Renault Kwid 50,000ක්_ආපහු කැදවයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Renault Kwid 50,000ක්_ආපහු කැදවයි

    ඉන්ධන පද්ධතියේ දෝෂයක් – Renault Kwid 50,000 ක් යළි කැඳවයි


    renault-kwid-620x360.jpg

    Renault Kwid මෝටර් රථ ඒකක 50,000 ක් යළි කැඳවීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම මෝටර් රථවල ඉන්ධන පද්ධතියේ දෝෂයක් නිරාකරණය කිරීම සඳහා සහ අලුතෙන් hose clip සවිකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. 800cc මාදිලියේ ආරම්භක මට්ටමේ (entry level) වාහන ඒකක 50,000 ක් මෙලෙස යළි කැඳවීමට නියමිතය.

    2015 ඔක්තෝබර් සිට 2016 මැයි දක්වා නිපදවන ලද මෝටර් රථවල මෙම දෝෂය මතුව ඇති බවත් එය ඉන්ධන සැපයීම කෙරෙහි බාධා ඇතිකරවන තත්ත්වයක් මතු කරලිය හැකි බැවින් මෙම තීරණය ගත් බවත් Renault India විසින් සිදුකරන ලද පූර්ව පරීක්ෂවල දී අනාවරණය වී තිබේ. තවද මෙම වාහනවල ඉන්ධන නල ක්ලිපය ද (fuel hose clip) ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවට නිර්දේශ කර ඇත.

    මේ සම්බන්ධයෙන් Renault India සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සඳහා පාරිභෝගිකයින් කිසිදු පිරිවැයක් දැරිය යුතු නොවන බවත්, පරීක්ෂාවෙන් පසු අවශ්‍ය පියවර ගැනීමට සමාගම සූදානම් බවත්ය.

    කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරනුයේ සියලූම Renault Kwid වාහනවල මෙම දෝෂය මතුව නොමැති බවත්, 10% ක ප්‍රමාණයක අදාළ අවදානම ඇති බවත්ය.

    මේ වන විට සීඝ්‍ර අලෙවියක් වාර්තා කර ඇති Kwid වාහන මාදිලිය මෙම වසරේ අප්‍රේල් – සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වාහන ඒකක 56,028 ක් අලෙවි කර ඇති බව සඳහන් වේ.



    Biz-Final2-Land-compressedgfgf.png
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඩක්ට් ටේප් කියලා ජාතියක් අහලම නැද්ද.. අරගෙන ඔතාගන්නව ඔයි ෆුයල් ලයින් එකේ. ආයේ ඔක මොකටද උස්සන් යන්නේ..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලංකාවට fuel hose clip ටිකක් එවූවා නම් හරිනේ, නැත්තන් ඔය ගැස් කඩවල තියෙනවා hose clip එකක් අරන් තද කරගන්න කිවූවත් හරි ඕක ආපහු කැදවන්න තරම් ලෙඩක් නෙමේ Renault Kwid එකේ තියෙන වෙන ලෙඩ එක්ක බැලුවහම
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ලංකාවට fuel hose clip ටිකක් එවූවා නම් හරිනේ, නැත්තන් ඔය ගැස් කඩවල තියෙනවා hose clip එකක් අරන් තද කරගන්න කිවූවත් හරි ඕක ආපහු කැදවන්න තරම් ලෙඩක් නෙමේ Renault Kwid එකේ තියෙන වෙන ලෙඩ එක්ක බැලුවහම
    රිකොල් කරනවා කියන්නේ නැවට දාලා ආයේ ෆැක්ටරියට යවනවට නෙමෙයි. රිකොල් කරන්නේ රීජනල් ඒජන්ට් ට? මේ කේස් එකේදි AMW එකට.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    mama hithuwe eake thiyana dewal wala widiyata kwid eka mula idala galawala hadanna wewi kiyala ,,, mu me clip ekak dala shape wenna hadanne ... :D :D :D :D :D :D :D :D :D :D monawa wunath SUV ekak recall kalama hithata dukay .. :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    mn hithane issarahata wassa kale ena nisa mun boruwata issue ekak kiyala recall karala mona hari jacket kallak atawanawada dane naa athulata wathura ene nathi wena