You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දැක දැක කරුමෙ දැන දැනම ගිලි ගිලි
ලෙඩ රෝග පිළිකා ඇඟ තුළට දම දම
දැන දැන මරු ගැන, තව තව ඇද ඇද
මෝඩකම ලෝකෙට පෙන්නයි එළිපිට
හිතනව දැවෙනව තැවෙනවා අගහිඟ දැනෙනවා
කිව්වම බැන්නම නිවනවා ආපහු අදිනවා
කහිනව කහිනව කහිනව පෙලහළු ගෙවෙනවා
දුම්වැටි සුරුට්ටු උරලම ටික ටික මැරෙනව
නිකොටින් කාබන් හොඳ නෑ පපුවට
ලීමත ජීවිත වැළලෙයි පොළවට
ලාබෙට මුදලට පිළිකා ගත්තට
මුදලට හැකි වේද පිළිකා නැසුමට
කප කප දල්ල ඉවතලයි දඬු ටික
සුදුපාට කොලයෙ දිග අතට ඔත ඔත
මල් කිරි බිව් කටින් විසමල උරද්දි
අම්මල වැලපෙයි මචං උඹලව වැදුවට
ගහක විස යසට ගතට ගෙන එනා
මොලයෙ ඇති සෛල දමා නස නසා
පැයේ දෙකෙ සැපට ඇතුලෙදි මැරෙනා
ඇවිදින පණ ඇති මළකඳන් උඹලා
ජීවිතෙ හාමතෙ කුණාටු සාගරෙ
දැළකලට අහුවුණ මාලුවො වාගේ
ඇද ඇද පණ ටික තව තව දැලටම
පැටලිලා හිරවෙයි නොදැනිම නොපෙනිම
කතරෙ වැලි අතරෙ ගිණි රස්නෙ දැනුනට
හිතට පණ නෑනේ හරි පාරෙ යන්නට
අතේ ඇති සතේ මතට දිය කරලා
ඇදක් උඩ ගොළුවි තනිවෙයි උඹ දවසක
මායමෙ සැගවුණු සාපයෙ බැඳිලා
වෙව්ලයි සික් සික් කිය කිය ඕවා බොරු බයිලා
උඹල යන පාරෙ මාත් ගියා මතකයි
මතට තිත තිබ්බෙ මගෙම හිතින් හිතලයි
හිතින් හිත ඇතුලෙ හීන පොදි බැඳලා
ෆිල්ම් වල වාගේ නාඩගම් රඟනා
විඳින ජීවිතය විඳවමින් ඉඳලා
ඇත්ද තව මදිද පෙත්ත දාගත්තා
රුපියල් පස්සේ දුවනව අළුයම
බෝතල් පස්සේ දුවනව හවසට
සතයක් දෙන්නෑ ගෙදරට දවසට
ඇහුවම ඒ ගැන ගුටිබැට බිරිඳට
හවස නිවස වෙත එන අපෙ පියවරු
බී වස නොබලයි දෙස තම දූ දරු
විසිකර සෙනෙහස සොයා වෙන අඹුදරු
තනතුරු අතහැර හොයනව කනේරු
ගේදොර අගහිග කරන්ට් එකෙ රතු බිල
ගත් නය වැල් පොලි හිර වෙලා බෙල්ල
දරුවගෙ ගුසගින්න මකාදමා හිනහෙන්න
විය නිදියන්න බිරිඳට විකිනෙන්න
පියා යන පාරේ පුතත් යයි ආරේ
මව යන පාරෙ දුවත් යයි ආරේ
ආරේ ගති නැරේ දැම්මත් පරිවාසේ
හිතලා හැදියන් මේක උඹෙ වාරේ
මිහිපිට දෙවිවරු මව්වරු පියවරු
හෙලා තම දූ දරු අද සැම තැන තැනේ
සිරකඳවුරූ........