RINGS OF SATURN - සෙනසුරු ග්‍රහ‍යාගේ වළලු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    RINGS OF SATURN - සෙනසුරු ග්‍රහ‍යාගේ වළලු

    සෙනසුරු ග්‍රහ‍යාගේ වළලු


    2001-15-d-large_web.jpg


    සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්‍රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත.

    220px-Galileo-sustermans4.jpg


    සෙනසුරුගේ වළලුවලින් සිදුවන සූර්යාලෝක පරාවර්තනය සෙනසුරු ග්‍රහයාගේ දීප්තිය වැඩි කිරීමට හේතුවන නමුත් එය පෘථිවියේ සිට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. ගැලීලියෝ ගැලීලි ප්‍රථමවරට 1610 දී දුරේක්ෂයක් අහස වෙත යොමු කළ අතර සෙනසුරු වළලු නිරීක්ෂණය කිරීමේ පළමු පුද්ගලයා වීමේ භාග්‍යය හිමි කර ගත්තේය. එනමුදු එහිදී ඔහු සෙනසුරු වළලු ඉතා හොඳින් වටහා ගැනීමට තරම් ඒවා අධ්‍යයනය කිරීමට ‍අපොහොසත් විය. 1655 දී “ක්‍රිස්ටියන් හයිජන්” විසින් ඒවා සෙනසුරු ග්‍රහයා වටා පිහිටි මණ්ඩල ලෙස විස්තර කළ ප්‍රථම පුද්ගලයා විය.

    800px-Saturn_eclipse_exaggerated.jpg


    සම්පූර්ණ වළලු පද්ධතිය 2006 සැප්තැම්බර් 15 දින කැසිනි අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා ඉහළින් ගමන් කිරීම නිසා ඇති වූ සූර්ය ග්‍රහණය වූ අවස්ථාවේ ඡායාරූපයකි. (මෙම ඡායාරූපයේ දීප්තිය නියම ප්‍රමාණයට වඩා වෙනස් කර ඇත)

    290px-Saturn_ring_detail_art_PIA10081-br500.jpg


    වැඩි දෙනෙකු විසින් සෙනසුරුගේ වළලු සෑදී ඇත්තේ නොගැනිය හැකි තරම් ප්‍රමාණයක් වූ ඉතා කුඩා මුදුවලින් යැයි සිතන නමුත් (මෙය “ලාප්ලාස්” සංකල්පය වෙත නැවත ගෙන යයි) මෙහි සත්‍ය පරතර ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. මෙය වඩා සත්‍ය ලෙස සිතනවා නම් ඝනත්වයෙන් සහ දීප්තියෙන් ඒක කේද්‍රීය ස්ථානීය උපරිම සහ අවමවලින් සමන්විත වළයාකාර තැටි වේ. වළලු අතර ඇති සමූහ පරිමාණ‍යන් ගත් කළ මෙහි විශාල ප්‍රමාණයක් වූ හිස් අවකාශ ඇති නමුත් සාමාන්‍යයෙන් මෙම හිස් අවකාශ අසන්තතිකය.

    800px-Saturn%2C_its_rings%2C_and_a_few_of_its_moons.jpg


    මෙම වළලු අතර හිදැස් දැකිය හැකි අතර මින් දෙකක් ඇති වී ඇත්තේ සෙනසුරුගේ චන්ද්‍රයන් නිසාය. අනිකුත් බොහෝ ඒවා සෙනසුරුගේ චන්ද්‍රයන් සමග අස්ථායී කක්ෂීය අනුනාද ඇති ස්ථානවල පිහිටා ඇති අතර හිදැස් තවමත් පැහැදිලි කරගත නොහැකි වී ඇත. අනික් අතින් ගත් විට ස්ථායී අනුනාද සමහරක් වළලුවල දිගු කාලීන පැවැත්ම කෙරෙහි බලපාන අතර “ටයිටන් මුදුව” සහ G වළල්ල මීට උදාහරණ වේ.


    800px-Saturn_HST_2004-03-22.jpg


    2004 මාර්තු 22 වන දින හබල් දුරේක්ෂ ‘ACS’ මගින් සෙනසුරු ග්‍රහයාගේ මෙම ඡායාරූපය ගන්නා ලද අතර පළල් වළලු ‍දෙකෙන් ඇතුළතින් පිහිටා ඇත්තේ ‘B’ වළල්ලයි. පිටතින් පිහිටා ඇත්තේ ‘A’ වළල්ල වන අතර “කැසිනි ප්‍රදේශය” යනු එම වළලු දෙක අතර පිහිටා ඇති අඳුරු කලාපයයි. (වැඩිපුර මතුවී නොපෙනෙන ‘C’ වළල්ල ‘B’ වළල්ල ඇතුළතින් දැකිය හැක)


    800px-Backlit_Saturn_from_Cassini_Orbiter_2007_May_9.png


    “කැසිනි” අභ්‍යවකාශයානය මගින් 2007 මැයි 9 වන දින ගන්නා ලද සෙනසුරු වළලුවල අදීප්ත පැත්ත.


    ඔබේ දැනුම පොතට . . .

    01.jpg



    වැඩි විස්තර සදහා
     
    Last edited: