Pudumai Ath Aththai..

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලෝකයේ ප්‍රසිද්ධම හාදුව

    kiss.jpg


    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙතෙක් ලෝකයේ මිනිසෙකු කාන්තාවකට දුන් වඩාත්ම ආන්දෝලනාත්මකම හාදුවයි, එසේම එය 20වන ශතවර්ශයේ සුප්‍රසිද්ධම ඡායාරූප වලින් එකකි.

    V-J Day in Times Square යනුවෙන් හැදින්වෙන මෙය ඡායාරූපයට නගා ඇත්තේ Alfred Eisenstaedt නම් ඡායාරූප ශිල්පියායි. V-J Day නමින් හදුන්වන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් ජපානය යටත් වූ 1945 අගෝස්තු 14 වන දිනයයි.

    දෙවන ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය Life සගරාවේ පල විය.

    ඉන්පසු දශක ගණනාවක් පුරා බිලියන ගණනක් ලෝක වාසීන් නරඹා ඇති මෙම සුප්‍රසිද්ධ ඡායාරූපයේ සිටින හෙදිය සහ නාවිකයා හදුනා ගැනීමට වසර ගණනාවක් ගත විය.
    1970 දශකයේ අග භාගයේදී Edith Shain නම් කාන්තාව ඡායාරූප ශිල්පියා වන Eisenstaedtට ලියූ ලිපියකින් ඡායාරූපයේ සිටින්නේ තමා බව ප්‍රථමයෙන් හෙලි කලාය. වසර 91ක් ආයු වලදා 2010-06-20 වන දින ඇය මිය ගියාය.

    2005 අගෝස්තු මාසයේදී George Mendonça නමැත්තා මෙම ඡායාරූපයේ සිටින නාවිකයා බවට හදුනා ගත් අතර ඒ සදහා Mitsubishi Electric Research Lab නම් ආයතනය මෙම ඡායාරූපය විශ්ලේෂනය කර ඡායාරූපයේ නාවිකයාගේ සිරුරේ ඇති කැලැල් සහ පච්චා සලකුනු George Mendonçaගේ සිරුර සමග සැසදුවේය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු​

    shoes.png


    වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටෙ‍්‍රඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක‍්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති මෝටර්, බැටරි බලයෙන් කි‍්‍රයාකරන අතර, මෙය පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කළහැකි බව වාර්තා වේ.

    බැටරි බලය පැය දෙක තුනකට සෑහෙන අතර, පාවහන් නැවත භාවිතා කිරීමට පැය දෙකක් තුනක් එහි බැටරි ආරෝපනය කළ යුතු වේ.නයිලෝන් හා ඇලූමිනියම් වලින් සැදුම්ලත් මෙම විශේෂ පාවහන්, අවශ්‍ය විටදී සාමාන්‍ය පාවහන් වලට උඩින් සවිකළ යුතු වේ.වයර්ලස් දුරස්ථ පාලකයකින් මෙහි වේගය පාලනය කළ හැකි මෙම පාවහන් වල මිල පවුම් 415ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

    වසර 5කට කලින් සිට මෝටර් රථය නැවැත්වීමට ස්ථානයක් සොයන අතරතුරේදී මෙවැනි නිර්මාණයක් සඳහා අදහස ලැබුනු බව පීටර් ටෙ‍්‍රඞ්මන් මාධ්‍යයට පවසා තිබේ.මෙම පාවහන් ලබන පෙබරවාරි මාසයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.
     
    • Like
    Reactions: cnf271

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ටී ෂර්ට් 257ක් අඳිමින් ලෝක වාර්තාවක්​

    Sanath-bandara.jpg


    ටී ෂර්ට් 257ක් විනාඩි 48කදී අඳිමින් පසුගිය දා හයිඩ් පිටියේදී ලෝක වාර්තාවක් තැබීමට ලංකාවේ තරුණයෙක් සමත් වුනා. හුරුළු වැව, මහවැලි කලාපයේ ගල්කිරියාගම සනත් බණ්ඩාර වන ඔහු මැරතන් තරඟ වලින් නමක් දිනාගත් තරුණයෙක්.
    මීට පෙර එම වාර්තාව තබා තිබුනේ කොරියානු ජාතිකයෙකයෙක්. ඒ ටී ෂර්ට් 252ක් පැයකුත් විනාඩි 42කදී අඳිමින්
    මෙම කටයුත්ත අධීක්ෂණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා ලෙස අලුතින් පත්වූ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතායි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වසර 58 ට පසු බිල්පතක් ගෙවලා

    Parking.jpg


    සිය වාහනය ගාල් කර තැබීම සඳහා නිකුත්කරන ලද බිල්පතක ගාස්තුව වසර 58 ට පසු ගෙවන ලද අමෙරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නගරයේ වෙසෙන පුද්ගලයෙකු පිළිබඳව අපූරු පුවතක් වාර්තා වේ. සිය හෘද සාක්ෂියට එකඟවීම සඳහා අමෙරිකානු ඩොලර් 01 වටිනාකමකින් යුත් මෙම බිල්පත ගෙවාදැමීමට තමන් තීරණය කළ බවත්, එය තමන් වෙත පවතින ණයක් බවත් මෙම පුද්ගලයා සඳහන් කර තිබේ. එක්රැස්කර තබන ලස සිහිවටන කිහිපයක් අතර තිබී අදාළ බිල්පත හමුවීමෙන් පසුව Dale Crawford නැමති මෙම පුද්ගලයා නගර බලධාරීන් වෙත ලිපියක් යවමින් ඒ බව දැනුම් දී තිබේ. ඔහු වෙත එම බිල්පත නිකුත්කර ඇත්තේ 1953 පෙබරවාරි මස 03 වන දිනය. හූස්ටන් නගරයේ නගරාධිපති විසින් අදාළ බිල්පතෙහි ගාස්තුව පෞද්ගලිකවම බාරගෙන ඇති අතර අනෙකුත් නගර වැසියන්ට ආදර්ශයක් ලබාදීම පිළිබඳව ස්තූතිය පළ කර ඇති බව ද වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    වසර 25 ක් කුසෙහි පෑනක් සමග ජීවත් වූ කාන්තාවක්

    pen.jpg


    වසර 25 ක් පුරා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ උදරය තුළ තිබූ පෑනක් ශල්‍ය කර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව ද ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 76 හැවිරිදි මෙම කාන්තාවට මතුවූ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවීමෙන් පසුව ඇයගේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්‍යවරුන් නියම කර තිබේ. එම ස්කෑන් පරීක්ෂ‍ණයේ දී ඇයගේ උදරය තුළ තිබූ කිසියම් දික් රේඛාවක් වැනි යමක් පිළිබඳව අනාවරණය වි ඇත. මීට වසර 25 ට පමණ පෙර තමන්ට හදිසි තත්ත්වයක් මත පෑනක් ගිලුණු බව මෙම කාන්තාව එහිදී වෛද්‍යවරුන් වෙත දැනුම් දී තිබේ. එම පෑන ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව එහි භාවිතයට ගත හැකි තීන්ත අන්තර්ගතව තිබී ඇති අතර ලේඛනය සඳහා භාවිත කළ හැකිව පැවතීම ද පුදුමය දනවන කරුණක් වී ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නත්තල් සීයලාගේ තරගයක්

    Santa-Claus.jpg


    පසුගිය දිනෙක උතුරු එංගලන්තයේ ලිවර්පූල් නගරයේ අපූරු තරගයක් පැවැත්විණි.
    නත්තල් මාසය උදාවීමත් සමග වාර්ෂිකව පැවැත්වෙන Santa Claus Santa Dash marathon ලෙස නම් කර ඇති මෙය මැරතන් ධාවන තරගයකි.
    මෙවර තරගය කි.මී 5දුරකින් යුක්ත වූ අතර මෙම තරගය වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගී වු මැරතන් තරගයක් ලෙස වාර්තා පොතට එක්වෙයි.
    මෙම මැරතන් තරගයෙන් රැස් වන මුදල් සියල්ලම පුණ්‍ය කටයුතු වෙනුවෙන් යොදවන බවද සදහන්ය.
     
    • Like
    Reactions: prageeth119lk

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ගූගල් වෙතින් නව සොයා ගැනීමක්

    google.jpg


    ස්වයං ධාවන මෝටර් රථ තාක්ෂණය සඳහා ගූගල් සමාගම අමෙරිකානු පේටන්ට් හිමිකම ලබා ගෙන තිබේ.මිනිසුන්ගේ පාලනයකින් තොරව මෝටර් රථ ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. සංචාරක යින් සංචාරක ආකර්ෂණ ස්ථානවලට රැගෙන යාමට හා දෝෂවලට ලක්වන මෝටර් රථ
    අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානවලට යැවීම සඳහා මෙම තාක්ෂණය උපකාරී වනු ඇතැයි, ගූගල් සමාගම පවසයි.ස්වයං ධාවන මෝටර් රථ සඳහා ජී.පී.එස්. තාක්ෂණය යොදා ගැණෙනු ඇති.මේ වන විට අවස්ථා කිහිපයකදී ගූග්ල් සමාගම විසින් ඒ පිළිබඳ අත්හදා බැලීම් කරනු ලැබ තිබේ.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ප්‍රථම ජලය යට පිහිටි හෝටලය

    මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස් (hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්.
    සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙම හෝටලය පිලිබද අදහස 2006 දී මුලින්ම ඉදිරිපත් වූ අතර එය ඉදිකිරීම 2008 දී පටන්ගන්න සැලසුම් කරලා තිබුනා.කොහොම නමුත් 2010 වෙනකනුත් මේකෙ ඉදිකිරීම් නම් පටන්ගෙන නෑ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ප්‍රථම සුපිරි බස් රථය

    4.jpg


    ලෝකයේ තාක්ෂනික දියුණුවත් සමගම බැදිල තියන වචනයක් තමයි සුඛෝපභෝගීතාව නැත්නම් සැප පහසුව කියන්නෙ. මොකද තාක්ෂනික දියුණුවත් එක්ක විශාල වශයෙන් මිනිසාට කිරීමට තිබූ වැඩ ප්‍රමාණය අඩු වුනා. තාක්ෂනික දියුණුව කාර්මික විප්ලවය කාලෙදි තරම් වේගවත් නොවුනත් අදටත් සීඝ්‍රයෙන් එය සිදුවෙමින් තිබෙනවා. මේ ඒ සදහා හොද උදාහරණයක්. මේ තමයි ලොව ප්‍රථම සුපිරි බස් රථය. එහෙමත් නැත්නම් super bus එක.
    බස් රථය හදලා තියෙන්නෙ ඕලන්දයේ. මේකෙ වරකට මගීන් 23 දෙනෙකුට ගමන් කරන්න පුලුවන්. උපරිම වේගය පැ.කි. 250 (250 kmph) බස් රථය වැඩ කරන්නෙ විදුලි බලයෙන්. වාහයන හදන්න ගිය වියදම යූරෝ මිලියන 7ක්. දැන් බස් රථය මගී ප්‍රවාහනයෙ යොදන්න කටයුතු කරලා තියෙන්නෙ. ඒ අබුඩාබි හා ඩුබායි අතර. නගර දෙක අතර සැතපුම් 75 පහුකරන්න බස් රථයට යන කාලට මිනිත්තු 30ක්.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ඇපල් වැස්සක්

    apple.jpg


    මේ, යුරෝපයේ හිම වැටෙන ඍතුවයි. එහෙත් මේදිනවල ඇදහැලෙන හිමවැසි වලට අමතරව වෙනස් ආකාරයේ වැස්සක් පසුගියදා එංගල න්තයෙන් වාර්තා විය. ඒ, ඇපල් වැස්සකි.පසුගියදා එංගලන්තයේ කොවන්ටි‍්‍ර නගරයට හදිසියේ ඇදහැලූනු මෙම ඇපල් වැස්සෙන් එම නගරයේ වැසියන් දැඩි විස්මයට පත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    මෙම ඇපල් වෙනත් ප‍්‍රදේශයකදී පොළොවට පතිත වූ සුළි සුළඟකට අසුව ඇතැයි සැකකෙරේ. කෙසේ වුවද මෙම හදිසි ඇපල් වැස්සට හේතුව මේ දක්වා හෙළි වී නැත.අහසින් වැටුණු මැඩියන්, මසුන් හා ඉස්ගෙඩි පිළිබඳව මීට කලින් ලොව බොහෝ ප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත.


    .
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    නගර මැද තවත් නගරයක්

    citya.jpg


    මාර්ගය හා ගුවන් තොටුපළ ආකෘතිය පිළිබඳව මෙම පුවත වාර්තා වේ. Miniatur Wunderland ලෙස නම් කර ඇති ජර්මනියේ Hamburg හි පිහිටි මෙම ආකෘතිය සංවර්ධිත නගරයක පිහිටි සියලුම අංගයන්ගෙන් සමන්විත වීම විශේසත්වයකි. කලබලකාරී නගරයක පැය 24 පුරා සිදුවන සාමාන්‍ය සිදුවීම් සියල්ල මෙම විශ්මලන්තයෙන් නිරූපණය කරයි. දවස පුරා ගමනාගමනයේ යෙදෙන දහස් සංඛ්‍යාත දුම්රිය, ගුවන් යානා, මෝටර් රථ සහ නෞකා මෙම විශ්මලන්තයට අයත් ප්‍රධාන අංග අතර වේ.
    මෙම විශ්මලන්තයේ නිමකර ඇති දුම්රිය මාර්ගය සැතපුම් 7 ක දුරකින් යුක්ත වන අතර එම මාර්ගය වර්ග අඩි 16, 000 පුරා විහිදෙයි.
    විශ්මලන්තය පුරා 200, 000 පමණ මිනිස් ආකෘති ඇති අතර, එය මෝටර් රථ 4000, ගොඩනැගිලි 800 කින් ද යුක්ත වේ.
    අමෙරිකාවේ එකිනෙකට වෙනස් වූ භූගෝලීය ලක්ෂණ 6 ක් මෙම විශ්මලන්තයෙන් පෙන්නුම් කරයි. මෙම විශ්මලන්තය සම්පූර්ණයෙන්ම නිමකිරීම සඳහා පැය 500, 000 ගතව තිබේ. එමෙන්ම සම්පූර්ණ ඉදිරිකිරීම් සඳහා යුරෝ මිලියන 3 .5 ක මුදලක් වැයව ඇත.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    බිල්පතක් වගේ පත්තරයක්

    npaper.jpg


    ඉතාමත් කුඩා පරිමාණයකින් යුතුව පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා ලන්ඩනයේ සැලසුම් ශිල්පීන් පිරිසක් විසින් ක්ෂුද්‍ර ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍රයක් නිපදවා තිබේ.
    මෙම කුඩා මුද්‍රණ යන්ත්‍රයෙන් වෙළඳසැලකින් ඔබ වෙත නිකුත්කරන බිල්පත් හෝ කිසියම් අවස්ථාවක ඔබ වෙත ලැබෙන කුවිතාන්සියක ප්‍රමාණයෙන් යුතුව පුවත්පත් මුද්‍රණය කළ හැකි අතර පිටු වෙන්කිරීමකින් තොරව රෝලක ආකාරයෙන් පුවත්පත ලබාදීම ද විශේෂත්වයකි.
    මෙම මුද්‍රණ යන්ත්‍රය අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය පුවත්පතක අන්තර්ගතය ක්ෂ්‍රද්‍ර ප්‍රමාණයේ පුවත්පතක් ලෙස ලබාදෙයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    සෙල්ලම් කාර්වලින් අපූරු සිතුවමක්

    cart.jpg


    සෙල්ලම් කාර් යොදාගනිමින් අපූරු සිතුවම් නිර්මාණය කිරීමත් සමග 28 හැවිරිදි ලැන් කුක් නැමති බ්‍රිතාන්‍ය ජාතික කලාකරුවෙකු Pic-cars-so යන අන්වර්ථ නාමය ලැබී තිබේ. වර්ණ ගන්වන ලද සෙල්ලම් කාර් සිතුවම නිර්මාණය කරන කැන්වසය පුරා ධාවනය කරවමින්, අවශ්‍ය වර්ණ කැන්වසය මත විසිරුවා, මෝටර් රථවල සිතුවම් නිර්මාණය කිරීම මොහු සතු දක්ෂතාවයයි.
    චිත්‍ර හා මෝටර් රථ ධාවන ක්‍රීඩාව වෙත තමන් තුළ වන ඇල්ම පිළිබිඹු කිරීම සඳහා තමන්ට අවශ්‍යව තිබූ බව ප්‍රසංග කලා උපාධිධාරියෙකු ද වන කුක් ප්‍රකාශ කර තිබේ.
    නත්තල් ත්‍යාගයක් ලෙස දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක වන මෝටර් රථයක් තමන් වෙත ලැබීමත් සමග මෙම අපූරු අදහස තම සිතට නැගුණු බව ද ඔහු සඳහන් කර ඇත.
    ඉදිරිපත් වන ඉල්ලීම් මත ‍කුක් විසින් මේ වනවිට නරඹන්නන් ඉදිරියේ වසරකට සිතුවම් 75 ත් 100 ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කරන බව ද වාර්තා වේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි

    2.jpg


    වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007 අවුරුද්දේදී ඉරාකයේ බස්රා නුවරදී සතුරන්ගේ රොකට් ප‍්‍රහාරයකට ගොදුරු වූ ඔහුගේ දෑස් අහිමි වුණා. ඔහුට ආයේ කවදාවත් ඔහුගේ ඇස්වලින් පෙනීම ලැබෙන්නේ නැහැ. ඒත් දුක් වෙන්න කාරි නැහැ. නවීන තාක්ෂණය ක්‍රෙග්ගේ උදව්වට ආවා. නවීන තාක්ෂණයේ පෙරැුළියක් සිදු කරමින් අලූත් මෙන්ම අපූරු ක‍්‍රමයකට ක්‍රෙග්ට යළි පෙනීම ලබා දීමට හැකිවී තිබෙනවා. දැන් ක්‍රෙග්ට පෙනීම දෙන්නේ ඔහුගේ ඇස් නොවේ, දිවයි.
     
    • Like
    Reactions: chanaka chana

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන්

    3.jpg


    එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ ඇට කැබලි වගයක්.

    පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරු පතලට කැඳවණු ලැබුවා. ඉන්පසු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරිස්සමෙන් පස් ඉවත් කිරීම සිදු වුණා. ඒ විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ සද්දන්ත සර්පයකුට අයත් අස්ථි වගයක්. ඒ විතරක් නෙවෙයි, මේ සද්දන්තයාගේ අස්ථි සමඟින් උගේ ගොදුරු බවට පත්වූ සතුන්ගේ අස්ථි කැබලි ද දකින්න ලැබුණා. මේ දැවැන්තයාගේ ගොදුරු බවට පත්වී තිබුණේ කිඹුලන් හා ඉදිඹුවන්ය.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    තරුවක් කෑමට ගන්නා තරුවක්

    1.jpg


    තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ පින්තූරවලින් දක්වෙන්නේ ඒ අවස්ථා කීපයක්. තරුවක් තවත් තරුවකින් පෝෂණය වෙනවා දැක්වෙන පැහැදිලි පින්තූර පෙළක් පළ වූ මුල් ම වතාව මෙයයි.

    මේ තරු දෙක එකිනෙකට සැතැපුම් මිලියන 92ක් එකිනෙකට ඈතින් තිබුණත් කුඩා තරුව ලොකු තරුව කෑමට ගන්නා හැටි ඔබටත් දැන් මේ පින්තූරවලින් නිරීක්ෂණය කරන්න පුලූවන්.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු

    4.jpeg


    අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි.

    පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ‘ජීව-ආලෝක’ bio light ක‍්‍රමයක් නිපදවා තියෙනවා. ඒ මගින් විදුලිය භාවිත නොකර ඔබට ඔබේ කාමරය ආලෝකවත් කර ගන්න පුලූවන්. එයින් විහිදෙන ආලෝකය සෞම්‍ය දීප්තියක් ඇති එකක්.
    මේ ලාම්පුවට ඇතුළත් වන්නේ වීදුරු කුටී පෙළක්. ඊට යොදා ගෙන ඇත්තේ කලාමැදිරියන් හා ? බදුල්ලන් ආලෝකය නිකුත් කිරීමට යොදා ගන්නා ජෛවසන්දීප්ත ක‍්‍රමයට සමාන එකක්. මේ වීදුරු බඳුන්වල ඇත්තේ ජෛවසන්දීප්ත බැක්ටීරියා විශේෂයක්. ඒ තුළට මීතේන් වායුව යැවූ විට දීප්තියක් නිකුත් කෙරෙනවා. මෙහිදී යොදා ගන්නේ නිවසේ අපද්‍රව්‍යවලින් නිපදවෙන ජීව වායුවයි.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    ලංකාවේ උපන් ලෝකයේ තෙවැනි විශාලම නිල් මැණික

    manik.jpg


    ලොව පරසිදු මැණික් ගල් අතර ලෝකයේ තුන්වැනි විශාලතම ”නිල් ආරනූල”ට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකාවය. දීප්තිමත් දර්ශනීය නිල් පැහැයකින් යුත් මෙම නිල් ආරනූල් වර්ගයේ මාණික්‍යයේ මතුපිට ඉතා හොඳින් ප‍්‍රදර්ශනය වන රේඛා හයක් දැකිය හැකිය. මෙම මාණික්‍ය 1973දී මාතලේ දිස්ති‍්‍රක්කයේ ඇලහැර හත්තොට අමුණ ප‍්‍රදේශයෙන් හමුවූ ඉතාමත් දුර්ලභ වර්ගයේ මැණිකක් වන අතර 1971 පිහිටවූ රාජ්‍ය මැණික් සංස්ථාව විසින් මිලදී ගනු ලැබ තිබේ. වර්තමානයේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නමින් හැඳින්වෙන එම ආයතනය රළු මැණිකක් ලෙස මිලදී ගත් මෙය ඇහැලියගොඩ මැණික් සංස්ථාවේ කැපුම් මධ්‍යස්ථානයේදී ගල් දෙකක් ලෙස ඉරා වෙන්කර කපා ඔප දමා තිබේ.
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    අඩි 55ක් දිග පිඹුරෙක් හමුවේ

    huge-snake.jpg


    මැලේසියාවේ වනාන්තරයකදී හමුවුණු මෙම අඩි 55ක දිගින් යුතු පිඹුරා හමුවී ඇත්තේ වනය හරහා නව මහාමාර්ගයක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසකටය.
    ඔවුන් බුල්ඩෝසර් යන්ත්‍ර මගින් වනය එළිකරමින් යද්දි එක්වරම පස් සමග ලේ මිශ්‍රව ඇති බව දැක තිබෙනවා, වැඩිදුරටත් පරීක්ෂා කරනවිට අති විශාල පිඹුරන් දෙදෙනක් දැක ඇති අතර එකෙකුට බුල්ඩෝසර් යන්ත්‍රයෙන් දැඩි හානි සිදුවී තිබෙනවා. ස්වල්ප වේලවකට පසු තුවාල වූ පිඹුරා මියගොස් ඇති අතර අනෙක් පිඹුරා නැවත වනයට පළාගොස් තිබෙනවා. මියගිය පිඹුරාගේ දිග අඩි 55ක් (16.7m) වන අතර බර කිලෝ 300කට වඩා වැඩි බවයි සඳහන් වන්නේ