අර සිරිමාවෝ කෙල්ලගෙ සීන් එකෙන් පස්සෙ අපේ උන් තමන්ගෙ හැටියට ඉන්න බය වෙන්න ඕන නෑ. කොන්දක් තියෙන්න ඕනා ගගා වැලලෙනවනෙ. ඉතින් ජොබ කරන මුල්කාලේ වෙච්ච සිද්දියක් කියන්න හිතුනා.
මම ජොබ පටන්ගත්තේ 2012, ඒ කාලේ සල්ලි නෑ. නෑ කියන්නෙ ඔෆිස් අඳින්න ඇඳුම් ගත්තෙත් සහෝදරයගෙන් 15ක් නයට අරන්. කොහොමහරි ශර්ට් ටිකක් ගත්තා (දෙයියනේ කියලා දික්කලිසමක් දෙකක් තිබ්බා). ඉතින් ජොබට ගියා, ගියෙත් ඉතින් බස් එකේ. ටීම් එකේ හිටිය ලොකු උන් සෙට් එකට සල්ලි ප්රශ්න නෑ. කොටින්ම උන් දවසට 1000ක් විතර නාස්ති කරන එක නතින්, එලියෙන් කන්න ගියාම එකෙට 1000-2000ක් යනව. මම කතා කරන්නෙ 2012.
ගියාම පස්සෙ තමා දන්නෙ සිකුරාද කැශුවල් දවස කියලා. ඉතින් කට්ටිය ඩෙනිම් ස්නීකර්ස් ටීශර්ට් අරක මේක දාගෙන එනවා. ඇත්ත කතාව මට බන් ඕවා ගන්න සල්ලි නෑ. ගෙදරින් ඉල්ලනත් බෑ. ඉතින් මම දවස් 5ම ෆොර්මල් ගහන් යනවා. උන් අහනවා "මල්ලි මොකො මේ ෆොර්මල් ගහන්" කියලා. ඉතින් මට දෙන්න උත්තර 2ක් තිබ්බ
ඉතින් මම දුන්නෙ දෙවනි උත්තරේ. කතාව බොරුවක් උනාට ඒක තමා කිව්වෙ. හේතුව තමා ඔය corporate ලෝකයේ compassion කියන එක පට්ට අඩුයි. ගොඩක් උන්ට අනිත් උන්ගෙ shoesවල ඉඳන් හිතන්න පුරුද්දක්, කල්පනාවක් නෑ. අනිත් දේ තමා එහෙම කිව්වාම ගොඩක් වෙලාවට වෙන්නෙ කැපිලා යන එක. ඉතින් මම කලේ ලිස්සලා යන්න ලේසිම බොරුව කියපු එක, නැතුව "මම දුප්පත් කොල්ලෙක් අයියේ, ඒත් මට ඒ ගැන ආඩම්බරයි" වගේ ගොන් පාර්ට් දාල නොන්ඩි වෙන එක නෙවී.
තව දෙයක් තමා උන් යම් දෙයක් අපි උඩට දානකොට අපිට ඒක පුලුවන්ද බැරිද බලන්නෙත් නෑ. ඉතින් ගොඩක් වෙලාවට අර බැරි එකත් ඉතින් කොහොමහරි අමාරුවෙන් කරනවා. කලේ නැත්තන් වෙන්නෙ ටීම් එකෙන් කැපෙන එක.
කොහොමහරි ඔය සිද්ධි දාමෙන් මම ජීවිතේට එකතු කරගත්ත දේ තමා මම මැනේජ් කරද්දි මට තේරුනොත් කාටහරි අමාරුයි කියලා, මම ඌට අපහසු වෙන දේවල් කරන්න කියන්නෙ නෑ. මට උගේ තත්වෙ තේරෙන නිසා පුලුවන් තරම් උන්ව උන්ට කරදරයක් නොවන විදියට දේවල් වලට එකතු කරගත්තා.
උඹලත් senior උනාම පොඩ්ඩ්ක් compassionate විදියට වැඩ කරපල්ලා. ලෝකේ හැම එකාටම සල්ලි නෑ ඉතින්
කතාවේ සාරංශය තමා, සමහර වෙලාවට අදාල තැනේ හැටියට ඇත්තම කියනවද වෙන එකක් කියනවද කියන එක වෙනස් වෙනවා. ඒ කතාවෙන් වෙන කෙනෙක්ට හානියක් නැත්තන් ඉතින් අවුලක් නෑ.
Fake it till you make it

- අයියේ ඇඳුම් ගන්න සල්ලි නෑ, ගන්නකන් මෙහෙම තමා අඳින්න වෙන්නෙ
- ආහ් මම මෙහෙම අඳින්න කැමැති, මට ලේසි

Last edited: