Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමනුශ්ය ආත්මය

යාළුවනේ මේ කතාවට තවම මම නමක් හිතලා නෑ. මේක මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගේ ඇත්තම අත්දැකීමක්. මම මේ කතාවේ රසය තව ටිකක් වැඩි කරලයි පොඩි වෙනස් කම් ටිකක් කළා. ඒ වගේම මේ කතාවේ නම් ගම් නම් මම වෙනස් කළා. එහෙනම් යාළුවනේ මෙකත් කියවලා ඔයාලගේ අදහස් කියන්නකෝ..

කේතකී ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම කල්පනාවක ගැලී උන්නාය. පාර දෙපස වූ සුන්දර කුඹුරු යායවල්, රබර් වතු , කුඩා මැටි ගෙපැල් වලට පවා ඇගේ අවධානය යොමු වූයේ නැත. වෙනදා නම් ඇය මෙවා දෙස ආසාවෙන් බලමින් ගමන් කරයි. ඇය කල්පනාව නවතා මදකට ඇයට පසෙකින් අසුන් ගෙන සිටි ඇගේ සැමියා වන සහන් දෙස බැළුවාය. ඇයට අතීතය නැවත සිහි පත් විය.

සහනුත් කේතකීත් විවාහා වී වැඩි කාලයක් නැත. සහන් යනු ධනවත් වියාපාරිකයෙකුගේ බාල පුත්රයායි. ප්රේම සම්බන්ධයකින් විවාහා වූ ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් ජීවත් වූහ. එහෙත් දැනට මාසයකට කළින් සිදු වූ මාරක රිය අනතුරකින් සහන් දිවි ගලවා ගත්තේ 99යෙනි. එම සිදුවීම මතක් වන විට දැන් පවා කේතකී බයෙන් තැති ගනී. සහන් ජීවිතයත් මරණයත් අතර සති එකහාමාරක් සටන් කළේය. ඔහු කෝමා තත්වයක පසු විය. වෙද්යවරුන්ගේ මතය වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳ බලපොරොත්තු තබා ගත නොහැකි බවයි. අවසන කාගේත් සිත් පුදුමයෙන් හා සතුටින් පුරවාලමින් සහන් සිහිය ලැබුවේය. කවුරුත් කල්පනා කළේ එය ඔහුගේ වාසනාව බවයි. වෙද්යවරුන් පැවසුවේ ඔවුන්ගේ කාර්ය අවසන්වී ඇති නිසා ඔහුව නිවසට රැගෙන යන ලෙසයි. එහෙත් නිවසට ආ පසුත් සහන් පෙර මෙන් නොවීය. ඔහුගේ අමුතු වෙනසක් විය. එය ඔහුගේ හිත මිතුරු කා හටත් ඉක්මනින් වැටහිණ. ඔහු තවමත් සුව වෙමින් සිටින නිසාත් ඔහු මුහුණ පෑ භයානක රිය අනතුරේ බලපෑම නිසාත් ඔහුගේ මේ වෙනස් කමට හේතුව බව වෙද්යවරුන්ගේ මතය විය. එම නිසා ඔවුන් සහන්ගේ දෙමව්පියන්ට පැවසුවේ ඔහුව මෙම කොළඹ කලබලකාරි පරිසරයෙන් ඔහේ හෝ පිටිසර නිස්කලන්ක පෙදෙසකට යවන ලෙසයි. ඒ අනුව සහන්ගේ දෙමව්පියන් සුන්දර නෙළුම්ගම නැමැති ගමට සහන්වත් කේතකීවත් පිටත් කර හරී. ඔවුන්ගේ තනි නොතනියට සහා නිවසේ වැඩ පල කිරීමට ගමෙන්ම මැණිකා සහා බණ්ඩේ නැමැති මහළු යුවලක්ද සේවයට ගෙන තිබුණි. තවද සහන්ට තවම රිය තනිව පැදවිය නොහැකි නිසා ඔවුන්ගේ රියදුරු කපිලත් ඔවුන් සමග පැමිණෙන ලදී. මේ ඔවුන් යමින් සිටියේ නෙළුම් ගමේ සහන්ගේ පියා විසින් ඔවුන් වෙනුවෙන් මිළට ගන්නා ලද නිවස වෙතටයි. එහි යන අතරතුර එහා පස සිටි තම සැමියා දෙස කේතකී වරින් වර බැළුවේ ඔහුව කතාවකට අල්ලා ගැනීමටයි. වෙනදා නම් ඔහුත් ඇයත් මෙවන් ගමනක් යද්දී සුහද කතා බහා දෝරේ ගලයි. එහෙත් දැන් සහන් බොහෝ නිහඩය. ඒත් ඔහුද වරින් වර කේතකි දෙස බලයි. ඔහුගේ බැල්ම අමුතු යැයි ඇයට බොහෝ විට සිතෙයි. පැය තුනක ගමනින් ඇය තෙහෙට්ටුවට පත් වී සිටියාය. ඊටත් වඩා සහන්ගේ අසනීප තත්වය ඇයට මහත් දුකක් විය. ඇයට උවමනා වූයේ තම සැමියා කෙසේ හෝ පෙර තත්වයට ගෙන ඒමටයි. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විදීමට ඇය සැරසී සිටියාය. ඔවුන් නිවසට වෙත ළඟා වන විට හතරවටින් කළුවර වැටී තිබිණ. මැණිකාත් බණ්ඩාත් ඔවුන් පිළි ගැනීමට ඉදිරියට ආවෙ මුව පුරා රැඳි සිනාවකිනි. ඔවුන් දෙදෙනා කරුණාවන්ත යුවළක් බව කේතකීට සිතා ගත හැකි විය.

'ටිකක් පරක්කු උනා මාමේ." කේතකී බණ්ඩේට කට පුරා මාමේ යැයි ඇමතීම නිසා බණ්ඩේ සතුටට පත් විය. හරිම නිහතමානි දරුවෙක්. ලොකු කමක් ගෑවිලා වත් නෑ" බණ්ඩේ සිතුවේය. කපිල ඔවුන්ගේ බඩු නිවස වෙත ගෙන එන ලදී. ගම්බද වුවත් එම නිවස ඉතා සැප පහසු අන්දමට අළුත් වැඩියා කර තිබුණේ සහන්ගේ පියා විසිනි. කේතකී ඉක්මණින්ම සහන්වත් රැගෙන නිදන කාමරය වෙත ගියාය." සහන් මම ටක් ගාලා වොශ් එකක් දාගෙන එන්නම්. ඔයා හාන්සි වෙලා ඉන්නකෝ."

ඔවුන් රෑ කෑමද ඉකමනින් ගෙන නින්දට ගියහ. කේතකීටද ඉක්මනින් නින්ද ගියේය..

"කේතකී කේතකී ඔයාට මාව ඇහෙනවද.. කේතකී මාව ඇහෙනවද.."

සහන්ගේ හඬින් කේතකී ගැස්සී ඇහැරුණාය.. ඇය අසළ සහන් සුවසේ නිදයි. ඇය දැක ඇත්තේ සුපුරුදු සිහිනයම බව ඇය වටහා ගත්තාය. ඇයට මෙම සිහිනය මහත් ප්රෙහේළිකාවකි.

සහන් රිය අනතුරට පෑ දවසේ සිට නොකඩවාම හැම රැයකදීම ඇය මේ සිහිනය දැක අවදි වූවාය. සහන් කොහේදෝ අන්ධකාරයක සිට ඇය අමතයි. ඔහු පවසන්නේ එකම දෙයකි. ඒ ඔහුට උදව් කරන ලෙසයි. ඇය නැවත නිදන්නට උත්සහා කළාය..

මෙසේ දින කිහිපයක් ගෙවී ගියේ සාමන්ය පරිදිය. එක් දිනක් සවස කේතකීට පන්සල් යාමට සිතක් පහළ විය. " සහන් අපි දෙන්නා පන්සල් ගිහින් එමුද?"

"කේතකී මට ටිකක් අමාරුයි අද යන්න. අපි වෙන දවසක යමු. ඔයා මැණිකා එක්ක ගිහින් එන්නකෝ"

"හරි සහන් කමක් නෑ. අපි වෙන දවසක යමුකො එහෙනම්. මම මැණිකා එක්ක ගිහින් එන්නම් එහෙනම්"

ඇය මැණිකාත් සමග සවස පන්සල් ගියාය. බුදුන් වැඳ මල් පුදා ඇය, බෝධිය යට ඔහේ වාඩි වී සිටියාය. සුදු සරමක් හා කමිසයක් හැඳ ගත් මැදි වියේ මිනිසෙක් කේතකී දෙස බලා සිටියේය. කේතකී ඔහුව දුටුවාය. ඇය ඔහු සමග සිනාසුනාය. " මේ නෝනා මේ පළාතේ නෙවෙයි නේද?" ඔහුද ඇය සමග පෙරළා සුහද සිනාවක් සමගම කතාව ඇරඹුවේය.

"නෑ මාමේ මම මෙහෙ නෙවෙයි. මම කොළඹ. ටික කලකට මෙහේ ආවේ"

"නෝනා මම සාමන්යෙන් අඳුරන්නේ නැති අය එක්ක වැඩි කතා බහක් නෑ. ඒත් මේ නෝනාව දැක්කම මට හිතුණා නෝනට ළගදීම මගේ උදව් ඕන වෙයි කියලා. මේ නෝනා නොදන්නවා උනාට නෝනා ඉන්නේ භයානක අනතුරක. නෝනා ගාව ලොකූ අන්ධකාරයක් පෙන්නුම් කරනවා. ටිකක් පරිස්සමින් කල්පනාවෙන් ජීවත් වෙන්න නෝනා"

ඒ සමගම බුදුන් වැඳ අවසන් වූ මැණිකා ඔවුන් අසලට පැමිණියාය.

"සියාතු ගුරුන්නාන්සේ නොවැ. මම මේ ඈත තියා දැකලා බැළුවා අපේ නෝනත් එක්ක කවුද මේ බර කතාවක කියාලා. ගුරුන්නාන්සේ පන්සල් ආවැයි"

"ඔව් මැණිකා,එහෙනම් මම ගොහින් එන්නම්. වැඩ ගොඩක් තියෙයි කරන්න"

එසේ කියා ඔහු එතනින් ඉවත් උනේය.

"කව්ද මැණිකා නැන්දේ ඒ"

"ඒ තමා නෝනේ අපේ ගමටම ඉන්න ගුරුන්නාන්සේ. බොහොම බලගතු කෙනෙක්. ඕනම යකෙක් මට්ටු කරයි"

"ම්ම් එහෙමද නැන්දේ" කේතකී සියාතු කියූ දේවල් ගැන නැවත සිතුවාය.. ඇය ඔහු පැවසූ දේවල් ගැන මැණිකාට කිසිවක් පැවසුවේ නැත. මේ ගම්මුන්ගේ හණමිටි අදහස් යැයි ඇය සිතුවාය. සහන්ගේ ප්රශ්ණයට අමතරව තවත් ප්රශ්ණ ගැන සිතීමට ඇයට වෙලාවක් නොවීය. දුරකථනය නාද වන හඩින් කේතකී කල්පනාවකින් මිදුනාය. "හෙලෝ අක්කේ කොහොමද ඔයාලට"

"හොදින් ඉන්නවා නන්ගි. කොහොමද මල්ලිට? දැන් ඉස්සරට වඩා සනීපද?"

"ඔව් අක්කේ දැන් සහන් ටික ටික හොඳ වෙනවා. අපේ දූ පැටියාට කොහොමද අක්කේ"

"අනේ නන්ගි මේ කෙල්ල කරදර කරනවා බාප්පි බලන්න ඕන කියලා. අයියා කිව්වා ඉස්කෝලේ නිවාඩු නිසා දූව ඔහේ ඇරලවමු කියලා. අනික මල්ලිත් කෙල්ලට ආදරේ නිසා මල්ලිටත් පාළු නැති වෙයි. "

අක්කේ ඒක නම් ශෝක්.. මටත් පාළුයි මෙහේ. දූව එක්කන් එන්න අක්කේ. මම හොඳට බලා ගන්නම්."

" හරි නන්ගි මම ඉතින් ඔයා ගැන දන්නවනේ. එහෙනම් අයියයි මමයි හෙට දුව එක්කන් එන්නම්කො"

පෙරදා කතා වූවා සේම සහන්ගේ අයියාත් බිරිඳත් එකම දියණිය වූ සනුමීත් නෙළුම් ගමට ආවෝය. පාළුවෙන් සිටි කේතකී සනුමිගේ පැමිණීම ගැන සතුටින් සිටියාය. දියණිය ඇරලවූ අයියාත් බිරිඳත් සවස පිටත් වී ගියහ. සහන් තම සහෝදරයාගේ දියණියට තම දරුවෙකුට සේ ආදරය කළේය. ඔහුගේ මුළු ලෝකයම වූයෙ ඇයයි. කේතකිද සනුමිට ආදරය කළාය. එහෙත් මේ ගමනින් සහන්වත් සනුමීවත් සතුටු වූ බවක් නොපෙනින. "මගෙ දූ මොකෝ නිකන් බය වෙලා වගේ. ඇයි බාප්පි එක්ක කතා කළේ වත් නෑනේ දූ තවම" කේතකී පැත්තකට වී හිඳ සිටින සනුමිගේ හිස අත ගා ඇසුවාය.

"අනේ පුන්චි බාප්පී මා එක්ක වෙන්දා වගේ කතා කලෙත් නෑනේ. වෙන්දට නම් මා එක්ක සෙල්ලම් කරන්නත් එනවා"

හරි මගෙ පැටියෝ, ඔය ගණන් ගන්න එපා. බාප්පිට තවම සනීප නෑනේ. එයා සනීප උනාම එයා එයි ඔයා එක්ක ඇති තරම් සෙල්ලම් කරන්න. සහන්ගේ මෙම හැසිරීම ගැන කේතකීද පුදුමයට පත් විය. එහෙත් ඔහුගේ අසනීප තත්වය නිසා මෙසේ ඔහු හැසිරෙතැයි සිතුවාය. .

"ඊළඟ දිනයේ සනුමි තනිවම එළියට වී කල්පනා කරනු කේතකී දුටුවාය.

"දුව මොනාද අප්පේ මේ කල්පනා කරන්නේ. දුව මෙහෙ ඉන්න කැමති නැද්ද? මෙහෙ පාළුද දුවට? අපි සෙල්ලම් කරමුද?"

"පුන්චි මම රහසක් කියන්නද? හැබැයි බාප්පිට කියන්න බෑ හොඳේ."

"අනේ නෑ පැටියෝ මම කියන්නේ නෑ. කියන්නකෝ බලන්න ඔයාගේ රස රහස"

" මේ ඉන්නේ මගේ බාප්පි නෙවෙයි පුන්චි. මේ ඉන්නේ කළුම කළු යකෙක්.."

සනුමිගේ කතාවෙන් කේතකී පුදුම වූවාය, මේ කුඩා දැරියගේ මුවින් එය පිට වූයේ කෙසේද?

"අනේ පුතේ ඇයි එහෙම කියන්නේ මේ ඉන්නේ පුතා ගොඩාක් ආදරේ කරපු බාප්පිනේ. දැන් එයා අසනීපෙන්නේ ඉන්නේ.

"කේතකී දැරියගේ සිත සන්සන්නට වූවාය. දැරිය මෙහි ආදා පටන් සහන්ද සිටියෙ වෙනදාටත් වඩා අමුතුවය. සනුමීත් වෙන්දා මෙන් දුව පැන ඇවිද සෙල්ලම් නොකරයි. ඇය සහන් අසළට වත් යාමට බයය. සනූමීගෙ පැමිණීම නිසා සහන් යථා තත්වයට පැමිණීම පහසු වනු ඇතැයි ඈ සිතුවාය. එහෙත් දැන් සහන්ද වෙනදාට වඩා වෙනස්ය. කේතකී මේවා ගැන කල්පනා කොටම වෙහෙසට පත් වී සිටියාය. "ඊළඟ දිනයේ සනුමි කේතකී වෙත දිව ආයේ හති දමමිනි. කේතකි එවිට කුස්සියේ සනුමීට කිරි හදමින් උන්නාය.

"පුන්චි පුන්චි"

"සනුමී බියෙන් ගැහෙමින් සිටියාය.

"ඇයි දුව මේ. ඇයි මේ බය වෙලා. දාඩියත් දාලා"

"පුන්චි බාප්පි.. බාප්පි.."

"අනේ පුතේ මාව බය නොකර කියන්නකෝ, මොකක්ද උනේ"

"පුන්චි බාප්පි කළුම කළු යකෙක් තමා.. මම දැන් බාප්පිගේ කාමරේට ගියාම එයාට ඩ්රැක්යුලාට වගෙ උල් දත් දෙකක් පෙන්නලා මා එක්ක හිනා උනා"

"අනේ පුන්චි මට දැන් මෙහෙ ඉන්නේ බෑ. මාව ගෙදර ගෙනියන්නකෝ"

සනූමි හඬන්නට විය. "අනේ පුතේ අඬන්න එපා. මම ඔයාව ගෙදර ගෙනියන්නම්කෝ" ඇය සනුමීව කාමරයට ගෙනගොස් ඇයව නිදි කෙරෙව්වාය. සනුමිට ඒ වෙන වනවිටත් උණ ගැනී තිබිණ. කේතකී සනුමීට බෙහෙත් අරන් දී ඒ රැය පුරා ඇය සමගම සිටියාය. සනුමි කිහිප විටක් රෑ සිහිනෙන් බිය වී අවදි වූවාය. උදෑසන වන විට කේතකී තීරණය කොට තිබුණේ සනුමිව අයියාටත් අක්කාටත් බාර දීමටයි. දුරකථනයෙන් අයියාගේ බිරිඳ අමතා සියළු විස්තර පවසා සනුමීව කපිල සමග කොළඹ යැව්වාය. සනුමී ගිය පසු සහන් සාමන්ය ආකාරයට හැසිරුනේය. කේතකීද සනුමී කියූ දේවල් ගැන එතරම් තැකුවේ නැත.

එදින රැයේදීත් ඇය සුපුරුදු සිහිනයම දැක අවදි වූවාය. ඒත් වෙනසකට වූයේ වෙනදා මෙන් සහන් ඇය අසළ නොසිටීමයි. ඔවුන්ගේ කාමරයේ දොරද හැර දා තිබිණ. ඇය සෙමින් හැර දමා තිබූ දොරෙන් සාලයට පිවිසියාය. සාලයේ දොරද හැර දමා තිබිණ. දෙවරක් නොසිතා ඇය සාලයේ දොරින්ද පිටතට පැමිණියේ සහන් සෙවීමටයි. ඇයගේ සිතට බියක් ගෙන ආවේ ඔහු තනිවම මෙවන් වෙලාවක එළියට පමිණ ඇති නිසාය. එදින සඳ හොඳින් පායා ඇති නිසා මුළු වට පිටාවම එළිය වී තිබිණ. " සහන් සහන් යැයි ඇය ඇමතුවද පිළිතුරක් නොවීය" ඇය ගෙවත්ත පිටුපසට සෙමෙන් ඇවිද ගියාය. සඳ එළිය නිසා ඇයට තනියම යාමට බියක් දැනුනේ නැත. ගෙවත්ත පිටුපස ගස් ළඟින් ළගින් වැවී මදක් අඳුරු ස්බාවයක් ගෙන තිබුණි.ගස් අතරින් සහන්ගේ ඡායාවක් මෙන් ඇය දුටුවාය. ඇය ශබ්ද නොනගා ඔහු දුටු දෙසට ඇවිද ගියාය. ගස් අතරින් ඇය දුටු දේ ඇයටම අදහා ගත නොහැකි විය. සහන් අත වූයේ පණ ඇති කුකුළෙකි. ඔහු උගේ කකුල් දෙකින් අල්ලාගෙන ගමන් කරමින් සිටියේය. කේතකීගේ දෑස් විසල් වී තිබිණ. ඇය ඊළඟට දුටු දර්ශණය ඇයව සිහි නැති කරවීමට ආසන්න විය. ඇය ආදරය කළ සහන්, එකම යහනක් බෙදා ගත් සහන්මද මේ කියා ඇයට සිතා ගත නොහැකි විය. ඔහු කුකුළා මුවට ළන් කොට උගේ ගෙලෙන් ලේ බිව්වේය. මේ පිළිකුල් ලොමු දැහැ ගන්වන දර්ශනය දෙස තව දුරටත් ඇයට බලා සිටිය නොහැකි විය. ඇය එකෙනෙහිම නිසව දෙසට දිව යද්දී කාගෙදෝ ඇගක හැපී බිම වැටුණාය. ඒ බණ්ඩේ විය. ඔහු දැකීමෙන් ඇගේ සිතට සහනයක් ගෙන ආවේය. පසුව අය දුටුවේ තමාගේ මෙන්ම ඔහුගේ මුහුණේද තිබූ බියයි. " නෝනා යමු ඉක්මන් කරලා ගෙට. මේ අවේලාවේ නෝනා මොකටද එළියට බැස්සේ. මේ අමුනුස්සයෝ රජ කරන වෙලාව"

කේතකී කිසිවක් නොකියා බණ්ඩේ සමග ඉක්මනින්ම නිවස වෙත පැමිණ අසුන් ගත්තාය. තවමත් ඇයට වත්තේදි දුටු දර්ශනය මැවි මැවී පෙනෙන්නට විය. " නෝනා මේ වතුර ටික බීලා හිටිය නම්"

බණ්ඩේ වතුර වීදුරුවක් ඇය වෙත පෑවේය.

"නෝනා මේ පළවෙනි දවස නෙවෙයි සහන් මහත්තයා මේ විදියේ දෙයක් කරපු. හැම කෙම්මුර දවසකම රෑ 12ට 1ට ඔය විසියට වත්ත පහළට යනවා කුකුළෙකුත් අරන්. මමත් දවසක් වත්තෙන් අමුතු සද්දයක් ඇවිත් බලන්න ගියාමයි දැක්කේ. මහත්තයගේ ඇගට අමුනුස්ස බලපෑමක් නෝනා. මේවා බලා ඉන්න හොඳ නෑ .නෝනා දැන් ගිහින් නිදා ගන්න. මුකුත් නොවිච්චි ගානට ඉන්න. මහත්තයගේ ඇගේ ඉන්න අමුනුස්සයා දැන ගත්තොත් අපි මේවා දැක්කා කියලා අපි ඉවරයි නෝනේ" එසේ කියමින් බණ්ඩේ නිවස තුලට ගියේ ඇය සාලයේ තනි කරමිනි. ඇයද ඉක්මනින්ම කාමරයට ගොස් නිදි ලෙස සිටියාය. තවත් පැය භාගයකට පසු සහන් පැමිණියේය. ඇය නිදි ආකාරයෙන්ම සිටි නිස ඔහුද ඇඳේ අනික් පස ඇල උනේය. ඇය අසලට නින්දක් නම් නොආවේය. මේ කුමන නම් රෝගී තත්වයක්ද.. පණ පිටින් සතෙකුගේ ලේ බීමට සාමාන්ය මනුස්සයෙකුට හැකි වේද.. මෙවන් බොහෝ දේ ඈ කල්පනා කළාය. ඇයට සියාතු ගුරුන්නාන්සේ පන්සලේදි කියු දෙය සිහි විය.. දෙවියනේ එහෙනම් ඒ මනුස්සයා කියන්න ඇත්තෙ මේ ගැන වෙන්න ඇති. හෙටම යනවා මම බණ්ඩේ මාමා එක්ක ගුරුන්නාන්සේ හම්බෙන්න. මගේ සහන්ව මේකෙන් බේර ගන්න ඕන

පසුදා උදෑසනම කේතකී බණ්ඩේ අමතා සියාතු ගුරුන්නාන්සේ හමුවීමට තමාට අවශ්ය බව පැවසුවාය. "නෝනා මේ අපේ මැණිකාත් එක්ක යන්ට. උන්දැ දන්නවා සහන් මහත්තයගේ කතාව. උන්දැ දැකලා තියෙනවා මහත්තයා බිත්තර අමුවෙන්ම කටේ හලා ගන්නවා. මම පස්සේ මේවා ගැන කට හොල්ලන්න එපා කියලා මම දැකපු දේවලුත් කිව්වා. උන්දැ කිව්වේ මේ ගැන ඉක්මනට නෝනට කියලා මොකක් හරි කරලා මහත්තයව බේර ගම්මු කියලා. ඒත් නෝනා අපි කියන දේවල් විස්වාස නොකරයි කියලා අපි කරබාගෙන උන්නා. ඒත් නෝනාම දැක්කනේ ඊයේ ඇස් දෙකෙන්ම."

පසුව මැණිකාත් සමග කේතකී සියාතු ගුරුන්නාන්සේ හමුවීමට ගියාය. ඔවුන් එහේ යන විට ඔහු ගේ පිළ මත වාඩි වී පුස් කොළ පොතක් කියවමින් සිටියේය. "ඈත තියා ඔවුන් දුටු ඔහු බුලත්විට කහට ගැහුණු දසන් පෙන්වා සිනාසුනේය" "අද නෝනා එන බව දන්න නිසාම මම අද අනික් අය හරෝලා ඇරියා. නෝනා මෙහෙන් ඇවිත් ඈඳී ගත්තා නම්." කේතකී පුදුමයට පත් විය. අද මෙහි පැමිණේන බව දන්නේ බණ්ඩේත් මැණිකාත් තමාත් පමණි. එහෙත් සියාතු අ බව දැන ගත්තේ කෙසේද? මැණිකා කියූ පරිදිම ඔහු එසේ මෙසේ පුදගලයෙකු නොවන බව ඇය වටහා ගත්තාය.

කේතකීත් මැණිකාත් ඔහු පෙන්වූ වේ වැල් පුටු දෙකක අසුන් ගත්හ. හොදයි නෝනෝ දැන් මට කාරණය මුල ඉදන් කියන්ට. අපි බලමු මොනාද කොරාන්ට පුළුවන් කියාලා. කේතකී සහන් අනතුරට පත් වූ දා සිට සිදු වූ සියළුම දේ ගුරුන්නාන්සේට කිව්වාය. ඔහු මොහොතක් කල්පනා කළේය. නෝනා මොනාත් කියන්ට කළින් මට අඳුන බලන්ට ඕන. මහත්තයගේ ඇගේ ඇත්තටම ඉන්නේ මොකාද කියලා බලලා තමා බෙහෙත් තීරණය කරන්ට් ඕනැ ඔහු එසේ පවසා නිවස තුළ වූ කාමරයකට ගියේය. එම කාමරයේ දොර හරින් විට ඉතා මිහිරි සුවඳක් වහනය විය. ඔහු කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේය. මද වේලාවකින් නැවත පැමිණි ඔහු කතා කරන්නට විය.ඔහුගේ පෙනුම ඉතාම බැරෑරුම් විය. "නෝනා මම මෙච්චර කාලෙකට මට්ටු කරල ඇති මල පෙරේතයො , භූතයෝ, සිය ගානක්. ඒත් නෝනා මම ඇත්තම කියනම් මේ තරම් බලවත් යකෙක් එක්ක මගේ මුත්තාවත් හැප්පිලා නෑ. මූ ඒ තරමට බලවත්. මූ ඇවිත් තියෙන්නේ නිකන් නෙවෙයි.. ලොකු අරමුණකට . අපිට ඒක උගෙන්ම දැන ගන්න වෙනවා. අනික අපි දැනටත් ගොඩාක් පරක්කු වැඩියි. සහන් මහත්තයා එයාගේම ඇගට එන්න බැරිව ඉන්නේ. මහත්තයා නෝනාට මේ ගැන අනතුරු අගවන්න උත්සහ කරල තියෙනවා. ඒකයි නෝනට හීන පෙනිලා තියෙන්නේ හැම රැයකම. නෝනා පුළුවන් තරම් ඉක්මනට මේ කලමනා ලක ලැහැස්ති කරන්ට. හෙට හවසම අපි වැඩේ පටන් ගමු. තවත් සුනන්ගු වෙලා බෑ." එසේ කියමින් කළමණා ලැයිස්තුව ඔහු කේතකී අත තැබුවාය. "නෝනා තව එකක්, අමුනුස්සයට දැන ගන්න තියන්න එපා මෙ කිසිම දෙයක්"

"හොද්මයි ගුරුන්නාන්සේ" කියා කේතකීත් මැණිකාත් නිවස බලා පිටත් වූහ.

බණ්ඩේ ලවා කේතකී සියළු කළමණා සූදානම් කළාය. ගිවිස ගත් පරිදිම පසුදා සවස ගුරුන්නාන්සේ පමිණියේ ගෝලයෙකුද කැටුවයි. ගුරුන්නාන්සේ දැකීමෙන් සහන් (ඔහු තුල සිටි අමුනුශ්යා) කලබලයට පත් විය.

නිවසට පැමිනි වහාම ගුරුන්නාන්සේ බණ්ඩේ ගේ කනට කර යමක් මුමුණන්නට විය. ඉන් අනතුරුව පොල්තෙල් දැමූ පීරිසියක් ගෙනෙන ලෙස මැණිකාට නියොග කොට සහන් සිටි ඇඳ අසල නතර විය. නමුත් ගුරුන්නාන්සේ ගෙ නිහැඩියාව සහ සන්සුන් බව කේතකී ගේ අවධානය දිනාගත්තේය. ලඟ එන උපද්රවයක ලකුනු පහලවී ඇති බැවින් සහන්ගෙ මුහුන කෝපයෙන් වියරු වැටෙන්නට විය. මෙවැනි අමනුශ්යයින් සමග ඔට්ටු වී වසර ගනනක පලපුරුද්දක් ඇති ගුරුන්නාන්සේ තම අත ඇති පොල් තෙල් දැමූ පීරිසියට යමක් හඬක් නොනැගෙන සේ මතුරන්නට විය. ඔහුගෙ එම මැතිරීමත් සමග සහන්ගේ හැසිරීම එන්න එන්නම රළු වන්නට විය.

එවිටම බණ්ඩේ කැඳවා ගෙන ආ තරුණයින් දෙදෙනෙක් සහන්ගේ අත් පා වැරෙන් ග්රහනය කර ගත් අතර ගුරුන්නාන්සේ තම අතැති බඳුනෙන් තෙල් ස්වල්පයක් ගෙන වියරුවෙන් විලප නගන සහන්ගේ හිසේ ආලෙප කිරීමෙන් අනතුරුව තත්වය ක්රමයෙන් සන්සුන් විය.

තරුණයන්ගෙ මීලග කාර්යය වූයේ හොඳ ශක්තිමත් පුටුවකට තබා සහන්ව ගලවාගත නොහැකි වන අයුරින් බැඳ දැමීමයි. මෙතෙක් වෙලා නිහඬව සිටි ගුරුන්නාන්සේ කතාව ආරම්භ කලේය.”මන් හිතුවටත් වඩා කාලයක් මේ ආත්මය මේ ශරීර කූඩුවට වෙලා ඉඳල තියෙනව දරුවො.මේකා මේ ශරීරය අතාරින්න නම් නර බිල්ලක් උනත් ඉල්ලන්න බැරි කමක් නෑ. මම දැනට අපේ කළමණා සූදානම් කරගන්නකන් මේ ලමයට පොඩි අරක්ශාවක් කලා විතරයි. අද රෑට තමයි අපිට මේ හැම දේකම අග මුල හොයාගන්න පුලුවන් වෙන්නෙ. උන්දැ දැනටමත් අපි කරන කියන දේවල් කොහෙට හරි වෙලා බලගෙන ඇති ”

“මගේ ඇස් මානෙන් ඈතට යන්න එපා. විශේශයෙන්ම මේ බවලත් උදවිය. ” අමනුෂ්ය ආත්මය ගැන හොදින් දන්නා ගුරුන්නාන්සේ ගේ මේ කතාව සියල්ලෝම සිතට ගත්හ. පැයක් හමාරක් යන විට සියල්ල සූදානම් විය. එකෙනෙහිම මුලුතැන්ගෙයි මහන්සිවී වැඩ පල කරන තරුණයින්ට තේ වත්කරමින් සිටි මැණිකාගෙ විලාපය ඇසී සියල්ලෝම එහි දිව ගියෝය. බෙල්ලේ සහ අත් වල නියපොතු සළකුණු සහිතව මැණිකා බිම වැටී සිටියාය.

කේතකී වහා ගොස් වතුර වීදුරුවකින් වතුර ටිකක් ගෙන මුහුනට ඉස මැණිකාගේ සිහි එලවා ගත්තාය.

“මොකද මැණික උනේ. ගුරුන්නාන්සෙ කිව්ව නේද යනවනම් තනියම යන්න එපා කියල.”

“මම මේ කට්ටියට තේ ටිකක් හදන්න ආව පුන්චි නෝන. කුස්සියෙ ලයිට් එක දාපු ගමන්ම එතන මගේ ලඟ කලුම කලු යකෙක් වගේ මිනිහෙක් හිටගෙන හිටිය.මම දුවන්න හදනකොටම ඌ මගෙ බෙල්ලෙන් අල්ල ගත්ත. මට එච්චරයි මතක.”

“ලමයො අර බුදු පහනෙන් තෙල් ටිකක් ගෙනත් මුන්දැගෙ ඔලුවෙ ගාන්න. කියන දෙයක් කනකට ගන්නවයැ. මෙහෙම ඉඳල බෑ අපේ වැඩෙත් පරක්කු වෙනව.”

කියා ගුරුන්නාන්සෙ මේ භයානක කටයුත්ත පටන් ගැනීමට මුලපිරුවේය.

තවමත් පුටුවට වී හැම දෙනාම දෙස සාවධානව සහන් බලසිටියි. ඔහුගේ ඇඟේ කිසිම අමනුශ්ය ආත්මයක් දැනට නැති උවද පෙනුම මලාණික ගුප්ත බවක් ගත්තේය. පැමිණි තරුණයන්ගෙන් කෙනෙක් වරින් වර පැමින පුටුවේ බැමි පරික්ෂා කලේය.

“දැන් හැමෝම මේ ලඟ පාතින් වාඩි උනා නම්. මම මේ වැඩේ කරන වෙලවට කිසි කෙනෙක් මේ ගෙදරින් අඩියක් වත් එලියට තියන්න එපා. මේ ඇවිත් ඉන්න කෙනා මම හිතුවටත් වඩා බලගතු කෙනෙක්.ඒ නිසා මට කවුරු ගැනවත් අවදානමක් ගන්න බෑ.”

මින් පෙර කිසි දිනෙක මෙවැනි දෙයක් කියා නැති ගුරුන්නාන්සෙගෙ මෙම කතාවෙන් සැමදෙනාම බියට පත්විය.

ගුරුන්නාන්සේ බුදුන් වැඳ වතාවත් කොට මේ බැරෑරුම් කටයුත්තට මුල පිරුවේය. සෙමින් ආරම්භ කල මැතිරිල්ල ටිකෙන් ටික වේගවත් වනවිට සහන්ගේ හැසිරීමද විරූපී වන්නට විය. මෙතෙක් වන තුරු සන්සුන්ව සිටි ඔහු දැන් හිස දෙපසට සොලවමින් වමෙක් ආරූඪ වූ සැටියෙන් දඟලන්න ට විය.

එකෙනෙහිම එක් අතක් නිදහස් කර ගත් ඔහු කේතකී දෙසට එය දිගු කර “මම උබවත් අරගෙනමයි යන්නෙ“ ලෙසින් කෑ ගසන්නට විය. නමුත් මැතිරිල්ලේ නම් අඩුවක් නොවිය. තරුනයින්ගේ මහත් වෑයමෙන් නැවත අත ගැටගසා දැමිය.

මැතිරිල්ල නතර කල ගුරුන්නාන්සේ දුම්මල බඳුනක් සහ හොදින් ඇවිලෙන පන්දමක්ද අතැතිව සහන් කිට්ටු විය.

“දැන් කතා කරමු බලන්න. තමුන් කව්ද කොහොමද මේ දරුවාගේ ශරීරෙට ඇතුලු උනේ ”

නමුත් අමනුශ්යා ට එය නොඇසුන සේ බිම බලා සිටී. එකෙනෙහිම දුම්මල පහරක් මුහුනට එල්ල විය.

“උඹට මන් කියන දේ අහෙනව නේද. කතා කරපන්. කාගෙ අවසරයෙන්ද මේ ශරීරෙ ඇතුලට රින්ගුවෙ කියපිය ”

එයටද පිලිතුරු දීම වෙනුවට අත් වල බැමි ලෙහා ගනීමට ඔහු දැඟලුවේය. ඉවසීම ඉක්මවූ ගුරුන්නාන්සේ නැවත දෙවාරයක් දුම්මල පහර එල්ල කලේය.එවිට සහන්ගේ සැර බාලවී සන්සුන් වි පිලිතුරු දීමට සූදානම් විය.

“මම යක්ශ ආත්මයක්.මට මේ ශරීරෙට එන්න කාගෙවත් අවසරයක් නෑ . ඒත් මම මේ ප්රානියාට අතුලු වෙනකොට මෙකෙ වෙන ආත්මයක් තිබ්බෙත් නෑ. මට දැන් මේකව අත ඇරල යන්න බෑ ” යනුවෙන් මොරදෙන්නට විය.

“බෑ කියල විසඳුමක් නෑ . උඹව මේ ලෝකෙට අයිති නෑ. උඹට හානියක් නොකර කාලි මෑනියොන්ට භාර දීල නිදහස් කරන්න නම් මේ ශරීරෙන් මේ දැන්ම අයින් වෙන්න ඕනෙ. ”

නමුත් යක්ශයාගේ වචන්යේ මෙනසක් නොවිනි. මීලගට කලයුතුදේ දත් ගුරුන්නාන්සේ නැවත මතුරන්නට විය . එවිට යක්ශයා වේදනාවෙන් කෑ ගසන්නට විය.

“මාව පුච්චන්නෙපා මම යන්නම්. මම යන්නම් මම යන්නම්. ඒත් මට නිකන් යන්න බෑ මට බිල්ලක් නතුව යන්න බෑ... ”

එවිට ගුරුන්නාන්සේ පසෙක වූ මල්ලක සිටි කුකුලෙකු ගෙනවිත් “උබට මේ කුකුල් බිල්ල හැර වෙන කිසිම බිල්ලක් ලැබෙන්නෙ නෑ. මේකත් අරගෙන එන්ම මේ ශරීරෙන් පිට වෙයන් ”

“මට කුකුල් බිල්ලක් එපා මට වෙන ප්රානියෙක් ඕනෙ. නැත්තම් මම නරයෙක්වමයි අරගෙන යන්නෙ. ”

කෝපාවිශ්ට වූ ගුරුන්නාන්සේ නැවත මන්ත්ර ජප කරන්නට විය. නමුත් යක්ශයා කුකුල් බිල්ල බාරගැනීමට කැමති නොවීය.වෙනත් යාගයකදී සිදුවන ලෙස මෙහිදී යක්ශයා බිල්ලට එකඟ නොවිනි. පයක පමන පරිශ්රමයක අවසානයේදී

“උඹලා සේරටම මේකට පසුතැවෙන්න සිද්දවෙයි ” යනුවෙන් කියා යක්ශයා පිටව ගියේය. ප්රතික්ශේප වුනු කුකුල් බිල්ල තවමත් පන පිටින් මුල්ලක තිබිනි. සියල්ල හොදින් සිදුවූ ලෙස සියල්ලෝම සුසුම් හෙලූහ. නමුත් සිදුවී ඇත්තේ මින් පෙර සිදු නොවූ අනර්තයක් බව ගුරුන්නාන්සේට සක් සුදක් තේරුම් ගියේය. නමුත් වෙනසක් නොපෙන්වාම සහන්ට නැවත අමනුශ්ය බලපෑමක් නොවන්නට ආරක්ශාවක් දැමීය. යාගය පවත්වන විට එම නිවසේ සිටි සියලු දෙනාටම ඇප නූල් ගැටගසා මීලගට කුමන ආන්තරාවක් ඇතිවේදෝයි දෙගිඩියාවෙන් අඳුරේම නිවස බලා පිටත්විය.

පසුදින උදෑසන උද්යෝගයෙන් අවදිවූ කේතකීට තමාට මෙතෙක් කලක් අහිමිව සිටි සහන්ගේ නැවත පැමිනීම මහත් සතුටක් විය. ඔවුන් පෙරදින සිදු කල කටයුත්තේ තැන් තැන් වල ඉතිරිව ඇති අස් කරමින් සිටියහ. එකෙනෙහිම වත්ත පහලින් ඇසුන මණිකාගේ විලාපයට ඔවුන් එදෙසට දිව ගියහ.

එවිට ඔවුනට දැකගත හැකි වූයේ හදවත සලිත කරවන දසුනකි. ඒ ගෙදර සුරතලයට ඇතිකරන කිරි ගවයාගේ ගෙල අනෙක් පසට කරකවා ප්රාණය නිරුද්ධ වූ මල සිරුරයි. කුකුල් බිල්ල නොගෙන ගිය යකාගේ මීලග අරමුන ගැන බියෙන් සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙලූහ.

මේ කතාවෙ අයිතිකාරි Dilanyaa Chethani Bandara.මම එයාගෙ අවසරය ඇතුව ඉතුරු ටික ලිව්ව. සම්පුර්න කතාවම කොම්මෙන්ට් කරන්නම්. වැරදි නම් ගොඩක් ඇති.

Tharindu Nalaka

[QUOTE="බෙන් 10, post: 23149964, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]අමනුශ්ය ආත්මය යාළුවනේ මේ කතාවට තවම මම නමක් හිතලා නෑ. මේක මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක්ගේ ඇත්තම අත්දැකීමක්. මම මේ කතාවේ රසය තව ටිකක් වැඩි කරලයි පොඩි වෙනස් කම් ටිකක් කළා. ඒ වගේම මේ කතාවේ නම් ගම් නම් මම වෙනස් කළා. එහෙනම් යාළුවනේ මෙකත් කියවලා ඔයාලගේ අදහස් කියන්නකෝ.. කේතකී ගමන ආරම්භ කළ මොහොතේ පටන්ම කල්පනාවක ගැලී උන්නාය. පාර දෙපස වූ සුන්දර කුඹුරු යායවල්, රබර් වතු , කුඩා මැටි ගෙපැල් වලට පවා ඇගේ අවධානය යොමු වූයේ නැත. වෙනදා නම් ඇය මෙවා දෙස ආසාවෙන් බලමින් ගමන් කරයි. ඇය කල්පනාව නවතා මදකට ඇයට පසෙකින් අසුන් ගෙන සිටි ඇගේ සැමියා වන සහන් දෙස බැළුවාය. ඇයට අතීතය නැවත සිහි පත් විය. සහනුත් කේතකීත් විවාහා වී වැඩි කාලයක් නැත. සහන් යනු ධනවත් වියාපාරිකයෙකුගේ බාල පුත්රයායි. ප්රේම සම්බන්ධයකින් විවාහා වූ ඔවුන් දෙදෙනා බොහෝ ආදරයෙන් ජීවත් වූහ. එහෙත් දැනට මාසයකට කළින් සිදු වූ මාරක රිය අනතුරකින් සහන් දිවි ගලවා ගත්තේ 99යෙනි. එම සිදුවීම මතක් වන විට දැන් පවා කේතකී බයෙන් තැති ගනී. සහන් ජීවිතයත් මරණයත් අතර සති එකහාමාරක් සටන් කළේය. ඔහු කෝමා තත්වයක පසු විය. වෙද්යවරුන්ගේ මතය වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳ බලපොරොත්තු තබා ගත නොහැකි බවයි. අවසන කාගේත් සිත් පුදුමයෙන් හා සතුටින් පුරවාලමින් සහන් සිහිය ලැබුවේය. කවුරුත් කල්පනා කළේ එය ඔහුගේ වාසනාව බවයි. වෙද්යවරුන් පැවසුවේ ඔවුන්ගේ කාර්ය අවසන්වී ඇති නිසා ඔහුව නිවසට රැගෙන යන ලෙසයි. එහෙත් නිවසට ආ පසුත් සහන් පෙර මෙන් නොවීය. ඔහුගේ අමුතු වෙනසක් විය. එය ඔහුගේ හිත මිතුරු කා හටත් ඉක්මනින් වැටහිණ. ඔහු තවමත් සුව වෙමින් සිටින නිසාත් ඔහු මුහුණ පෑ භයානක රිය අනතුරේ බලපෑම නිසාත් ඔහුගේ මේ වෙනස් කමට හේතුව බව වෙද්යවරුන්ගේ මතය විය. එම නිසා ඔවුන් සහන්ගේ දෙමව්පියන්ට පැවසුවේ ඔහුව මෙම කොළඹ කලබලකාරි පරිසරයෙන් ඔහේ හෝ පිටිසර නිස්කලන්ක පෙදෙසකට යවන ලෙසයි. ඒ අනුව සහන්ගේ දෙමව්පියන් සුන්දර නෙළුම්ගම නැමැති ගමට සහන්වත් කේතකීවත් පිටත් කර හරී. ඔවුන්ගේ තනි නොතනියට සහා නිවසේ වැඩ පල කිරීමට ගමෙන්ම මැණිකා සහා බණ්ඩේ නැමැති මහළු යුවලක්ද සේවයට ගෙන තිබුණි. තවද සහන්ට තවම රිය තනිව පැදවිය නොහැකි නිසා ඔවුන්ගේ රියදුරු කපිලත් ඔවුන් සමග පැමිණෙන ලදී. මේ ඔවුන් යමින් සිටියේ නෙළුම් ගමේ සහන්ගේ පියා විසින් ඔවුන් වෙනුවෙන් මිළට ගන්නා ලද නිවස වෙතටයි. එහි යන අතරතුර එහා පස සිටි තම සැමියා දෙස කේතකී වරින් වර බැළුවේ ඔහුව කතාවකට අල්ලා ගැනීමටයි. වෙනදා නම් ඔහුත් ඇයත් මෙවන් ගමනක් යද්දී සුහද කතා බහා දෝරේ ගලයි. එහෙත් දැන් සහන් බොහෝ නිහඩය. ඒත් ඔහුද වරින් වර කේතකි දෙස බලයි. ඔහුගේ බැල්ම අමුතු යැයි ඇයට බොහෝ විට සිතෙයි. පැය තුනක ගමනින් ඇය තෙහෙට්ටුවට පත් වී සිටියාය. ඊටත් වඩා සහන්ගේ අසනීප තත්වය ඇයට මහත් දුකක් විය. ඇයට උවමනා වූයේ තම සැමියා කෙසේ හෝ පෙර තත්වයට ගෙන ඒමටයි. ඒ වෙනුවෙන් ඕනෑම දුකක් විදීමට ඇය සැරසී සිටියාය. ඔවුන් නිවසට වෙත ළඟා වන විට හතරවටින් කළුවර වැටී තිබිණ. මැණිකාත් බණ්ඩාත් ඔවුන් පිළි ගැනීමට ඉදිරියට ආවෙ මුව පුරා රැඳි සිනාවකිනි. ඔවුන් දෙදෙනා කරුණාවන්ත යුවළක් බව කේතකීට සිතා ගත හැකි විය. 'ටිකක් පරක්කු උනා මාමේ." කේතකී බණ්ඩේට කට පුරා මාමේ යැයි ඇමතීම නිසා බණ්ඩේ සතුටට පත් විය. හරිම නිහතමානි දරුවෙක්. ලොකු කමක් ගෑවිලා වත් නෑ" බණ්ඩේ සිතුවේය. කපිල ඔවුන්ගේ බඩු නිවස වෙත ගෙන එන ලදී. ගම්බද වුවත් එම නිවස ඉතා සැප පහසු අන්දමට අළුත් වැඩියා කර තිබුණේ සහන්ගේ පියා විසිනි. කේතකී ඉක්මණින්ම සහන්වත් රැගෙන නිදන කාමරය වෙත ගියාය." සහන් මම ටක් ගාලා වොශ් එකක් දාගෙන එන්නම්. ඔයා හාන්සි වෙලා ඉන්නකෝ." ඔවුන් රෑ කෑමද ඉකමනින් ගෙන නින්දට ගියහ. කේතකීටද ඉක්මනින් නින්ද ගියේය.. "කේතකී කේතකී ඔයාට මාව ඇහෙනවද.. කේතකී මාව ඇහෙනවද.." සහන්ගේ හඬින් කේතකී ගැස්සී ඇහැරුණාය.. ඇය අසළ සහන් සුවසේ නිදයි. ඇය දැක ඇත්තේ සුපුරුදු සිහිනයම බව ඇය වටහා ගත්තාය. ඇයට මෙම සිහිනය මහත් ප්රෙහේළිකාවකි. සහන් රිය අනතුරට පෑ දවසේ සිට නොකඩවාම හැම රැයකදීම ඇය මේ සිහිනය දැක අවදි වූවාය. සහන් කොහේදෝ අන්ධකාරයක සිට ඇය අමතයි. ඔහු පවසන්නේ එකම දෙයකි. ඒ ඔහුට උදව් කරන ලෙසයි. ඇය නැවත නිදන්නට උත්සහා කළාය.. මෙසේ දින කිහිපයක් ගෙවී ගියේ සාමන්ය පරිදිය. එක් දිනක් සවස කේතකීට පන්සල් යාමට සිතක් පහළ විය. " සහන් අපි දෙන්නා පන්සල් ගිහින් එමුද?" "කේතකී මට ටිකක් අමාරුයි අද යන්න. අපි වෙන දවසක යමු. ඔයා මැණිකා එක්ක ගිහින් එන්නකෝ" "හරි සහන් කමක් නෑ. අපි වෙන දවසක යමුකො එහෙනම්. මම මැණිකා එක්ක ගිහින් එන්නම් එහෙනම්" ඇය මැණිකාත් සමග සවස පන්සල් ගියාය. බුදුන් වැඳ මල් පුදා ඇය, බෝධිය යට ඔහේ වාඩි වී සිටියාය. සුදු සරමක් හා කමිසයක් හැඳ ගත් මැදි වියේ මිනිසෙක් කේතකී දෙස බලා සිටියේය. කේතකී ඔහුව දුටුවාය. ඇය ඔහු සමග සිනාසුනාය. " මේ නෝනා මේ පළාතේ නෙවෙයි නේද?" ඔහුද ඇය සමග පෙරළා සුහද සිනාවක් සමගම කතාව ඇරඹුවේය. "නෑ මාමේ මම මෙහෙ නෙවෙයි. මම කොළඹ. ටික කලකට මෙහේ ආවේ" "නෝනා මම සාමන්යෙන් අඳුරන්නේ නැති අය එක්ක වැඩි කතා බහක් නෑ. ඒත් මේ නෝනාව දැක්කම මට හිතුණා නෝනට ළගදීම මගේ උදව් ඕන වෙයි කියලා. මේ නෝනා නොදන්නවා උනාට නෝනා ඉන්නේ භයානක අනතුරක. නෝනා ගාව ලොකූ අන්ධකාරයක් පෙන්නුම් කරනවා. ටිකක් පරිස්සමින් කල්පනාවෙන් ජීවත් වෙන්න නෝනා" ඒ සමගම බුදුන් වැඳ අවසන් වූ මැණිකා ඔවුන් අසලට පැමිණියාය. "සියාතු ගුරුන්නාන්සේ නොවැ. මම මේ ඈත තියා දැකලා බැළුවා අපේ නෝනත් එක්ක කවුද මේ බර කතාවක කියාලා. ගුරුන්නාන්සේ පන්සල් ආවැයි" "ඔව් මැණිකා,එහෙනම් මම ගොහින් එන්නම්. වැඩ ගොඩක් තියෙයි කරන්න" එසේ කියා ඔහු එතනින් ඉවත් උනේය. "කව්ද මැණිකා නැන්දේ ඒ" "ඒ තමා නෝනේ අපේ ගමටම ඉන්න ගුරුන්නාන්සේ. බොහොම බලගතු කෙනෙක්. ඕනම යකෙක් මට්ටු කරයි" "ම්ම් එහෙමද නැන්දේ" කේතකී සියාතු කියූ දේවල් ගැන නැවත සිතුවාය.. ඇය ඔහු පැවසූ දේවල් ගැන මැණිකාට කිසිවක් පැවසුවේ නැත. මේ ගම්මුන්ගේ හණමිටි අදහස් යැයි ඇය සිතුවාය. සහන්ගේ ප්රශ්ණයට අමතරව තවත් ප්රශ්ණ ගැන සිතීමට ඇයට වෙලාවක් නොවීය. දුරකථනය නාද වන හඩින් කේතකී කල්පනාවකින් මිදුනාය. "හෙලෝ අක්කේ කොහොමද ඔයාලට" "හොදින් ඉන්නවා නන්ගි. කොහොමද මල්ලිට? දැන් ඉස්සරට වඩා සනීපද?" "ඔව් අක්කේ දැන් සහන් ටික ටික හොඳ වෙනවා. අපේ දූ පැටියාට කොහොමද අක්කේ" "අනේ නන්ගි මේ කෙල්ල කරදර කරනවා බාප්පි බලන්න ඕන කියලා. අයියා කිව්වා ඉස්කෝලේ නිවාඩු නිසා දූව ඔහේ ඇරලවමු කියලා. අනික මල්ලිත් කෙල්ලට ආදරේ නිසා මල්ලිටත් පාළු නැති වෙයි. " අක්කේ ඒක නම් ශෝක්.. මටත් පාළුයි මෙහේ. දූව එක්කන් එන්න අක්කේ. මම හොඳට බලා ගන්නම්." " හරි නන්ගි මම ඉතින් ඔයා ගැන දන්නවනේ. එහෙනම් අයියයි මමයි හෙට දුව එක්කන් එන්නම්කො" පෙරදා කතා වූවා සේම සහන්ගේ අයියාත් බිරිඳත් එකම දියණිය වූ සනුමීත් නෙළුම් ගමට ආවෝය. පාළුවෙන් සිටි කේතකී සනුමිගේ පැමිණීම ගැන සතුටින් සිටියාය. දියණිය ඇරලවූ අයියාත් බිරිඳත් සවස පිටත් වී ගියහ. සහන් තම සහෝදරයාගේ දියණියට තම දරුවෙකුට සේ ආදරය කළේය. ඔහුගේ මුළු ලෝකයම වූයෙ ඇයයි. කේතකිද සනුමිට ආදරය කළාය. එහෙත් මේ ගමනින් සහන්වත් සනුමීවත් සතුටු වූ බවක් නොපෙනින. "මගෙ දූ මොකෝ නිකන් බය වෙලා වගේ. ඇයි බාප්පි එක්ක කතා කළේ වත් නෑනේ දූ තවම" කේතකී පැත්තකට වී හිඳ සිටින සනුමිගේ හිස අත ගා ඇසුවාය. "අනේ පුන්චි බාප්පී මා එක්ක වෙන්දා වගේ කතා කලෙත් නෑනේ. වෙන්දට නම් මා එක්ක සෙල්ලම් කරන්නත් එනවා" හරි මගෙ පැටියෝ, ඔය ගණන් ගන්න එපා. බාප්පිට තවම සනීප නෑනේ. එයා සනීප උනාම එයා එයි ඔයා එක්ක ඇති තරම් සෙල්ලම් කරන්න. සහන්ගේ මෙම හැසිරීම ගැන කේතකීද පුදුමයට පත් විය. එහෙත් ඔහුගේ අසනීප තත්වය නිසා මෙසේ ඔහු හැසිරෙතැයි සිතුවාය. . "ඊළඟ දිනයේ සනුමි තනිවම එළියට වී කල්පනා කරනු කේතකී දුටුවාය. "දුව මොනාද අප්පේ මේ කල්පනා කරන්නේ. දුව මෙහෙ ඉන්න කැමති නැද්ද? මෙහෙ පාළුද දුවට? අපි සෙල්ලම් කරමුද?" "පුන්චි මම රහසක් කියන්නද? හැබැයි බාප්පිට කියන්න බෑ හොඳේ." "අනේ නෑ පැටියෝ මම කියන්නේ නෑ. කියන්නකෝ බලන්න ඔයාගේ රස රහස" " මේ ඉන්නේ මගේ බාප්පි නෙවෙයි පුන්චි. මේ ඉන්නේ කළුම කළු යකෙක්.." සනුමිගේ කතාවෙන් කේතකී පුදුම වූවාය, මේ කුඩා දැරියගේ මුවින් එය පිට වූයේ කෙසේද? "අනේ පුතේ ඇයි එහෙම කියන්නේ මේ ඉන්නේ පුතා ගොඩාක් ආදරේ කරපු බාප්පිනේ. දැන් එයා අසනීපෙන්නේ ඉන්නේ. "කේතකී දැරියගේ සිත සන්සන්නට වූවාය. දැරිය මෙහි ආදා පටන් සහන්ද සිටියෙ වෙනදාටත් වඩා අමුතුවය. සනුමීත් වෙන්දා මෙන් දුව පැන ඇවිද සෙල්ලම් නොකරයි. ඇය සහන් අසළට වත් යාමට බයය. සනූමීගෙ පැමිණීම නිසා සහන් යථා තත්වයට පැමිණීම පහසු වනු ඇතැයි ඈ සිතුවාය. එහෙත් දැන් සහන්ද වෙනදාට වඩා වෙනස්ය. කේතකී මේවා ගැන කල්පනා කොටම වෙහෙසට පත් වී සිටියාය. "ඊළඟ දිනයේ සනුමි කේතකී වෙත දිව ආයේ හති දමමිනි. කේතකි එවිට කුස්සියේ සනුමීට කිරි හදමින් උන්නාය. "පුන්චි පුන්චි" "සනුමී බියෙන් ගැහෙමින් සිටියාය. "ඇයි දුව මේ. ඇයි මේ බය වෙලා. දාඩියත් දාලා" "පුන්චි බාප්පි.. බාප්පි.." "අනේ පුතේ මාව බය නොකර කියන්නකෝ, මොකක්ද උනේ" "පුන්චි බාප්පි කළුම කළු යකෙක් තමා.. මම දැන් බාප්පිගේ කාමරේට ගියාම එයාට ඩ්රැක්යුලාට වගෙ උල් දත් දෙකක් පෙන්නලා මා එක්ක හිනා උනා" "අනේ පුන්චි මට දැන් මෙහෙ ඉන්නේ බෑ. මාව ගෙදර ගෙනියන්නකෝ" සනූමි හඬන්නට විය. "අනේ පුතේ අඬන්න එපා. මම ඔයාව ගෙදර ගෙනියන්නම්කෝ" ඇය සනුමීව කාමරයට ගෙනගොස් ඇයව නිදි කෙරෙව්වාය. සනුමිට ඒ වෙන වනවිටත් උණ ගැනී තිබිණ. කේතකී සනුමීට බෙහෙත් අරන් දී ඒ රැය පුරා ඇය සමගම සිටියාය. සනුමි කිහිප විටක් රෑ සිහිනෙන් බිය වී අවදි වූවාය. උදෑසන වන විට කේතකී තීරණය කොට තිබුණේ සනුමිව අයියාටත් අක්කාටත් බාර දීමටයි. දුරකථනයෙන් අයියාගේ බිරිඳ අමතා සියළු විස්තර පවසා සනුමීව කපිල සමග කොළඹ යැව්වාය. සනුමී ගිය පසු සහන් සාමන්ය ආකාරයට හැසිරුනේය. කේතකීද සනුමී කියූ දේවල් ගැන එතරම් තැකුවේ නැත. එදින රැයේදීත් ඇය සුපුරුදු සිහිනයම දැක අවදි වූවාය. ඒත් වෙනසකට වූයේ වෙනදා මෙන් සහන් ඇය අසළ නොසිටීමයි. ඔවුන්ගේ කාමරයේ දොරද හැර දා තිබිණ. ඇය සෙමින් හැර දමා තිබූ දොරෙන් සාලයට පිවිසියාය. සාලයේ දොරද හැර දමා තිබිණ. දෙවරක් නොසිතා ඇය සාලයේ දොරින්ද පිටතට පැමිණියේ සහන් සෙවීමටයි. ඇයගේ සිතට බියක් ගෙන ආවේ ඔහු තනිවම මෙවන් වෙලාවක එළියට පමිණ ඇති නිසාය. එදින සඳ හොඳින් පායා ඇති නිසා මුළු වට පිටාවම එළිය වී තිබිණ. " සහන් සහන් යැයි ඇය ඇමතුවද පිළිතුරක් නොවීය" ඇය ගෙවත්ත පිටුපසට සෙමෙන් ඇවිද ගියාය. සඳ එළිය නිසා ඇයට තනියම යාමට බියක් දැනුනේ නැත. ගෙවත්ත පිටුපස ගස් ළඟින් ළගින් වැවී මදක් අඳුරු ස්බාවයක් ගෙන තිබුණි.ගස් අතරින් සහන්ගේ ඡායාවක් මෙන් ඇය දුටුවාය. ඇය ශබ්ද නොනගා ඔහු දුටු දෙසට ඇවිද ගියාය. ගස් අතරින් ඇය දුටු දේ ඇයටම අදහා ගත නොහැකි විය. සහන් අත වූයේ පණ ඇති කුකුළෙකි. ඔහු උගේ කකුල් දෙකින් අල්ලාගෙන ගමන් කරමින් සිටියේය. කේතකීගේ දෑස් විසල් වී තිබිණ. ඇය ඊළඟට දුටු දර්ශණය ඇයව සිහි නැති කරවීමට ආසන්න විය. ඇය ආදරය කළ සහන්, එකම යහනක් බෙදා ගත් සහන්මද මේ කියා ඇයට සිතා ගත නොහැකි විය. ඔහු කුකුළා මුවට ළන් කොට උගේ ගෙලෙන් ලේ බිව්වේය. මේ පිළිකුල් ලොමු දැහැ ගන්වන දර්ශනය දෙස තව දුරටත් ඇයට බලා සිටිය නොහැකි විය. ඇය එකෙනෙහිම නිසව දෙසට දිව යද්දී කාගෙදෝ ඇගක හැපී බිම වැටුණාය. ඒ බණ්ඩේ විය. ඔහු දැකීමෙන් ඇගේ සිතට සහනයක් ගෙන ආවේය. පසුව අය දුටුවේ තමාගේ මෙන්ම ඔහුගේ මුහුණේද තිබූ බියයි. " නෝනා යමු ඉක්මන් කරලා ගෙට. මේ අවේලාවේ නෝනා මොකටද එළියට බැස්සේ. මේ අමුනුස්සයෝ රජ කරන වෙලාව" කේතකී කිසිවක් නොකියා බණ්ඩේ සමග ඉක්මනින්ම නිවස වෙත පැමිණ අසුන් ගත්තාය. තවමත් ඇයට වත්තේදි දුටු දර්ශනය මැවි මැවී පෙනෙන්නට විය. " නෝනා මේ වතුර ටික බීලා හිටිය නම්" බණ්ඩේ වතුර වීදුරුවක් ඇය වෙත පෑවේය. "නෝනා මේ පළවෙනි දවස නෙවෙයි සහන් මහත්තයා මේ විදියේ දෙයක් කරපු. හැම කෙම්මුර දවසකම රෑ 12ට 1ට ඔය විසියට වත්ත පහළට යනවා කුකුළෙකුත් අරන්. මමත් දවසක් වත්තෙන් අමුතු සද්දයක් ඇවිත් බලන්න ගියාමයි දැක්කේ. මහත්තයගේ ඇගට අමුනුස්ස බලපෑමක් නෝනා. මේවා බලා ඉන්න හොඳ නෑ .නෝනා දැන් ගිහින් නිදා ගන්න. මුකුත් නොවිච්චි ගානට ඉන්න. මහත්තයගේ ඇගේ ඉන්න අමුනුස්සයා දැන ගත්තොත් අපි මේවා දැක්කා කියලා අපි ඉවරයි නෝනේ" එසේ කියමින් බණ්ඩේ නිවස තුලට ගියේ ඇය සාලයේ තනි කරමිනි. ඇයද ඉක්මනින්ම කාමරයට ගොස් නිදි ලෙස සිටියාය. තවත් පැය භාගයකට පසු සහන් පැමිණියේය. ඇය නිදි ආකාරයෙන්ම සිටි නිස ඔහුද ඇඳේ අනික් පස ඇල උනේය. ඇය අසලට නින්දක් නම් නොආවේය. මේ කුමන නම් රෝගී තත්වයක්ද.. පණ පිටින් සතෙකුගේ ලේ බීමට සාමාන්ය මනුස්සයෙකුට හැකි වේද.. මෙවන් බොහෝ දේ ඈ කල්පනා කළාය. ඇයට සියාතු ගුරුන්නාන්සේ පන්සලේදි කියු දෙය සිහි විය.. දෙවියනේ එහෙනම් ඒ මනුස්සයා කියන්න ඇත්තෙ මේ ගැන වෙන්න ඇති. හෙටම යනවා මම බණ්ඩේ මාමා එක්ක ගුරුන්නාන්සේ හම්බෙන්න. මගේ සහන්ව මේකෙන් බේර ගන්න ඕන පසුදා උදෑසනම කේතකී බණ්ඩේ අමතා සියාතු ගුරුන්නාන්සේ හමුවීමට තමාට අවශ්ය බව පැවසුවාය. "නෝනා මේ අපේ මැණිකාත් එක්ක යන්ට. උන්දැ දන්නවා සහන් මහත්තයගේ කතාව. උන්දැ දැකලා තියෙනවා මහත්තයා බිත්තර අමුවෙන්ම කටේ හලා ගන්නවා. මම පස්සේ මේවා ගැන කට හොල්ලන්න එපා කියලා මම දැකපු දේවලුත් කිව්වා. උන්දැ කිව්වේ මේ ගැන ඉක්මනට නෝනට කියලා මොකක් හරි කරලා මහත්තයව බේර ගම්මු කියලා. ඒත් නෝනා අපි කියන දේවල් විස්වාස නොකරයි කියලා අපි කරබාගෙන උන්නා. ඒත් නෝනාම දැක්කනේ ඊයේ ඇස් දෙකෙන්ම." පසුව මැණිකාත් සමග කේතකී සියාතු ගුරුන්නාන්සේ හමුවීමට ගියාය. ඔවුන් එහේ යන විට ඔහු ගේ පිළ මත වාඩි වී පුස් කොළ පොතක් කියවමින් සිටියේය. "ඈත තියා ඔවුන් දුටු ඔහු බුලත්විට කහට ගැහුණු දසන් පෙන්වා සිනාසුනේය" "අද නෝනා එන බව දන්න නිසාම මම අද අනික් අය හරෝලා ඇරියා. නෝනා මෙහෙන් ඇවිත් ඈඳී ගත්තා නම්." කේතකී පුදුමයට පත් විය. අද මෙහි පැමිණේන බව දන්නේ බණ්ඩේත් මැණිකාත් තමාත් පමණි. එහෙත් සියාතු අ බව දැන ගත්තේ කෙසේද? මැණිකා කියූ පරිදිම ඔහු එසේ මෙසේ පුදගලයෙකු නොවන බව ඇය වටහා ගත්තාය. කේතකීත් මැණිකාත් ඔහු පෙන්වූ වේ වැල් පුටු දෙකක අසුන් ගත්හ. හොදයි නෝනෝ දැන් මට කාරණය මුල ඉදන් කියන්ට. අපි බලමු මොනාද කොරාන්ට පුළුවන් කියාලා. කේතකී සහන් අනතුරට පත් වූ දා සිට සිදු වූ සියළුම දේ ගුරුන්නාන්සේට කිව්වාය. ඔහු මොහොතක් කල්පනා කළේය. නෝනා මොනාත් කියන්ට කළින් මට අඳුන බලන්ට ඕන. මහත්තයගේ ඇගේ ඇත්තටම ඉන්නේ මොකාද කියලා බලලා තමා බෙහෙත් තීරණය කරන්ට් ඕනැ ඔහු එසේ පවසා නිවස තුළ වූ කාමරයකට ගියේය. එම කාමරයේ දොර හරින් විට ඉතා මිහිරි සුවඳක් වහනය විය. ඔහු කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේය. මද වේලාවකින් නැවත පැමිණි ඔහු කතා කරන්නට විය.ඔහුගේ පෙනුම ඉතාම බැරෑරුම් විය. "නෝනා මම මෙච්චර කාලෙකට මට්ටු කරල ඇති මල පෙරේතයො , භූතයෝ, සිය ගානක්. ඒත් නෝනා මම ඇත්තම කියනම් මේ තරම් බලවත් යකෙක් එක්ක මගේ මුත්තාවත් හැප්පිලා නෑ. මූ ඒ තරමට බලවත්. මූ ඇවිත් තියෙන්නේ නිකන් නෙවෙයි.. ලොකු අරමුණකට . අපිට ඒක උගෙන්ම දැන ගන්න වෙනවා. අනික අපි දැනටත් ගොඩාක් පරක්කු වැඩියි. සහන් මහත්තයා එයාගේම ඇගට එන්න බැරිව ඉන්නේ. මහත්තයා නෝනාට මේ ගැන අනතුරු අගවන්න උත්සහ කරල තියෙනවා. ඒකයි නෝනට හීන පෙනිලා තියෙන්නේ හැම රැයකම. නෝනා පුළුවන් තරම් ඉක්මනට මේ කලමනා ලක ලැහැස්ති කරන්ට. හෙට හවසම අපි වැඩේ පටන් ගමු. තවත් සුනන්ගු වෙලා බෑ." එසේ කියමින් කළමණා ලැයිස්තුව ඔහු කේතකී අත තැබුවාය. "නෝනා තව එකක්, අමුනුස්සයට දැන ගන්න තියන්න එපා මෙ කිසිම දෙයක්" "හොද්මයි ගුරුන්නාන්සේ" කියා කේතකීත් මැණිකාත් නිවස බලා පිටත් වූහ. බණ්ඩේ ලවා කේතකී සියළු කළමණා සූදානම් කළාය. ගිවිස ගත් පරිදිම පසුදා සවස ගුරුන්නාන්සේ පමිණියේ ගෝලයෙකුද කැටුවයි. ගුරුන්නාන්සේ දැකීමෙන් සහන් (ඔහු තුල සිටි අමුනුශ්යා) කලබලයට පත් විය. නිවසට පැමිනි වහාම ගුරුන්නාන්සේ බණ්ඩේ ගේ කනට කර යමක් මුමුණන්නට විය. ඉන් අනතුරුව පොල්තෙල් දැමූ පීරිසියක් ගෙනෙන ලෙස මැණිකාට නියොග කොට සහන් සිටි ඇඳ අසල නතර විය. නමුත් ගුරුන්නාන්සේ ගෙ නිහැඩියාව සහ සන්සුන් බව කේතකී ගේ අවධානය දිනාගත්තේය. ලඟ එන උපද්රවයක ලකුනු පහලවී ඇති බැවින් සහන්ගෙ මුහුන කෝපයෙන් වියරු වැටෙන්නට විය. මෙවැනි අමනුශ්යයින් සමග ඔට්ටු වී වසර ගනනක පලපුරුද්දක් ඇති ගුරුන්නාන්සේ තම අත ඇති පොල් තෙල් දැමූ පීරිසියට යමක් හඬක් නොනැගෙන සේ මතුරන්නට විය. ඔහුගෙ එම මැතිරීමත් සමග සහන්ගේ හැසිරීම එන්න එන්නම රළු වන්නට විය. එවිටම බණ්ඩේ කැඳවා ගෙන ආ තරුණයින් දෙදෙනෙක් සහන්ගේ අත් පා වැරෙන් ග්රහනය කර ගත් අතර ගුරුන්නාන්සේ තම අතැති බඳුනෙන් තෙල් ස්වල්පයක් ගෙන වියරුවෙන් විලප නගන සහන්ගේ හිසේ ආලෙප කිරීමෙන් අනතුරුව තත්වය ක්රමයෙන් සන්සුන් විය. තරුණයන්ගෙ මීලග කාර්යය වූයේ හොඳ ශක්තිමත් පුටුවකට තබා සහන්ව ගලවාගත නොහැකි වන අයුරින් බැඳ දැමීමයි. මෙතෙක් වෙලා නිහඬව සිටි ගුරුන්නාන්සේ කතාව ආරම්භ කලේය.”මන් හිතුවටත් වඩා කාලයක් මේ ආත්මය මේ ශරීර කූඩුවට වෙලා ඉඳල තියෙනව දරුවො.මේකා මේ ශරීරය අතාරින්න නම් නර බිල්ලක් උනත් ඉල්ලන්න බැරි කමක් නෑ. මම දැනට අපේ කළමණා සූදානම් කරගන්නකන් මේ ලමයට පොඩි අරක්ශාවක් කලා විතරයි. අද රෑට තමයි අපිට මේ හැම දේකම අග මුල හොයාගන්න පුලුවන් වෙන්නෙ. උන්දැ දැනටමත් අපි කරන කියන දේවල් කොහෙට හරි වෙලා බලගෙන ඇති ” “මගේ ඇස් මානෙන් ඈතට යන්න එපා. විශේශයෙන්ම මේ බවලත් උදවිය. ” අමනුෂ්ය ආත්මය ගැන හොදින් දන්නා ගුරුන්නාන්සේ ගේ මේ කතාව සියල්ලෝම සිතට ගත්හ. පැයක් හමාරක් යන විට සියල්ල සූදානම් විය. එකෙනෙහිම මුලුතැන්ගෙයි මහන්සිවී වැඩ පල කරන තරුණයින්ට තේ වත්කරමින් සිටි මැණිකාගෙ විලාපය ඇසී සියල්ලෝම එහි දිව ගියෝය. බෙල්ලේ සහ අත් වල නියපොතු සළකුණු සහිතව මැණිකා බිම වැටී සිටියාය. කේතකී වහා ගොස් වතුර වීදුරුවකින් වතුර ටිකක් ගෙන මුහුනට ඉස මැණිකාගේ සිහි එලවා ගත්තාය. “මොකද මැණික උනේ. ගුරුන්නාන්සෙ කිව්ව නේද යනවනම් තනියම යන්න එපා කියල.” “මම මේ කට්ටියට තේ ටිකක් හදන්න ආව පුන්චි නෝන. කුස්සියෙ ලයිට් එක දාපු ගමන්ම එතන මගේ ලඟ කලුම කලු යකෙක් වගේ මිනිහෙක් හිටගෙන හිටිය.මම දුවන්න හදනකොටම ඌ මගෙ බෙල්ලෙන් අල්ල ගත්ත. මට එච්චරයි මතක.” “ලමයො අර බුදු පහනෙන් තෙල් ටිකක් ගෙනත් මුන්දැගෙ ඔලුවෙ ගාන්න. කියන දෙයක් කනකට ගන්නවයැ. මෙහෙම ඉඳල බෑ අපේ වැඩෙත් පරක්කු වෙනව.” කියා ගුරුන්නාන්සෙ මේ භයානක කටයුත්ත පටන් ගැනීමට මුලපිරුවේය. තවමත් පුටුවට වී හැම දෙනාම දෙස සාවධානව සහන් බලසිටියි. ඔහුගේ ඇඟේ කිසිම අමනුශ්ය ආත්මයක් දැනට නැති උවද පෙනුම මලාණික ගුප්ත බවක් ගත්තේය. පැමිණි තරුණයන්ගෙන් කෙනෙක් වරින් වර පැමින පුටුවේ බැමි පරික්ෂා කලේය. “දැන් හැමෝම මේ ලඟ පාතින් වාඩි උනා නම්. මම මේ වැඩේ කරන වෙලවට කිසි කෙනෙක් මේ ගෙදරින් අඩියක් වත් එලියට තියන්න එපා. මේ ඇවිත් ඉන්න කෙනා මම හිතුවටත් වඩා බලගතු කෙනෙක්.ඒ නිසා මට කවුරු ගැනවත් අවදානමක් ගන්න බෑ.” මින් පෙර කිසි දිනෙක මෙවැනි දෙයක් කියා නැති ගුරුන්නාන්සෙගෙ මෙම කතාවෙන් සැමදෙනාම බියට පත්විය. ගුරුන්නාන්සේ බුදුන් වැඳ වතාවත් කොට මේ බැරෑරුම් කටයුත්තට මුල පිරුවේය. සෙමින් ආරම්භ කල මැතිරිල්ල ටිකෙන් ටික වේගවත් වනවිට සහන්ගේ හැසිරීමද විරූපී වන්නට විය. මෙතෙක් වන තුරු සන්සුන්ව සිටි ඔහු දැන් හිස දෙපසට සොලවමින් වමෙක් ආරූඪ වූ සැටියෙන් දඟලන්න ට විය. එකෙනෙහිම එක් අතක් නිදහස් කර ගත් ඔහු කේතකී දෙසට එය දිගු කර “මම උබවත් අරගෙනමයි යන්නෙ“ ලෙසින් කෑ ගසන්නට විය. නමුත් මැතිරිල්ලේ නම් අඩුවක් නොවිය. තරුනයින්ගේ මහත් වෑයමෙන් නැවත අත ගැටගසා දැමිය. මැතිරිල්ල නතර කල ගුරුන්නාන්සේ දුම්මල බඳුනක් සහ හොදින් ඇවිලෙන පන්දමක්ද අතැතිව සහන් කිට්ටු විය. “දැන් කතා කරමු බලන්න. තමුන් කව්ද කොහොමද මේ දරුවාගේ ශරීරෙට ඇතුලු උනේ ” නමුත් අමනුශ්යා ට එය නොඇසුන සේ බිම බලා සිටී. එකෙනෙහිම දුම්මල පහරක් මුහුනට එල්ල විය. “උඹට මන් කියන දේ අහෙනව නේද. කතා කරපන්. කාගෙ අවසරයෙන්ද මේ ශරීරෙ ඇතුලට රින්ගුවෙ කියපිය ” එයටද පිලිතුරු දීම වෙනුවට අත් වල බැමි ලෙහා ගනීමට ඔහු දැඟලුවේය. ඉවසීම ඉක්මවූ ගුරුන්නාන්සේ නැවත දෙවාරයක් දුම්මල පහර එල්ල කලේය.එවිට සහන්ගේ සැර බාලවී සන්සුන් වි පිලිතුරු දීමට සූදානම් විය. “මම යක්ශ ආත්මයක්.මට මේ ශරීරෙට එන්න කාගෙවත් අවසරයක් නෑ . ඒත් මම මේ ප්රානියාට අතුලු වෙනකොට මෙකෙ වෙන ආත්මයක් තිබ්බෙත් නෑ. මට දැන් මේකව අත ඇරල යන්න බෑ ” යනුවෙන් මොරදෙන්නට විය. “බෑ කියල විසඳුමක් නෑ . උඹව මේ ලෝකෙට අයිති නෑ. උඹට හානියක් නොකර කාලි මෑනියොන්ට භාර දීල නිදහස් කරන්න නම් මේ ශරීරෙන් මේ දැන්ම අයින් වෙන්න ඕනෙ. ” නමුත් යක්ශයාගේ වචන්යේ මෙනසක් නොවිනි. මීලගට කලයුතුදේ දත් ගුරුන්නාන්සේ නැවත මතුරන්නට විය . එවිට යක්ශයා වේදනාවෙන් කෑ ගසන්නට විය. “මාව පුච්චන්නෙපා මම යන්නම්. මම යන්නම් මම යන්නම්. ඒත් මට නිකන් යන්න බෑ මට බිල්ලක් නතුව යන්න බෑ... ” එවිට ගුරුන්නාන්සේ පසෙක වූ මල්ලක සිටි කුකුලෙකු ගෙනවිත් “උබට මේ කුකුල් බිල්ල හැර වෙන කිසිම බිල්ලක් ලැබෙන්නෙ නෑ. මේකත් අරගෙන එන්ම මේ ශරීරෙන් පිට වෙයන් ” “මට කුකුල් බිල්ලක් එපා මට වෙන ප්රානියෙක් ඕනෙ. නැත්තම් මම නරයෙක්වමයි අරගෙන යන්නෙ. ” කෝපාවිශ්ට වූ ගුරුන්නාන්සේ නැවත මන්ත්ර ජප කරන්නට විය. නමුත් යක්ශයා කුකුල් බිල්ල බාරගැනීමට කැමති නොවීය.වෙනත් යාගයකදී සිදුවන ලෙස මෙහිදී යක්ශයා බිල්ලට එකඟ නොවිනි. පයක පමන පරිශ්රමයක අවසානයේදී “උඹලා සේරටම මේකට පසුතැවෙන්න සිද්දවෙයි ” යනුවෙන් කියා යක්ශයා පිටව ගියේය. ප්රතික්ශේප වුනු කුකුල් බිල්ල තවමත් පන පිටින් මුල්ලක තිබිනි. සියල්ල හොදින් සිදුවූ ලෙස සියල්ලෝම සුසුම් හෙලූහ. නමුත් සිදුවී ඇත්තේ මින් පෙර සිදු නොවූ අනර්තයක් බව ගුරුන්නාන්සේට සක් සුදක් තේරුම් ගියේය. නමුත් වෙනසක් නොපෙන්වාම සහන්ට නැවත අමනුශ්ය බලපෑමක් නොවන්නට ආරක්ශාවක් දැමීය. යාගය පවත්වන විට එම නිවසේ සිටි සියලු දෙනාටම ඇප නූල් ගැටගසා මීලගට කුමන ආන්තරාවක් ඇතිවේදෝයි දෙගිඩියාවෙන් අඳුරේම නිවස බලා පිටත්විය. පසුදින උදෑසන උද්යෝගයෙන් අවදිවූ කේතකීට තමාට මෙතෙක් කලක් අහිමිව සිටි සහන්ගේ නැවත පැමිනීම මහත් සතුටක් විය. ඔවුන් පෙරදින සිදු කල කටයුත්තේ තැන් තැන් වල ඉතිරිව ඇති අස් කරමින් සිටියහ. එකෙනෙහිම වත්ත පහලින් ඇසුන මණිකාගේ විලාපයට ඔවුන් එදෙසට දිව ගියහ. එවිට ඔවුනට දැකගත හැකි වූයේ හදවත සලිත කරවන දසුනකි. ඒ ගෙදර සුරතලයට ඇතිකරන කිරි ගවයාගේ ගෙල අනෙක් පසට කරකවා ප්රාණය නිරුද්ධ වූ මල සිරුරයි. කුකුල් බිල්ල නොගෙන ගිය යකාගේ මීලග අරමුන ගැන බියෙන් සිටි සියල්ලෝම සැනසුම් සුසුම් හෙලූහ.[/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]මේ කතාවෙ අයිතිකාරි Dilanyaa Chethani Bandara.මම එයාගෙ අවසරය ඇතුව ඉතුරු ටික ලිව්ව. සම්පුර්න කතාවම කොම්මෙන්ට් කරන්නම්. වැරදි නම් ගොඩක් ඇති. Tharindu Nalaka[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom