GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න ඉතිං අපේ ElaKiri එකේ ඉන්න ගොඩාක් අයගේ හිතේ තියෙන ගැටළුවක් විසදන්න තමයි මේ වෑයම...
    මේ තියෙන්නේ අපේ migaramk අයියාගේ For beginners:All about Reputation system. කියන Thread එකේ Modified සිංහල Version එකක්...
    මොකද migaramk අයියාගේ Thread එක තියෙන්නේ English වලින්...
    මම හිතන විදිහට අපි හැමෝටම එක වගේම English බැහැනේ...
    ඒ නිසා හිතුවා ඒක සිංහලෙන් දැම්මොත් ඒකට තවත් වටිනාකමක් ලැබේවි කියලා...

    :rolleyes: ඒ වගේම තමයි අපි කවුරුත් දන්න GTRZ අයියා... :rolleyes:
    සමහර විස්තර එයාගෙනුත් අහගෙන migaramk අයියගේ Thread එකට තවත් දේවල් එකතු කරලා තමයි මේ Thread එක නිර්මාණය කලේ...

    ඉතිං...

    අපේ ElaKiri එකට අලුතෙන් එකතුවුන Membersලාටත්, අපේ සමහර පරණ Membersලාටත් තියෙන ගැටලුවක් තමයි මේ Rep කියන එක...
    මම හිතනවා මේ Thread එකෙන් ඔයාලගේ ගැටලු විසදගන්න හැකිවෙයි කියලා...


    :confused: මොනවද මේ Rep...? :confused:

    Rep කියන්නේ Reputation System කියන එක...
    ඒ කියන්නේ අපේ ElaKiri එකේ ඉන්න Membersලාට Rank එකක් දෙන්න පුළුවන් විදිහක්...


    :confused: කවුද මේ Rankings දෙන්නේ...? :confused:

    අපිම තමයි...
    ඒ කියන්නේ අපේ Post වලට අනිත් අය දක්වන කැමැත්ත අකමැත්ත මත තමයි අපට මේ Rankings ලැබෙන්නේ...
    ඒ වගේම තමයි...
    මේ Rankings අඩු වැඩි කරන්න වෙන කාටවත් බැහැ...
    ඒක අඩු වැඩි වෙන්නේ අපිට ලැබෙන Rep අනුව...
    ඒක Adminලා දෙන Rank එකක් නෙමෙයි...
    ඒ නිසා Rep අඩු වුනා කියල අපිව Ban කරන්නෙත් නෑ...
    Rep වැඩි වුනා කියල ලොකු Ranks ලැබෙන්නෙත් නෑ...
    ඒක Membersලා අතර තියෙන Rank එකක්...
    ඕන තරම් Rep ගන්නත් පුලුවන්...
    ඒකේ සීමාවක් නැහැ...

    :confused: ඒත් කොහොමද...? :confused:

    ඒක දැනගන්න නම් මේ Thread එක ඔක්කොම කියවන්න වෙනවා...
    ඔහොම දිගටම කියවගෙන යන්නකෝ...
    එතකොට තේරෙයි...

    අපි අපේ ElaKiri එකට Login වුන ගමන්ම, අපේ Home Page එකේ දකුණු පැත්තේ උඩින් මේ වගේ User CP එකක් අපිට දකින්න පුළුවන්...
    idd8r9.jpg


    ඒකේ තියෙන්නේ අපේ Rep Power එක, Rep Points වගේ දේවල් ගැන...

    Rep Power එක කියන්නේ මොකක්ද...?

    Rep Power එක කියන්නේ අපි කාටහරි Rep එකක් දුන්නාම එයාගේ Rep Points වෙනස් වන ගාන...

    ඒ කියන්නේ...
    අපි හිතමුකෝ අපේ Rep Power එක 3යි කියලා...
    Rep Points 150ක් තියෙන කෙනෙක්ට අපි Rep+ එකක් දුන්නොත් එයාගේ Rep Points ගාන 153ක් වෙනවා...
    ඒ වගේම අපි එයාට Rep- එකක් දුන්නොත් එයාගේ Rep Points ගාන 147ක් වෙනවා...

    ඒ කියන්නේ අපේ Rep වලට අගයක් තියෙන්නේ මේ Rep Power එක නිසා...

    :confused: එතකොට අපේ Rep Power එක වැඩිකරගන්නේ කොහොමද...? :confused:

    අන්න ඒක තමයි ගැටළුව..
    අපේ Rep Power එක වැඩිකරගන්න අපිට බැහැ...
    හැම මාස හයකටම පාරක් අපේ Rep Power එක +1 කින් වැඩිවෙනවා...
    අපි පරණ වෙන්න වෙන්න අපේ Rep Power එක වැඩිවෙනවා...


    ඒ වගේම අපි දැකලා තියෙන දෙයක් තමයි අපේ Avatar එක යටින් තියෙනවා කොටු වගයක්...
    කතාවට අපි කියන්නේ Rep කොටු කියලා...


    :confused: ඒත් මේ කොටු මොනවද...? :confused:


    අපි දැකලා තියෙනවා එක එක අයගේ කොටු එක එක ගානට තියෙන්නේ...
    ඒ වගේම එක එක පාටට...
    එයි ඒ...

    ඒවාගේ තේරුම තමයි මම දැන් මේ කියන්න යන්නේ...

    Rep Points නැති Member කෙනෙක් නම් එයාගේ Avatar එක පෙන්නන්නේ මේ විදිහට...
    k97wja.jpg


    -1 සිට -99 වෙනකන් Rep Points තියෙනවනම්...
    157yn36.jpg


    -100 සිට -199 වෙනකන් Rep Points තියෙනවනම්...
    2v8smlw.jpg


    ඒ වගේම 1 සිට 99 වෙනකන් Rep Points තියෙනවනම්...
    14tyk2v.jpg


    100 සිට 199 වෙනකන් Rep Points තියෙනවනම්...
    w6w9wi.jpg


    200 සිට 299 වෙනකන් Rep Points තියෙනවනම්...
    2lu2zaq.jpg


    300 සිට 399 වෙනකන් Rep Points තියෙනවනම්...
    w847qo.jpg


    ඔන්න ඔය විදිහට තමයි මේ කොටු වැඩිවෙන්නේ...

    ඒ වගේම තමයි...
    අපි අපේ ElaKiri Home Page එකේ උඩින්ම තියෙන User CP එක Click කළොත්...

    sdg18j.jpg


    අපි දැනට සහභාගී වෙලා Threads තියෙන බලාගන්න පුළුවන්...

    ඒ Window එකේ යටින්ම අපිට දැකගන්න පුලුවන් Reputation Box එක...
    මේ Reputation Box එකෙන් අපිට බලාගන්න පුලුවන් දැනට අපේ තියෙන Rep Points...
    ඒ Rep Points ලැබුනේ මොන Thread එකේ මොන Post එකටද...
    කවදද අපිට Rep එක ලැබුනේ වගේ දේවල්...

    fp1b11.jpg


    ඒ වගේම තමයි...

    මේ පහළින් තියෙන Image එකේ කොළ පාටින් ( දැන් නම් මේවා නිල් පාටයි ) තියෙන්නේ Rep+...
    රතු පාටින් තියෙන්නේ Rep-...

    14u9g6c.jpg




    ඒ වගේම සුදු පාටින් තියෙනවා නම් ඒ නොසලකාහරින්න වෙනවා...
    මොකද ඒ Rep එක දීලා තියෙන්නේ Rep Power එකක් නැති කෙනෙක් නිසා...

    m9rqqa.jpg



    හොදයි...

    එතකොට අපි බලමු කොහොමද මේ Rep දෙන්නේ කියලා...
    Rep දෙන්නේ මෙහෙමයි...

    ඕනිම Post එකක දකුණු පැත්තේ උඩින් තියෙනවා KARMA කියලා Button එකක්...
    jku253.jpg

    ඒක Click කරන්න...

    එතකොට දකින්න පුළුවන් මෙන්න මේ වගේ Reputation Dialog Box එකක්...
    v7xp20.jpg


    ඒකේ තියෙනවා What do you think of ( User's )post? කියලා...
    ඉතින් ඒ Post එක හොද උපකාරශීලී Post එකක් කියලා හිතෙනවා නම් "I approve" කියන එක Tic කරන්න...
    ඒ වගේම "Your comments on this post:"කියන තැන අපිට Post එක ගැන Comments දාලා "Add to Reputation" කියන එක Click කලාම Rep+ එකක් Post එක දාපු කෙනාට Add වෙනවා...
    rjfok3.jpg


    ඊට පස්සේ ඔයාට පෙනෙයි මේ වගේ ඔයාට Thanks කරපු Dialog Box එකක්...

    1iflhl.jpg

    මේකනම් ඉතින් "OK" කළත් "Close" කළත් එකයි...

    ඒ වගේම Post එක නරක එකක් හෝ Spam එකක් නම්...
    "I disapprove"කියන එක Click කරලා...
    කළින් වතාවේ වගේම කැමතිනම් Commentsත් එකතු කරලා "Add to Reputation" කියන එක Click කලාම Rep- එකක් Post එක දාපු කෙනාට Add වෙනවා...
    xc0pd4.jpg


    හැබැයි මේපාර Thanks කරපු Dialog Box එක එන්නේ මෙහෙමයි...
    2912m2g.jpg


    ඒ වගේම තමයි අපිට බැහැ තමන්ටම Rep දෙන්න...
    කැමතිනම් Try කරලා බලන්න...
    මේ වගේ Dialog Box එකක් පෙනේවි...
    2vvo1a1.jpg


    තවත් වෙලාවක කාටහරි Rep එකක් දෙන්න හදනකොට මේ වගේ Dialog Box එකක් පෙනේවි...
    2w5iv5u.jpg


    ඒ කියන්නේ අපි අපේ අන්තිම Rep එක දීලා තියෙන්නෙත් මේ Userටමයි...
    ඒ නිසා මෙයාට Rep දෙන්න කළින් වෙන කාටහරි Rep දෙන්න වෙනවා...

    :yes: ඔන්න ඉතිං මම දන්න විස්තර ටික ඔයාලටත් කිව්වා... :yes:

    ;) Thread එක හොදයි කියලා හිතෙනවානම්... ;)
    ;) Thread එක වැඩදායී කියලා හිතෙනවානම්... ;)
    ;) Thread එකෙන් ඔයාලා මොනවාහරි නොදන්න දෙයක් ඉගෙන ගත්තා නම්... ;)

    :rolleyes: Rep+ එකක් දීලා යන්න අමතක කරන්න එපා... :rolleyes:

    :yes: ඉස්තූතියි... :yes:

    migaramk අයියගේ English Thread එක...
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=342919
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එක එක්කෙනාට වෙන වෙනම TkZ කළේ නැහැ කියලා තරහා වෙන්න එපා...
    මගේ එක බලපු ඔක්කෝටම TkZ...
    :rolleyes: Rep+ දීපු අයට 2 x TkZ... :rolleyes: