Repost +

0ver10d

Member
Jan 4, 2012
104
27
0
මේ මොකක්‌ද මේ..
මේ පින්තූරය දැකපු ගමන් ඔයලා සිය දෙනෙක්‌ගෙන් අනූ අට දෙනෙකුටම එහෙම කියවෙයි..
ඒ ඇයි ? ඇත්තටම මොකක්‌ද මේ.. ?????
****************************************

සිගරැට්‌ එකක නොබීපු එකෙක්‌ කොල්ලෙක්‌ද බන්..
අප්පෝ අද කාලේ කෙල්ලොත් ස්‌මෝක්‌ කරනව නෙ..
මේ වැස්‌ස දවස්‌ වල ඇග ටිකක්‌ රත් කරගන්නත් එක්‌ක එකක්‌ බොමු....
ඒයි බය ගුල්ලා.. අම්මට බයේ කෙල්ලට බයේ .. උබ නම් ගෑනියක්‌ වගේ.. සිගරැට්‌ එකක්‌ වත් බොන්නේ නෑ..

මේ සාමාන්යෙන් භාවිතා වෙන වචන මාලාවක්‌..
දුම් බීම නැත්නම් smoke කිරීම බොහොම සුලබ දසුනක්‌..
එ වගේම simple case 1ක්‌..

දුම්බීම හෘද්‍යාබාධ ඇති කරයි කියලා කොච්චර ලොකුවට board ගහල තිබ්බත් වැඩක්‌ නෑ..
සමහරු දුකට බොනවා.. සමහරු සතුටට බොනවා.. සමහරු ආතල් එකට fashion එකට බොනවා..

සිගරැට්‌ නොබොන කෙනා ගැහැනු කෙනෙක්‌ කියලා සමහරු කීවට පිරිමි කෙනෙක්‌ගෙ පවුර්ශත්වය සිගරැට්‌ 1කින් ප්‍රදර්ශනය කරන්න කාටවත් බැ..
මොලේ සයිස්‌ එක කටේ තියෙන එකේ සයිස්‌ එකෙන්ම පේනවා කියල සමහරු කතාවට කියන්නෙත් ඒකයි..

බොහෝ විට අප සැලකිලිමත් නොවුනද දුම්බීම නිසා මිනිස්‌ ශරීරයට වන හානිය නම් සුලු පටු නෑ.. දුම්වැටියකින් නිකුත්වන දුමෙහි අඩංගු අහිතකර දේ ශරීරගත වීමෙන් පිටතින් නොපෙනෙන නමුත් ශරීරය අභ්‍යන්තරයට විශාල හානියක්‌ සිදු වෙනවා..

මෙම පින්තූරයෙහි දැක්‌ වෙන්නේ දුම්පානය කල පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පින්තූරයකි.
දුම්බීම නිසා භාහිර පමනක්‌ නොව ශරීර අභ්‍යන්තරයේද අවයව මුලුමනින්ම නරක්‌ වීම සිදු වෙයි.

සල්ලි දීලා මොකටද යාලුවනේ ලෙඩ ගන්නේ..
ඔබත් අප සමග එකග වන බුද්ධිමත් පුද්ගලයෙකු නම්..

දුම්බීමට එරෙහි වෙමු..
එක ජීවිතයක්‌ හෝ රැක ගනිමු..
දුම්පානයේ ආදීනව සැමට පෙන්වා දෙමු.
නිරෝගිමත් මිනිසුන් වෙසෙන සමාජයක්‌ දකින්නට
අප දරන වෑයමට ඔබත් එකතු වන්න..​


ගත්තේ මුහුණු පොතේ ආදර ලෝකයක් කියන පින්වතාගෙන් . මේ ලිපියෙන් ඉතා වටිනා දෙයක්,ආදර්ශයක් අපේ ජිවිතයට එකතු කරයි.ඉතින් ඒ දේ මම මට විතරක් තනියම බුක්ති නොවිදිය යුතු යැය් සිතුන නිසා මම මගේ හිතවත් එළකිරි යාලුවෝ සෙට් එක සමග බෙදා ගන්න සිතුවෙමි . ඉතින් ඔබත් මෙය හොදින් කියව ඔබට හැගෙන්නේ කුමක් දැය් පවසා යන්න .
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපි දනගේන හෝ නොදැන කරන වැඩක් තමා රෙපොස්ට් කරන එක.
    රෙපොස්ට් කලාම හුගක් දෙනෙකුට මල පනිනවා. එක ඉතින් ඇත්ත කතාවක් තමා
    මොකද තමන් මහන්සියෙන් හදන කරුණු ටික නිසා තව එකෙක් රිදී මාලයක් ද ගන්න එක .
    මේක ගැන මම මෙච්චර වෙලා කල්පනා කර කර හිටිය ඉතින්. මේකට මොකද කොරන්නේ කියල.
    අන්තිමටම මගේ හිතට අපු අදහස තමා මේක.

    අපි දාපු පොස්ට් ඔක්කොම බැලුවොත් ඒවා හුගක් වැදගත් ඒවා වගේම ඕනෙවට නැති ඒවත් තියනවා, ඒ වගේම ඕනෙම කරුනක ආයුෂ කාලය කියල දෙයක් තියනවා

    සමහර ඒවා අද දවස්ට් විතරයි . සමහර ඒවා මේ මිනිත්තුවට විතරයි. එත් හුගක් ඒවා තියනවා සැහෙන කාලෙකට වලංගු ඒවා. ඉතින් මම හිතුව ඒවා අයිත අපිට බලාගන්න පුලුවන්නම් හොදියි නේද කියල.
    මොකද මාත් මේ එළකිරි එකට අලුත් නිසා මට වගේම අනික් හුගක් යාලුවන්ටත් වැදගත් වේවි. අපිට පරණ thread බලල ඒ කරුණු ගන්නත් පුළුවන්. හැබියි ඉතින් එක හෙන අමාරු වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.

    ඉතින් යාලුවනේ ඔයගොල්ලොන්ගේ පරණ දේවල් ඔක්කොම මේකේ දාන්න. රෙපොස්ට් නම් සොරි කියන්න ඕනේ නැති තැනක් තමා මේක.

    අනේ මෙහෙම එකක් දැම්ම කියල උබල මව මරාගෙන කන්න හදන්න එපා හොදේ.:no::no::no::no:

    තොපිල ඕකත් Copy කරාද? මාව උඩ ගියා මේක දැකල:shocked::shocked::shocked::shocked:

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol: