හිටපු හෙවිවේට් ශූර ජෝර්ජ් ෆෝමන් (76) අද දින අප අතරින් සමුගත්බව බව ඔහුගේ පවුල වාර්ථා කරනවා.
ෆෝර්මන් කියන්නේ මිනිහෙක්ට බලාගෙන හැදෙන්න පුලුවන් විශිෂ්ඨ චරිතයක්. තරුණ කාලේ ගොඩක් රළු ආක්රමනශීලී චරිතයක් උනත් අලී සමග තරඟ පරාජයෙන් පස්සේ ජෝර්ජ් කාලයක් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්නවා. ඒ කාලේ එයා තමංවම හොයාගන්නවා. දෙවනි භාගයේ ෆෝර්මන් කියන්නේ වෙනස්ම මිනිහෙක්. ජීවිතේ අමාරුම පාඩම් අමාරුවෙන්ම ඉගෙනගත්ත හොබොහොම ලස්සනට කථාකරන ප්‍රියමනාප ආදරනීය මනුශ්‍යයෙක්.
ජෝර්ජ් කියන්නේ පොතක්, පුස්ථකාලයක්...
ෆෝමන් කියන්නේ මම දැකපු පුදුම මිනිස්සුන්ගෙන් කෙනෙක්. එයා පළවෙනියට හෙවිවේට් ශූරතාවය දිනාගන්නේ වයස 24 දී. ඒ එතුවක් අපරාජිතව හිටපු ජෝ ෆ්රෙසියර්ව පරාජය කරලා. නමුත් ඊළඟ අවුරැද්දෙදී අලී හමුවේ "රම්බල් ඉන් ද ජංගල්" කියන ලෝක ප්‍රසිද්ධියට පත් සටන පරාජය උනාම ෆෝමන් ලොකු මානසික කඩාවැටීමකට පත්වෙනවා. ජෝර්ජ් වෘථීය ජීවිතේ එක දිගට තරඟ 40ක් ජයග්‍රහණය කරලා ඉන්නකොට මේ 41 වෙනි තරඟයේදී පළවෙනි වෘථීය පරාජය ලබන්නේ අලී අතිං. ඒකත් නොකව්ට් වීමකින්. මේකේ බලපෑම කොච්චරක්ද කියනව නම් 1977දී ජිමී යං හමුවේ පරාජයට පත්වෙන ෆෝමන් වයස 28 දී ක්‍රීඩාවෙන් සමු අරන් ක්‍රිස්තියානි දේවගැති කෙනෙක් විදිහට කටයුතු කරනවා. මෙහෙම ඉඳලා එයා ටිකෙන් ටික හිත හදාගන්නවා.
(කෙනෙක්ට හිතෙන්න පුලුවන් එක සටනක් පරදින එක ඔය තරම් දෙයක් ද කියලා. නමුත් සටන් කරැවෙක් වෙනවා කියන එක කොයි තරම් කායික වගේම මානසික පීඩාවක් තියන දෙයක්ද කියන එක සටන්කරැවෙක්ගෙන්ම අහන්න ඕන දෙයක්. )
කොහොම උනත් ටික ටික හිත හදාගන්න ෆෝමන් මුදල් අගහිගකම් නිසාම වයස 38 දී නැවත සටන් කරන්න පටන්ගන්නවා. ඒ සාමාන්‍යයෙන් සටන් කරැවන් විශ්‍රාම ගන්න වයස. නමුත් ඔහු ටිකෙන් ටික දියුණුවෙනවා. තරැණ ක්‍රියාශීලී ක්‍රීඩකයො එක්ක ෆෝමන් මහලු කොටියෙක් වගේ සටන් කරනවා. සාමාන්‍යයෙන් බොක්සිං ක්‍රීඩකයෙක්ගේ වේගය ක්රීයාශ්රීලීබව ආදිය අඩුවෙලා අවසානයටම තමයි ජවය අඩුවෙන්නේ. ඉතින් හෙවිවේට් ඉතිහාසයේ බිහිවෙච්ච බලවත්ම පහර එල්ලකරන්නෙක් විදිහට නම් දරපු ෆෝමන් එක තැන හිටගෙන එල්ලකරන පහරවල්වලින් තරැණ ක්‍රීඩකයන් බිම වැටෙන්න ගන්නවා. ඔහොම ගිහින් 1994 දී වයස 45 වෙච්ච ෆෝමන් IBF සහ WBA ශූරයා වෙච්ච මයිකල් මුවර්ට අභියෝග කරනවා. අලී හමුවේ වසර 20කට පෙර අහිමි වූ හෙවිවේට් කිරැල වසර 20කට පස්සේ ලෝකයම පුදුම කරමින් නැවත දිනාගන්න නාකි කොටියෙක් වගේ වෙච්ච ෆෝමන් සමත් වෙනවා. ඒ හෙවිවේට් කිරැල දිනාගත් ලොව වයස්ගතම ක්‍රීඩකයා විදිහට. ඒතමයි ජෝජ් තමන් තුල ගොඩනගාගත්ත චරිතය.
තරැණ කාලයේ ඉක්මනින් කිපෙන බොහොම රළු පරළු තරැණයෙක් වෙච්ච ජෝර්ජ් පළමු පරාජයෙන් පස්සේ ටික ටික ජීවිතය ගැන ඉගෙනගන්නවා. අවසාන කාලය වෙනකොට ජෝර්ජ් ෆෝමන් කියන්නේ තරැණ කාලෙට වඩා හාත්පසින්ම වෙනස් ආදරණීය මනුෂ්‍යයෙක්. ලෝකය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් සෑහෙන දේවල් කරන ආදරනීය මනුෂ්‍යයෙක්. එහෙම තමයි ජීවිතේ පාඩම් කියල දෙනකොට.
ඉතින් පුද්ගල චරිතය, ආත්ම විශ්වාසය, මනුෂ්‍යයෙක් විදිහට අපිට තියන වගකීම ගැන කථාකරන්න ෆෝමන් හැම අතින්ම සුදුසු කෙනෙක්.
ජෝර්ජ් ජීවිතය ගැන මෙහෙම කියනවා.
"පුද්ගලයෙකුගේ චරිතය ස්වභාවය නිරායාසයෙන් ගොඩනැගෙන්නක් නෙමෙයි. ඔබ නිර්මාණය කරගන්නා චරිත ස්වභාවය වෙනුවෙන් ඔබට ජීවිත කාලය පුරාවටම දිනපතා නොයෙක් දේවල් කරන්න සිද්දවෙනවා.නමුත් දැන් අපිට ඉන්නවා තරැණ පරපුරකුත් තව දුරටත් ඒ තරම් තරැණ නැති පරපුරකුත්, තමන්ගේ චරිතය ගොඩනගාගන්න ජීවිතය තුල යමක් හොයාගන්න බැරිවුන. එය ඇත්තටම කණගාටුදායක තත්වයක්. මේ ජීවතය හරිම කෙටි ගමනක්. ඔබට තියනවා විනෝදයෙන් කාලය ගතකරන්න උත්සාහ කරනවට වඩා යමක් කරන්න. වෙලාවක ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි මම මොනවද අනිත් මිනිස්සු වෙනුවෙන් කරන්නේ, මම යන දවසක මොනවද මම මේ ලෝකේ ඉතිරි කරලා යන්නේ කියලා..."
ජෝර්ජ් අද මේ ලෝකෙන් යන්නේ තව පරම්පරා ගනනාවකට කථාකරන්න, හිතන්න, ආදරේ කරන්න, ඉගෙනගන්න දේවල් ඉතිරි කරලා.
ඔහු බොක්සින් ක්‍රීඩාවට වගේම ඉන් ඔබ්බටත් කලකී දෑ හැමදාමත් අපේ හිත්වල තියේවී. මොහුගේ චරිතාපදානය ඇසුරෙන් නිර්මාණය කල Big George Foreman 2023
චිත්‍රපටය නැරබිමෙන් ඔබට එය පසක් වනවා නිසැකයි.
බොක්සින් රසිකයන්ට හැමදාමත් "ජෝර්ජ් එඩ්වර්ඩ් ෆෝමන්ව" මතක තියේවි
සුභගමන් “බිග් ජෝර්ජ්” ..!