nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ලංකාවේ වාහන ලියාපදිංචියේ අළුත්ම තොරතුරු මෙන්න

    කාලය අනුව ගණනය කරන්නේ නම් පසුගිය වසරේ සෑම විනාඩි දෙකහමාරකටම අළුතින් එක් යතුරු පැදියක්ද සෑම විනාඩි හයකටම අළුතින් ත්‍රී රෝද රථයක්ද ලියාපදිංචි වී තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වසරකදී වැඩිපුරම යතුරු පැදි ලියාපදිංචි වී තිබෙන්නේ 2010 වසරේදී බවත් පෙර වසරට වඩා සියයට 51 කින් ලියාපදිංචිය වැඩිවී එම ප්‍රමාණය 204,811 ක්වූ බවයි.

    මීට පෙර, වැඩිම යතුරු පැදි ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි වී තිබුණේ 2007 වසරේදී වන අතර එම ප්‍රමාණය 182,508 කි.

    මේ අනුව, ගිය වසරේ දිනකට යතුරු පැදි 561 ක් පමණ අළුතින් ලියාපදිංචි වී තිබෙන අතර එය කාලයෙන් බෙදා බැලූ විට විනාඩි දෙකහමාරකට එක් යතුරු පැදියකට සමාන වේ.

    මීට අමතරව, ගිය වසරේදී මෙරට ත්‍රී රෝද රථ 85,648 ක් ලියාපදිංචි වී තිබෙන අතර එය පෙර වසරට වඩා සියයට 129 ක වැඩිවීමකි.

    මේ අනුව, ගිය වසරේ දිනකට ත්‍රි රෝද රථ 234 ක් පමණ ලියාපදිංචි වී තිබෙන අතර එය සෑම විනාඩි හයකටම එක් ත්‍රි රෝද රථයකට සමාන වේ.

    "Vimasuma"