මොකක්ද බන් නිවැරදි කරලා තියෙන්නේ . ගෑනු ළමයෙක් ඉපදෙන්න බොරු කීමට අමතර තවත් හේතු තියනවා කියන්නේ .මුන්ගේ තියෙන්නේ බමුණු චින්තනයක්මයි . ගැණු උපදින එක සාපයක් කියන එක
එහෙමද, මට නම් වැටහුනේ කර්මය එහෙම ලෙහෙසියෙන් විසඳන්න බැහැ කියන එක ප්‍රකාශ කරලා කලින් "එහමමයී" කියලා ඇඟවෙන්න කරපු කතාව නිශේධ කලා වගේ. අඩුපාඩුවකට දැක්කෙ "මට පවුලකට ස්ත්‍රියක් උපදින්න තිබෙන කාරණා මට පැය ගානක් විස්තර කරන්න පුලුවන්" කියලා කියපු එක.
චේතිය ජාතකයෙ ස්ත්‍රී දරුවන් ලැබීම කියන කාරණය, බොරු කීම නිසා ස්ත්‍රීන් ලැබෙනවා කියන දේම ඉස්මතු වෙන්න ඉන්ටර්ප්‍රිට් කරන්න පුලුවන්. ඒ වගෙම රජ කෙනෙකුට තමන්ගෙ රාජ්‍යත්වයේ පිරිහීමට බොරු කීම හේතුවෙන හැටි පැහැදිලි කරන්න තාපසයෙක් ගත්ත උත්සහයක් හැටියටත් ඉන්ටර්ප්‍රිට් කරන්න පුලුවන්. ඒ භික්ෂුව ජාතකයේ මතුපිට අර්ථය විතරක්ම අරගෙන මුලින් සඳහන් ආකාරයට කතා කරපු නිසායි ඔහොම ගැටලුවක් ඇති වුනේ කියන එකයි මගේ මතය.
ගැහැණියක් වෙලා උපදින එක සාපයක් කියලා නම් මේ හාමුදුරුවො කීවෙ නැහැ මම හිතන්නෙ. ඒක ගාශ් තේරුම්ගත් හැටි වෙන්න ඇති. නැතිනම් මට එහෙම කියපු තැන තවම අහන්න ලැබිලා නැහැ. ඉපදීම සාපයක් නම් නෙමෙයි නමුත් දුකක් විදිහට සඳහන් වෙනවා බුද්ධ ධර්මයේ.