Random කතා - වැඩිය දන්නේ නැති උන් එක්ක කතා කරනවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    උදව් කරන එක මම කෝමත් කරනවා. ඒත් මෙතන උනේ මෙන්න මූ කියන එක 👇
    ඒකෙත් ඇත්තක් තියනවා ඉතිං. දන්නෙ නැති එකෙක්ගෙන් උදව් ඉල්ලනවනං ඌ මුලින් මම අහවලා කියලා මැසේජ් එකක් දාලා, මේ වෙලාවෙ කෝල් එකක් ගන්න ඕකේද කියලා මැසේජ් එකක් දාන එකයි කරන්න ඕන.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔය වගේ තමන් හොදටම දන්න දෙයක් ගැන පොඩි ඇඩිවයිස් එකක් ගන්න , career එකේ හරි education පැත්තෙන් හරි උඩට යන්න යන පාත් එක හරියට අහගන්න වගේ දේකට යාලුවෙක්ගෙ යාලුවෙක් කෝල් කරොත් මම නම් අනිවා ආන්සර් කරලා ඌට ඕන විස්තර ටික කියලා, ඉගෙනගන්න ඕන දේවල් තියනවනං ඒවට refer කරන්න ඕන හොදම resources (ex- Udemy courses, Youtube tutorials) සජෙස්ට් කරනවා අනිවා. පැය භාගයක්, පැයක් වියදම් කරලා ගොඩයන්න ට්‍රයි කරන කොල්ලෙක්ට ඒ උදව්ව කරන්න බැරි නම් ඌ චාටර් බුවෙක් මට අනුව නම්. මෙහෙමයි එහෙම උදව් කරන්න ගියා කියලා එකින් එක ඌට උගන්නන්න යන්නෙ නෑ. යන පාත් එක කියලා දෙනවා. පාත් එකට යන්න ඕන resources පෙන්නලා දෙනවා. එච්චරයි. ඌට උනන්දුවක් තියනවනං ඒ ටික refer කරලා ගොඩයයි. හැබැයි හැම දේම එකින් එක ආය ආය අහ අහා වාත වෙන්න ගත්තොත් නං ignore කරලා දාන එක වෙනම දෙයක්.

    ප.ලි:-

    කියන්න අමතක උනා, ඌ කෝල් කරන වෙලාවෙ ආන්සර් කරන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ වෙලේ වැඩක ඉන්නවනම් කට් කරලා, ඌට දැන් වැඩක ඉන්නෙ පස්සෙ ගන්නම් කියලා මැසේජ් එකක් දාලා මම හොදටම ෆ්‍රී උන වෙලාවක තමා කෝල් කරන්නෙ. සමහරවිට දවසක් දෙකක් යන්නත් පුලුවන්. හැබැයි අනිවා කෝල් කරලා ඌට ඕන දේවල් ටික කියලා දෙනවා
    This 👆
    වෙන දන්නෙම නැති එකෙක්ට හරි විනාඩි කීපයක් වෙන් කරන්න බැරි තරමට බිසි වෙන්න බෑ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මාත් කතා කරන්නෙ නෑ ඔහොම. මට මැසේජ් එකක් දාල උවමනාව කිව්වොත් කෝල් එකක් අරං කියල දෙනව නැත්තං ගන්නෙ නෑ.
     
    • Like
    • Love
    Reactions: chande and tharakaf

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මේක පරන සිද්දියක්, මතක් උන නිසා දානව.

    ඉස්සර වැඩට ගියේ train එකේ. ඕකේ ඉතින් උදේට පැයක් විතර නාස්ති කරන නිසා යලුවො සෙට් වෙනවා. එහෙම සෙට් වෙච්ච උන් 2ක් හිටියා. එතනින් එක ඩයල් එකක් ශිපින් එකක SE/IT admin රොල් එකක් කරන් හිටියේ. හෙන ශෙප් ඩයල් එක. මම IT පැත්තේ ඉන්න නිසා ආතල් එකේ චැටක් දාන් යන්න පුලුවන් උනා. කොහොමහරි දවසක් මූ මට කිව්ව මුගෙ manager කාරයා හෙන වැඩ්ඩා ඉතින් ඌටත් network පැත්තෙන් උඩට යන්න ආසයි CCIE (ඒ කාලේ cisco උඩම එක) කරන්න ආසයි බ්ලා බ්ලා බ්ලා. ඉතින් මූ මගෙන් ඇහුවා ඌට පොඩි හෙල්ප් එකක් දෙන්න උඹට ඕකේද කියලා. මමත් ඉතින් වැඩිය හිතන්නේ නැතුව OK කිව්වා

    පස්සෙ දවස් ගානකට පස්සෙ ඩයල් එකක් ෆ්‍රෙන්ඩ් request එකක් එවලා තිබ්බා. මම ඉතින් ඇක්සෙප්ට් කලා. ඔන්න ඊට පස්සෙ මූ මම කසුන්ගේ යාලුවා කියල msg එකක් දාල. මම ඉතින් hi කියලා රිප්ලයි කලා. ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ. අඩො ඊට පස්සෙ මූ මට කීප පාරක් කොල් කලා මම ආන්සර් කලේ නෑ. කොටින්ම මට අඳුනන්නේ නැති උන් එක්ක කතා කරන එක දිරවන්නේ නෑ (කතා කරන්නේ ගෑනු ලමයෙක් උනොත් ඉතින් කතාව වෙනස් 🥴 🥴 ). මම දන්නවා මූ කතා කරනවා ඇත්තේ මොකක්හරි ජොබ් සීන් එකක් අහන්න වෙන්න ඇති කියලා. ඒත් මූ කෙලින්ම ඇනයක් වෙන්න ගිය එකෙන් මට මල පැන්නා කොහොමහරි ඩයල් එක අන්තිම මෙසෙජ් එකෙන් මොබයිල් නම්බර් එක ඉල්ලලා තිබ්බා. මම සුපුරුදු ලෙස ignore කලා.

    පස්සේ ඉතින් කොරෝනා ඇවිල්ලා ලොකේ ෆක් වෙලා, මට දුවෙක් හම්බෙලා ජීවිතේ වෙනස් උනා. මගේ ජොබ්ත් මාරු උනා, රස්සාවට යනකොට train එක මග ඇරලා වාහනෙ ගියා සතියට දවස් 2. ඉතින් පරන යාලුවො මිස් උනා. දවසක් ඩයල් එක පාරේ සෙට් උනාම කතා කලා. ඩයල් එකත් ජොබ මාරු කරලා. ගෙදර ගියාම මට මතක් උනා උගෙ යාලුවා ගැන.

    ඉතින් මම නිකමට ගිහින් FB එකේ බැලුවා අරූ මොනාද කරන්නේ කියලා. අඩෝ ඒ වෙලාවෙ දැකක් දෙයින් තමා පොඩ්ඩක් ශොක් උනේ.

    ඩයල් එක 2022 විතර නැති වෙලා. හාර්ට් කේස් එකක් දැක්ක විදියට. කොරෝනා වැක්සීන් සීන් එකක් වෙන්නත් පුලුවන්. ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවාම තමා තේරුනේ ඩයල් එක එච්චර ෆන් ජීවිතයක් ගෙවපු ඩයල් එකක් නෙවී කියලා. දැක්ක විදියට ඌ ප්‍රශ්න එක්ක ජීවත් වෙච්ච ඩයල් එකක්. සමහර උන් දාල තිබ්බා "උඹ දැන්වත් ප්‍රශ්න නැතුව ඉන්න තැනක සතුටින් ඇති" කියලා.

    අඩෝ එතකොට තමා මට හිතුනේ ඌ කතා කරපු වෙලේ answer නොකර මග ඇරපු එක කැරි වැඩක් කියලා :dull::dull:.


    තූ නෙදකින් මේ පරණ මඟුල් මට එනවනේ. ඔච්චර ආන්සර් නොකර ඉන්න තරම් මොකද utto කටේ තල ගුලිද🙁 පකෝ ඌ මැරෙන්නැත්තේ ඕක ගැන හිතලා. "මේ වගේ හාල්පාරුවෙකුත් මගේ කෝල් එක උස්සන්නෑ කියන්නේ ජීවත්වෙලා වැඩක් නෑ" කියලා ඌ හිතන්නැති.
     
    • Haha
    Reactions: Wadakaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    කෙලින්ම කොල් ගන්න කොට හේතුවක් නැතුව Phone Numbers ඉල්ලන කොට මම උනත් පොඩ්ඩක් කැමති නැහැ
    උන් හෙන ඇණයක් වෙයි කියලා
     
    • Like
    Reactions: tharakaf

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මමනම් Harcore Introvert ... Anxiety පොඩ්ඩක් තියනව අලුත් relationship හදා ගද්දි ... සෙට් උනාම නම් කෞරුහරි බොක්ක උනත් දෙනව 🤥😴🌹