Ride to 3 සම් Femdom

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,513
    10,265
    113
    44
    Living in an Atom
    dfsfw43.gif



    “රයිඩ් ටූ ත්‍රීසම් ෆෙම්ඩම්” නමින් මහා පරිමාණ නීති විරෝධී පිරමීඩ ආයතනයක් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යමින් ජනතාවගෙන් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළැයි කියන එම පිරමීඩාකාර මුල්‍ය සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනකු සහ මෘදුකාංග (ඇප් එක) නිර්මාණකරු ලබන 05 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23) නියම කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ 'R3F' පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන කුලියාපිටියේ ඩී.පී. රෝහිණී හා ඩබ්ලිව්. එම්. නිමල් ශාන්ත, නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුශංක අත්තනායක සහ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ ඉරුගල් බණ්ඩාර නමැත්තන්ය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැන්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළේය.තැන්පත් කරන මුදල් ජාත්‍යන්තර බයිනෑන්ස් සමාගම, ක්‍රිස්ටෝ කරන්සි සහ ජාත්‍යන්තර විද්‍යුත් වේදිකා හරහා විදේශයන්හි ආයෝජනය කර මාස 18ක් ඇතුළත හතර ගුණයක ප්‍රතිලාභ ඩොලර්වලින් ලබාදෙන බවට පවසමින් මෙම පිරමීඩාකාර මූල්‍ය වංචාව කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද දැනුම් දුන්නේය.

    කුරුණෑගල, හෝමාගම, කුලියාපිටිය, මොරගොල්ලාගම, නාගොල්ලාගම ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක 5500කට අධික ජනතාව ගිණුම් 31,000ක් ඔස්සේ මෙම වංචාවට හසු කරගෙන ඇතැයි ද දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා මුදල් ආයෝජනය කිරීමෙන් හා තවත් පුද්ගලයන්ට මෙම ආයෝජන ක්‍රමය හඳුන්වා දීමෙන් ප්‍රතිලාභ හිමිවන බව ඒත්තු ගන්වමින් සැකකරුවන් ජනතාවගෙන් මුදල් රැස් කර ඇතැයිද දැනුම් දුන්නේය.

    අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පිරමීඩාකාර මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් සිද්ධියට අදාළ විමර්ශන අවසන්වී නැති හෙයින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් සැකකරුවන් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලිසියට නියම කළේය.
     
    • Haha
    Reactions: pathaleiretta

    Similar threads