RAJA KAMATA PERA RATA

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඡේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වාදී 1978 පෙබරවාරි 4 වැනි දින සිට බලගැන්වූ විධායක ජනාධිපති ක්‍රමයේ හය වැනි විධායක ජනාධිපතිවරණය 2010 ජනවාරි 26 වැනි දින පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන දේහය තිගැස්‌සීමකට ලක්‌කරමින්ද, එතෙක්‌ පැවැති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම හෝ අවසානය එක්‌ පුද්ගලයකුගේ දෝත මත තබමින්ද හඳුන්වාදුන් මෙම විධායක ජනාධිපති ක්‍රමය එතෙක්‌ පැවති ශ්‍රී ලාංකීය දේශපාලනය උඩු යටිකුරු කරනු ලැබීය. දැඩි ඇමෙරිකන් පාක්‍ෂිකයකු වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇමරිකාවේ පමණක්‌ නොව ලෝකයේ කිසිම රටක නැති ජනාධිපති බලතල සහිත "උමතු" හඳුන්වාදීමක්‌ භාවිතයට නැගූ අතර එහි බියකරු බව පළමු ජනාධිපතිවරණයේදීම ලාංකීය සමාජයට අත්දකින්නට හැකි විය.

    1982 ඔක්‌තෝබර් 20 වැනි දින පැවැති ප්‍රථම ජනාධිපතිවරණයේ එක්‌සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා වූ ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයේ හිඳිමින්aම ජනාධිපතිවරණය පැවැත්වූ අතර එමගින් තම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමටත් බලයේ හිඳිමින්aම බලය ඉල්ලීම මගින් ඡන්දදායකයාගේ මනසට බලපෑම් කරමින් ඡන්ද දිනාගැනීමට කටයුතු කරනු ලැබීය. ඊට අමතරව තමන්ට බලපෑමක්‌ කළ හැකි ශ්‍රී.ල.නි.ප. අපේක්‍ෂිකාව වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරමින් ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම වළක්‌වා ලූ අතර ශ්‍රී.ල.නි.ප. උපක්‍රමශීලීව ඉතා දුර්වල තත්ත්වයකට පත්කර ජනාධිපතිකම තමා අතම රඳවා ගනු ලැබීය. මෙය විශිෂ්ට ජයග්‍රහණයක්‌ බව පවසමින්

    ඡේ. ආර්. ජයවර්ධන රජය උදම් ඇනුවද සැබවින් මෙම ජනාධිපතිවරණය හරහා ලාංකීය සියලු මැතිවරණයන්ට දුන් ආදර්ශය ඉතා පිළිකුල් සහගතය. කෙසේ වුවද එදා මෙදාතුර බලයට පත් ජනාධිපතිවරු "විධායක බලය තුළින් තම බලය තහවුරු කරගන්නට "දේශපාලන ව්‍යාපෘති" දියත් කළා මිස රටට අත්වූ විශේෂ සෙතක්‌ නැත.

    1990 දශකය වනවිට විධායක ජනාධිපති ක්‍රමයේ අනිටු විපාක පිළිබඳ සමාජය තුළ කතිකාවක්‌ නිර්මාණය වූ අතර 1994 පැවැති ජනාධිපතිවරණයේදී බලයට පත් වී වසරකින් එනම් 1995 ජුලි 15 දිනට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනතා විමුක්‌ති පෙරමුණට ලි�ත පොරොන්දුවක්‌ දී බලයට පැමිණි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියද "ජනාධිපති පුටුවෙන්" බැස ගියේ මේ පිළිලය තවදුරටත් ඉතිරි කරමිනි. ඉන්පසු 2005.11.17 වැනි දින පැවැති මැතිවරණයෙන් බලයට පත් වත්මන් ජනාධිපතිවරයාද 2005 සැප්තැම්බර් 8 වැනි දින ජනතා විමුක්‌ති පෙරමුණ සමග අත්සන් කළ වගන්ති 12 කින් යුත් ගිවිසුමේ හත්වැනි වගන්තිය ලෙස "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට බරපතල ලෙස හානිකරවූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ කාර්යයක්‌ ලෙස පිළිගෙන 2005 න් පටන් ගන්නා 6 වැනි ජනාධිපති ධුර කාලය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වුවද එයට අත්වූයේද චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්කර දුන් ඉරණමය. ඊට හොඳම උදාහරණය මෙවර ජනාධිපතිවරණයේ නිල කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමය.

    දැනට ප්‍රකාශයට පත්කර ඇති 6 වැනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2011 වසරේදී වුවද, 2010 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්‌ක කර ගනිමින් අකල්හි පළාත් සභා මැතිවරණ පවත්වමින් අවසානයේ දකුණු පළාත් සභා මැතිවරණයකදී පෘෂ්ඨිමත් දරුවකු අපේක්‍ෂා කළ ද ප්‍රතිඵලය ලෙස ලැබුණේ අපේක්‍ෂිත මට්‌ටමට නොවැඩුණු දරුවකු බැවින් ඉන් සලිත වූ රජය වහාම ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට තීන්දු කරනු ලැබීය. එවැනි කඩිනම් තීන්දුවක්‌ ගනු ලැබූයේ හේතු කිහිපයක්‌ පදනම් කරගෙනය. ඉන් පළමුවැන්න යුද ජයග්‍රහණයේ කීර්තිය "අලෙවි කර" පහසුවෙන් ජය ගැනීමට හැකි යෑයි කල්පනා කිරීමයි. ඊට අමතරව මේ වන විට එ.ජා.ප. ය ඉතා දුබල මට්‌ටමක පැවතීමත්, විශේෂයෙන් ප්‍රධාන මැතිවරණයකදී තීරණාත්මක බලපෑමක්‌ කළ හැකි ජ.වි.පෙ. තුළ මේ වනවිට අර්බුද නිර්මාණයවීමත් නිසා ජයග්‍රහණයට හොඳ පසුබිමක්‌ නිර්මාණය වී ඇතැයි රජය උපකල්පනය කිරීමත් කඩිනම් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට හේතු වූ බව දේශපාලන විචාරක මතයයි. එසේ නොවේනම් "යුද්ධය නිම කළෙමි දැන් ඉතින් රට හදමු" යන තේමා පාඨය රටට කියමින් යන්නට සැරසුණ ගමන නිමකර "රට හදා, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි ව්‍යාපෘති නිමකර වසර 2 කින් ජනාධිපතිවරණයට යා හැකිව තිබුණි. දෙවැනි ලෝක යුද්ධය ජයගත් වින්සන් චර්චිල්a බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස වසර තුනකින් එළඹි මැතිවරණයේදී පරාජය වූ අත්දැකීම පාඩමකට ගත් වත්මන් ආණ්‌ඩුව ඔවුන්aගේ පාර්ශ්වයෙන් ගත් බුද්ධිමත් තීන්දුවකි.

    මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක්‌ තරග කරන ජනාධිපතිවරණය වුවද ඔවුන්ගෙන් වැඩි පිරිසක්‌ ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේ "කොන්ත්‍රාත්කරුවන්ය. රූපවාහිනිය තුළ වැඩි ගුවන් කාලයක්‌ ලබාගැනීමත්, ඡන්ද පොළට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්‌ථානවලට තමන්ගේ පාක්‍ෂිකයන් වැඩි පිරිසක්‌ යෑවීමත් ප්‍රචාරක කටයුතු අවසාන කාලය එළඹෙන විට "මමත් ඉල්ලා අස්‌වී... ජයග්‍රහණයට කැප වෙන්න තීන්දු කළා" යෑයි කියවා ඡන්දදායකයාගේ මනසට බලපෑම් කිරීමත් මොවුන් හරහා සිදුවනු ඇත.

    ආණ්‌aඩුව ජනාධිපතිවරණයක්‌ පිළිබඳ තීන්දු ගනිද්දී විපක්‍ෂය මේ මොහොතේ දුර්වල මට්‌ටමක පැවතීම මෙන්ම, ජ.වි.පෙ. කිසිදාක එ.ජා.ප. යට එකඟ විය හැකි අපේක්‍ෂකයකු තෝරාගෙන එකම වේදිකාවකට නගිනු ඇතැයි කිසිලෙසකින්වත් ආණ්‌ඩුව කල්පනා නොකරන්නට ඇත. උදා වූ තත්ත්වය තුළ තනිව තරග කර පක්‍ෂය තවත් අර්බුදයකට යා නොදී විකල්ප ක්‍රියාමාර්ගයකට යොමුවූ ජ.වි.පෙ. වහාම නිර්පාක්‍ෂික අපේක්‍ෂකයකු සොයන්නට විය. ඒ අනුව සරත් ෆොන්සේකා හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා යන මහත්වරු සමග සාකච්ඡා ආරම්භ කරනු ලැබීය. සියලුම සාකච්ඡා සාර්ථක වූ අතර ඉන් වඩාත්ම සුදුසු පුද්ගලයා ලෙස සරත් ෆොන්සේකා මහතා තෝaරාගෙන වහා ප්‍රකාශයට පත් කරනු ලැබීය. ජ.වි.පෙ. තම දේශපාලන ගමන් මගේ දැවැන්ත ස්‌වයං පරිවර්ථනයකට ලක්‌වෙමින් එ.ජා.ප. යටද එකඟ විය හැකි අපේක්‍ෂකයකු තෝරාගැනීම ආණ්‌ඩුව කිසිසේත්ම අපේක්‍ෂා කළ දෙයක්‌a නොවේ. ජ.වි.පෙ. මෙම ප්‍රකාශය කරනවිට එ.ජා.ප. ය පත්ව සිටියේ ජ.වි.පෙ. පත්ව සිටි තත්ත්වයට වඩා අන්ත අසරණ තත්ත්වයකටය. තම ඡන්දදායකයන් තුළ පමණක්‌ නොව ඔවුන්ගේ ප්‍රධාන පෙළේa නායකයන් තුළ පවා ජයග්‍රාහී මානසිකත්වයක්‌ නිර්මාණය කර දෙපයින් හිටවීමට නොහැකි දුර්වල තත්ත්වයක ඔවුහු පසුවූහ. ඒ තත්ත්වය තුළ සරත් ෆොන්සේකා තෝරා ගැනීම ඔවුන්ගේ එකම ගැලවීම බවට පත්විය. ඒ අනුව වහාම සරත් ෆොන්සේකා මහතාට සහාය දෙන්නට තීරණය වූ අතර ජ.වි.පෙ. හා එකම වේදිකාවකට නැගිය හැකි වන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටද එකඟවිය. මෙය විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළ එ.ජා.ප. යට අත්විඳින්නට සිදුවූ දෛවයේ සරදමක්‌ බඳුය.

    කෙසේ හෝ මෙලෙස ජ.වි.පෙ., එ.ජා.ප. එක්‌ව මැතිවරණ ව්‍යාපාරයකට යොමුවීම ආණ්‌ඩුව බරපතල තිගැස්‌මකට ලක්‌ කළ අතර ඒ නිසාම මේ වන විට ශ්‍රී.ල.නි.ප. ඉතිහාසයේ කිසිදා නොකළ සියලු සදාචාරාත්මක සීමාවන් ඉක්‌මවා යමින් තම ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට හානි කළ හැකි සියලු ක්‍රම ආණ්‌aඩුව භාවිත කරමින් සිටී.

    පොදු අපේක්‍ෂකයා ලෙසින් තරග වදින සරත් ෆොන්සේකා මහතා අහඹු ලෙස ත්‍රස්‌තවාදීන්ගෙන් ජීවිතය බේරාගත් හා යුද ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක්‌ කළ අයෙකි. දේශපාලනයට අලුත් මුහුණකි. එබැවින් ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට විකුණන්නට, ඇත්තේද යුද ජයග්‍රහණය හා දැඩි විනයක්‌ සහිත දූෂණයට සම්බන්ධ නොවූ යුද සෙබළ ඉතිහාසයයි. ආණ්‌aඩුව වසර 6 ක ජනාධිපති ධුර කාලයෙන් වසර 4 ක්‌ සම්පූර්ණ කර ඇති බැවින් ඔවුන් අලෙවි කරන්නට පොරබදන්නේ ද මෙතෙක්‌ ඉටුකළ සේවය නොව යුද ජයග්‍රහණයයි.

    යුද ජයග්‍රහණයේ තීරණය අත්aaවන්නේ යුද බිමේ සිටි සරත් ෆොන්සේකාටද යුද්ධය නිසි ලෙස කළමනාකරණය කළ ආණ්‌ඩුවටද යන්න තේරුම් ගැනීම ඡන්aදදායකයාට මහත් ගැටලුවක්‌ වී ඇත. එය මුලින් බිහිවූ කිකිළයද නැත්නම් බිත්තරයද යන්න තෝරා ගැනීමට යැමේ සිදුවීම බඳුය. කෙසේ වුවත් නිදහසෙන් පසු මාරුවෙන් මාරුවට රට පාලනය කළ එ.ජා.ප. ය හා ශ්‍රී.ල.නි.ප. ය මේ යුද්ධයේ නිර්මාපකයන් බව ඔවුන් අමතක කර ඇත. 1976 යාපනයේ පුරපති දොරේඅප්පා ඝාතනය කර බෙදුම්වාදී ඝාතන සංස්‌කෘතියට අත්aපොත් තැබූ ප්‍රභාකරන් උපත ලබන්නේ" මේ දෙපක්‍ෂයට ජාතකවය. ඊළාම් යුද්ධයට ගින්දර හා ඉන්ධන සැපයුවේද මේ දෙපක්‍ෂයයි. අද ඒ බව අමතක කර යුද ජයග්‍රහණයේ කීර්තිය තම අපේක්‍ෂකයාට අයත් බව කියමින් මෙම පක්‍ෂ දෙකම ගොඩයන්නට හදති. වරෙක ප්‍රභාකරන්ගේ ඊළාම් සංකල්පයට උත්තේජනය සපයන ක්‍රියාකාරකම්වල යෙදුණු බව මේ දෙපාර්ශ්වයටම අමතකය. අද වන විට බෝඩ්ලෑලිවලට සීමාවී ඇති සම සමාජ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂ ස්‌aවයං තීරණ අයිතියදී ජාතික ගැටලුව විසඳන්නට උත්සාහ කළ ද ජ.වි.පෙ. මාක්‌ස්‌වාදය නිසි ලෙස විග්‍රහ කරගනිමින් යුද්ධය යුද්ධයෙන්ම පරාජය කළ යුතු බව ආරම්භයේ සිටම දැරූ මතයට ජාතිවාදී පදනමෙන් වුවද සිහළ උරුමයද එම මතයම දැරීය. කෙසේ වුවද යුද්ධය නිම කිරීම කීර්තිමත් ක්‍රියාවක්‌ බවට විවාදයක්‌ නැත. එබැවින් එම කීර්තිමත් අයිතිය තෝරා ගැනීම ඡන්aදදායකයාට භාරය.

    මේ වන විට මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත්තේ මේ කිසිවකින් නොව දේශෙද්‍රdaහී හා දේශප්‍රේමී කතාවලිනි. මීට පාදක කරගෙන ඇත්තේ සරත් ෆොන්සේකා මහතා "සන්ඩේ ලීඩර්" පුවත්පතට කළා යෑයි කියන ප්‍රකාශයකි. ඒ ප්‍රකාශය මත එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ විමර්ශක පිලිප් ඇල්ස්‌ටන් මහතා ශ්‍රී ලංකා රජයෙන් පැහැදිලි කිරීමක්‌ ඉල්ලා ඇතැයි රජය පවසයි. මෙම විමසීම ඉල්ලා සිටීමට පෙරම සරත් ෆොන්aසේකා මහතා තමන් එවැනි ප්‍රකාශයක්‌ නොකළ බවට මාධ්‍ය හරහා ප්‍රකාශ කළ ද එම ප්‍රකාශය හරහා සරත් ෆොන්සේකාට ගොඩවන්නට නොහැකි වළකට ඇද දැමීමට හොඳම අවස්‌ථාව මෙය බව වටහාගත් ආණ්‌ඩුවේ සමහර අවස්‌ථාවාදීන් එම ප්‍රකාශය සරත් ෆොන්සේකා මහතා කළ බව තහවුරු කරන්නට සාධක සෙවූහ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන උනන්දු වන්නේද ඒ අනුවය. සරත් ෆොන්සේකා මහතා එවැනි ප්‍රකාශයක්‌ නොකළ බව ප්‍රකාශ කළ පසු "සන්ඩේ ලීඩර්" පුවත්පතේ වාර්තාකාරිනියද තම වාර්තාව නිවැරදි බව පුන පුනා මාධ්‍යට කියන්නට වූවාය. සාමාන්‍ය මාධ්‍ය භාවිතාව තුළ අප අත්දැක ඇත්තේ පුවත්පතකට යම් පුද්ගලයකු ප්‍රකාශ කළා යෑයි පළ කළ වාර්තාව අදාළ පුද්ගලයා ප්‍රතික්‍ෂේප කරන්නේ නම් තම ප්‍රවෘත්තිය නිවැරදි බව ප්‍රකාශ කර නිහඬ වීමය. එහෙත් මෙම මාධ්‍යවේදිනිය "දේශපාලන" වැඩ සඳහා අවශ්‍ය "අමුද්‍රව්‍ය" නිරන්aතරවම සැපයීම මාධ්‍ය සදාචාරයට මෙන්ම තම මාධ්‍ය වාර්තාකරණයට කොතරම් ගැලපේදැයි කල්පනා කළ යුතු අතරම එම ප්‍රකාශය නිවැරදි බව තහවුරු කිරීමටද දරන වෑයම තුළ රටට වන හානිය කල්පනා කළ යුතුය.

    අනෙක්‌ අතට රජයේ ඇතැම් පිරිස්‌ සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්‍ෂේප කරන ප්‍රකාශයක්‌ අල්ලාගෙන ඒ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට හානි කිරීමට තැත් කිරීම තුළ බරපතල හානිය වන්නේ රටටයි. සැබෑ ලෙසම රටට ආදරය කරන බුද්ධිමත් දේශපාලනඥයන් කළ යුත්තේ සරත් ෆොන්සේaකා මහතා එවැනි දෙයක්‌ කියා තිබුණද ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවට පත්වීමෙන් රට බේරා ගැනීම පිණිස එවැනි ප්‍රකාශයක්‌ නොකළ බවට ප්‍රකාශයක්‌ ලබාගෙන ලෝකයට කරුණු දැක්‌වීමය. දැන් සිදුවන්නේ සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්‍ෂේප කරන ප්‍රකාශයක්‌ අල්ලාගෙන ආණ්‌ඩුවේ සමහර මෝඩ දේශපාලනඥයන් තම නායකයා දිනවීමට සරත් ෆොන්සේකා මහතා එම ප්‍රකාශය කළ බව පවසා තම නොදැනුවත්කමින් ලෝකය හමුවේ රටට හානි කිරීමයි. මෙවැනි අමනෝඥ ක්‍රියා ශ්‍රී.ල.නි.ප. යේ පරිණත දේශපාලනඥයන් කිසිසේත්ම නොකරන බව සැකයක්‌ නැත. අනිවාර්යයෙන්ම මෙය වත්මන් ජනාධිපතිවරයාගේ පැවැත්ම මත තම පැවැත්ම තීරණය වන වත්aමන් රජයට "බල්aටි" ගැසූ ලාමකයන්ගේ පහත් ක්‍රියාවකි. 1971 අප්‍රේල් නැගිටීම සිදුවූ අවස්‌ථාවේ එවකට විපක්‍ෂ නායකයා හා අගමැති සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය එක්‌ව තීරණ ගෙන එයට සාර්ථකව මුහුණ දුන් ආකාරය මෙම ලාමකයන් නොදන්නවා ඇත.

    එමෙන්ම උතුරේ යුද්ධය අවසන් කිරීමට ඡේ. ආර්. ජයවර්ධන රජය සමයේ උතුරේ යුද මෙහෙයුම් කරද්දී ඉන්දියාව බලෙන් අපගේ ගුවන ආක්‍රමණය කර පරිප්පු දැමුවා පමණක්‌ නොව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන්නටද සැරසුණි. ඒ මොහොතේ ඡේ. ආර්. ජයවර්ධන මහතා කළේ වහාම සිරිමාවෝ බණ්‌ඩාරනායක විපක්‍ෂ නායිකාව කැඳවා ඇගේ සහායෙන් රට බේරා ගැනීමය. ඒ පරිණත දේශපාලනඥයන් කටයුතු කළ ආකාරයයි.

    සරත් ෆොන්සේකා මහතා රටට අහිතකර ප්‍රකාශයක්‌ කළා නම් එය බරපතල වරදකි. ඒ ගැන විවාදයක්‌ නැත. එහෙත් ඔහු ප්‍රතික්‍ෂේප කරන ප්‍රකාශයක්‌ පදනම් කරගෙන ඔහු දේශපාලනිකව පරාජය කර තම අපේක්‍ෂකයා දිනවන්නට හදන දේශපාලකයන් කරන්නේ සත්‍ය ලෙසම සරත් ෆොන්සේකා එවැනි ප්‍රකාශයක්‌ කළා නම් එමගින් කළ හානියට වඩා බරපතල හානියකි. මන්ද රජයේ නායකයන් කරන ප්‍රකාශ බලය නැති ෆොන්සේaකා මහතා කරන ප්‍රකාශවලට වඩා බලවත් බැවිනි.

    එබැවින් දැනට සිදුකර ඇතැයි කියන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ කරුණු විමසීම් තුළින් රට අගාධයට ඇද නොදමා සරත් ෆොන්සේකා මහතාගේ සහායෙන් මෙම ප්‍රශ්නය රටට හානියක්‌ නොවන අයුරින් විස¹ ගැනීම රටට ආදරය කරන පුරවැසියන්ගේ අපේක්‍ෂාව බව වගකිවයුත්තන්ට මතක්‌ කරමු. ඒ සඳහා සරත් ෆොන්සේකා මහතා මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා ද එක්‌ව කටයුතු කිරීම තරම් වටිනා ආදර්ශයක්‌ රටට තවත් නොමැති බවද අවධාරණය කරමි.


    ගුණවර්ධන ගල්ගමුවගේ
     
    Last edited: