සාමාන්‍ය health එකක් තියෙන මනුස්සයෙක්ට 65-70 වගේ වෙනකන් ශේප් එකේ ඉන්න පුලුවන්. 70 පස්සෙ බහුතරයකට කෑම එක, වතුර එක ලගට දෙන්න කෙනෙක් ඕන. අමතක වීම් වැඩියි. Bank FDs තිබුනත් තනියම බෑන්ක් එකකට ගිහින් සල්ලි ගන්න අමාරුයි. අනිත් ආදායම් මාර්ග මැනේජ් කරගන්න අමාරුයි. හොරුන්ගෙ ලේසිම ටාගට් එකක් වෙන්නෙත් තනියම ඉන්න වයසක අය. 70 න් පස්සෙ මැරෙනකන් ළමයෙක් ලග ඉන්න එක තමයි හොදම.
ළමයි නැති අයට හොද මහලු නිවාසයකට යන එක තමයි හොදම. හැබැයි ward beds තියෙන හොද මහලු නිවාසෙකුත් දැනට මාසෙකට 70,000 විතර ගන්නව. දැන් 40 ක් වෙන මනුස්සයෙක්ට තව අවුරුදු 25 කින් මහලු නිවාසෙකට යනවනන් inflation එකත් එක්ක බැලුවම 150,000 වත් මාසෙට ඕන වේවි. ඒ මනුස්සය අවුරුදු 80 ක් ජීවත් වුනොත් ජීවිතේ අන්තිම කාලෙ වෙනකොට ලක්ශ 5 වත් මාසෙට ඕන වේවි. ඔය විදියට බැලුවොත් retire වෙන්න ලන් වෙනකොට කෝටි 10 වත් බෑන්ක් එකේ දාල තියන්න වේ.