ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.
ප.ලි:-
කියන්න අමතක උනා, ඌ කෝල් කරන වෙලාවෙ ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙලේ වැඩක ඉන්නවනම් කට් කරලා, ඌට දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා මම හොදටම ෆ්‍රී උන වෙලාවක තමා කෝල් කරන්නෙ. සමහරවිට දවසක් දෙකක් යන්නත් පුලුවන්. හැබැයි අනිවා කෝල් කරලා ඌට ඕන දේවල් ටික කියලා දෙනවා