RAID ගැන අදහසක් ගන්න !

shyaminayesh

Member
Dec 25, 2013
20
21
3
RAID ගැන අදහසක් ගන්න !


බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් දැම්මා ඉතින් එකම මෙතනත් දාන්නම්. තුන් වෙනි thread එක එළකිරි එකේ දාන. වැරදි තැනක් තිබුනොත් පෙනලා දෙන්න. :)

අද දාන්න යන්නේ RAID කියාන තාක්ෂනය ගැන. RAID කියන එකේ දීර්ග තේරුම තමයි Redundant Array Of Inexpensive Disks කියන එක නමුත් දැන් නම් පාවිච්චි වෙන්නේ Redundant Array Of Independent Disks. ඉතින් මේ RAID කියන වචනේ මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ 1987 තේ David Patterson, Garth Gibson සහ Randy Katz කියන තුන් දෙනා University of California, Berkeley දී.

UCBerkeleyCampus.jpg


ඔන්න ඔය උඩ පින්තුරේ තියෙන්නේ place එක. :P පොඩ්ඩක් මෙන්න මෙහෙම හිතන්න. දැන් ඔයාලගේ පරිඝනකයේ තියෙනවා 500 GB විතර HDD එකක්. ඉතින් ගැටළුවක් නැතුවා අවුරුද්දක් වැඩ කරා කියමුකෝ. ඔන්න හිටි ගමන් එක පාරටම උදේ PC එක on කරද්දී HDD එක වැඩ නැ. HDD එක ආපහු ප්‍රයෝජනයක් ගන්න බැරි වෙන්නේ පිච්චිලා නම් දැන් ඉතින් අර ඇතුලේ තිබුන Data ගැන මතක් කර කර අඩන්න තමයි වෙන්නේ. මොකද එව්වා ආපහු ගන්න බැනේ HDD එක වැඩ නැතුව. backup තිබුනා නම් පුළුවන්. නමුත් හුගක් විට ඔයාලා ගාව backup නැති වෙන්න පුළුවන්. ඔන්න ඔතනදි තමයි RAID උදවු වෙන්නේ. ඔයා ඔයාගේ PC එකට අඩුම තරමින් RAID Level 1 එකක්වත් දාලා තිබුනානම් එක HDD එකක් පිච්චුනා කියලා ඔයාගේ Data වලින් පොඩ්ඩක්වත් loss වෙන්නේ නැ. මොකද RAID Level 1 වලදී ඒ වගේම clone එකක් වදිනවා තවත් HDD Disk එකක. හැබැයි ඔයාට 500 GB RAID 1 එකක් දාන්න ඕනිනම් 500 GB HDD Disk දෙකක් ඕනි වෙනවා. සල්ලි දීලා HDD ගත්තොත් පස්සේ පසු තැවිලි වෙන්න ඕනි නැ.

දැන් ඔයාලට හිතෙන්න පුළුවන් RAID එකක් තිබුනත් එකයි backup එකක් තිබුනත් එකයිනේ කියලා. ඇයි දැන් මම විස්තර කරපු විදියට ක්‍රම දෙකෙන්ම වෙන්නේ Data loss නොවී තියෙන එකනේ. හැබැයි backup එකක් තිබුනොත් ඔයාට එක restore කරන්න වෙනවා. එකට යම් කිසි වෙලාවක් ගත වෙනවා වගේම එක ටිකක් කරදර වැඩක්. අනිත් පැත්තෙන් බලනකොට server එකක් වගේ නම් ටිකක් හිතන්න client ලා 2000 ක් 3000 ක් ඉන්න shared server එකක් වගේ කියලා. දැන් හදිස්සියකවත් HDD එකක් ගියොත් සේරම හබක්. backup එක restore වෙනකොට සැලකිය යුතු කාලයක් යනවනේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවල් වලදී තමයි backup සහ RAID කියන දෙක එකිනෙකට වෙනස් වෙන්නේ. අඩුම තරමේ RAID 1 එකක්වත් තිබුනා නම් අර වගේ HDD එකක් fail උනාට server එක වැඩ කරනවා සහ data තියෙනවා. ඔයාට ආපැහු fail උන HDD එකට අලුත් එකක් replace කරලා RAID එක දාන්න විතරයි තියෙන්නේ. :)

හරි එහෙනම් ආපහු එන්නම් දිගටම RAID ගැන විස්තර අරගෙන. :P මෙන්න මේ video එකත් බලලම යන්න එහෙනම්. :)



මෙන්න බ්ලොග් එකේ ලින්කුව. වෙලාවක් තිබුනොත් ඇවිත් comment එකක් දාලා යන්න & පොස්ට් එක හොඳයි නම් rep පාරක් දාන්න. :)

http://bit.ly/1fi11xj

 
Last edited:
  • Like
Reactions: waparc