Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙලාව හරියටම රාත්‍රී දොලහේ කනිසමට ළගා වූවා පමණි..

හැමදාමත් දකින ඒ හීනයයෙන් මා තිගැස්සී ඇහැරුනෙමි.. කාමරයේ විදුලි ආලෝකයද නොදැල්වූ මා එකවරම මේසය උඩ තිබූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන යන ලදි..

මෙම සිදුවීම් මා හට ආගන්තුක නොවේ.. කලක පටන් මේ ලෙස මාගේ නින්ද විනාශ කරන හීනයක් ඇත..

එය එකම ආකාරයේ හීනයකි..

ඒ ඉතා රූමත් යුවතියකි. ඇගේ මුහුණ හරි හැටි පැහැදිලි නැත.ඈ මා හට පෙනෙන නොපෙන මානයෙන් ගමන් කරමින් මා ඇය පසු පස හඹා යෑමට සලස්වයි.ඒ ඉතා පාළු අදුරු වූ වෘක්ෂයන්ගෙන් පිරි මාවතක් ඔස්සේය.නමුත් ඒ ගමනේ අවසානයක් නොමැත.ඒ මග කෙලවරක ඇති ගරා වැටුණු ලී ගේට්ටුවක් අසල ඇය මා තනිකර නොපෙනී යයි.

මා නැවතත් සිහියට පැමිණෙන්නේ එවිටය. සෑම දිනකම එකම වෙලාවක දකින මෙම සිදුවීම මා හට ඉතා මානසික වදයක් විය..

මෙසේ කාලය ගතවිය..

මිහිනදී ඇයි දැන් මට ලියන්නේ නැත්තේ..

" මිහිනදී නැති වුන දවසෙ ඉදලා තමයි මේ ඔක්කොම මනස්ගාත මට පේන්නේ.."

මා මටම කියා ගත්තෙමි...

මිහිනදී යනු මා කිසි දිනක දැක නොමැති,ඉතා සුන්දර අදහස් හා සිතුවිලි ඇති මාගේ පෑනේ මිතුරියයි..

එහෙත් දැනට ටික කාලයකට පෙර ඇය මා හට ලිවීම නතර කෙරෙණි. එක වරම එසේ වූයේ ඇයි දැයි මට ද අදහාගත නොහැකි දෙයකි.

මිහිනදී මට හමු වන්නේ මීට වසර හතරකට පමණ ඉහත මා පාසලේ උසස් පෙළ හදාරන සමයේ දීය. කොතෙකුත් 'නම්' පෑනේ මිතුරු පිටුවෙහි තිබුණද මාගේ සිත ඇදී ගියේ මිහිනදී කියන නමටයි. තවද මා මගේ රටේ වඩාත්ම ආදරය කරන පරිසරක ඇය ජීව්ත් වීමද මා ඇයට ලියන්නට හේතු විය. මිහිනදී ජීවත් වූයේ මහනුවර නගරයට ආසන්න සුන්දට පෙදෙසකය.

මෙසේ ආරම්භ වුනු අපේ මිතුදම ඉතා සුන්දර විය.මා මගේ ගැනද ඇය ඇගේ ගැනද සියළු දේ අපි නිතර ලියන්නට විය.

"" විහග මට වෙලාවකට හිතෙනවා අපේ ජීවිත හරි පුදුමයි කියලා..

මට වෙලාවකට හිතෙනවා ඔයා වගේ මෝඩ කොල්ලෙක්ට ඇයි මන් මේ පණ දාගෙන ලියන්නේ කියලත්..

ඒත් නොලිය ඉන්න හිතෙන්නෙම නෑ...

හැමදාමත් පාර දිහා බලන් ඉන්නේ ඔයාගෙන් ලියුමක් එනකම්..

මේ මිස්ටර් විහග.. ඔයා ලගකදි ඉදන් ටිකක් පණ්ඩිත වෙලා කියල පේනවා මට..

දැන් එවන ලිවුම් වල කවි කෑලියි.. සිංදු කෑලී වැඩී.. මොකද ඒ.. පිස්සු හැදී ගෙනවත් එනව ද.. අදම අම්මා එක්ක ගිහින් බෙහෙත් ගන්න හොදද..ඩොක්ටර් මොකද කිව්වේ කියලා ලියලා එවන්නකෝ මට.. පිස්සා..

ඒ මිහිනදී මට එවන ලද අවසන් ලිපියේ කොටසකි. මා ඉන් පසු කොතෙක් ලිපි යැව්වද ඇයගෙන් කිසිදු පිළිතුරු ලිපියක් නොවිය.මා අවසන් වරට යැවූ ලිපියක ඇයව මුණගැසිය යුතු බව සදහන් කර යැවූ බැවින් ඇය මා ගැන වැරදි ලෙස සිතුවාද කියාත් විටක මට සිතිණි.

කිසි දිනක දැක නැති සිතුවමකින් පමණක් මා මවා ගත් ඇයගේ මෙම නිෂ්ශබ්දතාවය මගේ හිතට ඉතා තදින් දැනෙන්නට විය.මගේ හිතට කියා ගත නොහැකි පාළුවක් තනි කමක් දැනෙන්නට විය.මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු කමක් මට මිහිනදී ගැන තිබිණි. එය මා මිහිනදීට කෙතරම් හැගවීමට උත්සහ කරද මිහිනදීට එය තේරුම් ගැනීමට උත්සහ නොගත් බවක් පෙනුණි.

මෙසේ කලය ගෙවී ගියද මිහිනදීගෙන් මා හට කිසිදු පිළිතුරක් නොවීය..දිනෙන් දින මගේ හිතට දැනෙන මෙම වේදනාවත් රාත්‍රීයේ මා හට සිදුවන මෙම සිදුවීම් නිසාත් මා ඉතා කලකිරීමෙන් කාලය ගත කෙරිණි.

මා හට හරි හැටි රාජකාරි කටයුතු කිරීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබිණි.

මා පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කරන කරයි..උසස් පෙළ ප්‍රතිඵල ලැබීමත් සමඟ මා හට ලැබුණු රැකියාව පිළිබඳව මිහිනදී ද සිටියේ ඉතා සතුටකින් ය.ඇය ද උසස් පෙළ ඉහළින් සමත්ව සිටි අතර රැකියාවක් සිදු නොකරන ලදි.එබැවින් මා ඇයට යැවූ සෑම ලිපියකම වාගේ කියා සිටියේ ඉගන ගත්ත දේ අපතේ නොයවා සුදුසු රැකියාවකට ඉල්ලුම් කරන ලෙසටය..එහෙත් ඇයට එතරම් උනන්දුවක් නොවීය.

සෑම දිනකම රැකියාවකට ගොස් මා නැවත නිවසට පැමිණෙන්නේ පාළුවත් තනිකමත් හිතේ දරා ගෙනය. සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර මිහිනදී මට එවූ ලියුම් කියවමින් කාලය ගත කිරීම මාගේ පුරුද්දක් විය..

කවදාක හෝ ඇයගෙන් ලිපියක් බලාපොරොත්තුවෙන් කාලය ගෙවුන ද එය සිහිනයක් බදු විය..මම ඇයට මෙතරම් ආදරය කරන බව මා දැන සිටියේ නැත.

" මා මිහිනදී සොයා ගත යුතුයි.."

දිනක රාත්‍රීයේ ඈ ගැන සිතමින් සිටින මොහොතක පැමිණි සිතුවිල්ලකි.මා ඇයට මෙතරම් ආදරය කරන බව ඇයට කිව යුතුයි..

මෙසේ සිත්මින් මිහිනදී හමුවේවි යන බලාපොරොත්තුව මත මා එදින නින්දට යන ලදි..

පසු දින සති අන්තයේ නිවාඩු දිනයක් වුවද වෙනාදාටත් වඩා උදෑසනින් මා නින්දෙන් ඇහුරුණි. ඒ මිහිනදී ගැන රාත්‍රීය පුරාම සිතෙහි වද දුන් සිතුවිලිත් සමඟය. එදින සති අන්තයේ දිනයක් පමණක් නොව මාසේ පෝය දිනයක් වූ බැවින් ගෙදර සියළු දෙනාටම විවේකී දිනයකි.

උදෑසනම සිල් සමාදන් වීමට යාම සදහා සූදනම් වූ මාගේ මව උදෑසන ආහර පිළියෙල කර ඇති බව පැවසුවේ මා හට උදෑසන තේ කෝප්පය රැගෙන එන අතරේය.

"මොකද පුතේ ඔයාගේ හැටි ඊයේ රෑ නිදාගත්තේ නැද්ද..මූණ හරිම මහන්සි පාටයිනේ අසනීපයක්වත් ද.."

"නෑ නෑ.. අම්මේ මට ටිකක් හිසරදේ වගේ.. ඒකයි.. ඒක හරියයි.."

"ආ අම්මේ ඒක නෙවෙයි මම අද ටිකක් එළියට යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර..

එන්න ටිකක් රෑ වෙයි..රෑට කෑම තියන්න එපා..

හ්ම් හ්ම්ම් පරිස්සමින්..

එපමණක් පැවසූ මව කඩි මුඩියේම සූදානම් වී පන්සලට පිටව ගියේය.

පිළියෙල කර තිබූ උදෑසන ආහාරයද රැගත් මා ඉක්මනින්ම සූදනම් වූයේ මිහිනදී සොයා ගැනීමේ ගමන ආරම්භ කිරීමටය..

කෙතරම් වේදනාවක් හිත තුළ තිබුණද වෙනදාට වඩා හිත තුළ අමුතු සතුටක් අතැති බලාපොරොත්තුවක් එදින තිබිණි.ඒ මිහිනදී හමුවේවි යන සිතුවිල්ලයි. පසුව ඉක්මනින් ලක ලැහැස්ති වූ මා මාගේ මෝටර් රථය පනගන්වන ලද්දේ කෙසේ හෝ මිහිනදී සොයා ගන්නවාමය යන අධිෂ්ඨානය සහිතවය.

මා ජීවත්වූයේ ගාල්ල බද්දේගම ප්රදේශයේය. එබැවින් මහනුවර බලා යාම ටිකක් දිගු ගමනකි. එහෙත් එය කොතරම් දිගු ගමනක් වුවද එය මගේ ජීවිත ගමනේ කොටසක් බැවින් එය යා යුතුවමය. දහවල් ආහාරයද අතර මග කඩයකින් ලබා ගත් මා සවස තුන පමණ වන විට මහනුවර නගරයට ලගා විය.සවස් වීමට ආසන්න වුවද දළදා මාළිගාවට ගොස් වැද පුදා ගැනීමට මා සිත් විය.පෝය දිනක් බැවින් මාළිගාව ජනයාගෙන් පිරි ගොස් තිබුණි.

නැවතත් රථයට නැගි මා ගමන යාමට පිටත් විය. මද දුරක් ගමන් ගත් මා අසල පිහිටි කඩයක් ආසන්නයේ රථය නතර කරන ලදි. එහි සිටි මැදිවයසේ පුද්ගලයන් කිහිපදෙනෙකි. මා සතුව මිහිනදී සොයාගැනීමට ඇති එකම සාක්ෂිය ඇයගේ ලිපිනය පමණි.

"සමාවන්න මහත්මයා..මම විහග.. ගාල්ලේ ඉදලා එන්නේ.. මට කියන්න පුළුවන්ද මෙන්න මේ Address එක කොහේද කියලා.."

"ආ කෝ බලන්න මහත්තයෝ.."

"මහත්තයෝ ඔන්න ඔහොම තව හැතපුම් දහක් විතර යනකොට ලොකු තුංමන්හන්දියක් හම්බවෙනවා.. ආන් එත්නින් වම් පැත්තට හරෝලා හැතැප්ම විස්සක් විතර යන්න..

ඒ හරියේ ටිකක් අබලන් වෙච්ච පාළමක් එහෙමත් තියනවා..ආන් ඒ හරියේ තමයි මහත්තයෝ ඔය කියන ඇඩ්රොස් ඒකේ හැටියට තැන තියෙන්න ඕන..

"රෑ බෝ වෙයි මයි හිතේ.. ඒ හරියේ හරියොට එළියක් වත් නැහැ මූකලාන දෙපැත්තෙම.. හද එළියේ පිහිට තමා.."

"අනේ බොහොම ස්තූතීයි මාමේ.."

"වාහනේ නේ යන්නේ කමක් නෑ.."

"හොදා හොදා මහත්තයට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි එහෙනම්.."

ඇදිරි වැටීමට තවත් හෝරා දෙක තුනක් පමණ තිබුණි. ඔවුන් කියූ පරිදි මා මෙහි යාමේදී නිසැකවම රෑ බෝ වනු ඇත.. කෙසේ නමුත් මිහිනදී සොයාගෙන මිස ආපසු යෑමට නොහැකිය.. කෙසේ හෝ ඇය සොයා ගත යුතුය.

රථය පණ ගැන්වූ මා වේගයෙන් ගමන ආරම්භ කරන ලදි. මාගේ එකම අභිප්‍රාය වූයේ මිහිනදී දැක ගැනීමය.. ඇදිරි වැටීමට ආසන්න වීමත් සමඟ මා පෙර කියූ තුංමන්හන්දිය පසු කර වමට ඇති ගමන් මාර්ගයට පැමිණෙන ලදි..

එය ටිකක් අබලන්ව ගිය කදු පල්ලම් සහිත මාර්ගයක් බැවින් යාමට මදක් අසීරු විය.. රෑ බෝ වී ඇති බැවින් පරිසරය ද පාළු ගතියක් ගෙන තිබුණි..

මා මෙය කුඩා කල සිට ඇළුම් කර පරිසරයක් වුවත් එදින මා හිතට යම් චකිතයක් දනවන්නක් විය. මිහිනදී සොයාගත හැකි වේද නැද්ද යන ප්‍රශ්නාර්ථය ද නිතර හිතේ දෝංකාරය දෙන්නට විය..

එකවරම පාර හරහා පැන ගිය සතෙකු නිසාවෙන් මා තිගැස්සී ගොස් වේගයෙන් පැද ආ මෝටර් රථය නතර කර ගතිමි... නිසැකවම ඒ සතා වාහනේට අහුවුනා මා සිත්න්නට විය. ඉක්මනින් රථයෙන් බැස ගත් මා රථයේ ඉදිරි පසට ගොස් සිදුවූයේ කුමක් ද යන්න නිරීක්ෂණය කරන්නට විය. මා සිතුවා නිවැරදි රථයේ ඉදිරි පස වම් පසට වන්න ඉතා විශාල ලේ පැල්ලමක් දක්නට ලැබුණි.. එය දැක මා පුදුමයට පත් විය මෙය කුඩා සතෙකුගේ විය හැකිද යන්නද මට සිතෙන්නට විය. ඒ ගැන හොදින්ම නිරීක්ෂණය කිරීමට මා එයට ලං වී බලන්නට විය.එහෙත් පුදුමයකි. ලේ පැල්ලමක් හැරෙන්නට කිසිම සතෙකු එහි නොවීය.

එහෙත් මෙහි ඇති ආකාරයට නිසැකවම මෙහි වැදුණු සතා මිය යා යුතුය.. එහෙත් එහි සතෙකු ගිය සළකුනක් වත් නොවීය..

"එතකොට මම දැක්කේ කවුද..???

මේ ලේ පැල්ලම්...

මෙය කලින් සිදු වූ වක්ද..???

මාගේ හිත නොසන්සුන් විය.. මුළු පරිසරයම නිහඩතාවයෙන් වෙලා ගෙනය.. මා ඉක්මනින්ම නැවත රථය තුලට නැග එය පණ ගන්වන්නට විය. නමුත් අවාසනාවකට මෙන් මෙතෙක් වේලා කිසිදු දෝශයක් නොතිබූ මෝටර් රථය පණගැන්විය නොහැකි විය.

මෙය මෙසේ අක්‍රීය වීම මා හට අදහාගත නොහැකි විය.. මේ රෑ මෙය කෙසේ සාදාගන්නද මිනිස් පුළුටක් පෙනෙන මානයක නොවීය.. පිරිමි හිතක් වුද මාගේ සිතට යම් චකිතයක් මේ පාළු පරිසරය තුළින් දැනෙන්නට විය.

"කෙසේ හෝ මෙය පණ ගන්වා ගත යුතුය.."

නැතහොත් මා කෙසේ මිහිනදී සොයා ගන්නද.. මා දැන් පෙර කී මාර්ගයේ ගොඩ දුරක් පැමිණ ඇති බැවින් මා දැන් සිටිය යුත්තේ මිහිනදීගේ නිවසට ආසන්නයේම විය යුතුයි..

නැවතත් රථයෙන් බැස ගත් මා රථය පණ ගන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට විය..

කාත් කවුරුවත් නොමැති මෙම පාළු පරිසරය මගේ සිතේ බිය එන්න එන්නම වැඩි කරන්නක් විය..මාගේ දුරකථනයේද සංඥා අවහිර වීම නිසාවෙන් නිවසට හෝ ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දීමටද නොහැකි වී තිබිණි.

රථයෙන් බැස ගත් මා කිසි වෙකු හෝ හමුවේ යන බලාපොරොත්තුව මත ඉදිරියට ඇවිද යන්නට විය..ටික දුරක් ඇවිද ගිය තැන මා හට අබලන් වී ගිය යකඩ පාලමක් හමු විය.

"මේය ඉහත මා පාර අසන ලද කඩ පිලෙහි සිටි පුද්ගලයා කියූ පාලම විය යුතුයි."

ඒ අනුව මා දැන් සිටින්නේ මිහිනදීගේ නිවස අසලම විය යුතුයි..මට සිතිණි..පාලම පසු කරනවාත් සමඟ ඊට යාබදව ගරා වැටී ගිය කුඩා බස් නැවතුම් පළක් වන් ස්ථානයක් ද ඒ ආසන්නයේ කිසිවෙකු හෝ ගමන් කරන චායාවක් එකවර මා නෙත ගැටිණි.

මා මේ මොහොතේ පත්ව සිටින අසරණ තත්වය සමඟ මගේ සිතට මෙය සැනසීමක් ගෙන දෙන්නක් විය.ඒ කුමන හෝ තොරතුරක් හෝ උපකාරයක් ලබා ගැනීමට හැකි වේ යන නිසාවෙනි.එසේ වුවද එය මොහොතකට අඩපන වූයේ එම ස්ථානයේ ගමන් කරමින් සිටින්නේ කාන්තාවක් බව දුටු නිසාවෙනි.

මෙතෙක් වේලා කිසිවෙකුත් නොගැවසුනු මෙම පාළු පරිසරයේ මෙතරම් රෑ බෝ වී ඇති වේලාවක කාන්තාවක් තනිවම සිටිනු දැකීම මගේ ඇසට අදහාගත නොහැකි හා සිතට චකිතය වැඩි කරන්නක් විය.

මගේ අනුමානය අනුව ඇය ඉතා රූමත් විය යුතුයි.සුදු පැහැයට හුරු දිග ගව්මක් ඇද සිටි ඇය ඇගේ දිගු වරලසින් මුහුණේ පැත්තක් වසා ගෙන මෙන් සිටින්නට විය. ඇය කලබලයකින් තොරව ඉතා ශාන්ත ලීලාවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින්නට විය. හද එළිය නිසා ඇය ඉතා දීප්තිමත්ව මට පෙනුණි.

මා ටිකෙන් ටික ඈ සමීපයට ළං වුවද ඇය කිසිත් නොදැනෙන්නාක් මෙන් ඇයගේ ගමන යන බවක් මා හට හැගුණි.

" මට සමාවෙන්න.."

ඇය අසලට ළඟා වෙත්ම මා අමන්තන්නට විය.. ගමන් ගත් ශාන්ත ලීලාවෙන්ම ඈ ගමන නතර කරන්නට විය. ඈ මා ඉදිරියෙන් මට පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ හරි හැටි නොපෙනෙයි..

"සමාවෙන්න.. මම මේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ.."

" මම කෙනෙක්ව හොයන ගමන්.. මම ආපු කාර් එක කැඩුණා එකපාරටම.. අන්න අතනදී.."

" Pls මට මෙන්න මේ Address එක තියෙන්නේ කොහේද කියලා කියන්න පුළුවන්ද..?"

මා ලග ඇති මිහිනදීගේ ලිපිනය සහිත කොල කැබැල්ල අතට ගන්න අතරම සිදු වූ සියල්ල සාරාංශ ගත කොට ඇයට පවසන්නට විය.

කිසිවක් නොපැවසූ ඇය ඇගේ අත මා සිටින දෙසට දිගු කර එම ලිපිනය සදහන් කොල කැබැල්ල ඉල්ලන්නාක් මෙන් අගවන්නට විය.. මා ද කිසිත් නොපවසා එම ලිපිනය ඇය දෙසට දිගු කර අතර එය අතට ගත ඇය ඒ දෙස නිහඩව බලන්නට විය..

ඇය සිටින්නේ මට පිටු පාගෙනය.. මොහොතකට පසු මා හට ඇගේ හැසිරීම අමුත්තක් ගෙන දෙන්නක් විය.. ඒ මා දුන් ලිපිනය සහිත කොල කැබැල්ල දෙස මුහුණ යොමා සිටි ඇය ඒ දෙස බලමින් කල්පනා කරන්නට විය..

"ඇයි මොනව හරි ප්‍රශ්නයක්ද...?? ඔයා ඔය තැන දන්නවද..?"

මා ඇගෙන් අසන්නට විය.. ..

"ඔව්... මොකද මම නොදන්නේ..මමත් යන්නේ ඒ කිට්ටුවට..යමු මාත් එක්ක මම පාර පෙන්නන්නම්.."

ලෙස ඇය ඉතා ගැඹුරු ස්වරයකින් අමතන්නට මා අමතන්නට විය.. ඒත් සමග එකවර තිගැස්සී ගිය මා ඇයට

"බොහොම ස්තූතියි..මං එන්නම්.."

ලෙස ඇයට පවසන්නට වූයේ සිතෙහි ඇති වූ බිය සහ ඇගේ මෙම හැසිරීම නිසා ඇති වූ අමුත්තත් සමඟය.ඒත් සමඟ නැවතත් ගමන් ඇරඹූ ඈ පිටුපසින් මාද ගමන් කරන්නට විය.

"ඔයා මේ පළාතෙද...? "

ඉදිරියෙන් ගමන් කරන ඈගෙන් මා විමසීය..

" ඔව්.."

ඇයගේ පිළිතුර එපමණකි..

"මම මෙහෙම ඇහුවට වැරැද්දක් හිතන්න එපා.

"ඇයි මේ රෑ වෙලා මේ පාළු පාරක තනියම යන්නේ.."

"මගේ බස් එක වැරදුනා.. මම මේ පයින්ම යනවා.."

"අයියෝ එහෙමද..?? මම මේ කෙනෙක් හොයනවා..( මිහිනදී )කියලා.. දැන් ගොඩ කාලෙක ඉදන් එයාගෙ ආරංචියක් නෑ.. මේ Address එක විතරයි මම ගාව තිබුණේ.."

"ඔයා එහෙම කෙනෙක් දන්නවද..?"

"අහල තියනවද..?? නෑ මම මේ නිකමට ඇහුවේ..සමාවෙන්න.."

ඒ මොහොතේ මගේ සිතට ඇති වූ චකිතයත් බියත් නිසාම මා මෙලෙස යම් යම් දේවල් ඇයගෙන් අසන්නට විය. එහෙත් ඇය නිහඩවම ඉදිරියට ඇදෙන්නට විය.

කෙමෙන් කෙම්න් ඉදිරියට යත්ම මාර්ගය අදුරු ගතිය වැඩි වන අතර වෘක්ෂලතාවන් ගෙන් දෙපස වෙලා ගෙන තිබුණි. ගස් අතරින් වැටෙන හද එළිය හැරෙන්නට කිසිදු අලෝකයක් නොවීය..මිහිනදී සොයා ගැනීම කෙසේ වුවද එන්න එන්නම මගේ හිතේ චකිතය වැඩි වන්නට විය.

එකවරම මෙම පරිසරය මා හට යම් හුරුවක් ගෙන දෙන්නට විය..

"මම හැමදාම දකින හීනය.."

මම මටම කියා ගත්තේය.ඒත් සමඟ මගේ හෘද ස්පන්දන වේගයද කෙමෙන් කෙමෙන් වැඩි වන බව මට වැටහිණි...

ටික කාලයක සිට මාගේ රාත්‍රී නින්දට බාධා කර එම සිහිනයේ චරිතයන් හා පරිසරය මා ඇස් ඉදිරිපිටම විකාශනය වන්නාක් මෙන් මා සිතට දැනිණි.මගේ මුළු ශරීරයම බියෙන් වෙව්ලන්නාක් විය. මා දැන් නිරායාසයෙන්ම ඇය පසු පස ගමන් කරමි.. ගමන නැවැත් වීමට වෑයම් කරද මාගේ ශරීරය මාගේ පාලනයෙන් තොරවන්නාක් මෙන් දැනිණි.

මේ..මේ..මේ තව කොච්චර දුරද..?

මාගේ මුවින් ඉතා පැටළිලි සහගතව වචන කිපයක් පිටවිය..ඒත් සමඟ එකවරම ඇය ඇගේ ගමන නතර කරන ලදි.. එයින් තිගැස්සුනු මා ද එතනම නතර විය.. ඈ සිටින්නේ මාගේ සිට අඩි කිහිපයක් දුරින්යi.

එසේ නැවති ඈ එකවරම මා දෙස හැරී බලන්නට විය..සඳ එළියත් සමඟ මා ඇයගේ මුහුණ පැහැදිලිවම දුටුවේ එවිටය.. ඇය ඉතා රූමත්ය. නමුත් ඇගේ මුහුණ ඉතා විඩාබර හා ශෝකාකූල විය..

"අර පේන්නේ ඔය හොයන ගෙදර.."

අසල වූ ගුරු පාරක කෙලවරක පිහිටි නිවසක් දෙසට අත දිගු කරමින් ඇය පැවසීය.

"ගොඩක් ස්තූතියි ඔයාට.."

"මම එහෙනම් යනවා මට තව ගොඩක් දුර යන්න තියනවා.."

කියමින් ඇය යන්නට විය.. මා ගුරු පාර දෙස හැරී බලා නැවත ඇය දෙස බලන මොහොතට ඇය නොපෙනී ගොස්ය..එතරම් ඉක්මනට කොහොමද ඇය නොපෙනී ගියේ යන්න.. ගුරු පාර දෙසට ඇවිද යන ගමන් මා කල්පනා කරන්නට විය.

වේලාව රාත්‍රී දහයට පමණ ආසන්නව තිබූ හෙයින් එම නිවසේ දල්වා ඇති එක විදුලි බුබුලක් හැරෙන්නට මුළු නිවසම අදුරු ස්වභාවයක් ගන්නා ලදි. නිවස ඉදිරි පිට ලී ගේට්ටුවකි.. එය තරමක පැරණි නිවසක්ය.. ලී ගේට්ටුව පහසුවෙන් විවෘත කර මා නිවසේ ඉදිරි පස දොරටුව අසලට ලගා විය.

"ගෙදර කව්ද..? ගෙදර කව්ද..?

මා නිවසේ ඉදිරි පස දොරට තට්ටු කරන්නට විය..

මිහිනදී මට කියා ඇති පරිද්දෙන් ඇයට සිටින්නේ ඇගේ අම්මා සහ ආත්තම්මා පමණි. තාත්තා කුඩා කාලයේ දීම ඔවුන හැර දමා ගොස් තිබුණි.එබැවින් පවුලේ එකම දරුවා වූ මිහිනදී කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ අම්මා හා ආත්තම්මා සමඟය.

එකවරම නිවස ඇතුලත ආලෝකයක් දැල්වුණු අතර දොරෙහි අගුලු විවෘත කරන්නාක් මෙන් ඇසිණි.. ඉන් ඉවතට පැමිණියේ මැදි වයසේ පසු වූ කාන්තාවකි..

"කව්ද ඔය.. දොර කඩන්න හදන්නේ මේ මහ රෑ.."

" අනේ මට සමාවෙන්න...මම විහග..ගොඩක් දුර ඉදන් ආවේ.."

"මේ මගෙ මිහිනදීගේ අම්මා වෙන්න ඇති.. මම මිහිනදීගේ යාළුවෙක්.."

''විහග'' ඇය කල්පනා කරන්නට විය.

"මම තමයි මිහිනදීගේ අම්මා.."

"එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න..."

"බොහොම ස්තූතියි අම්මේ.."

"මම පුතාව දන්නවා.. මට දුව කියලා තියනවා.."

"කෝ අම්මේ මිහිනදී ඉන්නවද..??"

"" මගේ දුව....""

එක වරම මිහිනදීගෙ මව කදුළු සලන්නට විය..

" අම්මේ.. ඇයි අම්මේ මේ.. මිහිනදී කොහේ හරි ගිහින්ද මෙහේ නැද්ද.."

මිහිනදීගේ මව අසල තිබූ පුටුවක වාඩි කරන ගමන් මා ඇයගෙන් ඇසීය..

"පුතේ මිහිනදී මෙහේ නෑ එයා ගිහින් පුතේ..."

"එයා ආයි නොයෙන්නම ගිහින් අපි ඔක්කොම දාල අනේ මගේ දුව..අහිංසකී..."

"මොනවා.."අම්මේ කියන්න ඇත්තමද "

මා මිහිනදීගේ මව අසලම වාඩි ගතිමි.. මාගේ හිත එකවරම කඩා වැටෙන්නාක් මෙන් මට හැගිනි...ඇය කිසි දිනෙක මා නොදැක ඇති නමුත් මා ඇයට බෙහෙවින් ආදරය කර ඇති බව මා හට දැනුණේ එවිටය.. මගේ ඇස් වලින් කදුළු වැටෙන්නට විය.. ඒත් සමඟම මාගේ ඇස පුදුම කරවන්නක් විය.. ඒ නිවසේ බිත්තියක එල්ලා ඇති පින්තූරයක් දුටු නිසාවෙන් ය.

"අම්මේ අර පින්තූරේ කාගෙද.?"

"ඇයි පුතේ ඒ තමයි මිහිනදී.."

"මොනවා... ඒක වෙන්න බෑ ඒ මිහිනදී වෙන්නේ කොහොමද.?"

මා එකවර කලබලයෙන් මෙන් පවසන්නට විය.. ඒ පින්තූරයේ සිටින්නේ මා මෙතනට රැගෙන ආ යුවතියයි.. මා මෙය කෙසේ විශ්වාස කරන්න ද..

"අම්මේ මේ මිහිනදී නම් එයා කොහොමද මට දැන් හම්බවුනේ.. මට මේ ගෙදරට එන්න පාර පෙන්නුවෙත් එයා.."

"මා එක්ක කථාත් කරා මේක වෙන්නේ කොහොමද.."

"කියන්න මිහිනදී ඉන්නවා නේද..?"

"අනේ පුතේ මෙහෙන් ටිකක් වාඩි වුණානම්..."

"පුතා දකින්න ඇත්තේ වෙන කවුරු හරි.. මේ ඉන්නේ මිහිනදී.. මිහිනදී නැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ආවා.. මිහිනදී කියන්නේ හරිම අහිංසක ළමයෙක්..කාටවත් වරදක් නැති හොද දරුවෙක්..ඒත් අවාසනාවකට ඒයාට මීට අවුරුදු දෙක තුනකට ඉස්සර නරක ලෙඩක් තියනවා කියල දැන ගන්න ලැබුනා එදා ඉදන් එයා හිටියේ ජීවිතේ ගැන කලකිරීමෙන්... පස්සේ එන්න එන්නම එයා මානසිකව වැටුණා..එන්න එන්නම් එයාගේ ශරීරෙත් අඩපන වුණා.."

"මට මතකයි දුව පුතා ගැන නිතරම කියනවා.."

"පුතාට නිතරම ලියුම් ලියනවා.. කෙල්ල හිටපු තත්වේ එක්ක අපි ඒ ගැන අනවශ්‍යය විදියට හොයලා බාධ කරන්න ගියෙත් නෑ..මොකද මම දැක්කා දුව ඒව කරන්නේ සතුටින් කියලා.. දුව අන්තිමට හොස්පිට්ල් එකට ගෙනියන කොටත් එයා පුතා ගැන කිව්වා.."

"ආ පොඩ්ඩක් ඉන්න... මිහිනදී මට දෙයක් දුන්නා..කවද හරි විහග කියලා කෙනෙක් එයාව හොයාගෙන ආවොත් දෙන්න කියලා.."

එසේ පවසමින් ඇය නිවසේ කාමරයක් තුළට ගොස් කුඩා පාර්සලයක් මගේ අතට ගෙනවිත් දුණි.මේ සිදුවන කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමන්ව සිටි මා මිහිනදීගේ මව විසින් ගෙන් ගෙනවිත් දුන් පාර්සලය දිග හැර බලන්නට විය..

එහි තිබුණේ ලිපියකි. මා එය දිග හැර බලන්නට විය..

|| ආදරණීය විහග..||

මට සමාවෙන්න.. මම කවදාවත් මේ ලියුම ඔයාට කියවන්න නොලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..ඒත් මම ගැන වැරදි වැටහීමක් ඇතිවෙලා ඔයා මාව හොයාගෙන ආවොත් මේ දේ ඔයා දැනගන්න ඕන කියලා හිතුන නිසයි මම මේ දේ ලියන්න හිතුණේ..

ඇත්තටම මම මගේ ජීවිතේ ගොඩක් තැන් වලදි අසරණ වුන කෙනෙක්.. මම පොඩි කාලේ ඉදලම මගේ තාත්තා නැතුව මගේ අම්මා එක්ක හැදුණේ.. ඒකත් මට ලොකු මානසික පීඩනයක්.. මොකද අම්මා මාව හදන්න, මට උගන්නන්න ගොඩක් දුක් වින්දා..ඒක නිසා මගේ එකම බලාපොරොත්තුව වුණේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න, කවදා හරි මගේ අම්මාව බලා ගෙන එයාට සළකගෙන ජීවත් වෙන්න තමයි..

ඒහෙම ඉන්නකොට තමයි මට අහම්බෙන් ඔයාවත් අදුරගන්න ලැබුණේ. ඔයාව කවදාවත් දැකලා නැතත් මම ඔයාගේ අදහස් වලට ඔයාගේ සිතුවිලි වලට පුදුම විදියට ආස කරා.මට හිතුනා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා..සමහර දවස් වලට මට ඔයාගෙන් ලියුමක් එන්න පරක්කු උනාම මම පාර දිහා පැය ගනන් බලන් ඉන්නවා ලියුමක් එනකම්..

එහෙම ටික කාලයක් යන කොට තමයි මාව හදිස්සියේම අසනීප වෙලා Hospital එක්කන් ගියේ.. එදා මගේ ජීවිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියා.. එදා තමයි මම දැන ගත්තා මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි කියලා..මට Blood Cancer එකක් කියලා Doctors ලා කියලා තිබ්බා.. මම ජීවිතේ මවා ගෙන හිටපු හැම හීනෙම බොදවෙලා ගියා.. මගේ මේ ප්‍රශ්නේ නිසා මගේ අම්මා විදින දුක මට බලන් ඉන්න බැරිවුණා. මම එන්න එන්නම මානසිකව වැටිලා හිටියේ.

එහෙම බලාපොරොත්තු නැතුව ජීවත් වුන මට එකම සැනසීම වුණේ ඔයාගෙ වචන ටික විතරයි.. මට ඔයාගේ හැගීම් නොතේරුණා නෙවෙයි.. මමත් ඇත්තටම ඔයාට ආදරේ කරා විහග.. මටත් ඔයාව දකින්න ඕන වුණා.නමුත් මම වගේ ලගදි මැරෙන්න ඉන්න කෙනෙක්.. ඔයාට එහෙම බලාපොරොත්තු දෙන්නේ කොහොමද..? ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා මට තේරුණා.. ඒකයි මම ඔයාව මග හැරියේ විහග..

ඔයා අන්තිමට මට එව්ව ලියුමට උත්තරයක් ලියන්නේ නැතුව මම හිතෙන් විදව විදව ඉවසගෙන හිටියේ ඔයාට හොදක් කරන්න මිසක් හිතේ කිසිම තරහකට නෙවෙයි.. මම වාසනාවන්ත නෑ ඔයාගේ ආදරේ ලබන්න.. මට සමාවෙන්න විහග.. මම නිසා ඔයාගේ හිතට පොඩි හරි දුකක් දැනුණ නම්.. මට යන්න වෙනවා විහග.. අනිවාර්යයෙන්ම ඒ ගමන යන්න වෙනවා.. මාව මෙච්චර කාලයක් සතුටින් තිබ්බට ඔයාට ගොඩක් පිං..ඔයාට ලස්සන ජීවිතයක් තියනවා.. මම මගේ හදවතින්ම ඔයාගෙ ජීවිතේට සුභ පතනවා..

මම නවතින්නම් එහෙනම්.. මම ඔයාට ගොඩක් ආදරෙයි මෝඩ කොල්ලෝ.... බුදුසරණයි ඔයාට..!!!

ලිපිය අවසානය තෙක් කියවීමට නොහැකි තරමට මගේ ඇස් කදුළු වලින් පිරී තිබුණි..

""මට සමාවෙන්න මිහිනදී..""

මම මටම කියා ගන්නා ලදි.. මගේ සිතට මෙය දරාගත නොහැකි වේදනාවකි.

මෙපමණ කාලයක් මට සිහිනෙන් පෙනුණේ මිහිනදී ද.....

මා මෙතනට ගෙන ආවෙත් මිහිනදී ද.....

මගේ සිත ඉතා නොසන්සුන්විය..මිහිනදීගේ මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට හිස් කරන ලදි.මිහිනදී යනු කිසි දිනක මගේ හිතින් මකා නොදැමිය හැකි චරිතයකි.ඉන් පසු කිසි දිනක මා හට පෙර දුටු එම සිහිනයවත් පෙනුණේ නැත..

""තාත්ති... තාත්තී..""

"අම්මි මට බනිනවා.. ඔන්චිල්ලාව පදිනවා කියලා.."

මා පියවි සිහියට ආවේ ඒ මොහොතේය.. ඒ මගේ චූටි දුව මිහිනදීය..

"" මිහිනදී ඒ පාර තාත්තිට නඩු කියන්නත් පුරුදු උනාද..""

""මෙහාට එන්න මගේ මැණික.. අම්මි නෝටී නේ.. අපි යමු සෙල්ලම් කරන්න.."

චුටි දුව වඩා ගත් මා මිදුලේ කොනක ඇති ඔන්චිල්ලාව ලගට යන්නට විය.

..නිමි..

Ishan Sanjaya Devapriya

[QUOTE="බෙන් 10, post: 23145701, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]වෙලාව හරියටම රාත්‍රී දොලහේ කනිසමට ළගා වූවා පමණි.. හැමදාමත් දකින ඒ හීනයයෙන් මා තිගැස්සී ඇහැරුනෙමි.. කාමරයේ විදුලි ආලෝකයද නොදැල්වූ මා එකවරම මේසය උඩ තිබූ වතුර වීදුරුව ගෙන එක හුස්මට බීගෙන යන ලදි.. මෙම සිදුවීම් මා හට ආගන්තුක නොවේ.. කලක පටන් මේ ලෙස මාගේ නින්ද විනාශ කරන හීනයක් ඇත.. එය එකම ආකාරයේ හීනයකි.. ඒ ඉතා රූමත් යුවතියකි. ඇගේ මුහුණ හරි හැටි පැහැදිලි නැත.ඈ මා හට පෙනෙන නොපෙන මානයෙන් ගමන් කරමින් මා ඇය පසු පස හඹා යෑමට සලස්වයි.ඒ ඉතා පාළු අදුරු වූ වෘක්ෂයන්ගෙන් පිරි මාවතක් ඔස්සේය.නමුත් ඒ ගමනේ අවසානයක් නොමැත.ඒ මග කෙලවරක ඇති ගරා වැටුණු ලී ගේට්ටුවක් අසල ඇය මා තනිකර නොපෙනී යයි. මා නැවතත් සිහියට පැමිණෙන්නේ එවිටය. සෑම දිනකම එකම වෙලාවක දකින මෙම සිදුවීම මා හට ඉතා මානසික වදයක් විය.. මෙසේ කාලය ගතවිය.. මිහිනදී ඇයි දැන් මට ලියන්නේ නැත්තේ.. " මිහිනදී නැති වුන දවසෙ ඉදලා තමයි මේ ඔක්කොම මනස්ගාත මට පේන්නේ.." මා මටම කියා ගත්තෙමි... මිහිනදී යනු මා කිසි දිනක දැක නොමැති,ඉතා සුන්දර අදහස් හා සිතුවිලි ඇති මාගේ පෑනේ මිතුරියයි.. එහෙත් දැනට ටික කාලයකට පෙර ඇය මා හට ලිවීම නතර කෙරෙණි. එක වරම එසේ වූයේ ඇයි දැයි මට ද අදහාගත නොහැකි දෙයකි. මිහිනදී මට හමු වන්නේ මීට වසර හතරකට පමණ ඉහත මා පාසලේ උසස් පෙළ හදාරන සමයේ දීය. කොතෙකුත් 'නම්' පෑනේ මිතුරු පිටුවෙහි තිබුණද මාගේ සිත ඇදී ගියේ මිහිනදී කියන නමටයි. තවද මා මගේ රටේ වඩාත්ම ආදරය කරන පරිසරක ඇය ජීව්ත් වීමද මා ඇයට ලියන්නට හේතු විය. මිහිනදී ජීවත් වූයේ මහනුවර නගරයට ආසන්න සුන්දට පෙදෙසකය. මෙසේ ආරම්භ වුනු අපේ මිතුදම ඉතා සුන්දර විය.මා මගේ ගැනද ඇය ඇගේ ගැනද සියළු දේ අපි නිතර ලියන්නට විය. "" විහග මට වෙලාවකට හිතෙනවා අපේ ජීවිත හරි පුදුමයි කියලා.. මට වෙලාවකට හිතෙනවා ඔයා වගේ මෝඩ කොල්ලෙක්ට ඇයි මන් මේ පණ දාගෙන ලියන්නේ කියලත්.. ඒත් නොලිය ඉන්න හිතෙන්නෙම නෑ... හැමදාමත් පාර දිහා බලන් ඉන්නේ ඔයාගෙන් ලියුමක් එනකම්.. මේ මිස්ටර් විහග.. ඔයා ලගකදි ඉදන් ටිකක් පණ්ඩිත වෙලා කියල පේනවා මට.. දැන් එවන ලිවුම් වල කවි කෑලියි.. සිංදු කෑලී වැඩී.. මොකද ඒ.. පිස්සු හැදී ගෙනවත් එනව ද.. අදම අම්මා එක්ක ගිහින් බෙහෙත් ගන්න හොදද..ඩොක්ටර් මොකද කිව්වේ කියලා ලියලා එවන්නකෝ මට.. පිස්සා.. ඒ මිහිනදී මට එවන ලද අවසන් ලිපියේ කොටසකි. මා ඉන් පසු කොතෙක් ලිපි යැව්වද ඇයගෙන් කිසිදු පිළිතුරු ලිපියක් නොවිය.මා අවසන් වරට යැවූ ලිපියක ඇයව මුණගැසිය යුතු බව සදහන් කර යැවූ බැවින් ඇය මා ගැන වැරදි ලෙස සිතුවාද කියාත් විටක මට සිතිණි. කිසි දිනක දැක නැති සිතුවමකින් පමණක් මා මවා ගත් ඇයගේ මෙම නිෂ්ශබ්දතාවය මගේ හිතට ඉතා තදින් දැනෙන්නට විය.මගේ හිතට කියා ගත නොහැකි පාළුවක් තනි කමක් දැනෙන්නට විය.මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු කමක් මට මිහිනදී ගැන තිබිණි. එය මා මිහිනදීට කෙතරම් හැගවීමට උත්සහ කරද මිහිනදීට එය තේරුම් ගැනීමට උත්සහ නොගත් බවක් පෙනුණි. මෙසේ කලය ගෙවී ගියද මිහිනදීගෙන් මා හට කිසිදු පිළිතුරක් නොවීය..දිනෙන් දින මගේ හිතට දැනෙන මෙම වේදනාවත් රාත්‍රීයේ මා හට සිදුවන මෙම සිදුවීම් නිසාත් මා ඉතා කලකිරීමෙන් කාලය ගත කෙරිණි. මා හට හරි හැටි රාජකාරි කටයුතු කිරීමටවත් නොහැකි තත්වයක් උදා වී තිබිණි. මා පෞද්ගලික ආයතනයක කළමණාකරුවෙකු ලෙස සේවය කරන කරයි..උසස් පෙළ ප්‍රතිඵල ලැබීමත් සමඟ මා හට ලැබුණු රැකියාව පිළිබඳව මිහිනදී ද සිටියේ ඉතා සතුටකින් ය.ඇය ද උසස් පෙළ ඉහළින් සමත්ව සිටි අතර රැකියාවක් සිදු නොකරන ලදි.එබැවින් මා ඇයට යැවූ සෑම ලිපියකම වාගේ කියා සිටියේ ඉගන ගත්ත දේ අපතේ නොයවා සුදුසු රැකියාවකට ඉල්ලුම් කරන ලෙසටය..එහෙත් ඇයට එතරම් උනන්දුවක් නොවීය. සෑම දිනකම රැකියාවකට ගොස් මා නැවත නිවසට පැමිණෙන්නේ පාළුවත් තනිකමත් හිතේ දරා ගෙනය. සෑම දිනකම රාත්‍රී නින්දට යාමට පෙර මිහිනදී මට එවූ ලියුම් කියවමින් කාලය ගත කිරීම මාගේ පුරුද්දක් විය.. කවදාක හෝ ඇයගෙන් ලිපියක් බලාපොරොත්තුවෙන් කාලය ගෙවුන ද එය සිහිනයක් බදු විය..මම ඇයට මෙතරම් ආදරය කරන බව මා දැන සිටියේ නැත. " මා මිහිනදී සොයා ගත යුතුයි.." දිනක රාත්‍රීයේ ඈ ගැන සිතමින් සිටින මොහොතක පැමිණි සිතුවිල්ලකි.මා ඇයට මෙතරම් ආදරය කරන බව ඇයට කිව යුතුයි.. මෙසේ සිත්මින් මිහිනදී හමුවේවි යන බලාපොරොත්තුව මත මා එදින නින්දට යන ලදි.. පසු දින සති අන්තයේ නිවාඩු දිනයක් වුවද වෙනාදාටත් වඩා උදෑසනින් මා නින්දෙන් ඇහුරුණි. ඒ මිහිනදී ගැන රාත්‍රීය පුරාම සිතෙහි වද දුන් සිතුවිලිත් සමඟය. එදින සති අන්තයේ දිනයක් පමණක් නොව මාසේ පෝය දිනයක් වූ බැවින් ගෙදර සියළු දෙනාටම විවේකී දිනයකි. උදෑසනම සිල් සමාදන් වීමට යාම සදහා සූදනම් වූ මාගේ මව උදෑසන ආහර පිළියෙල කර ඇති බව පැවසුවේ මා හට උදෑසන තේ කෝප්පය රැගෙන එන අතරේය. "මොකද පුතේ ඔයාගේ හැටි ඊයේ රෑ නිදාගත්තේ නැද්ද..මූණ හරිම මහන්සි පාටයිනේ අසනීපයක්වත් ද.." "නෑ නෑ.. අම්මේ මට ටිකක් හිසරදේ වගේ.. ඒකයි.. ඒක හරියයි.." "ආ අම්මේ ඒක නෙවෙයි මම අද ටිකක් එළියට යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර.. එන්න ටිකක් රෑ වෙයි..රෑට කෑම තියන්න එපා.. හ්ම් හ්ම්ම් පරිස්සමින්.. එපමණක් පැවසූ මව කඩි මුඩියේම සූදානම් වී පන්සලට පිටව ගියේය. පිළියෙල කර තිබූ උදෑසන ආහාරයද රැගත් මා ඉක්මනින්ම සූදනම් වූයේ මිහිනදී සොයා ගැනීමේ ගමන ආරම්භ කිරීමටය.. කෙතරම් වේදනාවක් හිත තුළ තිබුණද වෙනදාට වඩා හිත තුළ අමුතු සතුටක් අතැති බලාපොරොත්තුවක් එදින තිබිණි.ඒ මිහිනදී හමුවේවි යන සිතුවිල්ලයි. පසුව ඉක්මනින් ලක ලැහැස්ති වූ මා මාගේ මෝටර් රථය පනගන්වන ලද්දේ කෙසේ හෝ මිහිනදී සොයා ගන්නවාමය යන අධිෂ්ඨානය සහිතවය. මා ජීවත්වූයේ ගාල්ල බද්දේගම ප්රදේශයේය. එබැවින් මහනුවර බලා යාම ටිකක් දිගු ගමනකි. එහෙත් එය කොතරම් දිගු ගමනක් වුවද එය මගේ ජීවිත ගමනේ කොටසක් බැවින් එය යා යුතුවමය. දහවල් ආහාරයද අතර මග කඩයකින් ලබා ගත් මා සවස තුන පමණ වන විට මහනුවර නගරයට ලගා විය.සවස් වීමට ආසන්න වුවද දළදා මාළිගාවට ගොස් වැද පුදා ගැනීමට මා සිත් විය.පෝය දිනක් බැවින් මාළිගාව ජනයාගෙන් පිරි ගොස් තිබුණි. නැවතත් රථයට නැගි මා ගමන යාමට පිටත් විය. මද දුරක් ගමන් ගත් මා අසල පිහිටි කඩයක් ආසන්නයේ රථය නතර කරන ලදි. එහි සිටි මැදිවයසේ පුද්ගලයන් කිහිපදෙනෙකි. මා සතුව මිහිනදී සොයාගැනීමට ඇති එකම සාක්ෂිය ඇයගේ ලිපිනය පමණි. "සමාවන්න මහත්මයා..මම විහග.. ගාල්ලේ ඉදලා එන්නේ.. මට කියන්න පුළුවන්ද මෙන්න මේ Address එක කොහේද කියලා.." "ආ කෝ බලන්න මහත්තයෝ.." "මහත්තයෝ ඔන්න ඔහොම තව හැතපුම් දහක් විතර යනකොට ලොකු තුංමන්හන්දියක් හම්බවෙනවා.. ආන් එත්නින් වම් පැත්තට හරෝලා හැතැප්ම විස්සක් විතර යන්න.. ඒ හරියේ ටිකක් අබලන් වෙච්ච පාළමක් එහෙමත් තියනවා..ආන් ඒ හරියේ තමයි මහත්තයෝ ඔය කියන ඇඩ්රොස් ඒකේ හැටියට තැන තියෙන්න ඕන.. "රෑ බෝ වෙයි මයි හිතේ.. ඒ හරියේ හරියොට එළියක් වත් නැහැ මූකලාන දෙපැත්තෙම.. හද එළියේ පිහිට තමා.." "අනේ බොහොම ස්තූතීයි මාමේ.." "වාහනේ නේ යන්නේ කමක් නෑ.." "හොදා හොදා මහත්තයට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි එහෙනම්.." ඇදිරි වැටීමට තවත් හෝරා දෙක තුනක් පමණ තිබුණි. ඔවුන් කියූ පරිදි මා මෙහි යාමේදී නිසැකවම රෑ බෝ වනු ඇත.. කෙසේ නමුත් මිහිනදී සොයාගෙන මිස ආපසු යෑමට නොහැකිය.. කෙසේ හෝ ඇය සොයා ගත යුතුය. රථය පණ ගැන්වූ මා වේගයෙන් ගමන ආරම්භ කරන ලදි. මාගේ එකම අභිප්‍රාය වූයේ මිහිනදී දැක ගැනීමය.. ඇදිරි වැටීමට ආසන්න වීමත් සමඟ මා පෙර කියූ තුංමන්හන්දිය පසු කර වමට ඇති ගමන් මාර්ගයට පැමිණෙන ලදි.. එය ටිකක් අබලන්ව ගිය කදු පල්ලම් සහිත මාර්ගයක් බැවින් යාමට මදක් අසීරු විය.. රෑ බෝ වී ඇති බැවින් පරිසරය ද පාළු ගතියක් ගෙන තිබුණි.. මා මෙය කුඩා කල සිට ඇළුම් කර පරිසරයක් වුවත් එදින මා හිතට යම් චකිතයක් දනවන්නක් විය. මිහිනදී සොයාගත හැකි වේද නැද්ද යන ප්‍රශ්නාර්ථය ද නිතර හිතේ දෝංකාරය දෙන්නට විය.. •••••••••••••••••• එකවරම පාර හරහා පැන ගිය සතෙකු නිසාවෙන් මා තිගැස්සී ගොස් වේගයෙන් පැද ආ මෝටර් රථය නතර කර ගතිමි... නිසැකවම ඒ සතා වාහනේට අහුවුනා මා සිත්න්නට විය. ඉක්මනින් රථයෙන් බැස ගත් මා රථයේ ඉදිරි පසට ගොස් සිදුවූයේ කුමක් ද යන්න නිරීක්ෂණය කරන්නට විය. මා සිතුවා නිවැරදි රථයේ ඉදිරි පස වම් පසට වන්න ඉතා විශාල ලේ පැල්ලමක් දක්නට ලැබුණි.. එය දැක මා පුදුමයට පත් විය මෙය කුඩා සතෙකුගේ විය හැකිද යන්නද මට සිතෙන්නට විය. ඒ ගැන හොදින්ම නිරීක්ෂණය කිරීමට මා එයට ලං වී බලන්නට විය.එහෙත් පුදුමයකි. ලේ පැල්ලමක් හැරෙන්නට කිසිම සතෙකු එහි නොවීය. එහෙත් මෙහි ඇති ආකාරයට නිසැකවම මෙහි වැදුණු සතා මිය යා යුතුය.. එහෙත් එහි සතෙකු ගිය සළකුනක් වත් නොවීය.. "එතකොට මම දැක්කේ කවුද..??? මේ ලේ පැල්ලම්... මෙය කලින් සිදු වූ වක්ද..??? මාගේ හිත නොසන්සුන් විය.. මුළු පරිසරයම නිහඩතාවයෙන් වෙලා ගෙනය.. මා ඉක්මනින්ම නැවත රථය තුලට නැග එය පණ ගන්වන්නට විය. නමුත් අවාසනාවකට මෙන් මෙතෙක් වේලා කිසිදු දෝශයක් නොතිබූ මෝටර් රථය පණගැන්විය නොහැකි විය. මෙය මෙසේ අක්‍රීය වීම මා හට අදහාගත නොහැකි විය.. මේ රෑ මෙය කෙසේ සාදාගන්නද මිනිස් පුළුටක් පෙනෙන මානයක නොවීය.. පිරිමි හිතක් වුද මාගේ සිතට යම් චකිතයක් මේ පාළු පරිසරය තුළින් දැනෙන්නට විය. "කෙසේ හෝ මෙය පණ ගන්වා ගත යුතුය.." නැතහොත් මා කෙසේ මිහිනදී සොයා ගන්නද.. මා දැන් පෙර කී මාර්ගයේ ගොඩ දුරක් පැමිණ ඇති බැවින් මා දැන් සිටිය යුත්තේ මිහිනදීගේ නිවසට ආසන්නයේම විය යුතුයි.. නැවතත් රථයෙන් බැස ගත් මා රථය පණ ගන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්නට විය.. කාත් කවුරුවත් නොමැති මෙම පාළු පරිසරය මගේ සිතේ බිය එන්න එන්නම වැඩි කරන්නක් විය..මාගේ දුරකථනයේද සංඥා අවහිර වීම නිසාවෙන් නිවසට හෝ ඇමතුමක් ගෙන මේ පිළිබඳව දැනුම් දීමටද නොහැකි වී තිබිණි. රථයෙන් බැස ගත් මා කිසි වෙකු හෝ හමුවේ යන බලාපොරොත්තුව මත ඉදිරියට ඇවිද යන්නට විය..ටික දුරක් ඇවිද ගිය තැන මා හට අබලන් වී ගිය යකඩ පාලමක් හමු විය. "මේය ඉහත මා පාර අසන ලද කඩ පිලෙහි සිටි පුද්ගලයා කියූ පාලම විය යුතුයි." ඒ අනුව මා දැන් සිටින්නේ මිහිනදීගේ නිවස අසලම විය යුතුයි..මට සිතිණි..පාලම පසු කරනවාත් සමඟ ඊට යාබදව ගරා වැටී ගිය කුඩා බස් නැවතුම් පළක් වන් ස්ථානයක් ද ඒ ආසන්නයේ කිසිවෙකු හෝ ගමන් කරන චායාවක් එකවර මා නෙත ගැටිණි. මා මේ මොහොතේ පත්ව සිටින අසරණ තත්වය සමඟ මගේ සිතට මෙය සැනසීමක් ගෙන දෙන්නක් විය.ඒ කුමන හෝ තොරතුරක් හෝ උපකාරයක් ලබා ගැනීමට හැකි වේ යන නිසාවෙනි.එසේ වුවද එය මොහොතකට අඩපන වූයේ එම ස්ථානයේ ගමන් කරමින් සිටින්නේ කාන්තාවක් බව දුටු නිසාවෙනි. මෙතෙක් වේලා කිසිවෙකුත් නොගැවසුනු මෙම පාළු පරිසරයේ මෙතරම් රෑ බෝ වී ඇති වේලාවක කාන්තාවක් තනිවම සිටිනු දැකීම මගේ ඇසට අදහාගත නොහැකි හා සිතට චකිතය වැඩි කරන්නක් විය. මගේ අනුමානය අනුව ඇය ඉතා රූමත් විය යුතුයි.සුදු පැහැයට හුරු දිග ගව්මක් ඇද සිටි ඇය ඇගේ දිගු වරලසින් මුහුණේ පැත්තක් වසා ගෙන මෙන් සිටින්නට විය. ඇය කලබලයකින් තොරව ඉතා ශාන්ත ලීලාවෙන් ඉදිරියට ගමන් කරමින් සිටින්නට විය. හද එළිය නිසා ඇය ඉතා දීප්තිමත්ව මට පෙනුණි. මා ටිකෙන් ටික ඈ සමීපයට ළං වුවද ඇය කිසිත් නොදැනෙන්නාක් මෙන් ඇයගේ ගමන යන බවක් මා හට හැගුණි. " මට සමාවෙන්න.." ඇය අසලට ළඟා වෙත්ම මා අමන්තන්නට විය.. ගමන් ගත් ශාන්ත ලීලාවෙන්ම ඈ ගමන නතර කරන්නට විය. ඈ මා ඉදිරියෙන් මට පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ හරි හැටි නොපෙනෙයි.. "සමාවෙන්න.. මම මේ ලොකු කරදරයක වැටිලා ඉන්නේ.." " මම කෙනෙක්ව හොයන ගමන්.. මම ආපු කාර් එක කැඩුණා එකපාරටම.. අන්න අතනදී.." " Pls මට මෙන්න මේ Address එක තියෙන්නේ කොහේද කියලා කියන්න පුළුවන්ද..?" මා ලග ඇති මිහිනදීගේ ලිපිනය සහිත කොල කැබැල්ල අතට ගන්න අතරම සිදු වූ සියල්ල සාරාංශ ගත කොට ඇයට පවසන්නට විය. කිසිවක් නොපැවසූ ඇය ඇගේ අත මා සිටින දෙසට දිගු කර එම ලිපිනය සදහන් කොල කැබැල්ල ඉල්ලන්නාක් මෙන් අගවන්නට විය.. මා ද කිසිත් නොපවසා එම ලිපිනය ඇය දෙසට දිගු කර අතර එය අතට ගත ඇය ඒ දෙස නිහඩව බලන්නට විය.. ඇය සිටින්නේ මට පිටු පාගෙනය.. මොහොතකට පසු මා හට ඇගේ හැසිරීම අමුත්තක් ගෙන දෙන්නක් විය.. ඒ මා දුන් ලිපිනය සහිත කොල කැබැල්ල දෙස මුහුණ යොමා සිටි ඇය ඒ දෙස බලමින් කල්පනා කරන්නට විය.. "ඇයි මොනව හරි ප්‍රශ්නයක්ද...?? ඔයා ඔය තැන දන්නවද..?" මා ඇගෙන් අසන්නට විය.. .. "ඔව්... මොකද මම නොදන්නේ..මමත් යන්නේ ඒ කිට්ටුවට..යමු මාත් එක්ක මම පාර පෙන්නන්නම්.." ලෙස ඇය ඉතා ගැඹුරු ස්වරයකින් අමතන්නට මා අමතන්නට විය.. ඒත් සමග එකවර තිගැස්සී ගිය මා ඇයට "බොහොම ස්තූතියි..මං එන්නම්.." ලෙස ඇයට පවසන්නට වූයේ සිතෙහි ඇති වූ බිය සහ ඇගේ මෙම හැසිරීම නිසා ඇති වූ අමුත්තත් සමඟය.ඒත් සමඟ නැවතත් ගමන් ඇරඹූ ඈ පිටුපසින් මාද ගමන් කරන්නට විය. "ඔයා මේ පළාතෙද...? " ඉදිරියෙන් ගමන් කරන ඈගෙන් මා විමසීය.. " ඔව්.." ඇයගේ පිළිතුර එපමණකි.. "මම මෙහෙම ඇහුවට වැරැද්දක් හිතන්න එපා. "ඇයි මේ රෑ වෙලා මේ පාළු පාරක තනියම යන්නේ.." "මගේ බස් එක වැරදුනා.. මම මේ පයින්ම යනවා.." "අයියෝ එහෙමද..?? මම මේ කෙනෙක් හොයනවා..( මිහිනදී )කියලා.. දැන් ගොඩ කාලෙක ඉදන් එයාගෙ ආරංචියක් නෑ.. මේ Address එක විතරයි මම ගාව තිබුණේ.." "ඔයා එහෙම කෙනෙක් දන්නවද..?" "අහල තියනවද..?? නෑ මම මේ නිකමට ඇහුවේ..සමාවෙන්න.." ඒ මොහොතේ මගේ සිතට ඇති වූ චකිතයත් බියත් නිසාම මා මෙලෙස යම් යම් දේවල් ඇයගෙන් අසන්නට විය. එහෙත් ඇය නිහඩවම ඉදිරියට ඇදෙන්නට විය. කෙමෙන් කෙම්න් ඉදිරියට යත්ම මාර්ගය අදුරු ගතිය වැඩි වන අතර වෘක්ෂලතාවන් ගෙන් දෙපස වෙලා ගෙන තිබුණි. ගස් අතරින් වැටෙන හද එළිය හැරෙන්නට කිසිදු අලෝකයක් නොවීය..මිහිනදී සොයා ගැනීම කෙසේ වුවද එන්න එන්නම මගේ හිතේ චකිතය වැඩි වන්නට විය. එකවරම මෙම පරිසරය මා හට යම් හුරුවක් ගෙන දෙන්නට විය.. "මම හැමදාම දකින හීනය.." මම මටම කියා ගත්තේය.ඒත් සමඟ මගේ හෘද ස්පන්දන වේගයද කෙමෙන් කෙමෙන් වැඩි වන බව මට වැටහිණි... ටික කාලයක සිට මාගේ රාත්‍රී නින්දට බාධා කර එම සිහිනයේ චරිතයන් හා පරිසරය මා ඇස් ඉදිරිපිටම විකාශනය වන්නාක් මෙන් මා සිතට දැනිණි.මගේ මුළු ශරීරයම බියෙන් වෙව්ලන්නාක් විය. මා දැන් නිරායාසයෙන්ම ඇය පසු පස ගමන් කරමි.. ගමන නැවැත් වීමට වෑයම් කරද මාගේ ශරීරය මාගේ පාලනයෙන් තොරවන්නාක් මෙන් දැනිණි. මේ..මේ..මේ තව කොච්චර දුරද..? මාගේ මුවින් ඉතා පැටළිලි සහගතව වචන කිපයක් පිටවිය..ඒත් සමඟ එකවරම ඇය ඇගේ ගමන නතර කරන ලදි.. එයින් තිගැස්සුනු මා ද එතනම නතර විය.. ඈ සිටින්නේ මාගේ සිට අඩි කිහිපයක් දුරින්යi. එසේ නැවති ඈ එකවරම මා දෙස හැරී බලන්නට විය..සඳ එළියත් සමඟ මා ඇයගේ මුහුණ පැහැදිලිවම දුටුවේ එවිටය.. ඇය ඉතා රූමත්ය. නමුත් ඇගේ මුහුණ ඉතා විඩාබර හා ශෝකාකූල විය.. "අර පේන්නේ ඔය හොයන ගෙදර.." අසල වූ ගුරු පාරක කෙලවරක පිහිටි නිවසක් දෙසට අත දිගු කරමින් ඇය පැවසීය. "ගොඩක් ස්තූතියි ඔයාට.." "මම එහෙනම් යනවා මට තව ගොඩක් දුර යන්න තියනවා.." කියමින් ඇය යන්නට විය.. මා ගුරු පාර දෙස හැරී බලා නැවත ඇය දෙස බලන මොහොතට ඇය නොපෙනී ගොස්ය..එතරම් ඉක්මනට කොහොමද ඇය නොපෙනී ගියේ යන්න.. ගුරු පාර දෙසට ඇවිද යන ගමන් මා කල්පනා කරන්නට විය. වේලාව රාත්‍රී දහයට පමණ ආසන්නව තිබූ හෙයින් එම නිවසේ දල්වා ඇති එක විදුලි බුබුලක් හැරෙන්නට මුළු නිවසම අදුරු ස්වභාවයක් ගන්නා ලදි. නිවස ඉදිරි පිට ලී ගේට්ටුවකි.. එය තරමක පැරණි නිවසක්ය.. ලී ගේට්ටුව පහසුවෙන් විවෘත කර මා නිවසේ ඉදිරි පස දොරටුව අසලට ලගා විය. "ගෙදර කව්ද..? ගෙදර කව්ද..? මා නිවසේ ඉදිරි පස දොරට තට්ටු කරන්නට විය.. මිහිනදී මට කියා ඇති පරිද්දෙන් ඇයට සිටින්නේ ඇගේ අම්මා සහ ආත්තම්මා පමණි. තාත්තා කුඩා කාලයේ දීම ඔවුන හැර දමා ගොස් තිබුණි.එබැවින් පවුලේ එකම දරුවා වූ මිහිනදී කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ අම්මා හා ආත්තම්මා සමඟය. එකවරම නිවස ඇතුලත ආලෝකයක් දැල්වුණු අතර දොරෙහි අගුලු විවෘත කරන්නාක් මෙන් ඇසිණි.. ඉන් ඉවතට පැමිණියේ මැදි වයසේ පසු වූ කාන්තාවකි.. "කව්ද ඔය.. දොර කඩන්න හදන්නේ මේ මහ රෑ.." " අනේ මට සමාවෙන්න...මම විහග..ගොඩක් දුර ඉදන් ආවේ.." "මේ මගෙ මිහිනදීගේ අම්මා වෙන්න ඇති.. මම මිහිනදීගේ යාළුවෙක්.." ''විහග'' ඇය කල්පනා කරන්නට විය. "මම තමයි මිහිනදීගේ අම්මා.." "එන්න ඇතුලට ඇවිත් වාඩි වෙන්න..." "බොහොම ස්තූතියි අම්මේ.." "මම පුතාව දන්නවා.. මට දුව කියලා තියනවා.." "කෝ අම්මේ මිහිනදී ඉන්නවද..??" "" මගේ දුව...."" එක වරම මිහිනදීගෙ මව කදුළු සලන්නට විය.. " අම්මේ.. ඇයි අම්මේ මේ.. මිහිනදී කොහේ හරි ගිහින්ද මෙහේ නැද්ද.." මිහිනදීගේ මව අසල තිබූ පුටුවක වාඩි කරන ගමන් මා ඇයගෙන් ඇසීය.. "පුතේ මිහිනදී මෙහේ නෑ එයා ගිහින් පුතේ..." "එයා ආයි නොයෙන්නම ගිහින් අපි ඔක්කොම දාල අනේ මගේ දුව..අහිංසකී..." "මොනවා.."අම්මේ කියන්න ඇත්තමද " මා මිහිනදීගේ මව අසලම වාඩි ගතිමි.. මාගේ හිත එකවරම කඩා වැටෙන්නාක් මෙන් මට හැගිනි...ඇය කිසි දිනෙක මා නොදැක ඇති නමුත් මා ඇයට බෙහෙවින් ආදරය කර ඇති බව මා හට දැනුණේ එවිටය.. මගේ ඇස් වලින් කදුළු වැටෙන්නට විය.. ඒත් සමඟම මාගේ ඇස පුදුම කරවන්නක් විය.. ඒ නිවසේ බිත්තියක එල්ලා ඇති පින්තූරයක් දුටු නිසාවෙන් ය. "අම්මේ අර පින්තූරේ කාගෙද.?" "ඇයි පුතේ ඒ තමයි මිහිනදී.." "මොනවා... ඒක වෙන්න බෑ ඒ මිහිනදී වෙන්නේ කොහොමද.?" මා එකවර කලබලයෙන් මෙන් පවසන්නට විය.. ඒ පින්තූරයේ සිටින්නේ මා මෙතනට රැගෙන ආ යුවතියයි.. මා මෙය කෙසේ විශ්වාස කරන්න ද.. "අම්මේ මේ මිහිනදී නම් එයා කොහොමද මට දැන් හම්බවුනේ.. මට මේ ගෙදරට එන්න පාර පෙන්නුවෙත් එයා.." "මා එක්ක කථාත් කරා මේක වෙන්නේ කොහොමද.." "කියන්න මිහිනදී ඉන්නවා නේද..?" "අනේ පුතේ මෙහෙන් ටිකක් වාඩි වුණානම්..." "පුතා දකින්න ඇත්තේ වෙන කවුරු හරි.. මේ ඉන්නේ මිහිනදී.. මිහිනදී නැති වෙලා දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ආවා.. මිහිනදී කියන්නේ හරිම අහිංසක ළමයෙක්..කාටවත් වරදක් නැති හොද දරුවෙක්..ඒත් අවාසනාවකට ඒයාට මීට අවුරුදු දෙක තුනකට ඉස්සර නරක ලෙඩක් තියනවා කියල දැන ගන්න ලැබුනා එදා ඉදන් එයා හිටියේ ජීවිතේ ගැන කලකිරීමෙන්... පස්සේ එන්න එන්නම එයා මානසිකව වැටුණා..එන්න එන්නම් එයාගේ ශරීරෙත් අඩපන වුණා.." "මට මතකයි දුව පුතා ගැන නිතරම කියනවා.." "පුතාට නිතරම ලියුම් ලියනවා.. කෙල්ල හිටපු තත්වේ එක්ක අපි ඒ ගැන අනවශ්‍යය විදියට හොයලා බාධ කරන්න ගියෙත් නෑ..මොකද මම දැක්කා දුව ඒව කරන්නේ සතුටින් කියලා.. දුව අන්තිමට හොස්පිට්ල් එකට ගෙනියන කොටත් එයා පුතා ගැන කිව්වා.." "ආ පොඩ්ඩක් ඉන්න... මිහිනදී මට දෙයක් දුන්නා..කවද හරි විහග කියලා කෙනෙක් එයාව හොයාගෙන ආවොත් දෙන්න කියලා.." එසේ පවසමින් ඇය නිවසේ කාමරයක් තුළට ගොස් කුඩා පාර්සලයක් මගේ අතට ගෙනවිත් දුණි.මේ සිදුවන කිසිවක් සිතා ගැනීමට නොහැකිව අතරමන්ව සිටි මා මිහිනදීගේ මව විසින් ගෙන් ගෙනවිත් දුන් පාර්සලය දිග හැර බලන්නට විය.. එහි තිබුණේ ලිපියකි. මා එය දිග හැර බලන්නට විය.. || ආදරණීය විහග..|| මට සමාවෙන්න.. මම කවදාවත් මේ ලියුම ඔයාට කියවන්න නොලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..ඒත් මම ගැන වැරදි වැටහීමක් ඇතිවෙලා ඔයා මාව හොයාගෙන ආවොත් මේ දේ ඔයා දැනගන්න ඕන කියලා හිතුන නිසයි මම මේ දේ ලියන්න හිතුණේ.. ඇත්තටම මම මගේ ජීවිතේ ගොඩක් තැන් වලදි අසරණ වුන කෙනෙක්.. මම පොඩි කාලේ ඉදලම මගේ තාත්තා නැතුව මගේ අම්මා එක්ක හැදුණේ.. ඒකත් මට ලොකු මානසික පීඩනයක්.. මොකද අම්මා මාව හදන්න, මට උගන්නන්න ගොඩක් දුක් වින්දා..ඒක නිසා මගේ එකම බලාපොරොත්තුව වුණේ හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න, කවදා හරි මගේ අම්මාව බලා ගෙන එයාට සළකගෙන ජීවත් වෙන්න තමයි.. ඒහෙම ඉන්නකොට තමයි මට අහම්බෙන් ඔයාවත් අදුරගන්න ලැබුණේ. ඔයාව කවදාවත් දැකලා නැතත් මම ඔයාගේ අදහස් වලට ඔයාගේ සිතුවිලි වලට පුදුම විදියට ආස කරා.මට හිතුනා ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා..සමහර දවස් වලට මට ඔයාගෙන් ලියුමක් එන්න පරක්කු උනාම මම පාර දිහා පැය ගනන් බලන් ඉන්නවා ලියුමක් එනකම්.. එහෙම ටික කාලයක් යන කොට තමයි මාව හදිස්සියේම අසනීප වෙලා Hospital එක්කන් ගියේ.. එදා මගේ ජීවිතේ තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා ගියා.. එදා තමයි මම දැන ගත්තා මම ජීවත් වෙන්නේ තව ටික කාලයයි කියලා..මට Blood Cancer එකක් කියලා Doctors ලා කියලා තිබ්බා.. මම ජීවිතේ මවා ගෙන හිටපු හැම හීනෙම බොදවෙලා ගියා.. මගේ මේ ප්‍රශ්නේ නිසා මගේ අම්මා විදින දුක මට බලන් ඉන්න බැරිවුණා. මම එන්න එන්නම මානසිකව වැටිලා හිටියේ. එහෙම බලාපොරොත්තු නැතුව ජීවත් වුන මට එකම සැනසීම වුණේ ඔයාගෙ වචන ටික විතරයි.. මට ඔයාගේ හැගීම් නොතේරුණා නෙවෙයි.. මමත් ඇත්තටම ඔයාට ආදරේ කරා විහග.. මටත් ඔයාව දකින්න ඕන වුණා.නමුත් මම වගේ ලගදි මැරෙන්න ඉන්න කෙනෙක්.. ඔයාට එහෙම බලාපොරොත්තු දෙන්නේ කොහොමද..? ඒක ඔයාට කරන අසාධාරණයක් කියලා මට තේරුණා.. ඒකයි මම ඔයාව මග හැරියේ විහග.. ඔයා අන්තිමට මට එව්ව ලියුමට උත්තරයක් ලියන්නේ නැතුව මම හිතෙන් විදව විදව ඉවසගෙන හිටියේ ඔයාට හොදක් කරන්න මිසක් හිතේ කිසිම තරහකට නෙවෙයි.. මම වාසනාවන්ත නෑ ඔයාගේ ආදරේ ලබන්න.. මට සමාවෙන්න විහග.. මම නිසා ඔයාගේ හිතට පොඩි හරි දුකක් දැනුණ නම්.. මට යන්න වෙනවා විහග.. අනිවාර්යයෙන්ම ඒ ගමන යන්න වෙනවා.. මාව මෙච්චර කාලයක් සතුටින් තිබ්බට ඔයාට ගොඩක් පිං..ඔයාට ලස්සන ජීවිතයක් තියනවා.. මම මගේ හදවතින්ම ඔයාගෙ ජීවිතේට සුභ පතනවා.. මම නවතින්නම් එහෙනම්.. මම ඔයාට ගොඩක් ආදරෙයි මෝඩ කොල්ලෝ.... බුදුසරණයි ඔයාට..!!! ලිපිය අවසානය තෙක් කියවීමට නොහැකි තරමට මගේ ඇස් කදුළු වලින් පිරී තිබුණි.. ""මට සමාවෙන්න මිහිනදී.."" මම මටම කියා ගන්නා ලදි.. මගේ සිතට මෙය දරාගත නොහැකි වේදනාවකි. මෙපමණ කාලයක් මට සිහිනෙන් පෙනුණේ මිහිනදී ද..... මා මෙතනට ගෙන ආවෙත් මිහිනදී ද..... මගේ සිත ඉතා නොසන්සුන්විය..මිහිනදීගේ මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට හිස් කරන ලදි.මිහිනදී යනු කිසි දිනක මගේ හිතින් මකා නොදැමිය හැකි චරිතයකි.ඉන් පසු කිසි දිනක මා හට පෙර දුටු එම සිහිනයවත් පෙනුණේ නැත.. ************** ""තාත්ති... තාත්තී.."" "අම්මි මට බනිනවා.. ඔන්චිල්ලාව පදිනවා කියලා.." මා පියවි සිහියට ආවේ ඒ මොහොතේය.. ඒ මගේ චූටි දුව මිහිනදීය.. "" මිහිනදී ඒ පාර තාත්තිට නඩු කියන්නත් පුරුදු උනාද.."" ""මෙහාට එන්න මගේ මැණික.. අම්මි නෝටී නේ.. අපි යමු සෙල්ලම් කරන්න.." චුටි දුව වඩා ගත් මා මිදුලේ කොනක ඇති ඔන්චිල්ලාව ලගට යන්නට විය. ..නිමි..[/SIZE][/COLOR] [COLOR="Red"][RIGHT][B]Ishan Sanjaya Devapriya[/B][/RIGHT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom