REGN-COV2 දැනුවත් ද .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ ගැන උබලා දන්න දේවල් මොනවාද....


    ”REGN-COV2 ප‍්‍රතිදේහ සංයෝගයේ අන්තර්ගත Casirivimab හා Imdevimab ප‍්‍රතිදේහයන්ට කොවිඞ් – 19 ආසාදිත රෝගීන් හට රෝහල්ගත වීමට හෝ මරණයට පත්වීමට ඇති අවදානම අවම කිරීමට ඇති හැකියාව සායනිකව තහවුරු කර තිබෙනවා. මේ විසඳුම ශ‍්‍රී ලංකාවේ රෝගීන් වෙනුවෙන් හදුන්වාදිය හැකි නම් එය ඉතා වැදගත් පියවරක් වනු ඇති බව නොඅනුමානයි”


    REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහ ද්විත්වයක් වන Casirivimab හා Imdevimab භාවිතා කර නිර්මාණය කර ඇති අතර එය වැඩි ජීවිත අවදානමක් ඇති, මෘදු/මධ්‍යස්ථ මට්ටමේ කොරෝනා ආසාධනයක් සිදුව ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනේ. මෙම මොනෝක්ලෝනල් ප‍්‍රතිදේහයන් පර්යේෂණාගාර තුළ නිෂ්පාදිත ප්‍රෝටීන වන අතර ඊට වෛරස් වැනි රෝගකාරක විනාශ කිරීම සඳහා ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති හැකියාව අනුකරණය කිරීමට හැකිය. Casirivimab හා Imdevimab යන ප‍්‍රතිදේහයන් SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීනයට එරෙහිව විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර ඊට වෙරසය මානව සෛලවලට ඇලීම සහ ඇතුළු වීම වැළක්විය හැකිය. මෙම ප‍්‍රතිදේහයන් නිර්මාණය කර ඇති විශේෂ ආකාරය නිසා REGN-COV2 මිශ‍්‍රණය කොවිඞ් 19 වෛරසයේ වෙනස් වෙන නව ප‍්‍රභේදයන් හට සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇති අතර ඒ හැකියාව නව ප‍්‍රභේද කොතෙක් පැමිණියද නොවනස්ව පවතී.


    මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මෘදු/මධ්‍යස්ථ කොවිඞ් 19 වෛරස ආසාධනයක් ඇති වැඩිහිටියන්ට සහ වයස අවුරුදු 12 ට වැඩි, අවදානම් තත්ත්වයට රෝගය පෙරළිය හැකි රෝගීන් සඳහා නිර්දේශිතය. මෙලෙස අවදානම් තත්ත්වයට පත් විය හැකි රෝගීන් වන්නේ වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් හා අඩු ප‍්‍රතිශක්ති හැකියාවක් ඇති, පිළිකා රෝගය සඳහා ප‍්‍රතිකාර ලබන, ඇට මිදුළු බද්ධ කිරීම හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ හදවත් රෝග, පෙනහළු රෝග හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ය. රෝෂ් සමාගම විසින් තෙවන අදියරයේ අත්හදා බැලීමේ පර්යේෂණයන්හිදී රෝහල්ගත නොකෙරුණු, දැඩි අවදානම් රෝගීන් 4500 ක් සඳහා අනුමත මාත‍්‍රාව වන මිලිග‍්‍රෑම් 1200 ක (මිලිග‍්‍රෑම් 600) ලබා දෙන ලද අතර එහිදී මරණය හෝ රෝහල්ගත කිරීමට සිදු වීමේ අවදානම 70% කින් අවම වන බවත් රෝග ලක්ෂණ බලපවත්වන කාලය සතියක් දක්වා අවම වීමත් සිදුවන බව තහවුරු වී ඇත. එමෙන්ම තවදුරටත් පරීක්ෂණවලින් තහවුරු වූයේ රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය 81% කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම 31% කින්ද අවම වන බවයි.


    ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙත REGN-COV2 මිශ‍්‍රණය අත්හදා බැලීමේ අවධියේ පවතිද්දී ඉහළ මාත‍්‍රාවක් ලබා දෙන ලද අතර එය අතිශයින් සාර්ථක බව එහිදී තහවුරු විය.


    මෙම REGN-COV2 මිශ‍්‍රණයට හදිසි භාවිතය සඳහා අනුමැතිය රටවල් ගණනාවක හිමි වී ඇත. ඒ සඳහා 2020 නොවැම්බර් මසදී පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ අනුමැතිය හිමි වූ අතර 2021 වසරේ පෙබරවාරි මසදී යුරෝපා ඖෂධ ආයතනයේ අනුමැතිය මානව භාවිතය සඳහා ඖෂධ නිෂ්පාදන (CHMP) කාණ්ඩය යටතේ අනුමැතිය හිමි විය. මෙලෙස අනුමැතිය හිමි වූයේ අවදානම් තත්ත්වය කරා යා හැකි රෝගීන් සහ ඔක්සිජන් ලබා නොදෙන රෝගීන් සඳහා විශේෂිත වූ ප‍්‍රතිකාරයක් ලෙයසි. 2021 වසරේ අප්‍රේල් මසදී REGN-COV2 සඳහා ස්විට්සර්ලන්තයේ ස්විස්මෙඩික් ආයතනයට මෙම ඖෂධය බෙදාහැරීම සඳහා අනුමැතිය හිමි විය.


    කොරෝනා වසංගය නිසා ලොව දෙවැනියට වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති රට වල ඉන්දියාව මැයි මස මුලදී මධ්‍යම ඖෂධ ප‍්‍රමිති පාලන ආයතනය (CDSCO) හරහා REGN-COV2 සඳහා හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් අතර ඒ අනුව ඉන්දියාව පුරා ප‍්‍රධාන රෝහල්වල සහ කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල මෙම ප‍්‍රතිකාරය දැන් ලබා දෙනු ලැබේ. එමෙන්ම ජපානයද කොවිඞ් ප‍්‍රතිකාර සඳහා රෝෂ් සමාගමෙන් මෙම ඖෂධය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින අතර ඊට එහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නුදුරේදීම හිමි වීමට නියමිතය.


    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පුරෝකථනය කරන ආකාරයට REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය කොවිඞ් 19 සඳහා ප‍්‍රතිකාර කිරීමේ විප්ලවයක් සිදුකරනු ඇති අතර ඒ හරහා දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණය කිරීමේ ක‍්‍රියාවලියට දැවැන්ත පිටුබලයක් ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.
     
    • Like
    Reactions: gamaGT and imhotep

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,768
    113
    kandy
    REGEN-COV, is an experimental medicine developed by the American biotechnology company Regeneron Pharmaceuticals. It is an artificial "antibody cocktail" designed to produce resistance to the SARS-CoV-2 coronavirus responsible for the COVID-19 pandemic. - wiki
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    REGEN-COV, is an experimental medicine developed by the American biotechnology company Regeneron Pharmaceuticals. It is an artificial "antibody cocktail" designed to produce resistance to the SARS-CoV-2 coronavirus responsible for the COVID-19 pandemic. - wiki
    Yes... This is the Trump's Cocktail. Supposedly pretty expensive around $3000 per dose when it comes to markets. It's still experimental and only the trial participants can have it.

    Trials did show tha REGEN-COV also significantly shortened the duration of symptoms by 4 days and all doses (8,000 mg, 2,400 mg and 1,200 mg) had similar efficacy across all endpoints.