ගෙදරදී තමන්ට ඕන විදියට කෑවට, Restaurants / hotels වලදී නම් එහෙම කරන්න බැහැ...
මොකද ඒ ඒ තැන් වලදී අපි අනුගමනය කරන්න ඕනේ table manners තියෙනවා.
ලංකාවේ මේ දේවල් ඒ තරම් බලන්නේ නැති වුනත් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ...
Mind your manners
✿ ඔබ ආගන්තුකයකු නම්, කණ්ඩායමක් සමඟ කෑම ගැනීමට ආරාධනා කරලා තියෙනවා නම් මුලින්ම ඉඳගන්න යන්න එපා. host කරන කෙනා තමන්ට තැනක් නිර්දේශ කරන තෙක් ඉවසිල්ලෙන් සිටින්න.
✿ ආහාර ගැනීමේදී කට ඇරලා ආහාර හපන්න එපා. ඒ වගේම උස් හඬින් කතා කරන්නත් එපා...ආපනශාලා කාර්ය මණ්ඩලය නිර්මාණය කර ඇති වාතාවරණයට ගරු කරන්න වගේම අනෙක් අයටත් එය භුක්ති විඳිමට ඉඩදෙන්න.
✿ අනිත් අමුත්තන්ට බාධා වන ලෙස මේසයේ ඇති ආහාර ගැනීමට නොයන්න..ආහාර බඳුන ලාබදෙන ලෙස ඔබ අසල සිටින කෙනාගෙන් ඉල්ලන්න. අනිත් අයට ආහාර බෙදා දීමේදී එය වමේ සිට දකුණට කරන්න.
✿ වේටර්වරයාට අකාරුණික/පරුෂ වෙන්න එපා...මොකද ඔවුන් ඔබගේ ආහාරය වඩාත්ම විනෝදජනක අත්දැකීමක් බවට පත් කිරීමට උපරිමයෙන් උත්සාහ කරනවා.
✿ වේටර්ගේ අවධානය ලබා ගැනීමට උස් හඬින් කතා නොකරන්න. අවශ්‍ය වූ විට අත මදක් ඉහලට ඔසවා ඔහුව කැඳවන්න..
✿ අවස්ථාවට සරිලන අයුරින් ඇඳුම් අඳින්න...dress code එක කල් තියාම දැනගන්න එක හොඳයි.
✿ මිල ගණන් ගැන කතා නොකරන්න...මිල බොහෝ වැඩි වුනත් එම ස්ථානයේදී ඒ ගැන කතා කිරීම සුදුසු නැහැ.
Utensils say it all
✿ ආහාර ගැනීමට ඔබ හැඳි ගෑරුප්පු ගත්තට පස්සේ ඒවා ආපහු මේසය මත තියන්න එපා...ඒවා නිතරම තිබිය යුත්තේ ඔබේ පිඟාන මතයි...ඒ වගේම ඒවා පිඟාන මත තබන ආකාරය අනුව කියවෙන දේවල් තියෙනවා.
ඒවා පහත ඡායාරූපයෙන් ඔබට බලාගන්න පුළුවන්..
✿ ඔබ ආහාර ගන්නා අතරතුර විරමයක් ගන්නේ නම් ගෑරුප්පුව සහ පිහිය එකිනෙකට සමාන්තරව ඇලව සිටින සේ පිඟාන දෙපැත්තෙන් තබන්න..
✿ නැප්කින් එක තියලා තියෙන්නේ අවශ්‍ය වූ විට ඔබේ කට පිහිදාගන්න...නැප්කින් එක භාවිතා කරනවා නම් එය දබර ඇඟිල්ලට සිටින සේ තබා කට පිහදාගෙන, ආහාරයෙන් පසු නැප්කින් එක ඔබේ වම් පසින් තබන්න.
✿ ආහාර ගැනීමෙන් පසු කිසිවිටෙකත් නැප්කින් එක පිඟාන මත තියන්න එපා...හදිසියේ වත් භෝජන සංග්‍රහය මැදදී ඔබට මදක් පිටට යාමට අවශ්‍ය වුවහොත් නැප්කින් එක ඔබේ පුටුව මත තබා යන්න.
✿ හැඳි ගෑරුප්පු උපකරණ හිතුන හිතුන තැන් වලින් අරගෙන භාවිතා කරන්න එපා...ඔබට අවශ්‍ය වෙන දේවල් ඔබේ පිඟාන දෙපසින් ලෑස්ති කරලා තියෙනවා..
✿ ආහාර සර්ව් කරගන්න වෙනම උපකරණ තියෙන නිසා ඔබේ පෞද්ගලික හැඳි ගෑරුප්පු උපකරණ සව් කිරීමට භාවිතා කරන්න එපා..
✿ ඔබ ආහාර ගැනීමෙන් පසුව පිඟාන ඉවතට තල්ලු කරන්න එපා...වේටර් පැමිණ පිඟාන ගෙන යනතුරු සිටින්න..
Enjoy your meal
✿ කණ්ඩායමක් සමග ආහාර ගැනීමේදී ෆෝන් එක නිතරම භාවිතා කරන්න එපා...
✿ ආහාර ගන්නා අතරතුර ෆෝන් එක මේසය උඩ තියන්නත් එපා...
✿ අනිත් අයට වඩා ඉක්මනින් ආහාර ගන්න එපා...ඔබේ කණ්ඩායමත් සමග එකට භෝජනය භුක්ති විඳින්න...