rata hitiyath siri lankans la ne

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,454
    16,169
    113
    බිංගිරියේ පිහිටි අඳ ගොළු බිහිරි ළමා නිවාසයකට ආදාර පිණිස ඉතාලියේ වෙරෝනා නුවර ලබන 30 වෙනිදාට පැවැත්විමට නියමිතව තිබු සෙන්ටි‍ග්‍රේට් සංගිත සැදෑව පැවැත්විමට නොහැකි තත්වයක් මතුව ඇතැයි සංවිධායක එෆ් ස්ටුඩියෝ හි ධනුෂ්ක ප්‍රනාන්දු මහතා ඇතුළු සංවිධායකයෝ කියති.
    ප්‍රසංගය පැවැත්විමට නියමිතව තිබු ශාලාව අඩක් මුදල් ගෙවා වෙන්කර තිබුනත් හදිසියෙම ශාලා හිමිකරු එය ලබා දිමට නොහෑකි බව පෑවසීම නිසා සංවිධායකයෝ අපහසුවට පත්ව සිටිති.
    නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ඉතාලි ජාතික ශාලා හිමිකරු බියගැන්වීම මීට හේතුව බව කියති.
    මෙම සංගිත ප්‍රසංගය පවත්වන තරුණ පිරිස මංකොල්ල කරුවන් පිරිසක් යෑයි ශාලා හිමිකරුට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබේ. ඇත්තෙන්ම අපි මේක කරන්න හැදුවෙ ඒ අසරන ළමයි ඉන්න අනාථ නිවාසයේ පැරණි ජල නළ පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කැර දීමට දෙන්න මුදල් හොයන්නයි.
    වෙරෝනා නුවර දෑන් කලා කටයුත්තක් කරන්න ශාලාවක් ලබා ගන්න බැහැ
    අපෙම අයෙක් හෝ කිහිප දෙනෙකු එක්වෙලා නිර්නාමික දුරකතන ඈමතුන් දීලා එවා නවත්වනවා.
    නැත්නම් මොකක් හෝ බොරුවක් කියා පොලිසියට ඇමතුම් දෙනවා.
    පසුගිය දවසක ක්‍රිඩා තරගයක් අවසානයෙදි පෑවති සංගිතයකටත් මේ වගේ දෙයක් කර තිබුණා. පොලිසිය ඇවිත් යුරෝ දහස් ගානණක දඩයක් සංවිධායකයින්ට. ගහලා තිබුණා. සෙන්ටිග්‍රෙට් සංගිත ප්‍රසංගයේ සංවිධායකයෝ එසේ කියති.



    http://www.lankadeepa.lk/index.php/articles/189108
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,169
    113
    james-van-der-beek-clapping-gif-dawson-b7279382-sz624x350-animate1.gif