Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර එක්තරා කාලයක 'රැජිණ' පුවත්පතෙහි අත්භූත සිදුවීම් ඇතුළත් ලිපි පල වූ අතර, ඒවායෙහි සඳහන් වන්නේ සත්ය සිදුවීම් යැයි එම ලිපි තුළින්ම ගෙනහැර දක්වා තිබිණි. එදවස මා ඒ ලිපි කියවීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ ඉන් එක කතාවකි. මතකයේ තිබෙන කතාවේ අමතකව තිබෙන හිස් තැන් "අතින් පුරවමින්" ඔබේ රසවින්දනය උදෙසා මේ සටහන තබමි. රංජනී මැදි වයසේ සිටි ලස්සන පැහැපත් විවාහක කාන්තාවක් විය. ඇගේ සැමියා ගාමිණී මිනින්දෝරු දෙපාර්තමේනතුවේ සේවය කළ නිලධාරියෙක් විය. මේ යුවළට දරැවන් නොසිටි අතර සැමියා බේබද්දෙකු පමණක් නොව කිසිම හිතක් පපුවක් නොමැති තිරිසනෙක් විය. දරැවන් නැත්තේ රංජනීගේ කාලකණ්ණිකම නිසා යැයි හෙතෙම ඇයට නිතරම දොස් පවරමින් රණ්ඩු කළේය. ඉන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබුනේ රංජනීටය. නිවස තුළ හැමදාම ආරවුල් සිදුවිය. ඒවා අවසන් වන්නේ රංජනී ගුටි කා ඇදවැටුන පසුය. ඇගේ මල්ලි කෙනෙක් වූ ආනන්ද නැමැත්තා තම අක්කා පිළිබඳව නිරතුරැව සොයා බලන්නට මෙහි අවේ ගියේද ඉහත කී අන්දමේ ආරවුල් නිසා ඇය පීඩා විඳින බැවිනි. නමුත් ආනන්ද එනවාට තදින්ම අකමැති සැමියා අන් දින වලටත් වඩා ඔහු එන දිනවලට ඇය සමඟ රණ්ඩු කරන්නට විය. එක්තරා දිනයක සියල්ල නිමා විය. රාත්රී 11.45 පමණ වන තෙක් ඇසුන රණ්ඩුව හිටිහැටියේම අවසන් විය. පසුදා එළිවනවිට රංජනීගේ සැමියා බාල්කයක එල්ලී සියදිවි නසාගෙන සිටි අතර රංජනී ආගියඅතක් නොමැති විය. නිවසේ, වත්ත පිටියේ පමණක් නොව අවසානයේ රටපුරාම ඇවිදිමින් ඇයව සෙව්වත් ඇය ගැන කිසිදු හෝඩුවාවක් සොයාගන්නට කිසිවෙකුට බැරි විය. ඉන් ගතවූ වසරකට පමණ පසු එම නිවස ආනන්ද විසින් කුලියට දුන්නේය. සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් එහි පදිංචි විය. මාස කිහිපයක් යන විට අසාමාන්ය සිදුවීම් නිවස තුළ සිදුවිය. මේසය මත තබන දෙය වෙනත් තැනක දී හමුවිය. බඩුමූට්ටු එහෙට මෙහෙට චලනය විය. කණ්ණාඩියකින් බලන විට තමාට පිටුපසින් පෙනෙන යමෙක් සැබෑ ලෙස බලනවිට දක්නට නැති විය. උයන බත් මුට්ටියේ බත් සමඟ වැලි මිශ්ර වී තිබිණ. පිලුනු ගඳක් නිතරම ගේ ඇතුලේ දැනෙන්නට විය. විශේෂයෙන්ම කුඩා ළමුන් අසනීප වී විකාර දොඩවන්නට විය. සිවිලිමේ යටි අතට මකුලුවෙකු මෙන් එල්ලී සිටින ගැහැනියක් දුටු බව වරෙක ඔවුන් කියයි. කොණ්ඩය කඩාගෙන මුහුණට ඉදිරියෙන් දමාගෙන දොර රෙදි අස්සේ හිටගෙන සිටින ගැහැනියක් දුටු බව වරෙක කියයි. කාමරයේ ජනේලයෙන් උල් වූ නියපොතු ඇති ඕජස් පෙරෙන ගැහැනු අතක් කාමරයට දැමුවේයැයි බියවී වරෙක කෑ ගසයි. මේ ආදී නොයෙකුත් කරදර ඔවුන්ට ඇතිවිය. කරන ලද සෙත්ශාන්ති වලින් පවා පලක් නොවීය. මෙසේ කඩින් කඩ පවුල් කිහිපයක්ම නිවසේ පදිංචි කරවන්නට ආනන්දට සිදුවිය. නමුත් සිදුවන කරදර එකසේම විය. එම නිවස ඉතා විශාල නවීන පන්නයේ එකක් වූ අතර එහි පිටුපස කොටසේ පොලොව යට තනන ලද භූගත ජල ටැංකියක් මත කුස්සිය ඉදිකර තිබුණි. කුස්සියෙන් පිටත තිබෙන කොන්ක්රීට් පියනක් යටින් ජල ටැංකියට බසින්නට හැකි ලෙස නිමවා තිබූ අතර ඉදිරියේ ඇති බෑවුම් සහිත පොලොවේ බෑවුම දෙසට පහත්වන ලෙස නිවස සාදා තිබුණි. පහළ සිට බලනවිට දෙමහල් නිවසක් ලෙස එය පෙනුනේ එහෙයිනි. අවසානයේ නිවසේ කුලියට පදිංචි වූයේත් සිව්දෙනෙකුගෙන් යුත් පවුලකි. ඔවුන්ටද කරදර පෙර සේම විය. කුලියට වුවත් තමන් සිටින නිවස පිළිසකර කිරීමට එම පවුල උත්සුක විය. දිනක් ජල ටැංකියේ කොන්ක්රීට් පියන ඇර එය පවිත්ර කිරීමට ඒ තුළට ගිය ගෙහිමියා ඒ තුළ තිබෙන අපැහැදිලි යමක් දුටු හෙයින් නැවත පැමිණ අධිබලැති විදුලි පන්දමකුත් අරන් ගොස් බලද්දී එය ජලය යට තිබෙන විශාල පොට්ටනියක් බව දිටීය. තවත් දෙදෙනෙකුගේද සහය ඇතිව එය ගොඩට ගැනීමට ඔහුට පුලුවන් විය. එය තුළ වූයේ එකට ගැට ගසන ලද අත්පා ඇති හම සහ ඇට පමණක් ඉතිරිව තිබූ මළ මිනියකි. වසරකට වැඩි කාලයක් ජලය යටදීම කුණුවී දිරාපත්වී තිබූ එහි හිස් කබලට දිග කොණ්ඩයක් එතී පැටලී තිබුණි. හිස් කබලේ ඇස් කුහර තුළ දිය සෙවල පිරී තිබිණ. කටේ යටි හනුව කැඩී පහතට එල්ලී තිබුන අතර දත් සියල්ල එලෙසම තිබුණි. පුස් කා තිබූ ගවුම් කඩමල්ලක්ද ඒ ඇට සැකිල්ල වටා තිබුණි. පිරිමින් තම කලිසම් ඇඳීමේදී ඉනට බඳින පටියක් මළ මිනියේ ගෙල වටා ඔතා හිරකර තිබුණි. හමුවනවිට වයරින් ටේප් වලින් මුලු ඔලුවමත් දෑත් සහ දෙපාත් ඔතා වකුටු කොට ගැටගසා තිබුණි. ඉතිරිව තිබූ අස්ථි, දත් සහ අනෙකුත් කොටස් හරහා මෙය රංජනීගේ මිනිය බව ඔප්පු කරගන්නට මරණ පරීක්ෂණ ඔස්සේ හැකිවිය. එතනින් පසු මේ අභිරහසේ සුලමුල විසඳා ගන්නට හැකිවිය. ගාමිණී ඇයව මරා තමනුත් සියදිවි නසා ගන්නට ඇති බව අවසානයේ පැහැදිලි විය. නිවසේ කුලියට පදිංචි වූ හැමදෙනම විසින් පාවිච්චි කළ ජලය ඉහත කී ටැංකියෙන් ගත් ජලය වුවත් කුණු ගඳක් හෝ අව රහක් ඉන් නොදැනුනේ එහි ඇති ජලය ෆිල්ටරයක් හරහා පාවිච්චියට ගත්

නිසාත්, කාලයක් ගතවී ඇති නිසා ඇටකටු, හම පමණක් ඉතිරිවන සේ මිනිය හොඳටම දිරාපත්වී තිබුන නිසාත්ය. ජීවිතයේ දහසක් බලාපොරොත්තු සමඟ විවාහවී තම සැමියා සමඟ දිවි ගෙවන්නට ආ රංජනීට ජල ටැංකියක පතුලේ ගැට ගැසූ පොට්ටනියක් තුළ මේ අයුරින් තම අවසාන ඉරණම විසඳා ගන්නට සිදුවිය. ඇගේ අවතාරය හෝ බැල්ම හෝ එම නිවස තුළ සිටින දරැවන් පසුපස සැරිසැරන්නට වූයේ ඒ සිද්දිය නිසා වන්නට ඇත. වේදනාවෙන් හා වෛරයෙන් මරණයට පත්වූ ඇය අවතාරයක් වී පළිගැනීමේ චේතනාවෙන් දුටුවන් පසුපස ලුහුබඳින්නට ඇත.

Indika Prabhath Wickramasinghe

[QUOTE="බෙන් 10, post: 23153321, member: 512836"] [COLOR="Blue"][SIZE="3"]පෙර එක්තරා කාලයක 'රැජිණ' පුවත්පතෙහි අත්භූත සිදුවීම් ඇතුළත් ලිපි පල වූ අතර, ඒවායෙහි සඳහන් වන්නේ සත්ය සිදුවීම් යැයි එම ලිපි තුළින්ම ගෙනහැර දක්වා තිබිණි. එදවස මා ඒ ලිපි කියවීමට ඇබ්බැහි වී සිටියෙමි. මේ ඉන් එක කතාවකි. මතකයේ තිබෙන කතාවේ අමතකව තිබෙන හිස් තැන් "අතින් පුරවමින්" ඔබේ රසවින්දනය උදෙසා මේ සටහන තබමි. රංජනී මැදි වයසේ සිටි ලස්සන පැහැපත් විවාහක කාන්තාවක් විය. ඇගේ සැමියා ගාමිණී මිනින්දෝරු දෙපාර්තමේනතුවේ සේවය කළ නිලධාරියෙක් විය. මේ යුවළට දරැවන් නොසිටි අතර සැමියා බේබද්දෙකු පමණක් නොව කිසිම හිතක් පපුවක් නොමැති තිරිසනෙක් විය. දරැවන් නැත්තේ රංජනීගේ කාලකණ්ණිකම නිසා යැයි හෙතෙම ඇයට නිතරම දොස් පවරමින් රණ්ඩු කළේය. ඉන් දැඩි ලෙස පීඩා විඳීමට සිදුව තිබුනේ රංජනීටය. නිවස තුළ හැමදාම ආරවුල් සිදුවිය. ඒවා අවසන් වන්නේ රංජනී ගුටි කා ඇදවැටුන පසුය. ඇගේ මල්ලි කෙනෙක් වූ ආනන්ද නැමැත්තා තම අක්කා පිළිබඳව නිරතුරැව සොයා බලන්නට මෙහි අවේ ගියේද ඉහත කී අන්දමේ ආරවුල් නිසා ඇය පීඩා විඳින බැවිනි. නමුත් ආනන්ද එනවාට තදින්ම අකමැති සැමියා අන් දින වලටත් වඩා ඔහු එන දිනවලට ඇය සමඟ රණ්ඩු කරන්නට විය. එක්තරා දිනයක සියල්ල නිමා විය. රාත්රී 11.45 පමණ වන තෙක් ඇසුන රණ්ඩුව හිටිහැටියේම අවසන් විය. පසුදා එළිවනවිට රංජනීගේ සැමියා බාල්කයක එල්ලී සියදිවි නසාගෙන සිටි අතර රංජනී ආගියඅතක් නොමැති විය. නිවසේ, වත්ත පිටියේ පමණක් නොව අවසානයේ රටපුරාම ඇවිදිමින් ඇයව සෙව්වත් ඇය ගැන කිසිදු හෝඩුවාවක් සොයාගන්නට කිසිවෙකුට බැරි විය. ඉන් ගතවූ වසරකට පමණ පසු එම නිවස ආනන්ද විසින් කුලියට දුන්නේය. සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් එහි පදිංචි විය. මාස කිහිපයක් යන විට අසාමාන්ය සිදුවීම් නිවස තුළ සිදුවිය. මේසය මත තබන දෙය වෙනත් තැනක දී හමුවිය. බඩුමූට්ටු එහෙට මෙහෙට චලනය විය. කණ්ණාඩියකින් බලන විට තමාට පිටුපසින් පෙනෙන යමෙක් සැබෑ ලෙස බලනවිට දක්නට නැති විය. උයන බත් මුට්ටියේ බත් සමඟ වැලි මිශ්ර වී තිබිණ. පිලුනු ගඳක් නිතරම ගේ ඇතුලේ දැනෙන්නට විය. විශේෂයෙන්ම කුඩා ළමුන් අසනීප වී විකාර දොඩවන්නට විය. සිවිලිමේ යටි අතට මකුලුවෙකු මෙන් එල්ලී සිටින ගැහැනියක් දුටු බව වරෙක ඔවුන් කියයි. කොණ්ඩය කඩාගෙන මුහුණට ඉදිරියෙන් දමාගෙන දොර රෙදි අස්සේ හිටගෙන සිටින ගැහැනියක් දුටු බව වරෙක කියයි. කාමරයේ ජනේලයෙන් උල් වූ නියපොතු ඇති ඕජස් පෙරෙන ගැහැනු අතක් කාමරයට දැමුවේයැයි බියවී වරෙක කෑ ගසයි. මේ ආදී නොයෙකුත් කරදර ඔවුන්ට ඇතිවිය. කරන ලද සෙත්ශාන්ති වලින් පවා පලක් නොවීය. මෙසේ කඩින් කඩ පවුල් කිහිපයක්ම නිවසේ පදිංචි කරවන්නට ආනන්දට සිදුවිය. නමුත් සිදුවන කරදර එකසේම විය. එම නිවස ඉතා විශාල නවීන පන්නයේ එකක් වූ අතර එහි පිටුපස කොටසේ පොලොව යට තනන ලද භූගත ජල ටැංකියක් මත කුස්සිය ඉදිකර තිබුණි. කුස්සියෙන් පිටත තිබෙන කොන්ක්රීට් පියනක් යටින් ජල ටැංකියට බසින්නට හැකි ලෙස නිමවා තිබූ අතර ඉදිරියේ ඇති බෑවුම් සහිත පොලොවේ බෑවුම දෙසට පහත්වන ලෙස නිවස සාදා තිබුණි. පහළ සිට බලනවිට දෙමහල් නිවසක් ලෙස එය පෙනුනේ එහෙයිනි. අවසානයේ නිවසේ කුලියට පදිංචි වූයේත් සිව්දෙනෙකුගෙන් යුත් පවුලකි. ඔවුන්ටද කරදර පෙර සේම විය. කුලියට වුවත් තමන් සිටින නිවස පිළිසකර කිරීමට එම පවුල උත්සුක විය. දිනක් ජල ටැංකියේ කොන්ක්රීට් පියන ඇර එය පවිත්ර කිරීමට ඒ තුළට ගිය ගෙහිමියා ඒ තුළ තිබෙන අපැහැදිලි යමක් දුටු හෙයින් නැවත පැමිණ අධිබලැති විදුලි පන්දමකුත් අරන් ගොස් බලද්දී එය ජලය යට තිබෙන විශාල පොට්ටනියක් බව දිටීය. තවත් දෙදෙනෙකුගේද සහය ඇතිව එය ගොඩට ගැනීමට ඔහුට පුලුවන් විය. එය තුළ වූයේ එකට ගැට ගසන ලද අත්පා ඇති හම සහ ඇට පමණක් ඉතිරිව තිබූ මළ මිනියකි. වසරකට වැඩි කාලයක් ජලය යටදීම කුණුවී දිරාපත්වී තිබූ එහි හිස් කබලට දිග කොණ්ඩයක් එතී පැටලී තිබුණි. හිස් කබලේ ඇස් කුහර තුළ දිය සෙවල පිරී තිබිණ. කටේ යටි හනුව කැඩී පහතට එල්ලී තිබුන අතර දත් සියල්ල එලෙසම තිබුණි. පුස් කා තිබූ ගවුම් කඩමල්ලක්ද ඒ ඇට සැකිල්ල වටා තිබුණි. පිරිමින් තම කලිසම් ඇඳීමේදී ඉනට බඳින පටියක් මළ මිනියේ ගෙල වටා ඔතා හිරකර තිබුණි. හමුවනවිට වයරින් ටේප් වලින් මුලු ඔලුවමත් දෑත් සහ දෙපාත් ඔතා වකුටු කොට ගැටගසා තිබුණි. ඉතිරිව තිබූ අස්ථි, දත් සහ අනෙකුත් කොටස් හරහා මෙය රංජනීගේ මිනිය බව ඔප්පු කරගන්නට මරණ පරීක්ෂණ ඔස්සේ හැකිවිය. එතනින් පසු මේ අභිරහසේ සුලමුල විසඳා ගන්නට හැකිවිය. ගාමිණී ඇයව මරා තමනුත් සියදිවි නසා ගන්නට ඇති බව අවසානයේ පැහැදිලි විය. නිවසේ කුලියට පදිංචි වූ හැමදෙනම විසින් පාවිච්චි කළ ජලය ඉහත කී ටැංකියෙන් ගත් ජලය වුවත් කුණු ගඳක් හෝ අව රහක් ඉන් නොදැනුනේ එහි ඇති ජලය ෆිල්ටරයක් හරහා පාවිච්චියට ගත් නිසාත්, කාලයක් ගතවී ඇති නිසා ඇටකටු, හම පමණක් ඉතිරිවන සේ මිනිය හොඳටම දිරාපත්වී තිබුන නිසාත්ය. ජීවිතයේ දහසක් බලාපොරොත්තු සමඟ විවාහවී තම සැමියා සමඟ දිවි ගෙවන්නට ආ රංජනීට ජල ටැංකියක පතුලේ ගැට ගැසූ පොට්ටනියක් තුළ මේ අයුරින් තම අවසාන ඉරණම විසඳා ගන්නට සිදුවිය. ඇගේ අවතාරය හෝ බැල්ම හෝ එම නිවස තුළ සිටින දරැවන් පසුපස සැරිසැරන්නට වූයේ ඒ සිද්දිය නිසා වන්නට ඇත. වේදනාවෙන් හා වෛරයෙන් මරණයට පත්වූ ඇය අවතාරයක් වී පළිගැනීමේ චේතනාවෙන් දුටුවන් පසුපස ලුහුබඳින්නට ඇත. [/SIZE][/COLOR] [B][RIGHT][COLOR="Red"]Indika Prabhath Wickramasinghe[/COLOR][/RIGHT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom