරිය මාතාවන් පෙනී සිටිය විට ඇය හැඳින් වූයේ ලුර්දු මාතාව නමිනි. ෆීලික්ස් මරිය මාතාව සැමරීමට ලුර්දු ගුහාව ද නිර්මාණය කර ඇත්තේ ය. “ඉදිරියේදී තවත් නිර්මාණ කිරීමට මගේ හිතේ බලාපොරොත්තුවක් තිබෙනවා. මගෙ ආශාවක් තිබෙනවා ඉසුරුමුනියේ පෙම් යුවළ නිර්මාණය කිරීමට. ඒ වගේ ම අපේ රටේ සිද්ධස්ථානවලට ගිහිල්ලා ඒ දේවල් නරඹලා ඒවායේ ආකෘති නිර්මාණය කරන්නත් මගෙ බලාපොරොත්තුවක් තිබෙනවා.” ඔහු තම නිර්මාණ තුළින් උපරිම තෘප්තියක් ලබන්නේ ය. වෙහෙර විහාර දාගැබ් හැරුණු විට ෆීලික්ස් නුවරඑළියේ ගම්මානයක් ද නිර්මාණය කර ඇත්තේ ය. එය ඇත්තේ ඔහුගේ ගෙමිදුලේ පසෙකට වන්න ය. “මීට කලකට පෙර අපි නුවරඑළියේ ගියා. ඒ යන ගමනෙදි ඈතින් දුටු සොඳුරු දර්ශනයක් තමයි මම මේ නිර්මාණය කර තිබෙන්නේ. තැනෙක දිය ඇල්ලක්. තවත් තැනෙක වගා බිම් ය. උස් කඳු මුදුන්, ඒ මත කුඩා නිවාස මේ සියල්ල එකට කැටිකොට ඔහු දුම්රියෙන් බස් රියෙන් නුවරඑළිය ප්‍රදේශයේ යද්දී ඈතින් දිස්වන සොඳුරු ගමක් නිර්මාණය කර ඇත්තේය. ජීවිතය පවත්වාගෙන යාමට ව්‍යාපාර කටයුත්ත කරන අතරම ඔහු තම ආත්ම තෘප්තිය සඳහා මේ සියුම් නිමැවුම් කරන්නේ ය. ෆීලික්ස්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දක්වන විශ්‍රාමික විදුහල්පතිවරයකු වන බැසිල් ප්‍රනාන්දු මහතා. “වර්තමානයේ පාසල්වල චිත්‍ර උගන්වන ගුරුවරු අතරටත් මෙවැනි නිර්මාණාත්මක දේ කරන අය විරලයි. මේ දේවල්වල විශේෂත්වය තමයි කතෝලික පරිසරයක ෆීලික්ස් වගේ කෙනෙක් මෙවැනි නිර්මාණ කිරීම. මේ ප්‍රදේශයේ පාසල් දරුවෝ ඇවිත් මේවා නරඹනවා. ෆීලික්ස්ට කාර්මික ඥානයයි, කලාත්මක ඥානයයි දෙකම තිබෙනවා. ඒ වගේ ම සුනිල් ප්‍රනාන්දු පුල්ලේ මහතාටත් අපි ස්තුති වන්ත විය යුතුයි ෆීලික්ස් මහතාට රටට හඳුන්වා දීමට මුල් වුණාට.” රැයින් අවදිවන ඔහු තමන් කළ නිර්මාණ දෙස බලා තුටු වන්නේ ය. ඒවාට සාත්තු කරන්නේ ය. දූවිලි සෝදා පිරිසිදු කරන්නේ ය. දවස ගෙවන්නේ ඊළඟට කරන අලුත් නිර්මාණය ගැන සිතමිනි. යන එන තැන්වලදී තමන්ට නිර්මාණ සඳහා භාවිතා කළ හැකි ගල් වර්ග හෝ වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව විමසිලිමත් වන්නේ ය. ඔහු තමන්ම සාදා ගත් කුඩා යන්ත්‍රයකින් ගඩොල් කඩා තීරුවලට කපන්නේ ය. ඒ චෛත්‍ය බැඳීමට ය. මේ සියල්ල අවසානයේ ආගම් භේදයකින් තොරව ඔහු තමන් කළ නිර්මාණය දෙස බලා නිරාමිස සතුටක් විඳින්නේ ය. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom