විදුලි බිල ඉහළ නැංවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසර ආරම්භ කරනු ලැබුවේ විශාල බොරුවක් පවසමින් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2010 වසර තුළ සේවක වැටුප් ඉහළ නංවන බවට පොරොන්දු වුව ද වසර අවසාන වනතුරුම තවමත් එසේ වැටුප් ඉහළ නැංවීමක් සිදුකර නොමැති බව ඔහු සඳහන් කරයි.
අත්අඩංගුවේ පසුවන එල්. ටී. ටී. ඊ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී කුමරන් පද්මනාදන් හෙවත් කේපීගේ වත්කම් රාජ්‍ය ගිණුම් වෙත ලබාගත්තේ නම් අදාළ වත්කම් මුදලින් වසර 2ක රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමක් සිදුකළ හැකි බව ද ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම අයවැය මගින් යොජනා කළ පරිදි හර බදු අඩු කිරීම නිසා ශ්‍රී ලංකාවට බිලියන 30 ක අලාභයක් සිදුවන බව අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය යනු අලාභ ලබන ආයතනයක් බවත්, එය සම ලාභ, පාඩු ලබන තත්ත්වයකට හෝ ගෙනඒමට නම් විදුලි බිල ඉහළ නැංවිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
එසේ විදුලි බිල ඉහළ නැංවීම පිළිබඳවත්, වැටුප් වැඩිකිරීම පිළිබඳවත් රජය තවමත් පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවටත් හෙතෙම චෝදනා කරයි.
එමනිසා විදුලි බිල ඉහළ නැංවීම හා වැටුප් ඉහළ නැංවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවෘත ප්‍රකාශයක් සිදුකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

http://www.adaderana.lk/sinhala/news.php?nid=13179

Last edited: