land sale වලින් ගන්න කොට 40% payment එක 2 weeks වලින් කරන්න ඕන නේද
එතකොට කොහොමද වෙන්නේ අපිට පත්තිරු check කරගන්න පුළුවන් එත් ඉතුරු 60% ට loan එක apply කරද්දී 40% ගෙවල ඉවරයි නේ ගොඩක් වෙලාවට.
බැංකුව loan එක process කරන්නේ අපේ නමට company එක ඔප්පුව ලිව්වට පස්සෙද
එක පාර ෆුල් payment එක කරද්දී discount දෙන එකක් නං හොදම විදිය මොකක්ද
දන්න කට්ටිය පොඩ්ඩක් කියන ය0
මෙහෙමයි ,ලෑන්ඩ් සේල් එකට යම් ඇඩ්වාන්ස් එකක් ( සාමාන්‍යයෙන් 50,000ක් විතර ) බැන්දම, උන්ගෙ ඔෆිස් එකෙන් ඔප්පු විස්තර ටික පොටෝ කොපි ටික දෙනව.
ඒ ටික අරන් අපි දන්න ලෝයර් කෙනෙක් හරහා චෙක් කර ගන්න පුලුවන් .
ඩොකියුමන්ට් වල අව්ලක් නැතුව , අපි ඉඩම ගන්න තීරණේ වෙනස් කලොත්, අර දුන්න ඇඩ්වාන්ස් මුදල දෙන්නෙ නෑ. නැත්නම් 50% ක් වගේ ආපහු දෙන්නෙ.
සාමාන්‍ය ඉඩම් කට්ටි විකුණන කොම්පැනිය, හොඳට හොයලා තමා ඉඩම ගන්නෙ.
ඒ නිසා ඉඩමෙ අයිතිය පිළිබඳ නම් සෑහෙන්න ව්ශ්වාස කරන්න පුලුවන් .
නමුත් උන් එක එක හොර වැඩ කරනව
1. ඉඩම යට ගලක් හරි මඩ නම් පුරවලා, පිඩලි අල්ලලා අපිව අන්දනව.
2. විකුණන්න අමාරු අව්ල් කට්ටි මුලින්ම විකුනන්න හදනව. අනික්වා විකිනිලා කියලා බොරු කියනව.
3. අපිට හොඳ කෑල්ලම ඕනෙ නම්, බොරුවට අයිතිකාරයාගෙන් අරන් දෙනව කියලා , වැඩි ගාණට විකුණන්න බලනව.
4. ඉඩමෙ සමහර කට්ටි ඇපේට තියලා, සේල් කොම්පැනිය ණය ඇරන් තියෙන්න පුලුවන් . එතකොට ඉඩමෙ අයිතිය ගන්න ලියවිලි හදා ගන්න පරක්කු වෙනව.
5. කට්ටි කරන ඉඩමට අදාලව පළාත් පාලන ආයතනයෙන් අවසර අරන්ද කියලා බලන්න ඕන.
බැoකු ණයක් ගන්න විදිහ නම් මම දන්නෑ.
සල්ලි අතේ තියෙනවනම් , ඩිස්කව්න්ට් එකත් අරන් ඉක්මනින් ගන්න එක හොඳයි මට නම්.
Bump
------
Post added on Oct 26, 2021 at 11:20 AM