Random ජොබ් ටොපික්ස් - IT ෆීල්ඩ් එක එදා සහ අද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113

    ඔන්න තව experience ekak ශෙයාර් කරන ත්‍රෙඩ් එකක් දානවා. කැමති අය කියවලා comment කරන්න.

    මම මුලින්ම ජොබ් එකට ගියේ 2012. ඒ කාලේ IT කියන්නේ ගොඩක් වෙලාවට networking/servers/security/software වගේ ඒවා. ඒ දවස්වල ජොබ් එකක් සෙට් උනාම ඒ ෆීල්ඩ් එකේ කට්ට කාගෙන කොහොමහරි ගේමක් ගහන එක තමා ගොඩක් අයට ඕන උනේ. ජොබ් එකට ගියාම එකම තැන අවුරුදු 5ට වඩා ඉන්නවා කියන්නේ common දෙයක්. ජොබ් සෙට් කරගන්න ටිකක් අමාරුයි. ඔප්ශන් අඩුයි.
    ජොබ් ප්‍රෙශර් එක එච්චර ගානක් නෑ, කටු කන එක එච්චර ගානක් නෑ. මිනිස්සු retain වෙන නිසා company උන්ත් වෙල්ෆෙයාර් ගැන වැඩිය හිතන්නේ නෑ.

    පස්සෙ කාලේ ඒ කියන්නේ 2016 වගේ ඉදන් මම නොටිස් කරපු දේ තමා අලුතින් එන අයගේ වැඩ කරන විදිය හිතන විදිය වෙනස් කියලා. උන්ට ඔප්ශන්ස් වැඩි. කටු කන්නේ නෑ. ඉක්මනට give up කරල යනවා. ජොබ් මාරු කරන්නේ ඇදුම් මාරු කරනවා වගේ. එ නිසා එක තැන අවුරුදු 5ට වඩා ඉන්න අය හොයන්න අමාරුයි. ඒකට ලොකු හෙතුවක් විදියට මම දැක්කේ IT ෆීල්ඩ් එක expand උන එක. උදා: cloud පැත්ත මාර විදියට grow උනා. අලුතින් company එන්න ගත්තා etc.

    ඔය චෙන්ජ් එක නිසා තමා ගොඩක් company දැන් වෙල්ෆයාර් ගැන එහෙම හිතන්නේ. ඔයාලට නොටිස් වෙයි දැන් ගොඩක් කම්පනි ටික්ටොක්/ඉන්ස්ටා වගේ ඒවල මාර මාර්කටින් පාරක් දෙනවා. හේතුව තමා ජොබ් වල turnover එක වැඩි නිසා සහ මිනිස්සු ගන්න ලොකු competition එකක් තියෙන නිසා "අපි හරි කූල් තැනක්, අපි හෙන ෆන් එකේ ඉන්නේ" වගේ ඒවා පෙන්නලා තමා මිනිස්සු අද්ද ගන්න වෙන්නේ.

    ඔයාල මොකද ඒක ගැන හිතන්නේ? ඔයාලගේ කම්පනි වලත් දැන් සොශල් මීඩියා පැත්තට බර වෙලාද?
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔයාල මොකද ඒක ගැන හිතන්නේ? ඔයාලගේ කම්පනි වලත් දැන් සොශල් මීඩියා පැත්තට බර වෙලාද?

    මම හිටපු ඔක්කොම company සොශල් මීඩියා වල company එක market කරන සීන් එක තිබ්බා
    මම මුලින්ම හිටපු company එකේ 2011 වගේ කාලෙත් "content week" කියාල rotation basis assignment එකක් තිබ්බ, එකේ කරන්න තිබ්බේ developers ලට company එකේ products ගැන blogposts, articles ලියන්න.. අපි ඒවා ලියල link එක tweet කරනවා, ඒවා company profile එකෙන් markting team එකෙන් retweet කරනවා .. නැත්න්ම DZone එකේ දානවා..

    අනෙත් ඒවත් ඔය වගේ එක එක සීන් තිබ්බ..
    එකක CMMI level 5 maintenance කරගන්න ඕන කියල හැමදාම අපිට වද දුන්න..
    තව එකක project manager great place to work survey එකට rating හොදට දෙන්න කියල තෙල බෙදුව